ලංකාව තවදුරටත් ඉන්දියන් සයුරේ මුතුකැටය නොවෙයි. එය ඉන්දියාවෙන් 1/3ක් තරම් විශාල, තමිල්නාඩුව මෙන් පස්ගුණයක් විශාල රටක්. සයුර පත්ලේ ඇති තෙල්, ගෑස්, ඛනිජ හා වෙනත් සම්පත් සියල්ල ද අයිති අපේ දරුවන්ටයි. ත‍්‍රස්තවාදයෙන් අපේ රණවිරුවන් මුදාගත්තේ රටේ 2/3ක වෙරළ තීරය හා 1/3 භූමි භාගය පමණක් නොවේ. මේ දැවැන්ත රට හා සම්පත් සමුදායයි.
ලංකාව මෙතරම් රොන්මඩ තට්ටුවක් සයුරට ගෙනවිත් තිබෙන්නේ එය වසර ප‍්‍රකෝටි ගණනක් පැරැුණි රටක් වීම නිසයි. අපේ සිරිපා කන්ද හිමාලයටත්, අපේ කළු, කැළණි, මහවැලි ගං`ගා ඉන්දු - ගං`ගා - බ‍්‍රහ්ම පුත‍්‍ර ආදී මහා ගං`ගාවන්ටත් වඩා පැරැුණි නිසයි.
අපේ රට ලෝකයේ පැරැුණිම භූ විෂමතා සහිත ලොවේ අප දන්නා සියලූ ඛනිජවලින් පෝෂිත පුදුමාකාර භූ ගෝලීය පිහිටීමක් සයුරේ සටහන් කළ මහා පුදුමයක්.
පසුගියදා බුලත්සිංහල මගේ ගම - පාහියන්ගලින් වසර 48,000කට පැරැුණි මානවයෙක් හමුවුණා. මිනිස් ශිෂ්ඨාචාරය මේ බිමේ අඩුතරමින් වසර ලක්ෂයක් පැවැති තිබෙනවා. එය ඉන්දියාවේ වත් නැති පැරැුණිතම ශිෂ්ඨාචාරයක්. එපමණක් නොවේ ඇඹිලිපිටියෙන් හමු වූ අපේ පැරැුණි නිවාස දඹුල්ලෙන් හමු වූ පැරැුණි සොහොන්, අනුරපුරයෙන් හමු වූ පැරැුණි නගර වසර 3000-4000ක් පැරැුණි දියුණු ශිෂ්ඨාචාරයක් ගැන අපට කියා දෙනවා. බලි - රාවණා තාරක යුගය මිත්‍යාවක් හෝ හිතලූවක් නොව අපේ ගලින්, යකඩින්, ලෙයින් කළ අතීත ශිෂ්ඨාචාරයේ උරුමයයි.
ආචාර්ය දැරනියගලයන් අනුරපුර ඇතුල්නුවර කළ කැණීම්වලින් වසර 3000ක් පැරැුණි සිංහල අක්ෂරය - අ - යන්න සොයාගෙන තිබෙනවා. අද ලොවේ භාෂා 6000ක් ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, අරාබි, රුසියානු, ජපන්, චීන, හින්දි ආදී ලෙස භාවිත වුණත් වසර 3000ක් එක දිගට එකම බසක් බහුතරයක් එක ජාතියක් ලෙස කතාකර ඇත්තේ ලංකාවේ සිංහලයින්, පමණයි. ඒ නිසා අපේ බස ගැන අපි ආඩම්බර විය යුතුයි. ඒ අතරේ දෙමළ ඉංග‍්‍රීසි ආදී ජාතික - ජාත්‍යන්තර භාෂාවන්ට ද ගරු කරමින් උගත යුතුයි.
