• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..
Champika Ranawaka

අපි සමගි ජන බලවේගය 

2015 දී පරදවන ලද දූෂිත පවුල් පාලනය යළිත් ගොඩනැගෙමින් තිබේ. එය පරාජය නොකළහොත් රාජපක්ෂ පවුලට සුපුරුදු නාස්තිය, දූෂණය හා අත්තනෝමතිකත්වය විසින් මේ රට මහා ව්‍යසනයකට ඇද දමනු නියතය.

එහෙයින් එය පැරදවිය යුතුය. එසේම එය පැරදවිය හැකිය.
2015 දී අප සියලු දෙනා එකට එක්සත්ව පරාජය කරනු ලැබුවේ මහා බලසම්පන්න යැයි කියූ, සදාකල්හිම බලයේ සිටිතැයි කියූ ආණ්ඩුවක් බව අමතක නොකළ යුතු වෙමු. එසේම එදා මහින්ද රාජපක්ෂගේ රජය පිරිහීම ආරම්භ වීමට වසර ගණනාවක් ගත කළත්, මේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ගත වූ කෙටි කාලය ඇතුලතම තම නොහැකියාව, අවුල්සහගතබව සහ අකාර්යක්ෂමතාව ඔප්පු කොට හමාරය. එහෙයින්, මේ රටේ නියම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය ලෙස අප නිවැරදිව, ශක්තිමත්ව හා නැවුම්ව ගොඩ නැගුනොත්, එදා මෙන්ම මේ රජය මෙවරද ගෙදර යැවීම දුෂ්කර දෙයක් නොවේ. මේ මොහොතේදී අප තේරුම් ගත යුතු සත්‍යය එයයි.

නමුත් ඒ සඳහා අපට අලුත් සහ ශක්තිමත් ආරම්භයක් අත්‍යවශ්‍යය. මෙය අපේ පැත්තේම සිටින පැරණි, දූෂිත සහ ගතානුගතික කණ්ඩායම් සමග කළ හැක්කක් නොවේ. ඇත්තෙන්ම අප පැරදුනේම ඔවුන් නිසාය. 2015 දී ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය වසර කිහිපයක් තුළ දෙදරා යාමට මහබැංකු වංචාව සහ ඩීල් දේශපාලනය වැනි ඔවුන්ගේ අවිචාරවත් ක්‍රියාකාරකම් හේතු විය. එහෙයින් අලුත් නායකත්වයක් සහ අලුත් වැඩපිළිවෙලක් මත නිර්මාණය වන අලුත් මහජන බලවේගයක් නිසැකවම අවශ්‍යය. සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය ගොඩ නැගී ඇත්තේ ඒ සඳහාය.

එක් අතකින්, බෝඩ්ලෑලි කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂයේ හිසත්, හදවතත්, පක්ෂයේ මුළුමහත් සාමාජිකත්වයත් ඇත්තේ මෙතැනය. අනෙක් අතට, අත්තනෝමතිකත්වයට සහ දූෂණයට එරෙහි, එමෙන්ම රටට යහපත් හෙටක් සැදීමේ අභිලාෂයෙන් මැඩුණු, පක්ෂවලට තදින් නොබැඳුනු මැදහත් ඡන්දදායකයා බලාපොරොත්තු වන වෙනස ඇත්තේද මෙතැනය. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තැනය; මේ වංචාවට සහ දූෂණයට විරුද්ධ තැනය; මේ අලුත් මිනිසුන්ගේ තැනය; මේ දෙපැත්තේම සිටින පැරණි, දූෂිත, ගතානුගතික බලවේග පරදවා අලුත්, යහපත් රටක් හෙට දින ගොඩනගන තැනය. මේ ඔබේ තැනය.
අපි සමගිව, එකට එක්ව ජයගනිමු.

මම පාඨලී චම්පික රණවක

මේ මහමැතිවරණයට මා ඉදිරිපත්වන්නේ මා සතු යුතුකම් සහ වගකීම් ඉටුකළ එසේම පසුගිය මහමැතිවරණයේදී ඔබ මට දුන් ඡන්දයට වටිනාකමක් හා ගරුත්වයක් ලබා දුන් කෙනෙකු ලෙසට වූ ආත්ම තෘප්තියෙන් යුතුවය.

මා දේශපාලනයේ මෙතෙක් දුර පැමිණ ඇත්තේ පවුල් උරුමයේ හෝ අයුතු ධන බලයේ අනුහසින් නොව කුසලතාවයේ හා ප්‍රතිපත්තිගරුකභාවයේ පිහිටෙනි. දේශපාලනයට පිවිසි දා පටන්ම මාගේ අධිෂ්ඨානය වූයේ සාධාරණ හා යුක්තිසහගත සමාජයක් සහ ශක්තිමත් හා සමෘද්ධිමත් රටක් ගොඩනැගීමය. ඒ වෙනුවෙන් අනේකවිධ කැපකිරීම් කළෙමි; දුක්ගැහැට වින්දෙමි. අතිබහුතරයක් දෙනා වැරැද්ද, නිවැරැද්ද ලෙස ගෙන කටයුතු කරත්දී, නිවැරැද්ද වෙනුවෙන්ම තිරව පෙනී සිටිමින් ඒ නිවැරදි ප්‍රතිපත්තීන් සහ බලවේග ජයග්‍රහණය කරවීමට කටයුතු කළෙමි.

දේශපාලනයේදී අපට හැමවිටම මග පෙන්වූයේ ප්‍රතිපත්තිගරුකභාවය සහ අවංකභාවයයි. ත්‍රස්තවාදය යුද්ධයෙන්ම පරාජය කළ යුතුයැයි කිසිවෙකුත් නොකියන කාලයක, ඒ බව නොබියව කීවෙමු. එසේම, යුද්ධය අවසන් වූ පසුව, අවසන් වූ යුද්ධයට මුවා වෙමින් මහා ආර්ථික ඝාතනයක සහ මංකොල්ලයක යෙදෙන්නට වූ විට ඒ බව පෙන්වා දෙන්නටත්, ඊට එරෙහිව කටයුතු කරන්නටත්, අවසානයේදී ඒ අත්තනෝමතික, පවුල් පාලනය පරාජය කරන්නටත් කටයුතු කළෙමු.

එසේම දොළොස් වසක් තිස්සේ ඉතා බලගතු අමාත්‍යධූර කිහිපයක්ම දැරුවත්, කිසිදු දිනක කිසිදු වංචාවක හෝ දූෂණයක නොයෙදෙන්නට අපි වග බලා ගත්තෙමු. අදටත් අපට ඍජුව, නිර්භයව සහ ස්වාධීනව කටයුතු කරන්නට හැකියාව ලැබී ඇත්තේ ඒ පිරිසිදුභාවය නිසාමය.

එසේම, එදා මෙදාතුර අප වගකීම දැරූ සෑම ආයතනයක්ම නිර්මාණශීලීව සහ කාර්යක්ෂමව මෙහෙයවමින් ඒවා මූල්‍ය අර්බුදවලින් ගලවාගෙන, ලාභ උපයන, රටට ණය නැති ආදර්ශ සම්පන්න ආයතන  බවට පත්කිරීමට අපට හැකිවිය.
ඒ අයුරින්ම 2015 අගෝස්තුවේදී ඔබ මා හට ලබා දුන් ජනවරමටද මම උපරිම සාධාරණත්වය ඉටු කළෙමි. ඔබව අගෞරවයට හෝ ලැජ්ජාවට පත්වන කටයුතු කිසිවක් සිදු නොකළෙමි. එහෙයින් තවත් ජනවරමක් සඳහා ඔබ ඉදිරියට නොපැකිලව පැමිණීමේ හැකියාව මා සතු යැයි විශ්වාස කරමි.  

එසේම අනාගතයේ අප ඉදිරිපිට ඇති අභියෝගය හා කාර්යභාරය පිළිබඳවද අප දැනුවත්ය. රාජපක්ෂලාගේ අත්තනෝමතික, දූෂිත සහ ව්‍යසනකාරී පවුල් පාලනය ඉදිරියේ නොසැලී, නොනැමී ඍජුව සිටගැනීමේ හා සටන් කිරීමේ ශක්තියද, ඒ අධිෂ්ඨානයද මා සතු බව ඔබ හොඳින්ම දන්නා බව මම දනිමි.

මේ අප සමගිව එකට එක්ව ජය ගත යුතු සටනකි.
ඒ සඳහා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය මේ තාක් සුරැකි අයුරින්ම හෙටද ඔබගේ ගෞරවය සහ විශ්වාසය සුරකිමි.  

  • ඇමතිවරයා සහ පරිපාලකයා

    ඇමතිවරයා සහ පරිපාලකයා

    පාඨලී චම්පික යනු මේ රටේ මෙතෙක් බිහි වූ සාර්ථකම ඇමතිවරුන්ගෙන් කෙනෙකු වේය යන්න අවිවාදිතය. ඔහු තමන් යටතට පත් සෑම ආයතනයක්ම නිර්මාණශීලීව සහ කාර්යක්ෂමව මෙහෙයවා ඒවා මූල්‍ය අර්බුදවලින් ගලවාගෙන, ඒවා ලාභ උපයන, ජනතාවට ඉහලම සේවයක් සපයන සහ ජාතික සංවර්ධනයට උරදෙන ආයතන බවට පත් කළේය.

  • ලේඛකයා..

    ලේඛකයා..

    සිය අදහස් හා ප්‍රතිපත්තීන් මහජන සංවාදයට පාත්‍ර කිරීම සඳහා වූ නිර්භීතභාවය සහ කැපවීම කවදත් පාඨලී චම්පික තුළ දැකිය හැකි වූ ලක්ෂණයකි. ඒ සඳහා ඔහු පොත් රාශියක්ද, ලිපි දහස් ගණනක්ද ලියා පල කර ඇත. දේශපාලනය, ජාතිකවාදය, සංවර්ධනය, පරිසරය හා බලශක්තිය වැනි ක්ෂේත්‍ර ගණනාවකට ඔහු සිය බුද්ධිමය දායකත්වය දක්වා තිබේ.

  • ප්‍රතිපත්ති සම්පාදකයා..

    ප්‍රතිපත්ති සම්පාදකයා..

    පාඨලී චම්පික හුදු විවේචකයෙකු නොව රට නව දිශාවකට යොමු කළ ප්‍රතිපත්ති සම්පාදකයෙකි. එහිලා දැකිය හැකි විශේෂත්වය නම් දේශීයත්වය, නවීනත්වය සමග මුසු කිරීමටත්, විද්‍යාත්මක දැනුම, ප්‍රායෝගිකත්වය සහ නිර්මාණශීලීත්වය සමග මුසු කිරීමටත් ඔහු සතු නිසඟ හැකියාවයි. පංච බල කේන්ද්‍රය, නවෝත්පාදනය වැනි සංකල්ප බොහොමයක් මෙරටට හඳුන්වා දුන්නේ ඔහු විසිනි.

  • දේශමාමකයා...

    දේශමාමකයා…

    ඔහුගේ දේශපාලන දිවිය පුරා ඇති නොමැකෙන සලකුණ නම් දේශමාමකත්වයයි. කලෙක ඔහු රට බෙදන වෑයමට එරෙහිව සටන් කළේය. පසු කලෙක රටෙහි ධනය සොරකම් කරන, එය විනාශය කරා ඇද දමන පවුල් පාලනයට එරෙහිව සටන් කළේය. අද ඔහු වෑයම් කරන්නේ තම මව්බිම ශක්තිමත් හා සමෘද්ධිමත් රටක් බවට පත් කිරීමටයි.

  • වෘත්තීයවේදියා සහ බුද්ධිමතා

    වෘත්තීයවේදියා සහ බුද්ධිමතා

    විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස පුහුණුව ලැබූ පාඨලී චම්පික පසුව විවෘත විශ්වවිද්‍යාලයේ උපදේශකයෙකු ලෙසද සේවය කළේය. ඊට අමතරව ඔහු විවිධ විෂයයන් ගැඹුරු කියවීමකද, නිරන්තර සංවාදයකද නිරත වෙයි. ඔහුගේ ජීවිතය සහ දර්ශනය හැඩ ගැසීමට ඒ වෘත්තීය පසුබිමත්, දැනුම් පිපාසාවත් බෙහෙවින්ම ඉවහල් වී ඇත.