
එක්සත් ජනරජ පෙරමුණ මාතලේ දිස්ත්‍රික් සමුළුව

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගිය දා කූරගල පුද බිම වැඳ පුදා ගත්තේය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගිය දා කූරගල පුද බිම වැඳ පුදා ගත්තේය. ඉන් අනතුරුව මහා සඟරුවන බැහැදැක ආශිර්වාද ලබා ගත් රණවක මහතා උන්වහන්සේලා සමග සුහද සාකච්ඡාවක් සිදු කරන ලදී.
ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද මහා සංඝරත්නය වෙත පිළිගැන්විණ.










සබරගමුව ඓතිහාසික බොල්තුඹේ මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයය.
සබරගමුව ඓතිහාසික බොල්තුඹේ මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර පසුගියදා පැවැත්වූ අතර බස්නායක නිලමේතුමන්ගේ ආරාධනය පරිදි හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද සහභාගී විය.

මාතලේ, ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත භූමිය දැක බලා ගැනීමට ගිය අවස්ථාව..















යතිවර පූජා..
මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, තායිවානයේ ප්‍රධාන සංඝනායක, ධර්මචක්ර ළමා පදනමේ අධ්යක්ෂ ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ මගපෙන්වීම හා අනුශාසනා ඇතිව “යතිවර පූජා” සහස්සාධික මහසඟරුවන උදෙසා පිදුණු උත්තම පිංකම 27 දින පැවැත්විණ.
මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහනිකායේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්මාභිධාන අනුනායක හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල මහනාහිමි, ඇතුලු නායක මාහිමිවරු ප්‍රධාන මහාසංඝරත්නය මේ සඳහා වැඩම කොට සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා එක්ව සිටි අතර, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇතුළු විශාල පිරිසක් මෙම පුණ්‍යකර්මය සඳහා එක්ව සිටියේය.

එක්සත් ජනරජ පෙරමුණේ නීතිඥ අනු කමිටුව පිහිටුවීම.
එක්සත් ජනරජ පෙරමුණේ නීතිඥ අනු කමිටුව පිහිටුවීම 25 දින පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්, නීතිඥ අනු කමිටු සම්බන්ධීකාරක නීතිඥ රජික කොඩිතුවක්කු මහතාගේ මුලිකත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වින.
මෙහිදී නීතිඥ කමිටු ව්‍යුහය සකස් කිරීම පිළිබඳ නීතිඥ ප්‍රජාව හා පක්ෂ නායකයන් සාකච්ඡා කරන ලදී.
බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුව.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී විය. පක්ෂ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහත්මා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ. පක්ෂ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතාද මේ සඳහා සහභාගී වූ අතර, ප්‍රදේශවාසී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් හමුව පැවැත්වින.