මිහඳු මහරහතන් වහන්සේ මෙයට වසර 2300කට පෙර මේ රටට පැමිණ සම්බුද්ධ ශාසනය මෙහි පිහිටු වූවා. එයට ප‍්‍රථම ද බෞද්ධ දර්ශනය ලංකාවේ තිබූ බවට සාක්ෂි තිබෙනවා. එතැන් සිට එක දිගට ලංකාවේ බහුතරයක් ජනතාව මේ භික්ෂු ශාසනය රැුකගෙන අවුත් තිබෙනවා. ලොවේ වෙනත් කිසිම ආගමක් එක රටක එක දිගට බහුතරයක් ආගමික සමුප‍්‍රදායක් වසර 2300ක් පවත්වාගෙන අවුත් නැහැ. ඒ නිසා සම්බුද්ධ ශාසනය රැුකීම අපේ ඓතිහාසික වගකීමක්. ඒ අතරේ හින්දු, ඉස්ලාම්, කිතුණු සම්ප‍්‍රදායන්ට ගරු කිරීම සමානාත්මතාවයෙන් සැළකීම අතීතයේ සිට අපේ උරුමයේ වැදගත්ම ගුණයක්. අපි එය පෙරටත් රැුකගත යුතුයි.
අපේ විශ්වාසය, ලෝක බෞද්ධයින්ගේ විශ්වාසය මෛත‍්‍රී බෝසතාණන් වහන්සේ මේ පින්බිමේ දිනෙක උප්පත්තිය ලබා බුද්ධත්වයට පත්වන බවය. ඒ සඳහා අවශ්‍ය පාරිසරික, සමාජීය වටපිටාව තැනීම අප හැමගේ වගකීමක්.
රටේ පරිසර ඇමැතිවරයා ලෙස අපේ උරුමයේ තවත් වැදගත්ම අංගයක් වන පරිසර සම්පත ගැන කතා නොකළොත් එය බලවත් අඩුවක්. අපේ රට මුහුදු හා ගොඩබිම් ජීව විවිධත්වයෙන් අනූන රටක්. ආහාරයට ගතහැකි අල, කොළ, පළා, ධාන්‍ය, පළතුරු වර්ග 2000කට අධික ප‍්‍රමාණයක්, මල් පිපෙනා ශාඛ 4000කට ආසන්න ප‍්‍රමාණයක් ඇති රටක් අපේ රට. මහ පොළොවේ ජීවත්වන ලොකුම සතා ඇතා. අපේ රටේ වනයේ සිටින අපේ අලි - ඇත් පරපුර දැන් 7000ක් පමණ වනවා. ඔවුන්ගේ ජනගහන වර්ධනය අපේ ගොවියන්ට හිරිහැරයක් වුණත්, රටට මහත් සම්පතක්. අලි ඇතුන් පමණක් නොවෙයි මහ මුහුදේ සිටිනා ලොකුම සත්ත්වයා වූ නිල් තල්මසා අප අවට මුහුදේ සිටිනවා. කුරුළු සම්පත ඒ ලෙසමයි. අපේ වාසනාව නම් අපේ රටේ පවතින 15,000 -20,000ක් පමණ වූ ජීව විශේෂවලින් 25%ක් ම මේ රටට අවේනික වීමයි.
සංවර්ධනයත් සම`ග අපේ වනාන්තර, තෙත්බිම්, සයුර සම්පත්, සත්ත්ව සම්පත් බොහෝ හායනයට ලක්වෙලා. ඒවා විනාශ වීම කියන්නේ මිනිසාගේත් විනාශයයි. ඒ නිසා අපි අපේ දරුවන් වගේම අපේ පරිසරයත් මවක් සේ සංයතව පියෙක් සේ පරිණතව රැුකගත යුතුයි. ගහ කොළවලට, දිය ඇළිවලට, සතා සීපාවට උද්ඝෝෂණ කරන්න, ඡුන්දය දෙන්න අයිතිය නැති වුණත් ඒ සියල්ල පවතින්නේ අපේ දරුවන් වෙනුවෙනුයි. තණපත ද කතාකරන පිනිබිඳු ද සිතුවිලි කවන නව දේශපාලනයක් - ප‍්‍රඥාවේ බල සෙන`ග එක්වන රොද බඳින නවාතැනක් අපට අවශ්‍ය ඒ නිසයි. මේ දිනවල පරිසර ප‍්‍රශ්න ගොඩකින් අපි ඔද්දල් වෙලා. එක පැත්තක මැසි - මදුරු වසංගත. ඩෙංගු - චිකුන්ගුන්යා ආදී රෝග අපේ දරුවන් අපේ මව්වරු බිලිගන්නවා. තවත් විටෙක අධික නිය`ගය