| සිංහ ප‍්‍රහාරය (Charge of The Lion Brigade - ඉංග්‍රීසි / 2009) |
|
ශ‍්‍රීලංකා ආරක්ෂක හමුදා කොටි සංවිධානය අරභයා ලබාගත් ජයග‍්‍රහණය ශ‍්‍රීලංකාවේ පමණක් නොව ලෝක යුද ඉතිහාසයට ද එක්විය යුතු අති විශිෂ්ඨ සිදුවීමකි. ලැබූ යුද ජය පිළිබඳ වර්ණනා මිස නිසි විග‍්‍රහයක් හා ෙසෙද්ධාන්තික ඉදිරිපත් කිරීමක් නොවීය. මේ නිසා ඒ පිළිබඳව ලෝක මට්ටමෙන් මෙන්ම ජාතික මට්ටමෙන් සිදුකළ විශ්ලේෂණයක් ලෙස මේ කෘතිය හඳුන්වමි.
ඕනෑම යුද්ධයක් ජයග‍්‍රහණය කිරීමට එක් පුදගලයෙකුට හෝ ක් සාධකයට නොහැක. ඒ සඳහා බහුවිධ සාධක, පුද්ගලයන් හා සංවිධාන රටා මැදිහත් වේ. දේශපාලන නායකත්වය දේශපාලන ස්ථාවරත්වය, සමාජීය පෙළගැන්ම, යුද නායකත්වය, පිරිස් බලය, පුහුණුව, අවි බලය, සමස්ථ යුද දේශපාලනික මහා සැළැස්ම, යුද උපාය මාර්ගයන් හා උපක‍්‍රම, යුදබිමට සම්පත් සැපයීමට ආර්ථිකය දක්වන හැකියාව, මිනිසුන් සැපයීමට, වේදනා දරාගැනීමට, සුපරික්ෂාකාරී වීමට සමාජය දක්වන හැකියාව, විදේශවලින් එල්ලවන බලපෑම කළමනාකරණය ආදිය පිළිබඳ මෙහි දී සළකා බලා ඇත.
එමෙන්ම ආසියාවේ සුන්සේ, යුරෝපයේ ක්ලූව්ට්ස්විට්ස් ආදී යුද විශ්ලේෂකයන්ගේ හා වෙනත් අනු භවිත යුද අත්දැකීම් හා සිද්ධාන්ත සම`ග ශ‍්‍රීලංකාවේ ආරක්ෂක අංශවල උපායමාර්ගය, උපක‍්‍රම හා යුද ක්‍රියාදාමයන් සංසන්දනය කිරීමක් ද සිදුකර ඇත. එමෙන්ම මෑත කාලීන යුරෝපා යුද බියෙන් වූ සයිරස්, ඇලෙක්සැන්දර්, සීසර්, නැපොලියන් ආදීන් ද දෙවන යුරෝපා සංග්‍රාමයේ යුද වීරයින් වූ ෂූකොව් පැටන්, රොමෙල් ආදීන්ගේ යුද උපායන් ද, ආසියානු යුද වීරයන් වූ අශෝක, ජින්පිස්ඛාන්, ගියප් වැන්නවුන් ද ශ‍්‍රීලංකාවේ යුද වීරයින් වූ දුටුගැමුණු, විජයබා, පැරකුම්බා, රාජසිංහ, විමලධර්මසූරිය වැන්නවුන් ද සම`ග ලබාගත් ජයග්‍රහණයේ විවිධ අවස්ථා විග්රහ කර ඇත.
කොටි සංවිධනය සත්‍ය වශයෙන්ම පත්ව සිටි තත්ත්වයත් ඔවුනගේ අන්ත පරාජයේ හේතු සාධකයන් ඒ ලෙසම පැහැදිලි කර ඇත.
කොටි සංවිධනය සත්‍ය වශයෙන්ම පත්ව සිටි තත්ත්වයත් ඔවුනගේ අන්ත පරාජයේ හේතු සාධකයන් ඒ ලෙසම පැහැදිලි කර ඇත.
