| |
|
|
| |
 |
| |
|
| හරිත අරුණ (Towards a New Green Era - සිංහල සහ ඉංග්‍රීසි / 2008) |
|
පරිසර අමාත්‍යවරයා වීමෙන් පසු දේශගුණ විපර්යාස පිළිබඳ බොහෝ ජාතික ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වී ඇති අතර, එහිදී මට හැගී ගියේ අපේ රටේ බොහෝ විද්වතුනට මෙන්ම විදේශගත බොහෝ විද්වතුනට ද තිරසාර සංවර්ධනය - හරිත ආර්ථිකය ආදිය ගැන නිශ්චිත අදහස් නැති බවය. ඇතැමුනට ජ්යමාත්ර අදහසක් හෝ නැති බවය. ඇතැමුන් හරිත ආර්ථිකය පවතින කෘෂ්ණ ආර්ථිකයේ (කාබන් පදනම් කරගත්* ඌණපූර්නයක් ලෙස සලකන බවය. මේ නිසා මේ පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් අවශ්‍ය බව හැ`ගුණු නිසා මේ කෘතිය නිකුත් කළෙමි. එය මේ පිළිබඳ උනන්දුවක් දක්වන විශේෂයෙන් ජාත්‍යන්තර තලයේ ඒ පිළිබඳව ක්‍රියාකාරීවන බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තෝය. අප විසින් නිර්මාණය කරනු ලැබූ ”තිරසාර සංවර්ධන දර්ශකය” ගෙනයෑමත් ලෝකයාට අවශ්‍ය සුසුමදර්ශයේ, ලෝක දැක්මේ වෙනස වටහාදීමෙන් මෙහි ප්‍රාථමික අරමුණ විය.
2008 දී ලෝකය පිසගෙන පැතිරීගිය අර්බුදය හුදු මූල්‍ය අර්බුදයක්, ඉන්ධන අර්බුදයක් හෝ දේශගුණ අර්බුදයක් නොව සමස්තයක් ලෙස සංවර්ධනයේ අර්බුදයක් බව මෙමගින් පෙන්වා දී ඇත. එකී සංවර්ධනයේ අර්බුදය සම්පත් හි`ගය, පරිසර ¥ෂණය හා විද්‍යාවේ තාක්ෂණයේ සීමා විසින්, සමාජ දේශපාලන අර්බුදයක් හා යුද ගැටුම් ඇතිකරවන්නක් බවට ද පැහැදිලි කර ඇත. එනයින්ම ඇතැම් විට මිනිස් සංහතියේ ඉරණම පරදුවට තබනා තරම් ඛේදවාචකයක් වියහැකි බව ද විස්තර කර ඇත. එහෙයින් ඉතා සීරුවෙන් පවතින ආක්රමණකාරී නූතන සංවර්ධන රාමුවේ සිට තිරසර සංවර්ධන රාමුවකට ලෝකය මාරු වී යායුතු බව පැහැදිලි කර ඇත. එමෙන්ම පවතින තෙල් පදනම් පදනම් කරගත් කෘෂ්ණ ආර්ථිකය පුනර්ජීවන බලශක්තිය පදනම් කරගත්, හරිත ආර්ථිකයට මාරුකරගත යුතු ආකාරය ද පැහැදිලි කර ඇත.
සංවර්ධනය ලෝක දැක්මක් සහිත සුසුමදර්ශයක් (ඡු්ර්ාසටප* ලෙස ද, සමාජ ආර්ථික පදනම් එහි ඇති විවිධ සමාජ මාදිලි ලෙස ද අර්ථ දක්වා ඇත.
තිරසර සංවර්ධනයට පදනම් වියයුතු ලෝක දැක්ම හා පවතින තත්ත්වයෙන් සාමකාමී ලෙස එයට මාරු වී යා හැකි ආකාරය ද විස්තර කර ඇත.
හරිත ආර්ථිකය අර්ථ දක්වා එහි විවිධ ක්ෂේත්‍ර වන හරිත ඇගැයීම, හරිත බලශක්තිය, හරිත කර්මාන්ත, හරිත කෘෂිකර්මය, හරිත ආයෝජන හා වෙළෙඳාම, හරිත නගර හා ගොඩනැ`ගිලි, හරිත ප්‍රවාහනය, හරිත සේවාවන්, හරිත රැුකියා ආදී ක්ෂේත්‍ර ගණනක් පිළිබඳ හැඳින්වීමක් ද සිදුකර ඇත.