නැත්නම් ගංවතුර. දැන්නම් සුළි සළං තත්ත්වයකුත් ඇතිවෙලා. තෙත්බිම්වල වතුර පද්ධතිය විනාශ වීම නිසාත්, කැලි කසළ අපහරණයට නගරසභා/ප‍්‍රාදේශීය සභාවල නාගරික සංවර්ධන සැළසුමක් නොවූ නිසාත්, ජලය පිළිබඳ විශ්වාසය නැතිවෙලා. පිරිසිදු දියර කිරිවලටත් වඩා මිලක් ගෙවා බෝතල් වතුර බොන ජාතියක් බවට අපි පත්වෙලා. වායූ ¥ෂණය නිසා අපේ දරුවන්ට වැඩියෙන්ම වැළඳෙන රෝගාබාධය බවට ස්වසන රෝග පත්වෙලා. ජලයට බැර ලෝහ එකතුවීම නිසා අනුරාධපුර ආදී ප‍්‍රදේශවල ත‍්‍රස්තවාදයෙන් මියගියාට වැඩි පිරිසක් වකුගඩු රෝගයෙන් මිය ගිහින්.
සාමාන්‍යයෙන් රටේ පරිසර ප‍්‍රශ්න ලෙස සලකන්නේ කැලි කසළ ප‍්‍රශ්නය හා ගස් කැපීමේ විනාශය යි. නීතියෙන් කැලි කසළ ප‍්‍රශ්නය විසඳීම භාර වී ඇත්තේ ප‍්‍රාදේශීය සභා/නගර සභා ආදියටයි. තෙත්බිම ගොඩකර විකුණා ගැනීම සඳහා හොඳ ආයුධයක් ලෙසයි අතීතයේ කැලි කසළ යොදාගත්තේ, කුප‍්‍රකට බ්ලූමැන්ඩල් කුණු කන්දත් එවැනි කසළ මාෆියාවේ ප‍්‍රතිඵලයක්. පරිසර අමාත්‍යාංශය තිබුණේ කසළ අපහරණය විධිමත් කර නොගන්නා ආයතනවලට නඩු පැවරීමයි. නමුත් අපි පරිසර පොලීසියක් නොවී කසළ කළමනාකරණය විධිමත් කරන්නට ”පිළිසරු” ජාතික කසළ අපහරණ ව්‍යාපෘතිය රජයක් ලෙස ගෙන ආවා. එමගින් දැවැන්ත කසළ කඳු පුනුරුත්තාපනය මෙන්ම රටපුරා කසළ වෙන් කිරීම, ප‍්‍රතිචකීය කරණය, කොම්පෝස්ට් සෑදීම, ආකල්ප වෙනස් කිරීම සඳහා දැවැන්ත වැඩසටහනක් ගෙන යනවා. අපේ තේමාව 2012 දී කසළින් තොර ශ‍්‍රීලංකාවක් දැමුවේ කසළ වුණත් ලැබුණු පින නිකසළ බව නාගසේන වස්තුවේත්, මගමානවක කතාවේත් සඳහන්. අපට අවශ්‍ය සෑමදෙනාම මගමානවක පරපුරක සාමාජිකයන් කිරීමයි.
පිළිසරු සඳහා පමණක් නොවෙයි. පරිසර අමාත්‍යාංශයේ සියලූ කටයුතු සඳහා භාණ්ඩාගාරයෙන් අපි මුදල් ගන්නේ නැහැ. හාල්, පාන්පිටි, පරිප්පු, කිරිපිටි, භූමිතෙල් ආදියෙන් ලැබෙනා බදු මුදලින් යැපෙනවා වෙනුවට ¥ෂිතයන්ගෙන් අයකර පරිසර දුෂණය නැති කිරීමේ ප‍්‍රතිපත්තිය අපි ක‍්‍රියාවේ නැ`ගුවා. ¥ෂණ, වංචාවලින් තොර පිරිසිදු පාලනයක්. ස්වයංපෝෂිත රටට බරක් නැති රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙසයි අපි නැ`ගී සිටින්නේ. නව පාරිසරික සංකල්ප ම`ගින් ජාත්‍යන්තර තලයේ පවා අපේ රට විරාජමාන කරන්නට හැකිවීම නිසයි ඕසෝන් වියන රැුකගැනීම ගැන ලෝක සම්මානයත් (2007*, ඒ සඳහා වූ වියානා සම්මුතියේ ජාත්‍යන්තර සභාපතීත්වයත් (2008* අපට ලැබුණේ. ලංකාව ලෝකය තුළ කොටු කරන්නට දැරූ උත්සාහය එම`ගින් ද පරාජය කරන්නට ලැබීම අපේ භාග්‍යයකි.
