සමගි ජනරජයක්! දේශය වෙනුවෙන් එක්වෙමු! – සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීම පිණිස පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ විසින් සංවිධානය කෙරුණු විශේෂ සමුළුව!
සමගි ජනරජයක්! දේශය වෙනුවෙන් එක්වෙමු! - සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීම පිණිස පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ විසින් සංවිධානය කෙරුණු විශේෂ සමුළුව!
එහි දී අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා;
අපේ රට ත්‍රිත්ව ඛේදවාචකයෙන් විපතට පත් වෙලා පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය රට හිතාමතාම බංකොලොත් කිරීමේ ක්‍රියාවලිය මේ සියල්ලක් ම තුළ දුකට පීඩාවට පත්වුණේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාව පොදු ජනතාව වන ඔබයි. මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් අපි කෙසේ ද ගොඩ එන්නේ? වර්තමාන රජය කියන්නේ ජන ජීවිත කුඩා කරලා ආර්ථිකය කුඩා කරලා පටවන්න පුළුවන් උපරිම බර ටික රටේ සාමාන්‍ය ජනතාවගේ, වැඩ කරන ජනතාවගේ කරපිට හිස මත පටවලා කුඩා කිරීම තුළ අපිට මෙයින් ගොඩ එන්න පුළුවන් කියලා. අපි දකිනවා ඒ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රතිපත්තියක්. ගොඩ එන්නට නම් අපි ආර්ථිකය වර්ධනය කරන්නට ඕන. ගොඩ එන්නට නම් අපි ආර්ථිකය ප්‍රසාරණය කරන්නට ඕන.
21 වෙනිදට මේ රටේ ජන වරමෙන් අපි රාජ්‍ය බලය ලබා ගන්න කොට පලවෙනි දවසේ ඉඳල ම මේ රටේ ලක්ෂ දෙසිය විස්ස ම එකට එකතු වෙලා අපි කරන්න ඕනෙ මොකක්ද? අපි නිෂ්පාදනය වැඩි කරන්නට ඕන. අපි අපනයන වැඩි කරන්නට ඕන. ආර්ථික වර්ධන වේගය වැඩි කරන්නට ඕන. හැමෝම එකතු කරගත් ආර්ථික සෞභාග්‍යය නිර්මාණය කරන්නට ඕන. නිර්මාණය වෙන සෞභාග්‍යය අපි හැමෝම බෙදා ගන්නට ඕන. දුප්පත්කම තුරන් කරන්නට ඕන. තවම මේ ජනාධිපතිවරයා දන්නෑ මේ රටේ ඉන්න දුප්පතුන් ප්‍රමාණය කොපමණද කියලා. දුප්පත් ප්‍රජාවට අපි කරන්නේ කිසිම වැඩපිළිවෙළක් නැතුව ඉවක් බවක් නැතුව මුදල් ආධාර ආහාර ලබාදීමද එසේ නැතුව කාල වකවානුවක් තීන්දු කරලා, පස්, වැදෑරුම් වැඩපිළිවෙළක් හරහා අපේ වැඩපිළිවෙළ යටතේ පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය මේ පස් වැදෑරුම් වැඩසටහන කේන්ද්‍ර කර ගෙන නාගරික දුප්පත්කමට, ග්‍රාමීය දුප්පත්කමට වතු ක්ෂේත්රයේ දුප්පත්කමට අපි විසඳුමක් හැටියට ජනසවියට හා සමානව මාස විසිහතරක වැඩසටහනක් මසකට විසිදාහ බැගින් ලබාදීලා. අපි දුප්පත්කම තුරන් කරන්නට කටයුතු කරන්නේ ඒ දුප්පත් ජනතාවත් අපේ රටේ ආර්ථික වර්ධනයෙන් කොටස්කරුවන් වෙන්නට ඕන. පෙරමඟ ගමන්කරුවන් වෙන්නට ඕන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණයේ කර්මාන්තකරුවන් මේ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට පනහකට වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දෙනවා. ඒ ආයතන සියල්ලක්ම මහා පීඩනයකින් හිටියේ. අවුරුදු හතරක සටනකින් පසුව අපිට පුළුවන්කම ලැබුණා රජයට බල කරන්න. දේපල වෙන්දේසිය පරාටේ වෙන්දේසිය අත්හිටුවීමේ ඒ මහා බලවේගය නිර්මාණය කරේ විපක්ෂයේ සිටින සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. හැබැයි අපි කිව්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටවන කොට අර ක්‍රිබ් එකේ ඉන්න තියෙන වෙලා ආසාදු ලේඛනයේ සිටින ඒ ආයතන වලට හුස්ම ගන්න ප්රාග්ධනය ලබා දෙන්නට ඕන.