මාවිල් ආරුවේ සිට නන්දිකඩාල් දක්වා ආරක්ෂක හමුදා ගිය ගමන්ම`ග මුහුනදුන් අභියෝග, අනුගමනය කළ උපක‍්‍රම ආදිය සිතියම් සහිතව විස්තර කර ඇත.
සිංහ ප‍්‍රහාරය සටනේ නියැලී සිටි රණවිරුවන්ව පාවා තමන් සත්යටම දිනාගත්තේ කුමක් ද පිළිබඳව හොඳ යුද විශ්ලේෂණයකි.
 |
|
| නැගෙනහිර සිංහල උරුමය (සිංහල / 2002) |
|
|
මුලින්ම නැගෙනහිර පළාත දෙමළ නිජ භූමියේ කොටසක් ලෙස දේශපාලනික ලෙස, ප‍්‍රකාශ කෙරුණේ 1925 දී පිහිටුවනු ලැබූ ලංකාවේ පළමුවැනි ජාතිවාදී පක්ෂයවන දෙමළ මහජන සභාව විසිනි. 1949 දී දෙමල රාජ්‍ය පක්ෂය පිහිටුවූ විට දමෙළ ජනයා වෙනම ජාතියකි. මෑත කාලීන ලෙස ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ පිහිටුවීම සඳහා වූ ස්වයං නීර්ණය අයිතිය ඇත. ඔවුනගේ ඓතිහාසික රාජ්‍යය හා නිජබිම පිහිටා ඇත්තේ ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙපළාතේය යන ප‍්‍රවාදය ඉදිරිපත් කරනු ලැබීය. දෙමළ බෙදුම්වාදය ව්‍යාප්ත වූයේ එතැණිනි. පසුව ඇති වූ ජාතිවාදී ත‍්‍රස්තවාදයේ දී තමිල් ඊලාමයේ අගනුවර ලෙස ත‍්‍රිමලය ද, ඉඩම්, සයුර හා වෙනත් ස්වභාව සම්පත් සඳහා නැගෙනහිර පළාත තමනට තදින් අවශ්‍ය බව ත‍්‍රස්තවාදීන් ද දෙමළ ජාතිවාදීන් ද එක හ`ඩින් කියන්නට වූහ. ඒ අනුව යමින් නැගෙනහිර සිංහල හා මුස්ලිම් සංහාරයන් කරන්නට ඉදිරිපත් වූහ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දු - ලංකා ගිවිසුම යටතේ උතුරු හා නැගෙනහිර දෙපළාත එක්කළ අතර, එය නීත්‍යානූකුල ලෙස වෙන්කිරීම සඳහා වන නීතිමය හා දේශපාලන උද්ඝෝෂණය සඳහා මේ කෘතිය ලියැවිනි.
මේ කෘතිය ම`ගින් පළාතේ ඓතිහාසික සිංහල ජනාවාස හා රාජධානි පිළිබඳවත් ඒ සඳහා වූ පුරා විද්‍යාත්මක හා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ පවා ලියනා ලද ලේඛන ආදියත් උපුටා දක්වා ඇත. එමෙන්ම ඉංග්රීසින්ගේ කාලයේ කෝපි වගාව බිඳවැටීමෙන් පසු දෙමළ ජනයා නැගෙනහිර පදිංචි කළ ආකාරයත්, චෙල්වනායගම්ගේ සිට දේවනායගම් දක්වා අනවසර ජනාවාස ඉදිකරමින් සිංහලයින්ගේ ඓතිහාසික නිජබිම් ආක්‍රමණය කළ ආකාරයත් සවිස්තරව ඉදිරිපත් කර ඇත. එමෙන්ම පෘතුගීසි ආණ්ඩුකාර කොන්ස්ටන්ටයින් ද සා(1672* නිකුත් කළ ආඥාවෙන් පසු මුස්ලිම්වරුන් සෙනරත් රජතුමා විසින් නැගෙනහිර ප්‍රදේශ කීපයක පදිංචි කළ ආකාරය ද, ඉංග්‍රීසින් විසින්, වෙල්ලස්ස කැරැුල්ල මර්දනය සඳහා තව තවත් මුස්ලිම් ජනාවාස ඇතිකළ ආකාරය ද විස්තර කර ඇත.
