තිරසර මානව සංවර්ධන දර්ශකය (SHDI)
|
 |
මානව සංවර්ධන දර්ශකයේ (HDI) ඇති අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා සහ රටක සංවර්ධනය පරිපූර්ණ ලෙස ග‍්‍රහණය කිරීම සඳහා ගරු පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය, පාඨලී චම්පික රණවක මැතිතුමා විසින්, තිරසර මානව සංවර්ධන දර්ශකය නමින් නව නිර්ණායක මාලාවක් 2008 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලදී. මානව සංවර්ධන දර්ශකයේ ඇති නිර්නායකයන්ට අමතරව තිරසර මානව සංවර්ධන දර්ශකයේ ඇති පාරසරික සාධක, දේශගුණික විපර්යාස සාධක සහ ආදායම් බෙදී යෑමේ විෂමතාවයන් ගණනයට ලක්කර ඇත.
තිරසර මානව සංවර්ධන දර්ශකය, විවිධ අන්තර් ජාතික පාරසරික ආයතනයන් විසින් දැඩිලෙස පිලිගෙන, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සාකච්ඡාවක් හා සංවාදයන් ගණනාවකට ලක්කර තිබෙන අතර, ශ‍්‍රී ලංකාවේ යෝජනාව දැනට භාවිතා කරන තිරසර සංවර්ධන දර්ශකය වෙනුවට විකල්පයක් ලෙස යොදාගත යුතු යැයි බොහෝ කණ්ඩායම් මේ වන විටත් යෝජනා කර තිබේ.
|
|
හරිත ලංකා (2009 – 2010)
|
 |
හරිත ලංකා නම් දස වස් සාර්ව සැලැස්මේ සංකල්පය හා ක‍්‍රියාත්මක කිරීම, පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය, පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් සිදුකරන ලද අතර එහි අරමුණ වන්නේ වඩාත් තිරසර සංවර්ධනයක් තහවුරු කිරීම වේ. µමම කාර්ය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් යුත් අධීක්ෂණ කමිටුවක් පිහිටුවා ඇති අතර එයට තවත් අමාත්‍යාංශ 22 ක් එක්කර ගැනීමට සමත් වී ඇත.
- කසළ කළමනාකරණය
- හරිත පුරවර ඇති කිරීම
- මිනිසුන් හා අලි අතර එක්ව පැවත්ම තහවුරු කිරීම
- ඛණිජ සම්පත් කළමනාකරණය
- හරිත ගම්මාන ඇති කිරීම
- පාසැල් සිසුන්ගෙන් සැදුම්ලත් හරිත බලකායක් පිහිටුවීම
- විකල්ප බලශක්ති ප‍්‍රභව හඳුන්වාදීම සහ ප‍්‍රවර්ධනය
- දැව සම්පත් කළමනාකරණය
- විනාශ වූ පරිසර පද්ධති යලි ඇති කිරීම
- වන සෙනසුන් හරහා මිනිසා හා පරිසරය අතර සහසම්බන්ධතාවය ගොඩනැඟීම
|
|
ලෝක කාබන් ණය සඳහා පිරිවැය ලබාගැනීම
|
ප‍්‍රධාන පාරසරික දූෂකයන්ගෙන් සිදුවන දැඩි අසාධාරණය හරහා කාබන් විමෝචනය අඩුවෙන් සිදුකරන රටවල පරිසරයට සිදුවී ඇති පිරිමැසිය නොහැකි හානිය සමනය කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාගැනීමටත් රැකියා අවස්ථා ලබාගැනීමටත් අවශ්‍ය වැඩ පිළිවෙලක් සම්පාදනය කිරීමට පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා විසින් පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය තුළ කණ්ඩායමක් ස්ථාපනය කර තිබේ.
අමාත්‍යාංශය විසින් යෝජනා කර ඇති ක‍්‍රමවේදය වන්නේ තම කාබන් ප‍්‍රමාණය අධි පරිභෝජනයට ලක්කර හා ඉක්මවා තිබෙන රටවල්, කාබන් ප‍්‍රමාණය අඩුවෙන් භාවිතා කරන රටවල් වලට මුදලක් ගෙවිය යුතු බවයි. µමහි පදනම වන්නේ කාබන් අධිකව විමෝචනය කරන රටවල් තමන් විමෝචනය කරන පරිමාවට අදාළ ප‍්‍රතිශතයන්ගෙන් අඩු කාබන් විමෝචනය කරන රටවල් වලට ගෙවීමක් කල යුතු බවයි.
මම ක‍්‍රමවේදය තුළින් කාබන් අධික ලෙස විමෝචනය කරන රටවල් තම විමෝචනය අඩු කිරීමට පෙළඹෙන අතර අඩුවෙන් විමෝචනය කරන රටවල් වලට තම ණය බර අඩුකර ගැනීමට හැකිවනු ඇතැයි ගරු අමාත්‍යතුමාගේ විශ්වාසය වේ.
|