• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

“කොරෝනා අර්බුදය පාලනයට රජය සහ සෞඛ්‍ය අංශ ගන්නා සෑම පියවරක් සඳහාම කොන්දේසි විරහිතව සහය දෙන්න අපි සූදානම්” – පාඨලී චම්පික රණවක

telephone x 1

“කොරෝනා අර්බුදය පාලනයට රජය සහ සෞඛ්‍ය අංශ ගන්නා සෑම පියවරක් සඳහාම කොන්දේසි විරහිතව සහය දෙන්න අපි සූදානම්” – පාඨලී චම්පික රණවක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

• දේශපාලනය, පක්ෂ හා මහ මැතිවරණයට වඩා ජනතාවගේ ජීවිත ආරක්ෂාවට ප්‍රමුඛතාවය දිය යුතුයි.
• මාධ්‍ය සංදර්ශනවලින් මෙම අර්බුදය පාලනය කළ නොහැකියි.
• කොරෝනා වලට මුවාවී රජය ව්‍යවස්ථා විරෝධී ලෙස චක්‍රලේඛ නිකුත් කරයි.
• අවශ්‍ය නම්, මේ අවස්ථාවේ රජය අඩපණ නොවී පවත්වාගෙන යාමට පැරණි පාර්ලිමේන්තුව සහ අයවැය අනුමත කරදීමට අප සූදානම්.
• මෙම අර්බුදය පාලනයට විසඳුම් සෙවිය යුත්තේ දේශපාලකයින් නොව, විශේෂඥ දැනුම සහිත සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසිනුයි.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වර්තමානයේ රට මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම අත්‍යාවශ්‍ය බවත්, පක්ෂ දේශපාලනය හෝ මහ මැතිවරණයට වඩා රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම හා සෞඛ්‍යසම්පන්න භාවය ඉහළින් තැබීමට කටයුතු කළ යුතු බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී. ඒ වෙනුවෙන් රජය හා සෞඛ්‍ය අංශ බලධාරීන් ගන්නා ඕනෑම පියවරක් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය ලබාදීමට සූදානම් බව ද ඒ මහතා සඳහන් කර සිටී. හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රට මුහුණ පා තිබෙන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (16) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

මෙම අර්බුදය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය දෙයක්. ඒ නිසා පක්ෂ දේශපාලනය, දේශපාලන අරගල හෝ මහ මැතිවරණය යන සියල්ලට ඉහළින් අපි අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම, රටේ ජනතාවගේ සෞඛ්‍යසම්පන්න භාවය ඉහළින් තබන්න කටයුතු කළ යුතුයි. ආණ්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් විසින් අර ගන්නා සෑම සෞඛ්‍ය ආරක්ෂණ වැඩ වැඩ පිළිවෙලකටම, නිරෝධායන වැඩපිළිවෙලකටම කොන්දේසි විරහිතව අපගේ සහයෝගය ලබාදෙන්න අපි සූදානම්.

ඊයේ(15) දිනය වනවිට යුරෝපයේ පමණක් 500 කට අධික පිරිසක් මෙම වසංගතය නිසා මරණයට පත්වුණා. අද වන විට මෙම වසංගතය ප්‍රධාන වශයෙන් චීනයෙන් යුරෝපයට මාරු වෙලා තියෙනවා. දැන් මේ වන විට රටවල් තුනෙන් දෙකකට මේක පැතිරිලා ගිහින් තියෙනවා. මෙම රෝගය ව්‍යාප්ත නොවුණු අප්‍රිකාව වැනි රටවලත් අද මේ රෝගය ව්‍යාප්තවෙලා තියෙනවා. එම නිසා මෙම තත්ත්වයට අපි මුහුණදිය යුතුව තිබෙනවා. මේ වසංගත තත්ත්වය පිළිබඳ අවබෝධය ආවේ මීට මාස හතරකට පමණ පෙර, ඒ කියන්නෙ පසුගිය දෙසැම්බර් මාසේ. ජනවාරි වන විට මේක චීනෙන් පිටතට ව්‍යාප්ත වන පැහැදිළි වුණා. ඒ සම්බන්ධයෙන් මම මගේ පෞද්ගලික ෆේස්බුක් පිටුවේ සඳහන් කරමින් අනතුරු ඇඟවීමක් කළා.

අපේ ඇතැම් දේශපාලඥයින් මේක මාධ්‍ය සංදර්ශනයක් බවට පත් පරිවර්තනය කර ගත්තා. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා මාධ්‍ය සංදර්ශන පාවිච්චි කළා වගේ මේ සඳහාත් ඔවුන් මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා මිසක මෙම වෛරසය රටට පැමිණියහොත් ඊට මුහුණදෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කළේ නෑ.

මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් රජය යම් යම් නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී කටයුතු කරනවා. ඊට හොඳම උදාහරණයක් තමයි මුදල් ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් මුදල් ලේකම් එස් ආර් ආටිගල මහතා නිකුත් කළ 2020.03.10 චක්‍රලේඛනය. මේ චක්‍රලේඛනය සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී චක්‍රලේඛනයක්. අපි රජයේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ඒ වගේම රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ව්‍යවස්ථා විරෝධී නියෝගය නොතකා ක්‍රියා කරන ලෙස. ඒ වගේම අපි රජයෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ නියෝගය අවලංගු කරන්න.

රටේ ලොකු මූල්‍ය අර්බුදයක් තිබෙනවා. අප්‍රේල් මාසයේ සිට ඉදිරියට රටේ අවශ්‍යතා වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් මුදල් අනුමත කරගෙන සම්මත කරල නෑ. ඒ නිසා මුලු රජයම අඩපණ වෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි ලෑස්තියි පැරණි පාර්ලිමේන්තුව, ඒ අයවැය වගේම අවශ්‍ය දේවල අනුමත කරල දෙන්න. ඇත්තටම මේක සම්මත කර අනුමත කරල දෙන්න අපි බලාපොරොත්තු වුණා. නමුත් මේ වැරදි විවරණ සහ මේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා එක නැතිවෙලා ගියා. මේ අර්බුදයක් තියෙන අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ රජයට පීඩනයක් එල්ල කරන්න. නමුත් මේ දේවල් නීතියට අනුව ක්‍රියාත්මක කරන ලෙස අපි ජනාධිපතිතුමාට ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුව සහ නිලධාරීන්ට විශේෂයෙන්ම ප්‍රකාශ කර සිටිනවා.

මෙම වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරීන් විසින් කරන ලද ඒ ක්‍රියාදාමයට අපගේ පූර්ණ සහයෝගය ලබාදෙමින් දේශපාලන රැස්වීම්, පිරිස් ඒකරාශී කිරීම්, උත්සව සංවිධාන කිරීම් වැනි දෑ වලින් වැළකිලා ඉදිරි කාලයේදී කටයුතු කරන්න අපි ක්‍රියා කරනවා.

මෙම තත්ත්වය පාලනයට තීරණ ගත යුත්තේ දේශපාලනඥයෝ නොවෙයි. මේ පිළිබඳව තීරණ ගත යුත්තේ විශේෂඥ වෛද්‍යවරු හා මේ පිළිබඳව විශේෂඥභාවය සහිත සෞඛ්‍ය අමාත්‍යංශ සහ ඊට පරිබාහිරව විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ හා විශේෂයෙන්ම ජීව විද්‍යා අංශවල ඉන්න ඒ විශේෂඥයින්. ඔවුන් තමයි සංඛ්‍යාලේඛන දත්ත මත පදනම්ව එය තීරණය කළ යුත්තේ. ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන ඕනෑම නිරෝධායන ක්‍රියාවලියකට සහ අනිකුත් දේවල් වලට සෞඛ්‍ය බලධාරීන් නියම කරන දේවල් පිළිපදින්න අපි එකහෙලාම සූදානම්. විරෝධය නොතකා එම නිරෝධායන කටයුතුවලට අවනත වන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටිනා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මාධ්‍ය අංශය
2020.03.16

අදාළ වීඩියෝව පහළින්..

No photo description available.Image may contain: textImage may contain: text

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *