• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය.අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය.තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය.කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය.ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය.එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

කොවිඩ් 19 සහ දර්ශනයේ දුගීකම

telephone x 1

කොවිඩ් 19 සහ දර්ශනයේ දුගීකම

90241196_2605729246375244_6486127935311839232_o

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

කොවිඩ් 19 වසංගතය ගෝලීයකරණය වී හමාරය. වසංගතයෙන් දරුණුවටම බැට කෑ රටවල සමාජ, ආර්ථික හා දේශපාලනික ක්‍රමවේද හා ව්‍යුහයන් අභියෝගයට ලක්වී බිඳවැටී ඇත. දෙවන යුරෝපා (ලෝක) යුද්ධයෙන් පසු ලොවේ ඇතිවූවා වැනි සමාජ ආර්ථික හා දේශපාලනික ව්‍යුහාත්මක වෙනසක් මේ වසංගතයෙන් පසුව ඇතිවේවිද? අද ලෝකයේ දාර්ශනිකයන්ගේ සාකච්ඡාව එවැන්නකි.

නමුත්, මේ මොහොතේ අපට වඩාත් වැදගත් කරුණ නම් වසංගතය කෙළවර වන්නේ කෙසේද යන්නය. ක්‍රම 3 කට මෙය කෙළවර වන බව විශේෂඥ මතයයි.
පළමු ක්‍රමය අනුව වසංගතය කෙලවර වන්නේ රටවල් වසාදමා සියලු සේවා ස්ථාන නිරෝධායනය කර, ඒ ඒ රටවල සෞඛ්‍ය පහසුකම්වලට, බිහිවන නවක රෝගීන් (සුව වෙන රෝගීන් ප්‍රමාණයට වඩා අඩුවෙන් බිහිවී) භාරගත හැකි හැකි තත්වයක් ඇතිවීමෙනි. එය දැනටමත් සිංගප්පූරුව, තායිවානය, හොංකොං හා පසුව කොරියාව විසින් ලබාගෙන ඇත.

දෙවැනි ක්‍රමය නම් අඩු තරමින් රෝග ලක්ෂණ වලට ඖෂධයක් සොයා ගැනීමය. යම් සාර්ථකත්වයක් එක්සත් ජනපදය විසින් අත්හදා බැලූ ඖෂධ වලට ඇති බව වාර්තා වී ඇත. මෙවැනිම වාර්තා චීනයෙන්, ජපානයෙන් හා ජර්මනියෙන්ද ලැබී ඇත. අවසාන විසඳුමක් සඳහා ප්‍රතිශක්තීකරණ එන්නතක් නිපදවිය යුතුය. එය එසේ නොවුනහොත් ඒඩ්ස් වෛරසය මෙන් ඇතැම්විට කොවිඩ් 19 සමග අපට තව වසර ගණනක් ජීවත් වීමට සිදුවිය හැකිය.
තුන්වැනි මාර්ගය වන්නේ කොවිඩ් 19 ට ඔරොත්තු දිය හැකි ලෙස අපගේ සිරුරුවල ප්‍රතිශක්තීකරණය වැඩිකර ගැනීමය. (එයට ඇති හේතු සාධක සහ පර්යේෂණ සිදුවේ) නොඑසේනම්, වෛරසය මිනිස් මරණ සිදු නොකරන ලෙස වෙනස්වීම හෝ වෙනස් කිරීමය. (ඒඩ්ස් රෝගය සඳහාද මෙය සිදුවිය. මන්ද වාහකයාගේ මරණය සමග වෛරසයද මිය යන නිසා වෛරසය ස්වයංව වෙනස් වීමෙනි.) මේ කවර ක්‍රමයකට හෝ කොවිඩ් 19 වසංගතය මැඩලීමට අඩුම තරමින් තව සති කිහිපයක් හෝ මාස කිහිපයක් අවශ්‍ය වේ. එතෙක්, එය අපට මෙන්ම, ලෝකයටම වද දෙනු ඇත්තේය.

