• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය.අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය.තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය.කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය.ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය.එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

කොවිඩ්-19 වසංගතයේ තීරක මාසය – අප්‍රේල්

telephone x 1

කොවිඩ්-19 වසංගතයේ තීරක මාසය – අප්‍රේල්

91779599_2614247328856769_6657434355180240896_o

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

කොවිඩ්-19 ගෝලීය ලෙස ව්‍යාප්තිය මේ වනවිට උග්‍ර වී ඇත. විශේෂයෙන්ම යුරෝපයත්, එක්සත් ජනපදයත් අද එහි ව්‍යාප්තියේ කේන්ද්‍ර බවට පත්වී ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේ ඉදිරි සති දෙක තීරනාත්මක බවයි. ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා ජනතාවක් ලොක් ඩවුන් තත්වයට යටතේ මිය යා හැකි බව තමනට දැනුම් දී ඇතැයි ඔහු පැවසුවේය. ලොක් ඩවුන් නොකලා නම් මිය යන පිරිස දශ ලක්ෂය ඉක්මවා යන හෙයින් මේ තත්වයද ජයග්‍රහණයක් ලෙස තමාට දැනෙන්නේ යැයි ඔහු පැවසීය. ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයාව මේ වනව විට ධරුණු විවේචනයකට ලක්ව ඇත.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කොවිඩ් වසංගතය දෙවන ලෝක මහා සංග්‍රාමයට සමාන කළේය. ලෝකය සිය දල ජාතික නිෂ්පාදිතයෙන් 10% ක් වසංගතය මැඩ පැවැත්වීම සඳහා වැයකළ යුතු බවද ප්‍රකාශ කළේය. දැනට එසේ කර ඇත්තේ එක්සත් ජනපදය, සිංගප්පූරුව හා ජර්මනිය වැනි රටවල් කිහිපයක් පමණි.

ලෝක ඉතිහාසය දෙස බලන විට පසුගිය වසර 500 ක පමණ කාලය තුළ බලගතු වසංගත ගණනාවක් ඇතිවී ඇත. 14 වැනි සියවසේ ඇතිවූ කෘෂ්ණ වසංගතය නිසා අඩු තරමින් මිලියන 50-100 ක් අතර ප්‍රමාණයක් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. යුරෝපයේ සිදුවූ මොන්ගෝලියානු ආක්‍රමණයද ඒ සමගම මිය ගියේය. ඊළඟට 16 වැනි ශතවර්ෂයේදී පෘතුගීසි හා ස්පාඤ්ඤ නාවිකයන් නිසා ලතින් ඇමරිකාවට, අප්‍රිකාවට හා ආසියාවට පැපොල හා සරම්ප පැතිර ගියේය. ඉන්කා – මායා – ඇස්ටෙක් ආදී මෙසෝ ඇමරිකානු ශිෂ්ටාචාරවල අවසානයේ එක් කොනක් වූයේද එකී වසංගතයන්ය. ලංකාවේද ඉහත රෝගවලට පරංගි උණ යැයි භාවිත කෙරිණි. ඉන්පසු 1918 දී ස්පාඤ්ඤය හා යුරෝපයේද, ඉන්දියාවේද පැතිර ගිය උණ වසංගත තත්වයයි. එයින්ද මිලියන ගණනක් මියගියහ. මෑත කාලයේ ඒඩ්ස් (1982), සාර්ස් (2004), ඉබෝලා (2014) මෙවැනි වසංගතයන් වූහ. කෙසේ වෙතත් කොවිඩ්-19 මෙන්ම ලෝකයම වෙලාගත් වසංගතයක් බවට මේ කිසිදු වසංගතයක් පත්වූයේ නැත.

ඇතැම් විචාරකයන් රෝග ව්‍යාප්තියට හේතුව ලෙස දකින්නේ ගෝලීයකරණයයි. තවත් විචාරකයින් කියන්නේ ගෝලීයකරණය නැතුව වුව අතීතයේදී කාලයත් සමග රෝග ව්‍යාප්තිය සිදුවූ බවය. වංසගත රෝග පාලනය සඳහා ගල් යුගයට යෑම හැර විසඳුමක් නැතැයි කියන්නෝද වෙති. කෙසේ වෙතත් රෝගය පාලනයට දින නියමයක් නැතිව ඇඳිරි නීතිය ආදිය යොදා ගැනීම නිසා දුගී රටවල ජනයා ඖෂධ හා ආහාර නොමැතිකමින් ගල් යුගයේ තත්වයටම පත්වෙමින් සිටිති.

හෝමෝ සේපියන් හෙවත් නූතන මානවයාගේ ස්වභාවය නම් සිය පැවැත්ම තර්ජනයට ලක්වූ විට පුදුමාකාර ලෙස ඒ සඳහා නිර්මාණශීලී වීමය. යුද සමයන් හා වසංගත සමයන් මානවයා පියමං කර ඇත්තේ තාක්ෂණික හා සමාජ සබඳතාවල විප්ලවයක්ද සමගය.

කොවිඩ්-19 නිසා දැනටමත් සිදුවෙමින් පැවතුණු තාක්ෂණික විප්ලවයන් වර්ධනය වෙමින් පවතී. කාලයක සිට දුරස්ථ අධ්‍යාපනය සඳහා (Online Learning) යොදාගත් ZOOM App එක දැන් විශ්ව විද්‍යාල හා පාසල්වලට අමතරව දේශපාලන නායකයන්ද යෙදා ගනිති. සමගි ජන බලවේගයේ නායකයෝ දිනපතා දේශපාලන සාකච්ඡා පවත්වන්නේ එය යොදා ගනිමිනි. පක්ෂ නායක රැස්වීම් මෙන්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම්ද ඔන්ලයින් ක්‍රමයට පහසුවෙන් පරිවර්තනය කළ හැක. මෙය අවශ්‍ය නම් පාර්ලිමේන්තුවටද යොදාගත හැකිය.

කොවිඩ්-19 වසංගතය විසින් සිදුකළ අනෙක් දත්ත විප්ලවය නම් පුද්ගලයින්ගේ හැසිරීම, ඔවුන් සිටින ස්ථානය, ඔවුන් රෝගීන් ස්පර්ෂ කළාද යන්න හා ඔවුනගේ රෝග විනිශ්චය තොරතුරු තාක්ෂණයට භාරදීමය. කලකට ඉහත මානව හිමිකම් ක්‍රියාකාරීන් රුසියාව, සිංගප්පූරුව, චීනය වැනි රටවල් විවේචනය කළේ ඔවුන් කැමරා, දුරකථන, ඔරලෝසු ආදිය හරහා පුද්ගලයින් නිරීක්ෂණය කරන බවයි. දැන් බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි ලිබරල් මත දරන රටවල්ද සිය ප්‍රජාව නිරීක්ෂණය කරමින්, අවවාද කරමින් හා තොරතුරු මත පදනම්ව දඬුවම් කරමින් සිටිති. කලකට පෙර CIA, KGB, RAW, MOSSAD, M15 හෝ වෙනත් ඔත්තු සේවාවන් ඉතා සීමිත ජනතාවක් පිළිබඳව දැන සිටි තොරතුරු දැන් සිය සමස්ථ ජනකාය සම්බන්ධයෙන්ම, අවශ්‍ය නම් Google, Facebook, WhatsApp වැනි සමාජ මාධ්‍ය උපාංග සමග සම්බන්ධිත බිලියන ගණන් ජනතාව නිරීක්ෂණය කිරීමට BIG DATA PLATFORM එකක් තනාගත හැක. එක්සත් ජනපදය Prism නමින් එවැනි පද්ධතියක් තනාගත් බව ලොවට කිව්වේ ස්නෝ ඩෙන් විසිනි. දැන් බොහෝ රටවල් එවැනි විමර්ෂණකාමී තොරතුරු පද්ධති තමන්ගේ රටවල ස්ථාපිත කරමින් සිටිති. කොවිඩ්-19 අවසන් වන්නේ ප්‍රබල ලිබරල් සංකල්පයක් වන “පුද්ගලිකත්වය” යන්නද අවසන් වීමෙන් බව පැහැදිලිය.

කෘත්‍රිම බුද්ධිය (AI) ඇතිවූ මුල් අවධියේදී හටගත් බියක් නම් ගණකාධිකාරී, වෛද්‍ය, නීති, ලිපිකරු ආදී වෘත්තීන් ගණනාවක් අහෝසි වී විගණනය හා පොත් තැබීම, රෝග විනිශ්චය, නීති උපදෙස්, ලිපි ලේඛන සැකසීම ආදිය පරිගණකයට (AI) කළ හැකි බවය. කොවිඩ්-19 නිරීක්ෂණය දැන් බොහෝ රටවල් පරිගණකවලට බාරදී ඇත. කොටින්ම ඇපල් වැනි ආයතන ඒ සඳහාම වූ සුවිශේෂී App දැනටමත් නිර්මාණය කර ඇත. මුළු මහත් ජනකායකගේම රෝගී දත්ත තනි පරිගණකයකට බාර දීමේ අනතුරක් නැතිද? ඇතැම් රටවල මැතිවරණ මෙහෙයවීමේදී පුරවැසියන්ගේ රෝග තත්වයන් පිළිබඳ දත්ත යොදා ගැනීම ගැන චෝදනා පසුගිය වසර කීපය තුළම බටහිර ලෝකයේ පැනනැංගේය.

කොවිඩ්-19 ඇතැම්විට අවසන් වන්නේ දත්ත ඒකාධිපතියන් (Big Data Dictators) බිහිවීමෙන් විය හැකිය. ජනතාවට අයත් සංඛ්‍යාත අවකාශය අල්ලාගෙන සිටින කෑදර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ශ්‍රී ලාංකික ජන සමාජය අල්ලේ නටවන ආකාරය දෙස බලන කල එයට වඩා සියුම් මෙන්ම පුළුල් නව දත්ත ෆැසිස්ට්වාදයක් ඇතිවීමේ අනතුර පැනනැගී ඇත. නූතන ගොබෙල්ස්ලා රූපවාහිනී නාලිකාවලින් පමණක් නොව Facebook, WhatsApp හා AI හරහාද බිහිවිය හැකිය.

පසුගිය දශකය (2010-20) සීග්‍ර වර්ධනයට ලක්වූ ක්ෂේත්‍රයක් වූයේ ජාන විද්‍යාව හා ජාන තාක්ෂණයයි. වසර ලක්ෂ තුනක් පමණ කාලයක් ස්වභාවිකව ජාන පරිණාමයකට ලක්වූ හෝමෝ සේපියන් කෘත්‍රිම ජාන ක්‍රියාවලියක් මගින් සුපිරි නව ජීවියෙක් තනා ගැනීමේ ඉඩකඩ ගැන විචාරකයෝ බොහෝ කලක සිට අනාවැකි පලකළහ. පසුගිය වසරේ චීන විද්‍යාඥයෙක් ඒඩ්ස් වෛරසයට ඔරොත්තු දෙන ලෙස ජාන සැකසූ කලලයක් හා දරුවෙක් බිහිකළේය. අනාගතයේදී ධනය, බලය හා දත්ත ඇති කිහිප දෙනෙක් ඒ අනුව කොවිඩ් වැනි රෝගවලට ඔරොත්තු දෙන දරුවන් බිහිකර ගනීවිද? කලකට පෙර දැනුම බලය වේ යන කියමන ධනය බලය වේ යන ලෙස වෙනස් වූවා සේ දැන් දත්ත බලය වේ ලෙස වෙනස් වී ඇත.

කොවිඩ්-19 නිසා බරපතල අර්බුදයකට ලක්වී ඇත්තේ ආර්ථිකයයි. දැනටමත් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල ඇඳිරි නීතිය නිසා දුගී ජනයා මහ පොලොවේ දූවිලි තත්වයට වැටී සිටිති. දැනට ඇත්තේ මාස කිහිපයකට බලපාන අවපාතයක් (Recession) පමණි. අනාගතයේ එය ආර්ථික බිඳවැටීමක් (Depression) බවට පත්වේද? දැන් දැන් ආර්ථික විශේෂඥයින් පවසන්නේ ලෝකය කොවිඩ් මර්දනය හා ජනතාවගේ ආර්ථිකය අතර තුලිත භාවයක් (Trade Off) ඇතිකර ගත යුතු බවයි. නැත්නම් ඖෂධ හිඟකමින්, ආහාර හිඟකමින් හා විවිධ රෝගාබාධ නිසා කොවිඩ් වලට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඇතිවිය හැකි බවයි. පෙරළා සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිඩ්-19 මරණ විසින් යළි ආපසු හැරවිය නොහැකි ආර්ථික ව්‍යසනයකට ලෝකය පත්කළ හැකි බවයි.

කොවිඩ්-19 කවදා අවසන් වේදැයි කිව නොහැක. රටවල් වසා දමන අතරේ ඒ ඒ රටවල අත්දැකීම් හා තාක්ෂණය හුවමාරුකර ගැනීම අත්‍යාවශ්‍යය. සිංගප්පූරුව, තායිවානය, හොංකොං, කොරියාව හා චීනය ලබාගෙන ඇති අත්දැකීම් මෙහිදී අන් රටවල් සමග බෙදා ගැනීම අත්‍යාවශ්‍යය. එමෙන්ම, ජපානය, ජර්මනිය, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය ලබාගෙන ඇති තාක්ෂණික තොරතුරු බෙදා හදා ගැනීමද අත්‍යාවශ්‍යය. දැන් එක්සත් ජාතීන් එයට මැදිහත් විය යුතුය. එයට අමතරව රට රටවල් වසා දැමීම නිසා ඖෂධ නැතිකමින්, ආහාර නැතිකමින් පීඩා විඳින රටවලට ජාත්‍යන්තර බෙදාහැරීමේ ක්‍රමවේදයක්ද දැන් අවශ්‍යය. ගෝලීයකරණය නිසා ව්‍යාප්ත වූ කොවිඩ්-19 මර්දනයට පශ්චාත් ගෝලීයකරණ උපායවලියක් අවශ්‍ය වී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *