පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියන් විසින් පටිසෝතගමීව තිස් වසක් කෘතියට ලියන ලද පෙරවදන

පාඨලී චම්පික රණවක මහතා ගැන අසා තිබුණත් ඔහු හැඳින ඇසුරු කරන්නට ලැබුණේ භාවිත වර්ෂ 2002 දී පමණ අප ජාතික සංඝ සම්මේලනය ආරම්භ කිරීමත් සමගය. සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා බෞද්ධයින් එකමුතු කර සංවිධානය කරගැනීම සඳහා වූ එකී ජාතික මෙහෙවරේ දී ගිහියන් අතර, සිටි කැපී පෙනෙනා චරිතය වූයේ ඔහුය. සිය දේශපාලන චරිත කතාව එළිදක්වන්නට තීරණය කර ඇති බව මා වෙත ඔහු විසින්, දැනුම් දීමෙන් පසු මුලදී මට තරමක කුකුසක් ඇතිවිය. මන් ද චම්පික මහත්තයා යැයි අපි ආදරයෙන් හඳුන්වන මේ පුද්ගලයා බොහෝ විට සිය ජාතික කාර්යයන් හැකිතාක් අප්‍රකටවම සිදුකළ නිසාය. ඔහු ගැන ලෝකයා දත් ප්‍රමාණය මෙන් කිහිප ගුණයක අති මහත් ජාතික කාර්යභාරයක් ඔහුගෙන් ඉටු වී ඇති අතර, ඇතැම් දෑ තමන්ගේ හපන්කම් ලෙස වෙනත් අයට පෙන්වන්නට ඉඩ දී නිහතමානීව බලා සිට ද ඇත.

ඒ නිසා සියල්ලන්ගේ දැන ගැනීම පිණිස සිය දේශපාලන චරිතාපදානය ලිවීමට ඔහු ගත් තීරණය නිසා ඔහු පිළිබඳව දැන සිටි අපට පමණක් නොව ලොවටම ඒ පිළිබඳ තතු දැනගන්නට හැකියාව මේ කෘතියෙන් ලැබී ඇත. තවත් බොහෝ තොරතුරු කාලය හරස්වීම නිසා හෝ වෙනත් හේතු මත ඉදිරිපත් කර නැති බව ද කිව යුතුය.

චම්පික මහතාගේ සුවිශේෂී බව නම් ඔහු “ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත‍” නම් ප්‍රකාශය බොරු කළ අයෙක් වීමයි. ඔහුට බොහෝ ක්ෂේත්‍රවල බොහෝ දක්ෂකම් විය. ඔහු දන්නා බොහෝ දෙනෙක් ඔහුගේ ගුණාංග ලෙස සලකන්නේ අති විශිෂ්ඨ මතකයත් නිවැරදි සංඛ්‍යා ලේඛන, දත්ත සහ කරුණු සහිතව සංගතව, බුද්ධිමත්ව කරුණු දක්වන්නෙකු ලෙසය. නමුත් එයට වඩා ඉතා ගැඹුරු දූරදර්ශී, දාර්ශනික, වියත්, බුද්ධිමත් භාවයක් ඔහු සතුව ඇත.

චම්පික, පෙර අපර දෙදිග දර්ශන ගුරුකුල ගැන හොඳ අවබෝධයක් ඇත්තෙකි. ථෙරවාදී බෞද්ධ අනාත්මවාදයේත්, නාගර්ජුනයන්ගේ ශුන්‍යතාවාදයේත්, ඩේවිඩ් හියුම් ආදීන්ගේ බටහිර අනුභාවිකවාදවලත්, නූතන විද්‍යා ප්‍රවාදවල එන සසම්භාවී ප්‍රවාද ගැනත් මැනවින් දැන ඒවායේ වෙනස පැහැදිලි කරගත හැකි පැහැදිලි කරදිය හැකි බුද්ධිමතෙකි. එවැනි දාර්ශනික පදනමක් සහිත තවත් අයෙක් ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලනයේ නියැලෙනවා ද යන්න අපට නම් සැකයකි. ලෝකයේ දේශපාලන දර්ශන වූ මාක්ස්වාදය - ලිබරල්වාදය මෙන්ම ආර්ථීක දර්ශන වූ ඇඩැම්ස් ස්මිත්, ඩේවිඩ් රිකාර්ඩෝ සිට කේන්ස් දක්වා ද මෑත කාලීන ආර්ථීක විද්‍යා විද්වතුන් වූ ජෝශප් ස්ටිග්ලිට්ස් වැන්නවුන් ගැන ද ඔහුට ඇත්තේ පුදුමාකාර දැනුමකි. ඒ නව දැනුම ඔහු අප සමග ඛෙදා හදාගත් බව ද නොකිවමනාය. ගණිතයට කුඩාකල සිට ශූරයෙකු වූ ඔහු මේ මහා දැනුම ද සිය හිස මත සුපිරි පරිගණයක ආකාරයට ගබඩා කරගෙන සිටිනා බව ද නොකිවමනාය. ඕනෑම සභාවක දී සංගත ලෙස, බුද්ධිමත් ලෙස ඉතා පිළිවෙළට ඔහුගෙන් කරුණු ගලා එන්නේ ඒ දාර්ශනික හිසත්, දැනුමේ පිළිවෙළත් නිසාය.

බොහෝ දෙනෙක් ඉතිහාසය සමග ජීවත් වුවත් ඉතිහාසය නිර්මාණය කිරීමට හැකියාව නොලබති. චම්පික රණවකට දාර්ශනික මනසක් මෙන්ම දූරදර්ශී නව සිතුවිලි ද විය. බොහෝ දුර සිතා ඔහු ගත් ඇතැම් උපාය මාර්ගයන් බොහෝ දෙනෙකුට වැටහෙන්නේ බොහෝ කල් ගියාට පසුවය. පාර්ලිමේන්තු කථානායක තේරීමේ තරගයේ දී (2004) ඔහුගේ අදහසකට අනුව කළ ඡන්ද නිෂේධය එවැනි අපූර්ව අවිහිංසාවාදී උපායකි. එමගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කර රට අවුලක් කර ත්‍රස්තවාදයට පාර්ලිමේන්තුව අවුල් කිරීමේ හැකියාව ද නිශ්ක්‍රීය කෙරුණු බව බොහෝ දෙනා දැනගත්තේ බොහෝ පමාවීය. අපේ භික්ෂූන් වහන්සේලාට අවමාන අපවාද කරමින් ආණ්ඩුවත්, ඇතැම් පක්ෂත් මුදාහළ “ත්‍රස්තවාදය˜ හමුවේ ඔහුගේ අධිෂ්ඨානය, අරමුණු සහගත බව, තිරසාර බව කැපී පෙනුණේය. බෞද්ධ භික්ෂුවට අපහාස අවමාන එල්ල කිරීමට තැත්කළ සෑම විටම හෙතෙම ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටියේය. ජාතික හෙළ උරුමයේ අපේ දේශපාලනයට මහ නුග රුකක් සේ සෙවණ ලැබුණේ ඔහුගේ අධිෂ්ඨානශීලී කැපවීම නිසාය. බොහෝ දෙනා එරෙහිවෙත් දී ජනාධිපතිවරණය 2005ට දිනැගැනීමේ උපාය මාර්ගික නියමුවා වූයේත් ජනාධිපතිවරණය “රාජ්‍යයේ ඒකීයභාවය නැමැති ප්‍රතිපත්තිය මත කෙරුණු ද්වන්ධ සංග්‍රාමයක් කර ෆෙඩරල්වාදය විවෘත බිමක දී පරාජය කෙරුණෙත් ඔහුගේ දූරදර්ශී උපායන් නිසා බව නොකිවමනාය. රටට අවශ්‍ය මොහොතේ නිවැරදි නායකත්වය - අතිගරු මහින්ද රාජපක්ෂ මහතා - දිනවීමට අප ගත් තීරණය පසුපස සිට ක්‍රියාත්මක කරවූයේත් ඔහුය.

බොහෝ බුද්ධිමතුන් සිය සිතුවිලි ශාස්ත්‍රීය ලේඛනවලට සීමා කරති. චම්පික රණවක බුද්ධිමතා සිය සිතුවිලි සිය ජීවිත අරමුණු කරගෙන එහිම ජීවත් වෙයි. ඒ අරමුණු සාක්ශාත් කරගැනීම සඳහා පසු නොබැස ක්‍රියාශලී වෙයි. පුද්ගලික ජීවිතය පවා අතහැර අරමුණු ජයග්‍රහණය සඳහා අසීමිතව කැපවෙයි. අන් අයටද කැපවීමේ ආදර්ශය දෙයි.