 |
|
| සාපේක්ෂා (සිංහල) |
|
සාපේක්ෂා දාර්ශනික කෘතියකි. ලොව විවිධ දර්ශන අතර, සාපේක්ෂතාවාදයට හිමිතැන හා එහි වැදගත්කම පැහැදිලි කිරීම එකී කෘතියේ මූලික අරමුණ විය. එමෙන්ම ජාතිකවාදය, ආගමික පදනම්, භෞතික වාදය, නූතන විද්‍යාව, නූතනවාදී බටහිර දර්ශනවාද, ලිබරල්වාදය, මාක්ස්වාදී, කොමියුනිස්ට් වාදය වැනි දේශපාලන ආර්ථිකවාදයන්, පශ්චාත් නූතනවාදී යැයි කියනා දර්ශනවාද, පරිසරවාදී චන්තන රටා හා ප්රවාදයන්, බුදු දහම ආදී විවිධ දර්ශනයන් සම`ග සාපේක්ෂතාවාදය සම විසම වන අයුරු සාකච්ඡුා කිරීමේ කෘතියේ අරමුණ විය.
බොහෝ පැරැුණි දර්ශනවාදයන් අදහන්නන් විසින් අපට කියන්නේ ලොවේ මූලිකතම දාර්ශනික ප්රශ්නය ලොවේ මුල්වන්නේ ද්‍රව්‍යය ද නැත්නම් විඥානය ද යන ප්රශ්නය බවයි. පෙරළා ඇසිය හැකි ප්රශ්නය නම් ද්‍රව්‍යය කියා හෝ විඥාණය කියා හෝ යමක් ඇති බව දැනගත්නේ කෙසේ ද යන්නයි. තවදුරටත් මේ ප්රශ්නය දුර දිග ගෙනගියහොත් අපේ මනසට, ඉන්ද්‍රීයන්ට, දැනුමට හසුනොවන ලෝකයක් පවතී ද? පවතී නම් එය පවතින බව දැනගන්නේ කෙසේ ද යන ප්රශ්නය ද ඇසිය හැක. සාපේක්ෂතා වාදීන් ලෝකය විමසන්නේ එහෙයින් බව සාපේක්ෂා කෘතිය පෙන්නා දෙයි.
එමෙන්ම නූතන යුරෝපයේ ආර්ථික - යුද - දේශපාලනික නැ`ගීම විසින් යූරෝ කේන්ද්‍රීය දර්ශනයන් බිහි වූ අයුරු ද සාපේක්ෂා පෙන්වා දෙයි. සුදු - කළු, ආලෝකය - අඳුර, දකුණ - වම, භෞතිකය - විඥාණය, පිරිමියා - ගැහැණිය, පාලකයා - පාලිතය, ධනපති - නර්ධන, දියුණු - නොදියුණු, සංවර්ධිත - අවසංවර්ධිත ආදී ලෙස ලෝකය නිතරම ගැටෙනා ද්විත්ව වාදයක් ලෙස විස්තර කිරීමත්, එකී ද්විත්වයෙන් ද කවරක් හෝ එකක් හොඳ දියුණු, සුදුසු, පවතින පරම හෝ ප්‍රාථමික දේ ලෙස ගැනීමක් මේ නූතනවාදී බටහිර දර්ශනයේ ක්රියාදාමයයි. පෙරළා සාපේක්ෂව ලෝකය දකින්නන් එකක්, දෙකක් නොව බහුවිධ දේ දකින්නෝය. අවස්ථාව අනුව මිස සැමවිටම එකක් පමණක් මූලික බව පිළිනොගන්නෝය.
බොහෝ දෙනෙක් සාපේක්ෂතාවාදය අයින්ස්ටයින්ගේ කාල සාපේක්ෂතාවාදය සම`ග සමව සිතති. අයින්ස්ටයින් හා ඔහුට පෙර සිටි අර්නස්ට් මාක් කළේ භෞතික විද්‍යාවේ ඬේකාර්ට් හා නිවුටන් ඇතිකළ නිරපේක්ෂ අවකාශය හා කාලය පිළිබඳ සංකල්ප ගණිතමය ලෙසත්, ප්‍රායෝගික ලෙසත්, දාර්ශනික ලෙසත්, බිඳ දැමීමය. කාලය චලනය නිසාත්, අවකාශය වස්තු නිසාත්, ව්‍යුත්පන්න වන බව අයින්ස්ටයින් පෙන්නා දුන්නේය. නමුත් ඔහුගේ සාපේක්ෂතාවාදය කාල - අවකාශයට පමණක් සීමා විය. පසුව අවකාශය - කාල නෙවෙනස් නව මානයක් බවට එය පෙරළා ගන්නා ලදි. භෞතික විද්‍යාවේ පරමාණුක අංශු පිළිබඳ හැදැරීම්වලදී අයින්ස්ටයින් පවා නිරපේක්ෂ අංශු පැවැත්මක් විශ්වාස කළේය. එය ද බුදු දහම හා ජාතික චින්තන දෘෂ්ඨිය පදනම් කරගත් විචාරයකි.
භෞතික විද්‍යාවේ අංශු භෞතිකයේ එන පරීක්ෂණ උපකරණවලට අනුව නිරීක්ෂණය කරනා භෞතික ක්‍රියාව වෙනස් වේ යන ප්‍රකාශය පිළිබඳ පවතින විවිධ කියවීම් පැහැදිලි කරදීම ලියැවිල්ලේ අරමුණ විය. ඇතැම්විට ඇතැම් භෞතික මූලධර්ම පැහැදිලි කිරීමට අප යොදා ගන්නා ගණිත මාදිලිවලට අපි වහල්වීම නිසා වැරැුදි නිගමනවලට එළැඹෙන ආකාරයත්, ඇතැම් විද්වතුන් ඒ නිසාම ක්වන්ටම් යථාර්තය පිළිබඳ ගැටළුව ගුප්ත දෙයක් බවට පත්කිරීමත් මෙහි දී පැහැදිලි කර ඇත. සීනෝගේ ඊ-තලය, ෂුඞ්න්ගර්ගේ බිලාලයා ආදී සිතුවිලි හා පර්යේෂණවල ගුප්ත බවක් නැති බව ද පෙන්නා දී ඇත. එමෙන්ම සන්තනික එක දිගට පවතින වට පිටාවක් හා අසන්තතික වටපිටාවක් තුළ එකම දෑට විවිධ තේරුම් ලැබෙනා බව ද මවිසින් රචිත සන්තතිකතාව හා අසන්තතිකතාව යන පත්‍රිකාවෙන් පෙන්නා දී ඇත. කොටින්ම බටහිරට හුරු පුරුදු ලෝකය සැළැස්මකට අනුව ක්‍රියා කරයි, එහි පිටුපස ලෝක පාලකයෙක් සිටීය යන දාර්ශනික සිතුවිල්ලේ සීමා මවිසින් එහි දී පෙන්නා දී ඇත. ක්වන්ටම් යාන්ත්‍රණය මගින් මතුකළ ප්‍රශ්න බටහිර චින්තනයේ සීමා පිළිබඳ ගැටළුවක් මිස එහි ගුප්ත වූ යමක් නැති බව භෞතික විද්‍යාව නොදන්නා අයට පෙන්නා දීමට එමගින් සිදුවිය.
 |
|
| ක්වන්ටම් යථාර්තය (සිංහල) |
|
ක්වන්ටම් යථාර්තය නම් ලිපිය මා විසින් ඉදිරිපත් කළේ මහනුවර දී පැවැත්වුණු විද්වත් සම්මන්ත්‍රණයක් සඳහාය. එහි දී ඉදිරිපත් වූ පත්‍රිකා පසුව මහාචාර්ය අර්ජුන සොයිසා සම`ග එක්වී සංස්කරණය කර ඊැහදබා එයැ ඵැඒචයහිසජි දෙ ක්‍දපපදබ ීැබිැ නම් කෘතියක් ම`ගින් නිකුත් කරනා ලදි. එම`ගින් භෞතික විද්‍යාවේ ඉහළ ක්ෂේත්රයක් වන අංශු භෞතික විද්‍යාවේ :ඡු්රඑසජකැ ඡුයහිසජි* එන මූලික ගැටළුව එනම් පරමාණුක අංශුවල පැවැත්ම හා යථාර්තය පිළිබඳ ගැටළුව හා ක්ෂුද්‍ර අංශු විටෙක අවකාශයේ නිශ්චිත ඉඩක් ගන්නා ස්වාධීන අංශුවක් ලෙස ද විටෙක පැතිරී ගිය එකිනෙක හා බැඳුණු තරංගයක් ලෙස ද හැසිරීම පිළිබඳව වූ අංශු - තරංග වාදය ඉතා තියුණු දාර්ශනික ගැටුම්වලට තුඩු දුන්නේය. මෙය අවසානයේ ගුරුකුල දෙකක් අතර, එනම් අයින්ස්ටයින් - ෂුඞ්න්ගර් හා නීල්ස් බෝර් - හයිසන්බර්ග් අතර, තියුණු මත ගැටුමක් බවට පත්විය. එහිදී යථාර්තය යනු කුමක් ද? එය අපේ මිණුම් උපකරණ, අපේ ඉන්ද්‍රීයන්, අපේ නිරීක්ෂණය, අපේ මනස, අපේ සමාජ විඥාණය ආදිය නිසා ව්‍යුත්පන්න වන දෙයක් ද නැතිනම් එය ඒවායින් ස්වාධීන ද යන ගැටළුව එහිදී සාකච්ඡුා විය. එකී සාකච්ඡුාවත් ඒ සඳහා ඇති වූ පූර්ව සූදානමක් ගැන උසස් පෙළ හා උපාධි අපේක්ෂකයින් ඉලක්ක කරගෙන ”විදුසර” ස`ගරාවට අයින්ටයින්ගේ සාපේක්ෂතාවාදය, බෝර්ගේ අංශුවාදී අදහස් කෝපන්හේගන් කියවීම, පරමාණුක බෝම්බය නිපැයීම ආදිය පිළිබඳ ලිපි මාලාවක් සැපයිමි. පසුව එය ”ක්වන්ටාවක නිවන”නමින් කෘතියක් ලෙස නිකුත් කිරීමට සියලූ කටයුතු යොදා තිබුන ද එය ඉටු නොවීය. විවාත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරූ පීඨ සිසුනගේ ප්‍රයෝජනය සඳහා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය, ක්වන්ටම් යාන්ත්‍රණයේ මූල ධර්ම හා වියවුල් සිද්ධාන්තය - භාහික ජ්‍යාමිතිය ආදී විෂයයන් පිළිබඳ සිද්ධාන්තික අත්පොත් සඳහා ලියැවිලි සකස් කළෙමි.