රුක් රැුකගැනීමත් අපේ ජීවිතය තරම්ම වැදගත් දෙයකි. අපේ ආහාර අපේ ඖෂද, අපේ පොහොර, අපේ ඉන්ධන අපට ලබාදෙන්නේ වෘක්ෂ ලතා මිස අන් කවුරුද? සියලූ ජීවින්ගේ පදනම වූ අ`ගල් 06ක් පමණ වූ කාබනික පස් තට්ටුව නිර්මාණය කරන්නේ, රැුකගන්නේ, පෝෂණය කරන්නේ වෘක්ෂලතා මිස වෙන කවුරුන් ද? අපේ ජලය සංරක්ෂණය කරන්නේ, අපට අවශ්‍ය ආම්ලික වායුව (ඔක්සිජන්* අපට ලබාදෙන්නේ අපෙන් පිටවන, වාහන කර්මාන්තවලින් පිටවන අංගාරික (කාබන් ඩයොක්සයිඞ්* උරාගෙන වායූව පිරිපහදු කරන්නන් ගස්කොලන්. අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ තමනට සෙවන සරණ දුන් ඇසතු බෝධියට කෘතවේදී වූවේත්, අපි බෝධි වන්දනා කරන්නේත් සියලූ ශාඛ අපේ ජීවිතය බව අපට අපේ සම්ප‍්‍රදායෙන් පෙන්වා දී ඇති නිසයි. රට වෙනුවෙන් දිවිදුන් සියල්ලන්ට ”විරු නමින් තුරු හිසක් ” ලෙස පැළයක් සිටුවා, කාබනික පොහොර යොදා රැුකගන්නා ලෙස අපි ඉල්ලන්නේ ඒ නිසයි.
හැබැයි අපි එකක් මතක තබාගත යුතුයි. පරිසරය රැුකීම කියන්නේ විධිමත් කසළ අපහරණයත් රුක් රෝපණයත් පමණක් නොවනා බවයි. එය එයට වඩා පුළුල් අපේ ජීවිත හා ගැට ගැසුණු ක‍්‍රියාදාමයක්. එය අපට හොඳටම පැහැදිලි වුණේ පසුගිය (2008* වසරේ දී ඇති වී මේ දක්වාම පවතින ලෝකයේ බරපතල ආර්ථික - පාරිසරික අර්බුදය නිසායි. 2008 වසරේ දී ලෝකයේ බැංකු, මූල්‍ය වෙළෙඳපොල කඩාවැටී කර්මාන්ත බිඳ වැටී කෝටි ගණනකට රැුකියා අහිමි වුණා. බටහිර ලෝකයේ රටවල් බොහොමයක ඝෘණ ආර්ථික වර්ධන සළකුණු වුණා. දෙවන ලෝක සංග‍්‍රාමයටත් වඩා විශාල ආර්ථික අවපාතයක් දැන් ජනනය වී තිබෙනවා. එහි නරක බලපෑම් ලංකාවටත් ඇතිවෙලා. 2004-2008 කාලයේ දී 06% ඉක්මවා තිබූ අපේ ආර්ථික වර්ධන වේගය 04%ට අඩුවුනා. ඇතැම් රටවල් නම් බංකොළොත් වුණා. ඒ අතරේ දී 2008 වසරේ දී තෙල් මිල කීප ගුණයකින් වැඩි වුණා. බැරලය ඩොලර් 147ට ඉහළ ගියා. ඉන්පසු එය නැවත පහළට වැටුණා. තෙල් මිළ සම`ග ලෝක ආර්ථිකය තවත් අර්බුදයට ගියා. පෘථිවියේ උණුසුම ඉහළ යෑම, දේශගුණ විපර්යාස නිසා අර්බුදය තවත් උත්සන්න වුණා. නිය`ගය, සුළි සුළං, ගං වතුර, මුහුද ගොඩගැලීම, වසංගත, ගැටුම් හා යුද්ධ නිසා මේ තත්ත්වය තවත් උග‍්‍ර වුණා. දැන් මේ තත්ත්වයන් මදක් ම`ගහැරී ඇති නමුත් ඒ මහා අර්බුදයේ හේතු හඳුනා නොගත්තොත් අනාගතයේ පැමිණීමට නියමිත අති මහත් බරපතල ආර්ථික - පාරිසරික අර්බුද විසින්, ඇතැම්විට මිනිස් ශිෂ්ඨාචාරය පවා බිඳ වැටීමට ලක්විය හැකිය.
කුමක් ද මේ අර්බුදයට හේතුව. එයට හේතුව සංවර්ධනයේ අර්බුදයයි. සංවර්ධනය නමින් අපි හඳුන්වන්නේ නිෂ්පාදනයේ හා පරිභෝජනයේ අඛන්ඩ වැඞී යෑමයි. පසුගිය 20 වැනි සියවස තුළ ලෝකයේ දල නිෂ්පාදනය 19 ගුණයකින් ද කාර්මික නිෂ්පාදනය 50 ගුණයකින් ද වැඩි වී තිබෙනවා. අපිට අවශ්‍ය මේ සියවස (21 වැනි* ඒ තත්ත්වය තවත් වැඩිකර ගැනීමටයි. එය අපට කළ හැකි ද? උත්තරය නොහැකියි! එසේ නම් ඒ ඇයි? එයට හේතු තුනකි.
ස්වභාව සම්පත් සීමිත වීම නිසා අසීමිත වර්ධනයක් කළ නොහැකි වීම වෙන්කරවන පරිසරය ¥ෂණය නිසා පෘථිවිය මිනිස් වාසයට නුසුදුසු තැනක් වීම වෙන්කරවන ප‍්‍රශ්නවලට පිළිතුරු ලෙස දුටු නවීන විද්‍යාව ප‍්‍රශ්නය වීම යන කරුණුයි.
ලෝකයේ සම්පත් අමුතුවෙන් මැවෙන්නේ නැහැ. වගාකළ හැකි ඉඩම්, සයුර, ජලය, වායුව, යකඩ, ඇලූමිනියම්, තඹ හෝ වෙනත් ඛනිජ විශේෂයෙන්ම පොසිල ඉන්ධන සීමා සහිතයි.
අද ලෝකයේ ආර්ථික ක‍්‍රියාවලීන් 86%ක පදනම තෙල් සම්පතයි. දැන් අපි අත්විඳින්නේ තෙල් නිෂ්පාදනයේ උපරිමයයි. 2015න් පසු තෙල් නිෂ්පාදනය අඩුවේවි. 2050 වනවිට තෙල් තවදුරටත් බලශක්ති සම්පතක් වන්නේ නැහැ. 2100 වනවිට තෙල්, ගල් අ`ගුරු, ගෑස් සියලූ සම්පත් අවසන් වේවි.
කොටින්ම අපේ දරුවන්ට ජීවත්වන්නට වන්නේ තෙල් නැති ලොවකයි. එවිට වාහන, ගුවන් යානා, නැව්, විදුලි බලය ආදිය පවත්වා ගන්නේ කෙසේ ද? තෙල් මත ගොඩනැ`ගුණු මිනිස් සමෘද්ධියට කුමක් වේවි ද? පොසිල ඉන්ධන හි`ගය පමණක් නොවේ එම`ගින් ඇතිකරන පරිසර ¥ෂණය හි`ගයටත් වඩා ප‍්‍රබලයි. පාංශු ඛාදනය, කාන්තාරකරණය, ජල ¥ෂණය, වායු ¥ෂණය, ජීව විශේෂ වඳවී යෑම වැනි පරිසර ¥ෂණයන්ට වඩා අතිශය භයානක ¥ෂණය වූ කලී තාප ¥ෂණයයි. එනම් දිනපතා සිදුවන පෘථිවියේ උණුසුම වැඩිවීමයි. ගිය 20 වැනි සියවසේ මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම 0.73 0ක් වලින් ඉහළ නැං`ගා. මෙවර එය 21 වැනි සියවස සඳහා 1.5 0ක් - 6 0ක් දක්වා වේවි.
මේ උණුසුම වැඩිවීමට ප‍්‍රධානතම හේතුව තෙල්, ගෑස්, ගල් අ`ගුරු දහනය නිසා ජනනය වන අඳුරු කාබන් පෘථිවිය වටා පොරෝණයක් ලෙස රැුඳී සිට සූර්ය තාපය උරාගැනීමයි. තවත් නොයෙක් වායූන් නිසා ද මෙය සිදුවනවා.
පෘථිවියේ උණුසුම ඉහළ යත් දී මොක ද වෙන්නේ. උණුසුම වැඩිවන විට පොළොවේ ජලය ටික ඉක්මණින් වාෂ්ප වෙනවා. එවිට නිය`ගය, ලැව්ගිනි, කාන්තාර ඇතිවෙනවා. ලංකාවේ ද වියළි කලාපය ඉදිරි දශක දෙක තුන අතර, තව තවත් වියළි වේවි. නියම ජල සංරක්ෂණ ක‍්‍රම නොතිබුණහොත් අතීතයේ රජරට ශිෂ්ඨාචාරය කඩා වැටුණා සේ මහා අනතුරක් ද එහි රැුඳී පවතිනවා. උණුසුම වැඩිවන විට වායූ චලනය වැඩි වී සුළි සුළං, කුණාටු වැඩි වැඩියෙන් ඇතිවෙනවා. මුහුදුබඩ දිවයිනක් නිසා ජලයත් සම`ග එන එවැනි කුණාටු වලින් අපට බොහෝ හානි ඉදිරියේ දී ඇතිවේවි.
උණුසුම වැඩිවන විට ජල වාෂ්ප වැඩිවන නිසා අනෝරා වැසි ඇතිවේවි. ගං වතුර, නාය යෑම් ආදිය වැඩිවේවි. ලංකාවේ තෙත් කලාපයට වැඩි වැඩියෙන් වැස්ස වැටේවි. වියළි කලාපය වියළි වීමත්, තෙත් කලාපය තෙත් වීමත් නිසා සහල්, තේ, රබර්, පොල්, වැනි සියලූ වගාවන්ට විවිධ බලපෑම් එල්ල වීමට නියමිතයි.
උණුසුම වැඩිවීමත් සම`ග හිමාලයේ හිම කඳු පමණක් නොවේ හිම කඳුවලින් ජලය ගෙන ජීවත් වන සියලූ රටවල ජනයාගේ ජීවිත අර්බුදයට යවමින හිම කඳු දිය වී මුහුදට ගලා එයි. උත්තර ධ‍්‍රැවයේ හා දක්ෂිණ ධ‍්‍රැවයේ දැවැන්ත හිම කඳුවලට වන්නේත් එයයි. මේ හිම කඳු එක අතකින් සූර්ය කිරණ පරාවර්තනය කරනා දැවැන්ත කන්ණාඩි මෙන් හැසිරෙනවා. ඒවා නැතිවුවහොත් වැඩි වැඩියෙන් සූර්ය බලය මුහුදට වැටී ඒවා ප‍්‍රසාරණය වේවි. එහි ප‍්‍රතිඵලය මුහුද ගොඩ ගැලීමයි. මේ සියවස ඇතුළත මාල දිවයින, තාවාලූ ආදී රාජ්‍යයන් 34ක් මුහුදේ ගිලී යෑමට නියමිතයි. ලංකාවේ ද කොළඹ, මඩකලපුව, යාපනය වැනි නගර ආශ‍්‍රිත ප‍්‍රදේශ හා බෙල්ලන්විල, මුතුරාජවෙල ආදී තෙත් බිම් මුහුදට යටවීම, ජල තලයට ලවණ ඇතුලූවීම ආදිය සිදුවේවි. මෙය මහා විනාශයක් එයට අප සූදානම් විය යුතුය.
උණුසුම වැඩි වෙත්ම සමහර ජීවීන් වඳ වී යනවා. තව සමහර අය ආක‍්‍රමණික ලෙස පැතිරී යනවා. ලංකාවේ ශාඛ 39ක් (ලන්ටානා, යෝධ නිධිකුම්බා ආදී* අක‍්‍රමණික ලෙස පැතිරී යනවා. සත්ත්ව විශේෂ 10ක් ද (මැසි, මදුරු, කැරපොතු* ආදී සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වනවා. විශේෂයෙන් මදුරුවන්ගෙන් බෝවෙන ඩෙංගු වැනි රෝග ඉදිරියේ දී තවත් ව්‍යාප්ත වේවි. අපේ ගෙදර, අපේ ගමේ, අපේ ප‍්‍රදේශයේ පරිසරය රැුකීම සඳහා ඉදිරියේ දී නිරතුරුවම ක‍්‍රියාකරන්නට අපට සිදුවේවි.
විද්‍යාව හා තාක්ෂණය ගැන තිබුණු විශ්වාසයත් දැන් බිඳ වැටිලා. ලෝකය මේ අර්බුදයට දැම්මේ ඒවා විසින් නම් ඒවා විසඳුම් සොයන්නේ කෙසේ ද? කියායි දැන් ප‍්‍රශ්නය. ඒ ඒ රටවල සංස්කෘතිවල තිබුණු සම්ප‍්‍රදායික දැනුම යළි අවධිකර ක‍්‍රියාවේ නැංවීම ගැන ලෝකය උනන්දු වන්නේ ඒ නිසායි.
කොටින්ම මේ ලෝකයේ අපි එකක් තේරුම් ගත යුතුයි. එනම් අපේ තන්හාවේ තරමට මිහිමවට අපට සම්පත් ලබාදිය නොහැකි බවයි. දැනටමත් අපි මිහි මවට සැපයිය හැකි පමණට වඩා 25%ක් වැඩියෙන් ගෙන මිහි මවට ණය වී තිබෙනවා. එය පාරිසරික ණයවර අර්බුදයක් නොවී යන්නට නම් අපි මේ නූතන සංවර්ධනයෙන් ගැලවී තිරසර සංවර්ධනයකට, තෙල් මත පදනම් වූ ආර්ථිකය වෙනුවට හරිත ආර්ථිකයකට මාරු වී යා යුතුයි. රජය ඒ සඳහා තිරසර සංවර්ධනය සඳහා වූ ජාතික සභාවක් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටුවා 2010 - 2020 අතර තුර දේශපාලන භේදයෙන් තොරව හරිත ලංකා නම් වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. එහි අරමුණ පුනර්ජනනීය බලශක්ති දියුණු කිරීම, පරිසර හිතකාමී කර්මාන්ත, ගොඩනැ`ගිලි, ප‍්‍රවාහනය, කෘෂි කර්මය, වෙළෙඳාම, බැංකු හා ආයෝජන ආදිය හඳුන්වා දීමත්, දිරිමත් කිරීමත්ය.
මේ සංවර්ධන මායාව පසුපස යනවා වෙනුවට ගහ කොළ සතා සීපාවා රැුකගත් අපේ දරුවන්ට තිරසාර හෙවත් උරුම කරදෙන නව හරිත සමාජයකට අපේ ජීවිත, අපේ අධ්‍යාත්මය සූදානම් කරගත යුතුයි. සරළ ජීවිතයේ අපේ සංස්කෘතියේ ද පදනමයි. තණ්හාවේ විෂම ඇබ්බැහිවලින් මිදී ධර්මය විසින් හික්මවන සතුටින් පිරුණු, අභිමානයේ ඔප්නැංවුණු ජීවිත අපේ දරුවන්ට උරුමකර දෙන්නට අදිටන් කරගමු. නිල්ල පිරුණු රටක් - පළාවන් හෙටක් වෙනුවෙන් පුංචි පුංචියට හෝ අපේ වගකීම ඉටුකරමු.
ඔබට තෙරුවන් සරණයි! |