පසුගිය දශක හයක කාලය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලනය නැගෙනහිර වැඞී ගිය ආකාරයත්, අනන්‍යතාවයේ හා අරගලයේ බිම බවට නැගෙනහිර පත්වූ ආකාරයත් විස්තර වී ඇත.
එමෙන්ම නැගෙනහිර සිදුකරන ලද සිංහල හා මුස්ලිම් සංහාරය පිළිබඳ සංඛ්‍යාලේඛන හා දත්ත බොහොමයක් එහි අඩංගුය.
නැගෙනහිර පළාත් අනාගත ශ‍්‍රීලංකාවේ නැගෙන ආසියාව දෙසට වූ නාවික, වෙළෙඳ හා බලශක්ති කේන්ද්‍රය ලෙස වර්ධනය කිරීමේ ඉඩකඩ ද එහි සාකච්ඡුා කර ඇත.
 |
|
| අල් ජිහාද් - අල් කයිදා (සිංහල / 2003) |
|
අල් ජිහාද් - අල් කයිදා ලියැවුණේ ඔසාමා බින්ලාදන් විසින්, එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර ලෝකයට එල්ල කළ ත‍්‍රස්ත අභියෝගයේ සැබෑ ස්වරූපය පෙන්නා දීම සඳහාය. බටහිර ලෝකයේ අමනුස්ස වැඩ පිළිවෙල පිළිබඳව කලකිරීමෙන් වෙසෙනා ඇතැම් පිරිස් බින්ලාදන් හෝ ඉස්ලාම් මූලධර්මවාදය හෝ එයට පහර දෙන්නේ නම් මැනවැයි කියා සිතති. මේ නිසා ඉස්ලාම් මූලධර්මවාදය අතීතයේ සිට වර්ධනය වූ ආකාරය, සුන්නි - ෂියා නිකායන් වෙන්වීම හා පසුව ඔවුන් අතර, ඇති වූ ගැටුම් විවිධ රටවල ඉස්ලාම් මූලධර්මවාදයේ ක‍්‍රියාකාරීත්වය පැතිරී ගිය අයුරු ඊශ‍්‍රායෙල් - පලස්තීන ගැටුමේ ඉතිහාසය, ඇෆ්ගනිස්තානයේ අතීතයේ සිට පැවැති ගැටුම් කොමියුනිස්ට්වාදය හා බටහිර ලෝකය අතර, ගැටුමකට පරිවර්තනය වූ අයුරු, ඉරාකයේ හා ඉරානයේ ගැටුම් හා ඓතිහාසික දායකත්වය, තලිබාන් හා අල්කයිදා බිහිවූ අයුරු, ඉන්දියාව දෙකඩවීම හා දකුණු ආසියානු, නැගෙනහිර ආසියානු රටවල ඉස්ලාම් මූලධර්මවාදයේ ව්‍යාප්තිය, විශේෂයෙන් ලංකාවේ මුස්ලිම් ජනයාගේ කෙටි ඉතිහාසය හා 1986 සිට වර්ධනය වන ඉස්ලාම් මූලධර්මවාදී නිකායන් පක්ෂය හා සන්නද්ධ ව්‍යාපාරයන් පිළිබඳව තොරතුරු එහි දක්වා ඇත. මධ්‍යස්ත මුස්ලිම් ජනතාවට සෙසු ජන කණ්ඩායම් සහාය නොදුනහොත් දෙමළ ප‍්‍රජාව අතර, සිදුවූවා සේ තරුණ ජීවිත බිලිගත හැකි තත්ත්වයක් ඇතිවිය හැකි ආකාරය ද පැහැදිලි කර ඇත්තෙමි. එමෙන්ම ඉන්දියාවේ මුස්ලිම් ප‍්‍රභූ නායකයින් ඉන්දියාව බෙදීමට නිදහසට පෙර උත්සාහ කරත් දී ලංකික මුස්ලිම් ප‍්‍රභූ නායකයින් සිංහලයින් සම`ග එක්සත් වීමට දැරූ ප‍්‍රශංසනීය උත්සාහය ද විස්තර කර ඇත. මෙය ඇතැම් අන්තවාදී කල්ලිවලට විෂ සහගත වූවත් බොහෝ මධ්‍යස්ථ මුස්ලිම්වරුන් ඒ සඳහා මට ප‍්‍රශංසා කර ඇත.
