
භික්ෂුණීන් වහන්සේලා 5000 ක් උදෙසා දානමය පිංකමක්..
ත්‍රිකුණාමලයෙන් චීනයේ නැන්ජින් බලා වැඩම කළ දේවසාරා භික්ෂුණීන් වහන්සේ විසින් භික්ෂුණීන් වහන්සේලා 300ක් මහණ කිරීමෙන් චීනයේ භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නේ ක්‍රි.පූ.5 වෙනි සියවසේදීය.
එම අවස්ථාව සිහිගන්වමින් චීන භික්ෂුණීන් වහන්සේලා හා දානපතීන් විසින් අද දින (18) කැළණිය නාමල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී භික්ෂුණීන් වහන්සේලා 5000 ක් උදෙසා දානමය පිංකමක් පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද, එම අවස්ථාවට සහභාගී විය.

පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය හරහා රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සහ එය කෙටි – මධ්‍ය කාලීන අනාගතයේ අයවැය කළමනාකරණය කෙරෙහි ඇති කරන බලපෑම..
පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය හරහා රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සහ එය කෙටි - මධ්‍ය කාලීන අනාගතයේ අයවැය කළමනාකරණය කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණයක් ඊයේ (16) පස්වරුවේ වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණ.
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙහි ප්‍රධාන දේශන සිදු කරන ලද අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චරිත හේරත්, එරාන් වික්‍රමරත්න, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල, හර්ෂණ රාජකරුණා, රෝහිණී කුමාරි කවිරත්න, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වීරසුමන වීරසිංහ, නීතිඥ චන්දිම වීරක්කොඩි, බුද්ධික පතිරණ, රෝහණ බණ්ඩාර, නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්, සෙල්වරාසා කජේන්ද්‍රන්, තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, අසංක නවරත්න, කේ.පී.එස්.කුමාරසිරි යන මහත්ම මහත්මීන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, සමාජ ක්රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණය සමග එක්ව සිටියහ.

එක්සත් ජනරජ පෙරමුණේ උඩුනුවර ආසන ජනරජ සභාව.
එක්සත් ජනරජ පෙරමුණේ උඩුනුවර ආසන ජනරජ සභාව 2023 නොවැම්බර් 12 වෙනිදා පෙරවරුවේ දිවුලගල සමූපකාර ශාලාවේ දී පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
නව සාමාජිකයන් ප්‍රවර්ධනය කිරීම සහ කොට්ඨාස නියෝජිතයන් පත් කිරීම ද, ජන හමුව අතර සංවිධානය කර තිබූ අතර, ජනරජ පෙරමුණේ මුල් පෙලේ නායකයන්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ගම්පොල නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සුනිල් ශාන්ත මහතා එක්සත් ජනරජ පෙරමුණ සමඟ අත්වැල් බැඳගනිම විශේෂත්වයකි.
එක්සත් ජනරජ පෙරමුණේ උඩුනුවර සම්බන්ධීකාරක, සරත් විජේසිංහ මහතා විසින් මේ අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.

වර්ථමාන ආර්ථික හා දේශපාලන අර්බුදයේ විවිධ පැතිකඩ.
'වර්ථමාන ආර්ථික හා දේශපාලන අර්බුදයේ විවිධ පැතිකඩ' පිලිබද සාකච්ඡාවක් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (08) සවස කෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේදී පැවැත්වින.
මෙම අවස්ථාව එක්සත් ජනරජ පෙරමුණේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජ්‍ය ලේකම් තමරා දයානි හෙට්ටිමුල්ල මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

එරාවුර් පිළිකා සත්කාර මධ්‍යස්ථානයේ (EASCCA HOSPICE) නිරීක්ෂණ චාරිකාව.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නැගෙනහිර සංචාරය අතරතුර එරාවුර් පිළිකා සත්කාර මධ්‍යස්ථානයේ (EASCCA HOSPICE) නිරීක්ෂණ චාරිකාවකට එක් විය. මඩකලපු මහ රෝහල යටතේ ක්‍රියාත්මක වන මෙම සත්කාර මධ්‍යස්ථානය නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවට මහත් සේවයක් සපයනු ලැබේ. චම්පික රණවක මහතා රෝහලේ වෛද්‍යවරුන්, සේවක මණ්ඩලය හා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සමඟ ද සුහද කතාබහක නිරත විය.








ආයිෂා බාලිකා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාව.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නැගෙනහිර සංචාරය අතරතුර ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ ආයිෂා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය හමුවී එම පාසලේ වත්මන් තත්වය හා, SMART පන්ති කාමර සංකල්පය ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කළ අතර, අනතුරුව එම පාසලේ දැරියන් සමඟද සුහද කතාබහක නිරත විය.
ஐக்கிய குடியரசு முன்னணியின் தலைவர் நாடாளுமன்ற உறுப்பினர் கெளரவ.பாடலி சம்பிக்க ரணவக்க அவர்களின் கிழக்கு மாகாண விஜயத்தின் போது வாழைச்சேனை பிரதேச ஆயிஷா பெண்கள் கல்லூரியின் அதிபர், ஆசிரிய ஊழியர்களை சந்தித்து பாடசாலையின் தற்போதைய நிலைமை மற்றும் SMART வகுப்பறை எவ்வாறு உள்ளது என்று நேரில் சென்று பார்த்து கேட்டறிந்து கலந்துரையாடினார். பின்னர் வகுப்பறை மாணவர்களுடன் நட்பு உரையாடல்.
කාබන් විමෝචන අවියේ ආර්ථික මෙහෙයුම ‘ජනරජ කතිකා’ වැඩසටහන