ඔහු අණ දෙන්නෙක් නොවේ. තෙමේම ඒ අණ ක්‍රියාත්මක කර පෙන්වන්නෙකි. බොහෝ වෙනස් දේ කළ නායකයින් දේශපාලන බිමට පැමිණ ඇත්තේ අනුන්ගේ පක්ෂ, අනුන්ගේ දර්ශන මත ක්‍රියාකරමින් පසුව ඒවායින් බිඳී යෑමෙනි. නමුත් චම්පික රණවක මුල සිටම තමන්ගේ දර්ශනයක් මත පිහිටියේය. තමන්ගේම වූ දේශපාලනයක් කළේය. ඒ අනුව රට වෙනස් කළේය. ඔහු 1990 ගණන්වල කොටි පැරැදවිය යුතුය එය කළ හැකිය කියනා විට ඔහු සමග එක`ගවූයේ සුළු පිරිසකි. ප්‍රධාන දේශපාලන පක්ෂ තුනම එනම් යූ.එන්.පීය, ශ්‍රී.ල.නි.පය, ජවිපෙය 1999 ජනාධිපතිවරණයට ගියේ ප්‍රභාකරන් යුද්ධයෙන් පැරැදවිය නොහැක, යුද්ධය එපා කියාය. සියලූදෙනාම පාහේ රටේ ඒකීය ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි ද සිතුවෝය. නමුත් චම්පික රණවක එසේ සිතුවේ නැති අතර, ඉතා දක්ෂ ලෙස ජාතික බලවේග අවුලවමින් සිංහල සමාජය වෙනස් කළේය. දේශපාලන පක්ෂවලට වෙනස් වීමට බල කළේය. ඔහු සෙසු නායකයින්ගෙන් වෙනස් වන්නේ එතැනිණි. රටත්, ජාතියත්, විජාතික බලවේගවල මහා ප්‍රචාරක යුද්ධයකින් ගලවාගෙන ජාතික දේශපාලනයකට ප්‍රායෝගිකව ගෙන යන්නට ඔහු දුන් නායකත්වය සුවිශේෂි වන අතර, ජනතාව ඔහුට කෘතවේදී ද විය යුතුය.

චම්පික රණවකයන්ගේ නොසැලෙන තාදි ගුණය ද අභියෝග භාර ගැනීමට දැක් වූ නිර්භයකම ද පුදුමාකාරය. 2000 වසරේ දී හැඩිගල්ලේ විමලසාර හිමියන් ෆෙඩරල් යෝජනාවලියට එරෙහිව දිවි කැපකළ විටත්, 2005 දී ඕමල්පේ සෝභිත හිමියන් සුනාමි සහන මණ්ඩලය මගින් ප්‍රභාකරන්ට වෙරළ තීරය පාවාදීමට රැහැනිව ගිය කළත්, සෝම හිමියන් අපවත් කළ අවස්ථාවේදීත් භික්ෂූන්වහන්සේ දේශපාලනයට පිවිසීම සඳහා 2004 දී ඓතිහාසික තීන්දුවක් ගත්විටත්, ඔහු ඒ අභියෝග ගිහියෙකු ලෙස භාර ගත්තේය. සිංහල භික්ෂුවගේ අභිමානය රැකදීම සඳහා ජාතික අරමුණු ජයගැනීම සඳහා උපරිම ලෙස කැප වූයේය.

පොතපත ලියන ලේඛකයෙකු වීම කෙතරම් අපහසු කරුණක්දැයි දන්නේ ඒවා ලියන්නන් පමණි. සමහර මැති ඇමැතීන් පතපොත ලියවාගන්නේ අනුන් ලවාය. චම්පික රණවක ඒ අරුතින් ගත්කළ පරිපූර්ණ ලේඛකයෙකි. ඔහු ලියා ඇති පතපොත හා ලේඛනවල නාම ලේඛනය බැලුවිටම පුදුම සිතේ. දර්ශනය, ජාතික උරුමය, පරිසරවාදය, කෘෂිකර්මය, බලශක්තිය, නූතන විද්‍යාව හා තාක්ෂණය, ත්‍රස්තවාදය හා ජාතික ආරක්ෂාව, අනාගත ලෝකය ආදී විවිධ මාතෘකා ඔස්සේ ඔහු ලියා ඇත. ලියූ දේ ක්‍රියාත්මක කිරීමට කැපවීම ඔහුගේ සුවිශේෂත්වයන්ය. 1999 දී ත්‍රස්තවාදය මැඩපවත්වන්නට ජාතික සැලසුමක් තැනූ ඔහු 2009 දී එය සාර්ථක කරගන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ සේනාධිනායක හා ගෝඨාභය රාජපක්ෂ වැනි සෙනෙවිවරුනට සිය උපරිම දායකත්වය දුන්නේය. වසර 1990 දී තිරසර සංවර්ධනය හරිත ආර්ථීකය ගැන දූරදර්ශීව ලියූ පෙරවදන් දශක දෙකකට පසු පරිසර ඇමැති ලෙස ජාතික ජාත්‍යන්තර ලෝකයේ ස්ථාපිත කළේය.

මහා සංඝරත්නයේ අනුශාසනාවෙන් ඇමැති පදවිය ලැබූ දා සිට සිය රාජකාරී අකුරට ඉටුකර අපේ ගරුත්වයත්, රටේ ගරුත්වයත් රැකදුන්නේය. බොහෝ දෙනා ජාතික ධනය කාබාසිනියා කරත් දී සිය අමාත්‍යාංශය දූෂකයන්ගෙන් දූෂණයේ පිරිවැය අයකර ලාභදායී අමාත්‍යාංශයක් කළේය. තමන්ට අයත් නැති කසළ කළමනාකරණය ආදී වැඩට ද කරගසා ආදර්ශයක් දුන්නේය. සුදුසුකමට මුල්තැන දුන්, දූෂණය නැති කාර්යක්ෂම, ආදර්ශමත් අමාත්‍යාංශයක් තැනුවේය. අපව ද මවිත කරමින් ජාත්‍යන්තර පරිසර සමුළුවලදී ද නායකත්වයට පත්වී ගෝලීය නායකයෙක් වූයේය. ගම තුළත්, රට තුළත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත්, තම සිතිවිලි දර්ශනය නොවලහා එක ලෙස කීවේය. එවා ක්‍රියාත්මක කිරීමට කැපවිය.

චම්පික රණවක සමග හොඳ කලාකරුවෙක් ද ජීවත් වෙයි. හෙතමෙ හොඳ චිත්‍ර ශිල්පියෙකි. හොඳ ගායකයෙකි. හොඳ ගෘහ නිර්මාණ ශිල්පී අදහස් ඇත්තෙකි. පැරැණි පුරාවිද්‍යා වාස්තු නිර්මාණයන්ට අතිශයින් ආදරය කරන්නෙකි. සීගිරිය හා රිටිගල වාස්තු නිර්මාණ සංරක්ෂණයට ඔහුට අයත් නැති වගකීමක් වුවත් එයට උරදුන්නේය. අභයගිරිය ප්‍රතිසංස්කරණයට හා උතුරු හා නැගෙනහිර ඓතිහාසික භූමි ආක්‍රමණිකයන්ගෙන් බේරාගැනීමට නොපැකිලිව ඉදිරිපත් වූයේය. සිය දේශපාලන දිවිය පවා පරදුවට තබා ක්‍රියා කළේය.

පාඨලී චම්පික රණවක නාමය ගත්කළ පලොල් ශාකයත් (පාඨලී) සපු (චම්පික) ශාකයත් අපට සිහියට නැෙ`ග්. ඒ ශාක දෙකම මහා වෘක්ෂයන් ලෙස, අතීත බුදුවරයාණන්ට සෙවණ ලබාදුන් බෝධීන් වේ. පාඨලී චම්පික නම් තරුණ වෘක්ෂය සිංහල භික්ෂු පරපුරට සෙවණ ලබාදුන්, ලබාදෙන වෘක්ෂයකි. එය මහා වෘක්ෂයක් වී රටටම සෙවණ ලබාදෙන වෘක්ෂ රාජයෙක් වේවා යන්නය අපේ අවංක පැතුමයිæ

—උදාර චරිතා නාන් තු වසුධෛව කුටුම්බකං˜
(ශ්‍රේෂ්ඨ මිනිසුන්ට මුළු විශ්වයම සිය පවුල හා සමානය)

පුරාවිද්‍යා චක්‍රවර්තී
එල්ලාවල මේධානන්ද නාහිමි
නායක, ජාතික හෙළ උරුමය

 
 

 
1965-08-04: උපන් දිනය

1971 – 1975: ඉංගිරිය සුමනජෝති විද්‍යාලය සහ බෝතලේගම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීම.

1976 – 1983: පස් වන වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව හොරණ තක්ෂිලා විද්‍යාලයේ අධ්‍යාපන ලැබීම.

1983: කළුතර දිස්ත‍්‍රික්කයෙන් හොඳම ප‍්‍රතිඑල ලබාගෙන අ.පො.ස.(උ/පෙළ) විභාගයෙන් සමත්වීම.

1984: මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුලත්වීම.

1985: ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම.

1986: රට බෙදීමට විරුද්ධව “මව්බිම සුරැකීමේ ව්‍යාපාරයට” සම්බන්ධව කටයුතු කිරීම.

1987: මොරටුව විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කිරීම සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක‍්‍රියාකාරී නායකයෙකු ලෙස කටයුතු කිරීම.

1987: ඉන්දු ලංකා සාම ගිවිසුමට විරුද්ධව කටයුතු කිරීම සහ දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අවිහිංසාවාදී නායකයෙකු ලෙස කටයුතු කිරීම.

1987: මාක්ස්වාදයට සහ ධනවාදයට විකල්පයක් ලෙස ජාතික චින්තන මතවාදය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ප‍්‍රචලිත කිරීම.

1988: පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට එරෙහිව, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සභා පිහිටුවා ගැනීම යන කරුණු සම්බන්ධව, කැබිනට් අමාත්‍ය ඒ.සී.එස් හමීඩ් මහතාගේ නායකත්වයෙන් පැවති සාකච්ඡා සඳහා ශිෂ්‍ය කණ්ඩායම් නායක ලෙස කටයුතු කර සියළු ඉල්ලීම් දිනාගැනීම.

1988: ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා සියළු විරුද්ධ පක්ෂ ඒකරාශී කරමින් පොදු පෙරමුණක් ගොඩනැඟීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම.

1989: ශිෂ්‍ය අරගලය සහ මහාවිහාරික භික්ෂු සම්ප‍්‍රදාය අලලා “අපේ මඟ” ග‍්‍රන්ථය සම්පාදනය කිරීම.

1989: ජාතිකත්වය මත පදනම් වූ ප‍්‍රචන්ඩත්වයෙන් තොර විකල්ප ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනැඟීමට ප‍්‍රමුඛව කටයුතු කිරීම.

1989: ජාතිකත්වයේ දේශපාලනය වෙනුවෙන් සිරගත වීම.

1990: සිරෙන් නිඳහස් වීම.

1990: නීත්‍යානුකූල ශිෂ්‍ය සභා දිනාගැනීම සහ ශිෂ්‍ය ඡන්දයෙන් ශිෂ්‍ය සභා ස්ථාපිත කිරීම.

1990: “සංවර්ධනයේ තුන්වෙනියාමය” ග‍්‍රන්ථය රචනා කිරීම.

1991: “ජනතා මිතුරෝ” පිහිටුවීම සහ එහි ජාතික සංවිධායක ලෙස කටයුතු කිරීම.

1991: දෝ‍ෂාභියෝගයට පක්ෂව කටයුතු කිරීම.

1991: ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සඳහා “රටවැසි පෙරමුණ” බිහිකිරීම.

1991: වාද්දුවේදී නීති විරෝධීව අත් අඩංගුවට ගැනීම, රඳවා තබාගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ලබා ගෙන ජයග‍්‍රහණය කිරීම.

1992: දෙවන පන්තියේ ඉහළ සාමාර්ථයක් සහිතව විදුලි ඉන්ජිනේරුවෙකු ලෙස උපාධිය ලබාගැනීම. (රටේ පැවති අර්බුදකාරී තත්වය හමුවේ දිගු කාළ පරිච්ඡේදයක් පුරා විශ්වවිද්‍යාල වසා තැබී හේතුවෙන් ශිෂ්‍යන්හට උපාධිය ලබාගැනීමට සිදුවූයේ වසර තුනක ප‍්‍රමාදයකින් පසුවය)

1993: පලාත් සභා මැතිවරණයේදී බලපෑම් කණ්ඩායමක් ලෙස ප‍්‍රජාතාන්ත‍්‍රිකව කටයුතු කිරීම.

1994: ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී කටයුතු කිරීම.

1995: ජාතික සංඝ සම්මේලනය ස්ථාපිත කිරීම වෙනුවෙන් පුරෝගාමී මෙභෙවරක් ඉටුකිරීම, සහසන්ධීය රාජ්‍යක් ගොඩනැඟීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට රජය පිඹුරුපත් සකසන බව පළමුවෙන්ම ජනතාවට භෙළිදරව් කිරීමත්, එම යෝජනාවලියට විරුද්ධව පුළුල් ජනමතයක් ගොඩනැඟීමත්.

1995: …………………………“සාපේක්ෂා” නම් සාපේක්ෂතාවාදය පිළිබඳ විග‍්‍රහ කෙරෙන ග‍්‍රන්ථය එළිදැක්වීම.

1996: සිංහල වීර විදහන සහ ජාතික සංඝ සභාවේ ප‍්‍රධාන කථිකයා ලෙස කටයුතු කිරීම.

1997: කොටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයේ ඓතිහාසික විකාශය සහ පරාජය කිරීමේ අවශ්‍යතාවටය අලලා “කොටි විනිවිදීම” ග‍්‍රන්ථය රචනා කිරීම.

1998: කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව “ත‍්‍රස්තවිරෝධි ජාතික ව්‍යාපාරය” ගොඩනැඟීම.

1999: “කොටි පැරදවීමේ මඟ” නමින් ජාතික වැඩපිළිවෙලක් රජයට ඉදිරිපත් කිරීම.

1999: ත‍්‍රස්තවාදයට සහ රට බෙදා වෙන්කිරීමට එරෙහිව විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් සංවිධානය කිරීම සඳහා විද්යුත් තැපෑල සහ වෙබ් අඩවි නිර්මාණය කිරීම.

2000: ත‍්‍රස්තවාදයට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රචාරක ජාලයක් ගොඩනැඟීම සඳහා විදෙස් රටවල සංචාර ඇරඹීම.

2000: සිහළ උරුමය දේශපාලන පක්ෂය බිහිකිරීමේ පුරෝගාමී මෙභෙවරක් කරමින් එහි ජාතික සංවිධායක ලෙස පත්වීම.

2001: පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්වීම.

2002: එ.ජා.ප රජය සහ කොටි සංවිධානය අතර අත්සන් කළ ඊනියා සාම ගිවිසුමට විරුද්ධව උද්ඝෝෂණ ‍මෙභෙයවීම.

2004: ජාතික භෙළ උරුමය බිහිකිරීම සහ භික්ෂූණ් වහන්සේලා පාර්ලිමේන්තුවට පත්වීම සඳහා මූලිකවී කටයුතු කිරීම.

2004: සුනාමි ව්‍යසනයෙන් හානියට පත්වූවන් නැවත නඟාසිටුවීම සඳහා බෝධිරාජ පදනම එක්ව කටයුතු කිරීම.

2005: සුනාමි සහන මණ්ඩලයට එරෙහිව කටයුතු කිරීම සහ ඊට එරෙහිව ශෙ‍්‍ර්ෂ්ඨාධිකරණයෙන් සාර්ථක ප‍්‍රතිඑලයක් ලබාගැනීම.

2005: ජනාධිපතිවරණය නිශ්චිත කාලරාමුවක් තුළ ලබාගැනීමේ අධිකරණ ක‍්‍රියාවලියට සක‍්‍රීයව දායක වීම.

2006: මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරිපෙළ සංවිධායකයෙකු ලෙස ජාතික තලයේ කටයුතු කිරීම.

2006: මාවිල්ආරු සොරොව්ව වැසීමට එරෙහිව ජනතා බලවේගයක් ගොඩනැඟීම.

2007: පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යවරයා ලෙස පත්වීම.

2008: ස්වයං පෝෂිත අමාත්‍යාංශයක් බවට පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය පත්කිරීම.

2008: වසර තුනක කාළයක් සඳහා වියානා සමුළුවේ සභාපති ධුරයට ඒකච්ඡන්දයෙන් පත්වීම.

2008: තිරසාර මානව සංවර්ධනය සඳහා නව දර්ශකයක් ලොවට ප‍්‍රථමයෙන්ම හඳුන්වා දීම සහ දියුණු රටවල් ගෙවීමට ඇති කාබන් ණය පිළිබඳ කථිකාවක් ලොව තුළ ගොඩනැඟීම. මෙම නවතම නිර්ණායකයන් භාවිතයෙන් අන්තර්ජාතික දේශගුණික විපර්යාස පිළිබඳ කථිකාවන්හිදි අපගේ ස්ථාවරයන් සාර්ථකව ලොවට ඉදිරිපත් කිරීම.