![සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන පානදුර ජන රැළිය.](http://www.champikaranawaka.com/wp-content/uploads/2024/09/460463091_1073818750767650_3092150850415558411_n-1024x683-450x300.jpg)
සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන පානදුර ජන රැළිය.
![සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන මොරටුව ජන රැළිය](http://www.champikaranawaka.com/wp-content/uploads/2024/09/460270042_1073858160763709_158431548112046536_n-1024x592-900x450.jpg)
සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන මොරටුව ජන රැළිය
![උපන්දිනය වෙනුවෙන් සංවිධානය කළ ලේ දන් දීමේ කඳවුර](http://www.champikaranawaka.com/wp-content/uploads/2024/08/454236524_372187865902551_1100260868887355935_n-1024x683-450x300.jpg)
උපන්දිනය වෙනුවෙන් සංවිධානය කළ ලේ දන් දීමේ කඳවුර
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කළ ලේ දන් දීමේ කඳවුරක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රජා ශාලාවේදී පැවැත්වින.
මෙම අවස්ථාව සංවිධානය කළේ පක්ෂ මධ්‍යම කාරක සභික නීතිඥ රජික කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් විසිනි.
![ජන්ම දිනය වෙනුවෙන් කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානය වැඳ පුදාගෙන ආගමික කටයුතුවල නිරතවිය.](http://www.champikaranawaka.com/wp-content/uploads/2024/08/454228439_1044383430377849_8011767293670048594_n-768x1024-450x600.jpg)
ජන්ම දිනය වෙනුවෙන් කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානය වැඳ පුදාගෙන ආගමික කටයුතුවල නිරතවිය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් අගෝස්තු 04 උදෑසන කෝට්ටේ මහින්දාරාම විහාරය වෙත ගිය ඒ මහතා, විහාරය වැඳ පුදාගෙන ආගමික කටයුතුවල නිරත වී ආශිර්වාද ලබාගත්තේය.
මෙම අවස්ථාවට පක්ෂ ක්‍රියාකරීන්, හිතවතුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
![බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආශීර්වාද බෝධි පුජාව](http://www.champikaranawaka.com/wp-content/uploads/2024/08/453754338_1043748513774674_4677968539216869733_n-1024x738-450x450.jpg)
බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආශීර්වාද බෝධි පුජාව
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට හා, දියණියගේ උපන්දිනයට ආශීර්වාද පතා අගෝස්තු 02 සවස ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ දී ආශීර්වාද බෝධිපුජා පිංකමක් පැවැත්විණ.
බෙල්ලන්විල රජමහා විහාරාධිපති, අතිපුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහාසංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කොට රණවක මහතාට ආශීර්වාද කෙරිණ.
මෙම අවස්ථාව සංවිධානය කළේ පක්ෂ මහලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා ඇතුළු පිරිසකගේ මුලිකත්වයෙනි.
![කඩුවෙල කාන්තා හමුව.](http://www.champikaranawaka.com/wp-content/uploads/2024/08/453079545_1040233790792813_2255502231995546594_n-1024x683-450x450.jpg)
කඩුවෙල කාන්තා හමුව.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ 'කඩුවෙල කාන්තා හමුව' ජූලි 27 සවස කඩුවෙල, වඳුරම්මුල්ල බුරුම විහාරස්ථ ශාලාවේදී පැවැත්විණ.
මෙම හමුව සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල සංවිධායක බෝසෙත් කළහෙපතිරණ මහතාගේ මූලිකත්වයෙනි. ජනරජ කාන්තාවෝ සභාපතිනි ධාන්‍යා සමරසිංහ, කඩුවෙල කාන්තා සභාපතිනී දීපිකා ඩයස් මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
BMICH පරිශ්‍රයේ පැවැත්වෙන අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය
එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඔක්තෝබර් 02 දින BMICH පරිශ්‍රයේ පැවැත්වෙන අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.
![](http://www.champikaranawaka.com/wp-content/uploads/2024/10/462085059_1084641316352060_3546931730953459368_n-300x225.jpg)