
කෝට්ටෙම 1 ට – ජනහමු
“කෝට්ටෙම 1 ට” සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා නීතිඥ රජික කොඩිතුවක්කු මහතා විසින් කෝට්ටේ ආසනයේ සංවිධානය කල ජනහමු කිහිපයක් පසුගියදා පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

“මහරගමම 1 ට” – කුඩා රැස්වීම්
“මහරගමම 1 ට” එළඹෙන මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා මහරගම කොට්ඨාශ 25න් කොට්ඨාශ 08ක සංවිධානය කල කුඩා රැස්වීම් 14ක් ඊයේ දිනයේදී පැවැත්විණි. මිරිහාන උතුර, මිරිහාන දකුණ, උඩහමුල්ල, තලපත්පිටිය, ප්‍රගතිපුර, මාදිවෙල, ගංගොඩවිල සහ නාවින්න යන ප්‍රදේශවල මෙම රැස්වීම් සංවිධානය කර තිබුණි. මෙහිදී ජනහමු කිහිපයක් සදහා ගාමිණි දිසානායක මහතාගේ පුත් මයන්ත දිසානායක මහතාද සහභාගී […]

“මහරගමම 1 ට” – ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන
එළඹෙන මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන ඊයේ (05) මහරගම නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලාගේ ආශිර්වාදය මැද පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තේගෙදරින් ආරම්භ විය.

මොරටුව ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන් හමුවී සිය දේශපාලනික ස්ථාවරය පැහැදිලි කරන ලදී.
මොරටුව ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන් සහ විහාරවාසී භික්ෂූන් වහන්සේලා හමුවී සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීම සදහා පසුගියදා පාඨලී චම්පික රණවක මහතා ක්‍රියාකලා. පූජ්‍ය වැලිවුල්ලේ දමිත හිමි, පූජ්‍ය මිද්දෙණියේ බුද්ධික හිමි ඇතුලු ස්වාමීන්ද්‍රයන් වහසේලා කිහිප නමක් හමුවී පාඨලී චම්පික රණවක මහතා දේශපාලනික වශයෙන් සිය ස්ථාවරය පැහැදිලි කලා.
“කොළොන්නාවම 1ට” – පාක්ෂික සහ විද්වත් වෘත්තික හමුව
“කොළොන්නාවම 1ට” සමඟි ජන බලවේගයේ කොළොන්නාව සංවිධායක එස්.එම් මරිකාර් මහතාගේ සහයෝගය ඇතිව, කොළොන්නාව නගර සභාවේ හිටපු උප නගරාධිපති නීතිඥ උපාලි සූරියාරච්චි මහතා විසින් සංවිධානය කල විශේෂ හමුවක් පසුගියදා කුරුළු උයන හෝටලයේ පැවැත්විණි. මෙම හමුව සදහා පක්ෂ ක්‍රියාකාරීන්, වෘත්තිකයින් ඇතුලු පිරිසක් සහභාගී විය.