ඉදිරි දැක්ම (සිංහල / 2010)




ප‍ටිසෝතගාමීව තිස් වසක් (සිංහල / 2009)
පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියන් විසින් පටිසෝතගමීව තිස් වසක් කෘතියට ලියන ලද පෙරවදනෙන්...

පාඨලී චම්පික රණවක නාමය ගත්කළ පලොල් ශාකයත් (පාඨලී) සපු (චම්පික) ශාකයත් අපට සිහියට නැෙ`ග්. ඒ ශාක දෙකම මහා වෘක්ෂයන් ලෙස, අතීත බුදුවරයාණන්ට සෙවණ ලබාදුන් බෝධීන් වේ. පාඨලී චම්පික නම් තරුණ වෘක්ෂය සිංහල භික්ෂු පරපුරට සෙවණ ලබාදුන්, ලබාදෙන වෘක්ෂයකි. එය මහා වෘක්ෂයක් වී රටටම සෙවණ ලබාදෙන වෘක්ෂ රාජයෙක් වේවා යන්නය අපේ අවංක පැතුමයි.

සිංහ ප‍්‍රහාරය (Charge of The Lion Brigade - ඉංග්‍රීසි / 2009)
ශ‍්‍රීලංකා ආරක්ෂක හමුදා කොටි සංවිධානය අරභයා ලබාගත් ජයග‍්‍රහණය ශ‍්‍රීලංකාවේ පමණක් නොව ලෝක යුද ඉතිහාසයට ද එක්විය යුතු අති විශිෂ්ඨ සිදුවීමකි. ලැබූ යුද ජය පිළිබඳ වර්ණනා මිස නිසි විග‍්‍රහයක් හා ෙසෙද්ධාන්තික ඉදිරිපත් කිරීමක් නොවීය. මේ නිසා ඒ පිළිබඳව ලෝක මට්ටමෙන් මෙන්ම ජාතික මට්ටමෙන් සිදුකළ විශ්ලේෂණයක් ලෙස මේ කෘතිය හඳුන්වමි.

හරිත අරුණ (Towards a New Green Era - සිංහල සහ ඉංග්‍රීසි / 2008)
පරිසර අමාත්‍යවරයා වීමෙන් පසු දේශගුණ විපර්යාස පිළිබඳ බොහෝ ජාතික ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වී ඇති අතර, එහිදී මට හැගී ගියේ අපේ රටේ බොහෝ විද්වතුනට මෙන්ම විදේශගත බොහෝ විද්වතුනට ද තිරසාර සංවර්ධනය - හරිත ආර්ථිකය ආදිය ගැන නිශ්චිත අදහස් නැති බවය. ඇතැමුනට ජ්‍යමාත‍්‍ර අදහසක් හෝ නැති බවය. ඇතැමුන් හරිත ආර්ථිකය පවතින කෘෂ්ණ ආර්ථිකයේ (කාබන් පදනම් කරගත්* ඌණපූර්නයක් ලෙස සලකන බවය. මේ නිසා මේ පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් අවශ්‍ය බව හැ`ගුණු නිසා මේ කෘතිය නිකුත් කළෙමි. එය මේ පිළිබඳ උනන්දුවක් දක්වන විශේෂයෙන් ජාත්‍යන්තර තලයේ ඒ පිළිබඳව ක‍්‍රියාකාරීවන බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තෝය. අප විසින් නිර්මාණය කරනු ලැබූ ”තිරසාර සංවර්ධන දර්ශකය” ගෙනයෑමත් ලෝකයාට අවශ්‍ය සුසුමදර්ශයේ, ලෝක දැක්මේ වෙනස වටහාදීමෙන් මෙහි ප‍්‍රාථමික අරමුණ විය.

සිංහල සංස්කරණය
ඉංග්‍රීසි සංස්කරණය

අල් ජිහාද් - අල් කයිදා (සිංහල / 2003)
අල් ජිහාද් - අල් කයිදා ලියැවුණේ ඔසාමා බින්ලාදන් විසින්, එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර ලෝකයට එල්ල කළ ත‍්‍රස්ත අභියෝගයේ සැබෑ ස්වරූපය පෙන්නා දීම සඳහාය. බටහිර ලෝකයේ අමනුස්ස වැඩ පිළිවෙල පිළිබඳව කලකිරීමෙන් වෙසෙනා ඇතැම් පිරිස් බින්ලාදන් හෝ ඉස්ලාම් මූලධර්මවාදය හෝ එයට පහර දෙන්නේ නම් මැනවැයි කියා සිතති. මේ නිසා ඉස්ලාම් මූලධර්මවාදය අතීතයේ සිට වර්ධනය වූ ආකාරය, සුන්නි - ෂියා නිකායන් වෙන්වීම හා පසුව ඔවුන් අතර, ඇති වූ ගැටුම් විවිධ රටවල ඉස්ලාම් මූලධර්මවාදයේ ක‍්‍රියාකාරීත්වය පැතිරී ගිය අයුරු ඊශ‍්‍රායෙල් - පලස්තීන ගැටුමේ ඉතිහාසය, ඇෆ්ගනිස්තානයේ අතීතයේ සිට පැවැති ගැටුම් කොමියුනිස්ට්වාදය හා බටහිර ලෝකය අතර, ගැටුමකට පරිවර්තනය වූ අයුරු, ඉරාකයේ හා ඉරානයේ ගැටුම් හා ඓතිහාසික දායකත්වය, තලිබාන් හා අල්කයිදා බිහිවූ අයුරු, ඉන්දියාව දෙකඩවීම හා දකුණු ආසියානු, නැගෙනහිර ආසියානු රටවල ඉස්ලාම් මූලධර්මවාදයේ ව්‍යාප්තිය, විශේෂයෙන් ලංකාවේ මුස්ලිම් ජනයාගේ කෙටි ඉතිහාසය හා 1986 සිට වර්ධනය වන ඉස්ලාම් මූලධර්මවාදී නිකායන් පක්ෂය හා සන්නද්ධ ව්‍යාපාරයන් පිළිබඳව තොරතුරු එහි දක්වා ඇත. මධ්‍යස්ත මුස්ලිම් ජනතාවට සෙසු ජන කණ්ඩායම් සහාය නොදුනහොත් දෙමළ ප‍්‍රජාව අතර, සිදුවූවා සේ තරුණ ජීවිත බිලිගත හැකි තත්ත්වයක් ඇතිවිය හැකි ආකාරය ද පැහැදිලි කර ඇත්තෙමි. එමෙන්ම ඉන්දියාවේ මුස්ලිම් ප‍්‍රභූ නායකයින් ඉන්දියාව බෙදීමට නිදහසට පෙර උත්සාහ කරත් දී ලංකික මුස්ලිම් ප‍්‍රභූ නායකයින් සිංහලයින් සම`ග එක්සත් වීමට දැරූ ප‍්‍රශංසනීය උත්සාහය ද විස්තර කර ඇත. මෙය ඇතැම් අන්තවාදී කල්ලිවලට විෂ සහගත වූවත් බොහෝ මධ්‍යස්ථ මුස්ලිම්වරුන් ඒ සඳහා මට ප‍්‍රශංසා කර ඇත.


නැගෙනහිර සිංහල උරුමය (සිංහල / 2002)
මුලින්ම නැගෙනහිර පළාත දෙමළ නිජ භූමියේ කොටසක් ලෙස දේශපාලනික ලෙස, ප‍්‍රකාශ කෙරුණේ 1925 දී පිහිටුවනු ලැබූ ලංකාවේ පළමුවැනි ජාතිවාදී පක්ෂයවන දෙමළ මහජන සභාව විසිනි. 1949 දී දෙමල රාජ්‍ය පක්ෂය පිහිටුවූ විට දමෙළ ජනයා වෙනම ජාතියකි. මෑත කාලීන ලෙස ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ පිහිටුවීම සඳහා වූ ස්වයං නීර්ණය අයිතිය ඇත. ඔවුනගේ ඓතිහාසික රාජ්‍යය හා නිජබිම පිහිටා ඇත්තේ ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙපළාතේය යන ප‍්‍රවාදය ඉදිරිපත් කරනු ලැබීය. දෙමළ බෙදුම්වාදය ව්‍යාප්ත වූයේ එතැණිනි. පසුව ඇති වූ ජාතිවාදී ත‍්‍රස්තවාදයේ දී තමිල් ඊලාමයේ අගනුවර ලෙස ත‍්‍රිමලය ද, ඉඩම්, සයුර හා වෙනත් ස්වභාව සම්පත් සඳහා නැගෙනහිර පළාත තමනට තදින් අවශ්‍ය බව ත‍්‍රස්තවාදීන් ද දෙමළ ජාතිවාදීන් ද එක හ`ඩින් කියන්නට වූහ. ඒ අනුව යමින් නැගෙනහිර සිංහල හා මුස්ලිම් සංහාරයන් කරන්නට ඉදිරිපත් වූහ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දු - ලංකා ගිවිසුම යටතේ උතුරු හා නැගෙනහිර දෙපළාත එක්කළ අතර, එය නීත්‍යානූකුල ලෙස වෙන්කිරීම සඳහා වන නීතිමය හා දේශපාලන උද්ඝෝෂණය සඳහා මේ කෘතිය ලියැවිනි.

කොටි පුල්ලි (Stripes of Tiger - ඉංග්‍රීසි / 2000)
කොටින්ට එරෙහි ජාත්‍යන්තර ජනමතය ඇතිකිරීම සඳහා මුලින්ම පියවර ගත්තේ ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයයි. ඒ සඳහා වූ මුල්ම වෙබ් අඩවිය හා සයිබර් අවකාශයේ වූ සබඳතා ජාලය ගොඩනැංවූයේ ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාර විසිනි. විවිධ ජාත්‍යන්තර සමුළු පවත්වමින් විදේශගත ශ‍්‍රීලාංකිකයන් ද විවිධ බුද්ධිමතුන් ද එයට ඈඳා ගන්නා ලදි. එවැනි එක් වෑයමක් ලෙසයි මා විසින්, සංස්කරණය කළ විද්වතුනගේ පත‍්‍රිකා කීපයක් කෘතියක් ලෙස ීඑරසචැි දෙ ඔසටැර නමින් නිකුත් වූයේ. එමගින් ත‍්‍රස්තවාදයේ උපාමං හා ක‍්‍රියාමාර්ග, ත‍්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ජාලය, ඔවුනගේ ඉතිහාසය ආදී මාතෘකා ගණනාවක් ඔස්සේ විද්වත් මතය විවිධ වේදිකා තුළ මතුකරනා ලදි.

ත්‍රස්ත විරෝධී ජාතික සැලැස්ම (The way to defeat the Tiger - සිංහල සහ ඉංග්‍රීසි / 1999)
1998 දී ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය බිහිවීමෙන් පසු අප සියළුදෙනාට පෙනීගියේ විශාල වශයෙන් හමුදාවේ සේවයේ නැයැළුනු හා නියුතු වූ ජ්‍යෙෂ්ඨ - කනිෂ්ඨ නිලධාරින් රැුසක් එය හා එක්වීමය. ඔවුන් ත‍්‍රස්ත විරෝධි සංග‍්‍රාමය පිළිබඳ යුද උපක‍්‍රමවල සිට දේශපාලන උපක‍්‍රම දක්වා විවිධ හේතූන් අපහට පෙන්වා දුන්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස යුද - දේශපාලනික සැළැස්මක් තැනීමට මම ක‍්‍රියා කළෙමි. එහි සංයුක්ත සංකල්පය එවකට පසු ආණ්ඩුවට ඉදිරිපත් කළ ද එය ක‍්‍රියාත්මක නොවූ නිසා ප‍්‍රසිද්ධියට පත්කළ හැකි කරුණු ප‍්‍රසිද්ධියට පත් කළෙමු. (1999 අප‍්‍රියෙල්* ත‍්‍රස් විරෝධී ජාතික සැළැස්ම නම් වූ එයට
  • ජාතියට යුද අරමුණක්
  • රණබිමට වැඩියෙන් සෙබළු මුළු
  • රණවිරුවන් වඩා හොඳ අවි ආයුධ
  • යුදයට පදනම් වූ ජාතික ආර්ථිකයක්
  • කොටි ත‍්‍රස්තවාදයට එරෙහි ලෝක මතයක්

කොටි විනිවිදීම 1 සහ 2(සිංහල / 1999(1), 2006(2))

කොටි විනිවිදීම මා විසින් රචනා කළ වැඩිම අළෙවියක් ලබාගත් මුද්‍රණ වාර කීපයක් සිදුකළ කෘතියකි. එය කොටි ත‍්‍රස්තවාදයට එරෙහි වූ බොහෝ දෙනෙකුගේ අත්පොතක් විය. කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ගොඩනැංවීමට (1998 මාර්තු* අපි ක‍්‍රියා කළේ විධිමත් ත‍්‍රස්ත විරෝධී සංවිධානයක් පුළුල් මහජන පෙරමුණත් අවශ්‍ය වූ නිසාය. කොටි ත‍්‍රස්තවාදයට එරෙහි විවිධ පෙරමුණු සංවිධාන තිබුණ ද ඒවා හුදු පුද්ගල එකතුවන් මිස ජනතාව එක්කර ත‍්‍රස්තවාදය පැරැුදවීම සඳහා සමාජය ද, ආණ්ඩුව ද මෙහෙයවන ආයතන නොවීය. පිරිස සංවිධානයේ දී මා හට පෙනීගියේ තරුණ නව ක‍්‍රියාකාරීකයන් සඳහා කොටි ත‍්‍රස්තවාදයේ බිහිවීම, ව්‍යාප්තිය හා එය පරදවන්නේ කෙසේ ද යන්න ගැන පුළුල් මතවාදී විස්තරයක් අවශ්‍ය බවය. අනෙක් අතින් 1995-2000 වකවානුවේ එවකට වූ චන්ද්‍රිකා ආණ්ඩුව විසින්, දියත් කළ සුදුනෙළුම - තවලම ආදී ව්‍යාපාර විසින් සිංහල ජනමනස බොහෝ දුරට අවුල්කර තිබිණි. සිංහල ජනමනසට නිවරදි තොරතුරු ලබා දෙන්නත්, කොටි සංවිධානය හඳුනාගන්නත්, එයට රැුහැනිව සංවිධානය වන්නටත් කොටි විනිවිදීම අතිශයින් ප‍්‍රයෝජනවත් විය.


සාපේක්ෂා (සිංහල / 1995)
සාපේක්ෂා දාර්ශනික කෘතියකි. ලොව විවිධ දර්ශන අතර, සාපේක්ෂතාවාදයට හිමිතැන හා එහි වැදගත්කම පැහැදිලි කිරීම එකී කෘතියේ මූලික අරමුණ විය. එමෙන්ම ජාතිකවාදය, ආගමික පදනම්, භෞතික වාදය, නූතන විද්‍යාව, නූතනවාදී බටහිර දර්ශනවාද, ලිබරල්වාදය, මාක්ස්වාදී, කොමියුනිස්ට් වාදය වැනි දේශපාලන ආර්ථිකවාදයන්, පශ්චාත් නූතනවාදී යැයි කියනා දර්ශනවාද, පරිසරවාදී චන්තන රටා හා ප‍්‍රවාදයන්, බුදු දහම ආදී විවිධ දර්ශනයන් සම`ග සාපේක්ෂතාවාදය සම විසම වන අයුරු සාකච්ඡුා කිරීමේ කෘතියේ අරමුණ විය.


 

ක්වන්ටම් යථාර්තය (සිංහල / විද්‍යාත්මක)
ක්වන්ටම් යථාර්තය නම් ලිපිය මා විසින් ඉදිරිපත් කළේ මහනුවර දී පැවැත්වුණු විද්වත් සම්මන්ත‍්‍රණයක් සඳහාය. එහි දී ඉදිරිපත් වූ පත‍්‍රිකා පසුව මහාචාර්ය අර්ජුන සොයිසා සම`ග එක්වී සංස්කරණය කර ඊැහදබා එයැ ඵැඒචයහිසජි දෙ ක්‍දපපදබ ීැබිැ නම් කෘතියක් ම`ගින් නිකුත් කරනා ලදි. එම`ගින් භෞතික විද්‍යාවේ ඉහළ ක්ෂේත‍්‍රයක් වන අංශු භෞතික විද්‍යාවේ :ඡු්රඑසජකැ ඡුයහිසජි* එන මූලික ගැටළුව එනම් පරමාණුක අංශුවල පැවැත්ම හා යථාර්තය පිළිබඳ ගැටළුව හා ක්ෂුද්‍ර අංශු විටෙක අවකාශයේ නිශ්චිත ඉඩක් ගන්නා ස්වාධීන අංශුවක් ලෙස ද විටෙක පැතිරී ගිය එකිනෙක හා බැඳුණු තරංගයක් ලෙස ද හැසිරීම පිළිබඳව වූ අංශු - තරංග වාදය ඉතා තියුණු දාර්ශනික ගැටුම්වලට තුඩු දුන්නේය. මෙය අවසානයේ ගුරුකුල දෙකක් අතර, එනම් අයින්ස්ටයින් - ෂුඞ්න්ගර් හා නීල්ස් බෝර් - හයිසන්බර්ග් අතර, තියුණු මත ගැටුමක් බවට පත්විය. එහිදී යථාර්තය යනු කුමක් ද? එය අපේ මිණුම් උපකරණ, අපේ ඉන්ද්‍රීයන්, අපේ නිරීක්ෂණය, අපේ මනස, අපේ සමාජ විඥාණය ආදිය නිසා ව්‍යුත්පන්න වන දෙයක් ද නැතිනම් එය ඒවායින් ස්වාධීන ද යන ගැටළුව එහිදී සාකච්ඡුා විය. එකී සාකච්ඡුාවත් ඒ සඳහා ඇති වූ පූර්ව සූදානමක් ගැන උසස් පෙළ හා උපාධි අපේක්ෂකයින් ඉලක්ක කරගෙන ”විදුසර” ස`ගරාවට අයින්ටයින්ගේ සාපේක්ෂතාවාදය, බෝර්ගේ අංශුවාදී අදහස් කෝපන්හේගන් කියවීම, පරමාණුක බෝම්බය නිපැයීම ආදිය පිළිබඳ ලිපි මාලාවක් සැපයිමි. පසුව එය ”ක්වන්ටාවක නිවන”නමින් කෘතියක් ලෙස නිකුත් කිරීමට සියලූ කටයුතු යොදා තිබුන ද එය ඉටු නොවීය. විවාත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරූ පීඨ සිසුනගේ ප‍්‍රයෝජනය සඳහා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය, ක්වන්ටම් යාන්ත‍්‍රණයේ මූල ධර්ම හා වියවුල් සිද්ධාන්තය - භාහික ජ්‍යාමිතිය ආදී විෂයයන් පිළිබඳ සිද්ධාන්තික අත්පොත් සඳහා ලියැවිලි සකස් කළෙමි.

[අදාල ලිපිය කියවීම සදහා අංකය මත ක්ලික් කරන්න]

01,  02,  03,  04,  05,  06,  07,  08,  09,  10,  11,  12,  13,  14,  15,  16,  17,  18,  19
20,  21,  22,  23,  24,  25,  26,   27,  28,  29,  30,  31,  32,  33,  34


අමු සොහොනක විලංගු ලා...(සිංහල / දේශපාලන)


[අදාල ලිපිය කියවීම සදහා අංකය මත ක්ලික් කරන්න]

01,  02,  03,  04,  05,  06,  07,  08,  09,  10,  11,  12,  13,  14,  15,  16,  17