තාක්ෂණයේ සීමා
කොවිඩ් 19 වසංගතයෙන් සිදුවූ පළමු දෙය නම් තාක්ෂණයට සියල්ල සහමුලින්ම ජයගත නොහැකි බවය. සුහුරු තාක්ෂණ ලෝකය විසින් වැඩි වශයෙන් ලෝකය සමීප කර සම්බන්ධ කළද, පරිගණක වෛරසයක් මෙන් මානව ශරීරය නසන වෛරසයකට පහසු තාක්ෂණ විසඳුම් නැති බව විද්‍යාත්මක ලෝකය පෙන්වා දී හමාරය.

වෙළඳ ආර්ථිකයේ සීමා
නූතනවාදයේ මුල් පදනම වූයේ වෙළඳ වාණිජවාදය විසින් ආර්ථික වර්ධනය ළඟාකර ගත හැකි බවයි. එය පසුගිය සියවස් තුනක පමණ කාලය තුළ විවිධ බිඳවැටීම් මැද අඛණ්ඩව සිදුවිය.

කෙසේ වෙතත්, කොවිඩ් 19 වසංගතයෙන් මියගිය හා රෝගයට ලක්වූවන්ටත් වඩා අකර්මණ්‍ය වූයේ ගෝලීය වෙළඳ ආර්ථිකයයි. කොටස් වෙළඳපොළ වැසී ගියේය. ආනයන අපනයන ගෝලීය වෙළඳාම ඇණහිටියේය. වෙළඳපොළ ඉල්ලුමද (වෙළඳසැල්), සැපයුමද (කර්මාන්තශාලා) ඇණහිටියේය. සංචාරක කර්මාන්තය හා ගුවන් සේවා සහමුලින් බිඳවැටිනි. තෙල් හා ගෑස් විකුණාගත නොහැකි භාණ්ඩයන් විය. ඒ හා සමගම වායුගෝලීය දූෂණයද අඩුවිය.! වෙළඳාම මගින් ධනය ඉපැයීම මූලික කරගත් ආර්ථිකය යුධ කාලයටත් වඩා සීීග්‍ර ලෙස බිඳවැටෙමින් ඇත. යුද්ධයකදී අඩු තරමින් යුද්ධයට අවශ්‍ය දේවත් නිෂ්පාදනය වේ පරිභෝජනය වේ. වසංගතයකදී කිසිවක් නිෂ්පාදනය කරගත හැකි තත්වයක් නොපවතී. පරිභෝජනයද සීමා වේ. එමෙන්ම, මානව කලමනාකරණයේ ප්‍රශ්ණ නිසා ඇතිවන ආර්ථික බිඳවැටීම් මෙන් වෙළඳපොළ උපක්‍රම මගින් (පොලීී අනුපාත අඩුකර මුදල් සුලභ කිරීම වැනි 2008-2009 එක්සත් ජනපද උපායමාර්ග) වසංගත නිසා ඇතිවන ආර්ථික බිඳවැටීම් පාලනය කළ නොහැක.

ගෝලීයකරණය අවසානද?
ගෝලීයකරණය යන වදන උච්චස්වරයට නැගුනේ 1990 දී කොමියුනිස්ට් ක්‍රමය බිඳවැටීමත් සමගය. ලෝකය එකම විශ්ව ගම්මානයක් වෙමින් සීමා විරහිතව ලෝකය වර්ධනය වන බවත්, ප්‍රාග්ධනය හා තාක්ෂණය සියළු දේශ සීමා හා ජාතිකත්වයන් පසුපසට යවන බවත් කියැවිනි. ගෝලීය උණුසුම වැඩිවීම වැනි ප්‍රශ්ණ ගෝලීයකරණයේ වර්ධනය ප්‍රශ්න කළේය. කොවිඩ් 19 ගෝලීයකරණයේ පදනම ප්‍රශ්ණ කර ඇත. රටවල දේශ සීමා වැසීගොස් ඇත. ප්‍රාග්ධන වෙළඳපොළ බිඳවැටී ඇත. විශ්ව ගම්මානය කොටස් වලට බෙදී වෙන්වී යමින් ඇත.

කොවිඩ් 19 ජයගත හැක්කේ ලිබරල්වාදයෙන්ද? කොමියුනිස්ට්වාදයෙන්ද?
ලිබරල්වාදයේ පදනම වන්නේ පුද්ගල අයිතිය හා දේපල නිදහසය. නිදහස් සෞඛ්‍ය සේවය ලිබරල් මූලර්ධවලට පටහැනි බව (මාගේ බදු මුදල් වලින් අනුන්ට සෞඛ්‍ය පහසුකම් දීම වැරදිය යන චින්තනය) සිතා කටයුතු කළ එක්සත් ජනපදය හා යුරෝපය එයින් දැන් බැටකමින් සිටී. විශේෂයෙන් දුගී ජනයා සෞඛ්‍ය පහසුකම්, සෞඛ්‍ය රක්ෂණ නැතිකමින් හා ආහාර නැතිකමින් දුක් විඳිති. මේ මොහොතේ ශ්‍රී ලංකාවේද දුගී, එදා වේල සකසා ගන්නන් අන්ත අසරණ වී ඇත. අපේ රටේ මධ්‍යම පාන්තික පිරිස් පිළිවෙලක් සහිත රටවල් ජීවත්වීමට වඩා හොඳ යැයි පවසා විදේශගත වුවද ඒ රටවල සීමා සහිත නිදහස් සෞඛ්‍ය පහසුකම් හා සමාජ ගැටලු (සංක්‍රමණිකයන් ගැන වෛරය) නිසා දැන් අසරණව සිටිති.

ලිබරල්වාදයට එරෙහිව මාක්ස්වාදී සමාජවාදය පැවතිනි නම් තත්වය හොඳ වේ යැයි සිතන අයට කිවයුත්තේ ගෙවල්වල, ගම්වල, නගරවල කොටුවී වසංගතය නැසීමට දරන උත්සාහය ගෝලීය සමාජවාදයට සහමුලින් පටහැනි බවය. කෙසේ වෙතත්, පන්තිය වෙනුවට ලෙනින්ගේ පක්ෂය ආදේශ වී ඇති ඇතැම් රටවල් දැඩි මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය විසින් කොවිඩ් වසංගතය පාලනය කර ඇත. මෙය ලෙනින්වාදී නොවන තනි පක්ෂ ක්‍රමයක් සහිත සිංගප්පූරුව වැනි රටවලටද අදාලය. ඒ අනුව කොවිඩ් 19 පාලනය වී ඇත්තේ අධිකාරිවාදී හෝ විනයගත සමාජයන් පවතින රාජ්‍යයන් හි පමණි. එයට ලිබරල්වාදය හෝ කොමියුනිස්ට් වාදය අදාල නැත.

ආහාර, ඖෂධ හා බලශක්ති ස්වයංපෝෂිතතාවය දැන් අත්‍යාවශ්‍යය
ගෝලීය ත්‍රස්තවාදය, ගෝලීය උණුසුම වැඩිවීම නිසා ඇතිවුණු ලැව්ගිනි, ගංවතුර, නියඟය ආදී සියල්ල පෙන්වා දෙන්නේ, වෛරසයකට කෙටි කලකින් කළ හැකි විනාශය ඉතා විශාල බවය, ත්‍රස්තවාදයට හා පරිසර ව්‍යවසනයන්ට වඩා කෙටි කලකින් වසංගතයකට ලෝකය විනාශ කළ හැකි බවය. මෙමගින් පෙනී යන්නේ සියලු රටවල්වල ආහාර, ඖෂධ හා බලශක්ති ස්වයංපෝෂිතතාවය ඕනෑම ලිබරල් ගෝලීයකරණ ක්‍රියාවලියකට ඉහළින් තැබිය යුතු බවය. ගෝලීය හරිත ව්‍යාපාරයට මෙන්ම දේශීය දැනුම් පද්ධතීන් වලටද අලුත් අගයක් ලැබෙමින් පවතී. ඒඅනුව, ගෝලීයකරණය හා ලිබරල්කරණය අතහැර නව ලෝක ආර්ථික රටාවකට ලෝකය ඉදිරියේදී ගමන්කරයිද?

පාඨලී චම්පික රණවක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *