• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය.අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය.තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය.කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය.ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය.එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..
    වහාම රටම නිරෝධායනය කරන්න.

    වහාම රටම නිරෝධායනය කරන්න.

    Posted by Patali Champika Ranawaka on Tuesday, March 17, 2020

පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍ය ධුරය (2007 – 2010)

telephone x 1

නිල්ල පිරුණු රටක්

  • ඕසෝන් වියන රැකගැනීම සඳහා වියානා සම්මුතියේ සභාපති තනතුරට පත්වීම සහ ලොවේ සාර්ථක ලෙස ඕසෝන් වියන රැකගැනීමේ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම වෙනුවෙන් මොන්ට්‍රියල් සංවිධානයේ ජාත්‍යන්තර සම්මානය 2008 දී ජාතික ඕසෝන් ඒකකයට හිමි කර දීම
  • කසලින් නොකිලිටි නිකසල නුවරක් උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම සනීපාරක්ෂක කසළ රඳවනය දොම්පේ ප්‍රදේශයේ ඉදි කරමින් විධිමත් හා විද්‍යාත්මක කසළ කළමනාකරණයක් සඳහා මුලපුරමින් ‘පිළිසරු’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හා කුඩා, මධ්‍යම සහ විශාල කොම්පෝස්ට් අංගන 100කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ඇති කිරීම. එමෙන්ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති හඳුන්වාදීම.
  • ‘පියකරු පුරවර’ වැඩසටහන යටතේ දිවයින පුරා නාගරික තුරු වියන් 12ක් ඇති කිරීම හා අභය භූමි 8ක් පිහිටුවීම.
    ලංකාවේ ප්‍රථම වරට රථ වාහන සඳහා වායු විමෝචන සහතික ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය හා එක්ව කටයුතු කිරීම මගින් ඉන්දියාවේ දිල්ලි නගරයට අත් වූ ඉරණමෙන් කොළඹ නගරය බේරා ගැනීමට කටයුතු කිරීම.
  • ‘රන් දෙරණ’ වැඩසටහන මගින් ස්වාභාවික සම්පත් ලෙස ගැනෙන දේශීය ඛණිජ ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ලෙස නොව එකතු කළ අගයක් මත වටිනාකම් සහිතව අපනයනය කිරීම සඳහා කර්මාන්තකරුවන් යොමු කිරීම හා දේශීය වැලි අවශ්‍යතාව නිමානය කොට ඒ සඳහා මුහුදු වැලි ආදී විකල්ප ආදේශක හුරු කිරීමට කටයුතු කිරීම. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්‍යාංශය ආණ්ඩුවට ලාභදායී ආයතනයක් බවට පත් කිරීම.
  • ‘වන සෙනසුන’ වැඩසටහන යටතේ දිස්ත්‍රික් 13ක වන ආරණ්‍ය සේනාසන 70 ක් ඇති කිරීම.
  • දේශගුණ විපර්‍යාස පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා වූ වෙනම ලේකම් කාර්‍යාලයක් ස්ථාපිත කිරීම. කාබන් අරමුදල පිහිටුවීම.
  • හරිත ගම්මාන’ වැඩසටහන යටතේ කුඩා ජල පෝෂක ප්‍රදේශ වැඩි දියුණු කිරීම, සූර්‍ය විදුලි ජනක ඒකක 400ක් දිස්ත්‍රික් 17ක ස්ථාපිත කිරීම, විකල්ප බලශක්ති මූලාශ්‍ර ලෙස ජීව වායු ඒකක 65ක් ස්ථාපිත කිරීම, දීප ව්‍යාප්තව ගම් 112ක පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
  • තිරසර මානව සංවර්ධන දර්ශකය ඉදිරිපත් කිරීම සහ ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමු කරවීම.
    හරිත නියමුවන් ලෙස පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 56,000 සිට ලක්ෂ 600,000 කට අධික පිරිසක් බඳවා ගනිමින් පරිසර සංරක්ෂණය සඳහා පාසැල් සිසු සිසුවියන් යොමු කිරීම.
  • ‘දැව ජවය’ වැඩසටහන යටතේ බූස්ස දැව භාණ්ඩ නිෂ්පාදනාගාරය විවෘත කිරීම. බොරලන්ද දැව පරික්ෂණාගාරය ඇති කිරීම. විදේශයෙන් ගෙන්වූ විදුලි කණු හා සිල්පර වෙනුවට දේශීය විදුලි කණු හා සිල්පර සපයා දීම. දැව සංස්ථාව ධනය උපදවන ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම.
  • ‘ජීව-ජවය’ වැඩසටහන යටතේ වැට එඬරු භාවිතයෙන් මෙරට ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා පෞද්ගලික අංශය සහ ප්‍රාදේශීය ජන කණ්ඩායම් උනන්දුකරලීම.
  • ‘හෙළ තුරු වියන’ වැඩසටහන යටතේ පයිනස් ගස් ඉවත් කර දේශීය ශාක විශේෂයක් වන හොර ශාකය වගා කිරීම සහ ඒ සඳහා පර්‍යේෂණ බිම් කට්ටියක් ස්ථාපනය කිරීම.
  • ‘ගජ මිතුරෝ’ වැඩසටහන යටතේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා පහසුකම් සැපයීම, ̈ලුණුගම්වෙහෙර අලි රැඳවුම් බිම ඇරඹීම, විදුලි වැට කිලෝමීට3⁄4 600ක් දක්වා ඉදි කිරීම, වනෝද්‍යාන ඒකාබද්ධ කරමින් අලින් ඇතු ̈ සතුන්ට සංක්‍රමණය වීම සඳහා අලිමංකඩ ඇති කිරීම.
  • ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගන්නා ලද උඩවලවේ, ලුණුගම්වෙහෙර, යාල, විල්පත්තු වනෝද්‍යාන නවීකරණය කිරීම හා නව වන උද්‍යාන ඇති කිරීම.
  • යාවත්කාලීන වූ බලගතු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පාරිසරික සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත, වන ආඥා පනත, පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත, ජාතික පාරිසරික පනත සංශෝධනය සඳහා නායකත්වය දීම.
  • තිරසර සංවර්ධන උපායමාර්ගයක් උදෙසා හරිත ලංකා ජාතික වැඩපිළිවෙල (2010-2020) හඳුන්වා දීම.
  • පරිසර සං‍රක්ෂණ බදු පනත හඳුන්වාදී එම බදු මුදල් කසල සං‍රක්ෂණය සඳහා යෙදවීම. ප්ලාස්ටික්, පොලිතීන් භාවිතය සීමා කිරීම.

පාරසරික හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය
මධ්‍යම පරිසර අධිකාරිය
ශ්‍රී ලංකා වනජීවී භාරය
රාජ්‍ය දැව සංස්ථාව
parisara
  • “2008 ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වායු දුෂණය කෙමෙන් කෙමෙන් අවම මට්ටමකට පත්ව ඇති බවට අමෙරිකාවේ, නිව් හවන් හි යාලේ විශ්ව විද්‍යාලපරීක්ෂකයින් විසින් පසුගියදා එළිදැක්වූ, වාර්ෂික ලෝක පරිසර කාර්ය සාදන වාර්තාව විසින් හෙළිකර ඇත.

    ශ්‍රී ලංකාවේ මෙවන් සුබදයී පරිසර පුවතක් වාර්තා වන්නට හේතු කරනා වී තිබුණේ 2008 වසරේදී ම පරිසර ඇමතිව සිටි අවධියේ වායු දුෂණය වැළැක්වීමේ ඒකකය ශක්තිමත් කිරීම උදෙසා ප්‍රවාහන අමාත්‍යාංශය ලවා වායු විමෝචන ක්‍රියාවලිය අරම්භ කර සෑම වාහනයක් සදහාම වාහන දුම් පරික්ෂාව අනිවාර්ය කිරීමත් නිසාය.
    මා එදා ගත් තීන්දු නිසා, අද පරිසරය සුරැකෙමින් තිබෙනු දෙක ලබන නිරාමිස සතුට වචනයට පෙරලිය නොහෙකි යැයි හැගේ..”

    පාඨලී චම්පික රණවක