ලංකාව තුළ මුලින්ම ක්වන්ටම් යාන්ත්‍රණයේ යථාර්තය පිළිබඳ ගැටළුව සාකච්ඡුා කර ඇත්තේ ආර්. ජී. ද. එස් වෙත්තමුනි විසින් රචිත පැවැත්මේ විසංවාදය හා බුදු දහම - ඊමාායසිප ්බා ්පඉසටමසඑහ දෙ ෑංසිඑැබජැ - යන කෘතියේ සාකච්ඡුා කර ඇත. බෞද්ධ දැක්මට අනුව අංශු - තරංග වාදය හා පැවැත්ම පිළිබඳ ප්රශ්නය ඔහු සාකච්ඡුා කර ඇත. ඉන්පසු මෙය සවිස්තරාත්මකව සාකච්ඡුා කළේ ආචාර්ය නලින් ද සිල්වා විසින් රචිත මගේ ලෝකය නම් කෘතිය ම`ගිනි. එමෙන්ම ලොවේ සෑමවිටම සරළ දේ සංකීර්ණ දේ බවට පරිනාමය වේ යන්න මත පදනම් වූ ඩාවින්ගේ පරිනාමවාදය, ටොර්ගට්ගේ සංවර්ධන නියාමය, හෙගල්ගේ දසලෙක්තිකය, මාක්ස්ගේ සමාජ සංවර්ධන නියාමය හා ගෝරිකින්ග් ගේ විශ්වය ප්‍රසාරණය වීමේ න්‍යාය යන සියල්ල විද්‍යාවන් ලෙස ප්‍රකාශ කෙරුණ ද බයිබලයේ එන උත්පත්තිය කථාව හා ලෝකය නිසි සැළැස්මකට තැනී ඇතැයි යන ඇක්වයිනාස්ගේ කියවීම නිසා උපන් අදහස් බව සාපේක්ෂා හෙළි කරයි.
පශ්චාත් නූතනවාදී අදහස් ගොන්නට වැටෙනා ෆුකෝගේ හා ඩෙරීඩාගේ විසංයෝජනය පිළිබඳ සිද්ධාන්තය ද, බටහිර යූරෝකේන්ද්රීය අදහස්වල ඉතිහාසය විමසීම ද සාපේක්ෂා සාකච්ඡුා කර ඇත.
ලොවේ පරම වූ බ්‍රහ්මයෙකු, දෙවියෙකු, ආත්මයෙකු, විඥාණයෙකු හෝ වාස්තවිත යථාර්තයක් ඇතැයි යන විශ්වාසයන් සියල්ල සාරතාවාදයන්ගේ විවිධ කියවීම් ලෙස විස්තර කරනා සාපේක්ෂා, අනාත්මවාදී, අසාරතාවාදී, ශුන්‍යවාදී දර්ශනයන් සාපේක්ෂක දර්ශන ලෙස විස්තර කරයි. ඒ හා සම`ගම සාපේක්ෂක දර්ශනය එදිනෙදා ජීවිතයට හා දේශපාලනයට යොදාගන්නා ආකාරය ද සංක්ෂිප්තව සාකච්ඡුා කර ඇත.
 |
|
|
| |
|
කාලය සහ අවකාශය (විද්‍යාත්මක)
01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34
|
| |
| |
|
|
 |
| |
|