අල් ජිහාද් කෘතියේම වෙනත් පරිච්ෙඡ්දයක් වෙන්කර ඇත්තේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් සඳහාය. කුරුස යුද්ධයේ සිට පසුගිය දහස් වර්ෂය පුරා මොවුන් හැර ඇති වූ ගැටුම් ලෝක දේශපාලනයට බලපෑ අන්දම එහි දී විස්තර කර ඇත. එමෙන්ම කතෝලික පල්ලියට එරෙහිව එවැන්ජලික පල්ලිවල ක‍්‍රියාකාරීත්වය ද, විමුක්ති දේව ධර්මයේ රැුඩිකල් වෙනස්කම්වලට එරෙහිව සම්ප්‍රදායික පල්ලිය ගෙනගිය අරගලය ද ඕජස්දෙයි (දේව කාර්ය* නම් සම්ප්‍රදායික දැඩිමතධාරින්ගේ ක‍්‍රියාකාරීත්වය ද එහි දී පැහැදිලි කර ඇත.
අල්කයිදා හා ඕජස්දෙයි වැනි ආගමික සංවිධාන ගැන සිංහලයෙන් ලියැවුණු ප්‍රථම ශාස්ත්‍රීය ග්‍රන්ථය මෙය වෙයි.
|
|
| කොටි පරදන ම`ග (සිංහල / 1999) |
|
1998 දී ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය බිහිවීමෙන් පසු අප සියළුදෙනාට පෙනීගියේ විශාල වශයෙන් හමුදාවේ සේවයේ නැයැළුනු හා නියුතු වූ ජ්‍යෙෂ්ඨ - කනිෂ්ඨ නිලධාරින් රැුසක් එය හා එක්වීමය. ඔවුන් ත‍්‍රස්ත විරෝධි සංග‍්‍රාමය පිළිබඳ යුද උපක‍්‍රමවල සිට දේශපාලන උපක‍්‍රම දක්වා විවිධ හේතූන් අපහට පෙන්වා දුන්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස යුද - දේශපාලනික සැළැස්මක් තැනීමට මම ක‍්‍රියා කළෙමි. එහි සංයුක්ත සංකල්පය එවකට පසු ආණ්ඩුවට ඉදිරිපත් කළ ද එය ක‍්‍රියාත්මක නොවූ නිසා ප‍්‍රසිද්ධියට පත්කළ හැකි කරුණු ප‍්‍රසිද්ධියට පත් කළෙමු. (1999 අප‍්‍රියෙල්* ත‍්‍රස් විරෝධී ජාතික සැළැස්ම නම් වූ එයට
- ජාතියට යුද අරමුණක්
- රණබිමට වැඩියෙන් සෙබළු මුළු
- රණවිරුවන් වඩා හොඳ අවි ආයුධ
- යුදයට පදනම් වූ ජාතික ආර්ථිකයක්
- කොටි ත‍්‍රස්තවාදයට එරෙහි ලෝක මතයක්
යන මාතෘකා ඔස්සේ කරුණු 29කින් යුතු වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනා ලදි. එය තුන් වසරක වැඩ පිළිවෙලක් විය.
පසුව ශ‍්‍රීලංකා ආරක්ෂක අංශ මගින් ප්‍රායෝගිකව 2006-09 තෙවසර තුළ ක‍්‍රියාත්මක කළ උපායමාර්ගය හා වැඩ පිළිවෙල සළකා බලත් දී ඕනෑම අයෙකුට පෙනී යන්නේ එයට දස වසරටක පෙර අප යෝජනා කළ වැඩ පිළිවෙලේ තිබූ ප්‍රායෝගිකත්වයයි.
|
|
| කොටි පුල්ලි (සිංහල) |
|
කොටින්ට එරෙහි ජාත්‍යන්තර ජනමතය ඇතිකිරීම සඳහා මුලින්ම පියවර ගත්තේ ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයයි. ඒ සඳහා වූ මුල්ම වෙබ් අඩවිය හා සයිබර් අවකාශයේ වූ සබඳතා ජාලය ගොඩනැංවූයේ ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාර විසිනි. විවිධ ජාත්‍යන්තර සමුළු පවත්වමින් විදේශගත ශ‍්‍රීලාංකිකයන් ද විවිධ බුද්ධිමතුන් ද එයට ඈඳා ගන්නා ලදි. එවැනි එක් වෑයමක් ලෙසයි මා විසින්, සංස්කරණය කළ විද්වතුනගේ පත‍්‍රිකා කීපයක් කෘතියක් ලෙස ීඑරසචැි දෙ ඔසටැර නමින් නිකුත් වූයේ. එමගින් ත‍්‍රස්තවාදයේ උපාමං හා ක‍්‍රියාමාර්ග, ත‍්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ජාලය, ඔවුනගේ ඉතිහාසය ආදී මාතෘකා ගණනාවක් ඔස්සේ විද්වත් මතය විවිධ වේදිකා තුළ මතුකරනා ලදි.
|
|
| කොටි විනිවිදීම (සිංහල) |
|
කොටි විනිවිදීම මා විසින් රචනා කළ වැඩිම අළෙවියක් ලබාගත් මුද්‍රණ වාර කීපයක් සිදුකළ කෘතියකි. එය කොටි ත‍්‍රස්තවාදයට එරෙහි වූ බොහෝ දෙනෙකුගේ අත්පොතක් විය. කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ගොඩනැංවීමට (1998 මාර්තු* අපි ක‍්‍රියා කළේ විධිමත් ත‍්‍රස්ත විරෝධී සංවිධානයක් පුළුල් මහජන පෙරමුණත් අවශ්‍ය වූ නිසාය. කොටි ත‍්‍රස්තවාදයට එරෙහි විවිධ පෙරමුණු සංවිධාන තිබුණ ද ඒවා හුදු පුද්ගල එකතුවන් මිස ජනතාව එක්කර ත‍්‍රස්තවාදය පැරැුදවීම සඳහා සමාජය ද, ආණ්ඩුව ද මෙහෙයවන ආයතන නොවීය. පිරිස සංවිධානයේ දී මා හට පෙනීගියේ තරුණ නව ක‍්‍රියාකාරීකයන් සඳහා කොටි ත‍්‍රස්තවාදයේ බිහිවීම, ව්‍යාප්තිය හා එය පරදවන්නේ කෙසේ ද යන්න ගැන පුළුල් මතවාදී විස්තරයක් අවශ්‍ය බවය. අනෙක් අතින් 1995-2000 වකවානුවේ එවකට වූ චන්ද්‍රිකා ආණ්ඩුව විසින්, දියත් කළ සුදුනෙළුම - තවලම ආදී ව්‍යාපාර විසින් සිංහල ජනමනස බොහෝ දුරට අවුල්කර තිබිණි. සිංහල ජනමනසට නිවරදි තොරතුරු ලබා දෙන්නත්, කොටි සංවිධානය හඳුනාගන්නත්, එයට රැුහැනිව සංවිධානය වන්නටත් කොටි විනිවිදීම අතිශයින් ප‍්‍රයෝජනවත් විය.
එම කෘතිය ම`ගින් කරුණු කීපයක් හඳුන්වා දුනිමි. ඉන් පළමුවැන්න නම් කළු ජූලිය පිළිබඳ අතිශයෝක්තියේ සිට දෙමළ මිනිසුන්, සිංහලයින් ඝාතනය කළාය යන බොරුව බිඳ දැමීමය. සංඛ්‍යා ලේඛන සහිතව මා පෙන්නා දුන්නේ නිරායුධ සිංහලයින් වැඩි පිරිසක් ඝාතනය වී ඇති බවය. දෙමළ ජනයාව වැඩි පිරිසක් අනාථ වී අති බවයි. සිංහල ජාතිවාදය කරපින්නාගත් සන්නද්ධ ක්‍රියාදාමයක් නැති බවයි. දෙමළ ජාතිවාදයක් හා ඒ මත පදනම් වූ සන්නද්ධ ත්රස්තවාදයක් ඇති බවය. සිංහලයින්ට රටේ ඕනෑම තැනක ජීවත්වීමට අයිතිය නැති වූවාට දෙමළ ජනයාට ඒ අයිතිය කොළඹ, මහනුවර, ගාල්ල, මොණරාගල, අනුරාධපුර ආදී සියලූ ප්‍රධාන නගරවල ඇති බවයි. පීඩිත ජාතිය බවට සිංහලයින් පත්ව ඇති ආකාරයයි.
දෙමළ ජාතිවාදය බිහිව ඇත්තේ පීඩිත සුළු ජාතිය වීම නිසා නොව මහ ජාතිය වී ද්රවිඩස්තානයක් බිහිකර ගැනීම සඳහා අතීත දෙමළ නායකයින් ක‍්‍රියා කළ නිසා බව ද එහි සාධක සහිතව ඔප්පුකර ඇත. එමෙන්ම දෙමළ ජාතිවාදයේ යුගතුන එනම් (1911-31* මුළු රටම දෙමළ රටක් කිරීමේ උත්සාහය, හරි හරියට රාජ්‍යය බෙදාගැනීමේ උත්සාහය (1931-48*, උතුරු හා නැගෙනහිර පළමු පියවර ලෙස බෙදා වෙන්කිරීමේ උත්සාහය (1948-74* හා අවසානයේ සන්නද්ධ ක්රියාදාමයකින් තමිල් ඊලම බිහිකිරීමේ උත්සාහය නව නාසිවාදයක් කරා වැඞී ගිය අයුරු එකී කෘතියෙන් පැහැදිලි කර ඇත.
එමෙන්ම ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ, ඉන්දියාවේ තමිල්නාඩු දේශපාලනය හා දිල්ලියේ දේශපාලනය, අවට කලාපීය හා ආසියානු රටවල බලපෑම, බටහිර රටවල කොටි හිතවාදී ක්‍රියාදාමය ආදිය හා ඒවා කළමනාකරණය කරගත යුතු ආකාරය ද එහි පැහැදිලි කර ඇත.
එමෙන්ම ප්‍රථම වතාවට සිංහලයින් සම`ග ඝාතනය කළ සිදුවීම්, සිංහල අනාථයින් හා ජනවාර්ගික අතුගා දැමීම් පිළිබඳ සංඛ්‍යා ලේඛන යුද ගැටුමේ ඇත්ත තත්ත්වය හෙළි කරනා සංඛ්‍යා ලේඛන ආදී බොහෝ දේ මුල්වරට එක කෘතියක් තුළ අන්තර්ගත කර ඇත.
ත‍්‍රස්තවාදය මැඩලීම පිළිබඳ ලෝක අත්දැකීම් සම`ග කළ යුත්තේ කුමක් ද යන්න ගැන පැහැදිලි වැඩසටහනක් ද එම`ගින් ඉදිරිපත් කර ඇත. කෘතියේ වඩාත්ම වැදගත්ම වන්නේ එකී මතවාදය මත පදනම් වූ ජනතා ව්‍යාපාරයක් හා දේශපාලනයක් කෘතියේ දැක්වුණු දෙමළ ජාතිවාදී ත‍්‍රස්තවාදය අතුගාදමන තුරුම ක‍්‍රියාත්මක වීමය.

 |
|
|