පුද්ගලයෙකු ලෙස මා පන්සිල් රැකීමත්, දේශසේවයේදී ගාන්ධිතුමා ප‍්‍රකාශ කළ සත් සමාජ පාපායන් වූ ප‍්‍රතිපත්තියක් නැති දේශපාලනයෙන් , සුචරිතවත් නොවන වෙළඳාමන්, වෙභෙස නොවී උපයන ධනයෙන්, චරිතවත් බව නැති අධ්‍යාපනයෙන්, මිනිසත් බව නැති විද්‍යාවෙන්”, හෘද සාක්ෂ්‍යයින් එකඟ නැති සැපසම්පතින්, ප‍්‍රඥාවක් නැති ඇදහිල්ලෙන් වැලකීමටත් ක‍්‍රියාකරමි. ලෝකයා ද වැලැක්වීමට අනලසව ක‍්‍රියා කරමි.
 

වසර දසදහස් ගණනක් ලොව අබිසෙක් දැරූ උරුමය මත පදනම්ව, මතු උපනූපන් අපේ දරුවන් වෙනුවෙන් මවක් සේ සංයතව පියෙක් පරිණතව තණපත ද කථාකරනා ධාර්මික දේශසේවයකට රොද බැඳ ගන්නා ලෙස ජාතියේ ප‍්‍රඥා බල සෙන`ගට ආරාධනා කරමි.
 

අපේ රට අද නිදහස්. මේ නිදහස අපට ලැබුණේ වසර 560කට පසුවයි. එදා හයවන පැකුම්බා රජතුමා කෝට්ටේ රජකරනා සමයේ සපුමල් කුමාරයා යාපනයට - නාගදීවීපයට යවලා එහි තිබූ ආර්ය චක‍්‍රවර්තී ප‍්‍රාදේශීය බලය බිඳලා මුළු රටපුරාම සිංහ ධජය එසවූවාට පසුවයි අතිගරු ජනාධිපතිතුමා ශ‍්‍රීලංකාවේ රාජ්‍ය නායකයා ලෙස මේ මුළු රටේම සිිංහධජය ඔසවාලා රට එක්සේසත් කළේ. ඒ නිසා ශ‍්‍රීලංකාවට, සමස්ථ ජාතියටම පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි හා ඒ සුද්දන්ගෙන් පසු රට පාලනය කළ කළු සුද්දන් විජාතික පරගැති සිතුවිලි ඇත්තන්, සුද්දන් හා කලූ සුද්දන්ගේ නායකයා වූ දෙමළ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් ලද මේ නිදහස ඓතිහාසිකව ඉතාම වැදගත්. ඉතිහාසය පොතෙන් පමණක් අපි අසන ලද ගැමුණු, විජයබා යුගයට රට යළි යොමු වූ යුගයේ ජීවත්වන්නට ඒ ජයග‍්‍රහණයේ හවුල්කරුවන් වන්නට ලැබීමත් මහත් භාග්‍යයක්.

අපේ රට ගැන දැන් අපි අලූතින් සිතිය යුතුයි. රට ගැන කලකිරී හෝ ආර්ථික සමාජයීය සමෘද්ධිය පතාගෙන විදේශ ගතවූ දශලක්ෂ දෙකක් - රටේ ජනගහනයෙන් 10%ක් - ජනතාවගේ සේවය පවා යළි මව්බිමට ලබාගන්න එය ඉවහල් වේවි.

පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති භූ විද්‍යාඥ විජයානන්ද මහතා ඇතුලූ අපේ විද්‍යාඥයින් ධීවර හා විදේශ අමාත්‍යාංශවල උපකාරයෙන් ශ‍්‍රීලංකාවේ මුහුදු සීමා වපසරිය ගැන පසුගියදා (2007 - 2008* පර්යේෂණයක් කළා. රටේ ගංගා 103ක් වෙතින් මුහුදට ගසාගෙන ගිය රොන් මඩ තට්ටුවේ ඝනකම ඒ විද්‍යාඥයින් මැන බලා රටේ සැබෑ මුහුදු සීමාව 2009 මැයි 08 දා එක්සත් ජාතීන් වෙතට ඉදිරිපත් කළා. ඒ අනුව ලංකාවේ පවතින භූමි භාගය (65,000 ව.කී* මෙන් 23 ගුණයක් විශාල සයුර පත්ලක් හා එහි සම්පත් අපට අනාගතයේ දී හිමි වේවි.