ඉංග්‍රීසි භාෂාවෙන් නිදහස් අධ්‍යාපනය හරහා අපේ රටේ හතළිස් එක් ලක්ෂයක් පාසල් දූ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන, තොරතුරු තාක්ෂණ සැබෑ වෙනස අපි ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි නිකන් ඡන්දයක් තිබූ පලියට දේශපාලන සීනි බෝල කවන්නට උත්සාහ කරන්නේ නෑ. අපි යථාර්ථවාදී වෙන්නට ඕන. අපි සත් යවාදී වෙන්නට ඕන. අපි දර්ශනයක් තුළ යන්නට ඕන. චම්පික රණවක මැතිතුමාට මං යෝජනා කරලා තිබෙනවා මේ රටේ ඩිජිටල් තාක්ෂණ විප්ලවය රට පුරාවටම ක්‍රියාත්මක කිරීමේ වගකීම එතුමට භාර අර ගෙන ක්‍රියාත්මක කරන්න කියලා. මම අදහස් කරනවා මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ මේ දැවැන්ත ජාතික විප්ලවය ක්‍රියාත්මක කරන්නට චම්පික රණවක මැතිතුමාත් එක්ක අපි අත්වැල් බැඳ ගන්නකොට ඒ විප්ලවය ශක්තිමත්ව දියත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායකුත් අපි පිහිටුවනවා. ඒ හරහා අපේ රටේ පළාත් නමයෙම දිස්ත්‍රික් විසිපහේම ප්‍රා.ලේ, උප ප්‍රා.ලේ බල ප්‍රදේශ 341 ක් හැම ග්‍රාම සේවා වස දාහතර දහස් විසි එකේම රටේ තියෙන ගම් නියම් ගම් පනස් එක් දාහෙම මේ ඩිජිටල් විප්ලවයේ අරුණලු උදා වෙන්නට ඕන. මේක ප්‍රභූ කේන්ද්‍රීය වැඩසටහනක් වෙන්නට බැහැ. ඩිජිටල් විප්ලවයේ ප්රතිලාභ මුළු රටටම ලැබෙන්නට ඕන ජන මේ කරන විප්ලවයෙන් රටට ශක්තියක් ලබා ගන්නට ඕන ඔබත් ශක්තියක් ලබා ගන්නට ඕන. ඒ නිසා මේ අවස්ථාවේ එක්සත් ජනරජ පෙරමුණ පවත්වන මේ විශේෂ සමුළුවට සහභාගී වන්නට අවස්ථාව ලැබීම ගැන මම විශේෂ සතුටක් ලබනවා. මේ පෙරමුණේ සාමාජිකයින් සමඟ අත්වැල් බැඳගෙන අපි ශිෂ්ට සම්පන්න සෞභාග්‍ය සම්පන්න විශිෂ්ට මාතෘ භූමියක්, ප්රශස්ත ගුණාංගයන් වලින් හෙබි ප්රබුද්ධ ජන සමාජයකින් හෙබි සාර්ථක රටක්, සුන්දර රටක්, සංවර්ධිත රටක්, ඔබ අප සියලු දෙනා ම අත්වැල් බැඳ ගෙන ගොඩනගමු.”
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;
“ලබන 21 වෙනිදා ට තවත් දින දහයකින් ඔබට තවත් වසර පහකට මේ රටේ රාජ්‍ය නායකයා තෝරන තරඟයක් නෙවෙයි තියෙන්නේ. ඔබේ දරු ආරක්ෂා වෙනවද නැද්ද මේ රට නැවත වතාවක් මේ බංකොලොත් භාවයට පත් වෙනවද නැද්ද රට ස්වෛරීභාවය නැවත අත්පත් කර ගන්නේ කොහොමද අපේ රටේ අපේ දූ දරුවන්ට නව අනාගතයක් කොහොමද බිහි කරන්නේ කියන එක පිළිබඳ තියෙන බලගතු බුද්ධිමත් තීරණයක් තමයි ඔබ සියලු දෙනාට ගන්න සිද්ධ වෙන්නේ. ඒක අසීරු කතාවක් හැබැයි ඒ අසීරු අභියෝග ජයගත්ත කණ්ඩායමක් තමයි අපිත් සමග සිටින්නෙ. අපට අද ඇතැම් ජාතිවාදියෝ ආගම්වාදියෝ කියනවා එදා පැරදිලා පසු බහින හමුදාව, නතර කළේ නැත්නම් අපි මැදිහත් වෙලා මේ රට ප්රභාකරන්ට අයිති වෙලා ඉවරයි. මේ රටේ සිංහල, දෙමළ කිසිම කෙනෙකුට නිදහසේ හුස්ම ගන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. අද සමහර තක්කඩි කියා ගෙන යනවා මේ අපි වාසියට පිලෙන් පිලට යනවා කියලා. අපි පිලෙන් පිල නෙවෙයි. ඕනම අගු පිලක ලගින්න ලෑස්තියි මේ ජාතියෙත්, මේ රටෙත් ස්වෛරීභාවයත් අනාගත දරුවන්ගේ අනාගතයත් රකින්න.
මාවිල්ආරුව වහලා, සේරුවිල ජනතාවට වතුර නොදීලා ඒ අපිව හිර කරලා තියෙන වෙලාවේ අපේ පක්ෂය තමයි එදා අභීතව මැදිහත් වුණේ රතන හාමුදුරුවොලා ගිහිල්ලා ඒ ප්‍රශ්නෙට අපි එදා මහින්ද රාජපක්ෂ එක දිගටම කොටියා එක්ක මගුල් කාලා, රටත් මරවලා, එතුමටත් ජීවිත පූජා කරන්න සිද්ධවෙන තත්ත්වයක් රටේ ඇතිවෙනවා. මොකද ප්රභාකරන් හිතා හිටියේ ත්‍රිකුණාමල වරාය අල්ලගෙන යාපනයට යන සැපයුම් නවත්තලා අපිව නතර කරන්න තමයි හිතන් හිටියේ. මේක පැහැදිලි කරන්න අපි ගියාම අපට සෑහෙන්න බැණුම් අහන්න වුණා මහින්ද මහත්තයාගෙන්. හැබැයි යුද්ධය දිනාගෙන එන කොට නැගෙනහිර පළාත මුදා ගෙන එන කොට යුධ වීරයා හැටියට එතුමා මතුවුණා කමක් නෑ. අපි ඒ සටන ජයගත්තා. ජය අරගෙන එනකොට මොකද අනුර දිසානායක කලේ? පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂට බහුතරය තිබුන්නෑ. අනුර දිසානායක කුමන්ත්‍රණය කරලා එදා මොකද කළේ? පාර්ලිමේන්තුවේ විපක්ෂයට ගියා. විපක්ෂෙට ගිහිල්ලා ආණ්ඩුව වට්ටලා අපේ හමුදාව වන්නියේ තනි කරලා, කොටු කරලා, ප්රභාකරන්ට පාවා දෙන්න තමයි එදා අනුර දිසානායක කතා කළේ. ඒ නිසා අනුරට කියනවා ඔයා අද නිකං පිල් මාරු ගැන කතා කරනවා. ඔයා තමයි අංක එකේ දේශද්‍රෝහියා. එදා වන්නියේ අපිව තනිකරලා, කොටියට අපිව බිලිදෙන්න, කොටියා වැළඳගත්තේ ඔයා තමයි කියලා අතීතයේ මතක නැති අයට අපි මතක් කරනවා. ලාල්කාන්තට මං මතක් කරනවා, මහ වැඩ වර්ජනයක් දකුණේ කැඳවලා අපේ ආරක්ෂක හමුදා කොටුකරලා, වට කරලා, කොටියාට බිලිදෙන්න කටයුතු කළේ ඕගොල්ලෝ කියලා අපි කියනවා. අපි එදත් දේශප්‍රේමී, අදත් මේ රට වෙනුවෙන් දේශප්‍රේමී හෙටත් මේ රට වෙනුවෙන් දේශප්‍රේමී කියන එක අපි කියන්න ඕනෙ.
ඒ වගේම අපට තේරුණා මහින්ද රාජපක්ෂ කොටියා පැරැද්දුවාට පස්සේ පවුලේ උරුමයක් හැටියට මේක කරගෙන යන බව. රටේ ජාතික මංකොල්ලයක් ආරම්භ කරලා තියෙන බව. අපි ආයතන ගොඩ දානකොට, විදුලිබල මණ්ඩලය ලාභ කරනකොට, ඉරිසියාවෙන් ඇස් රතු වෙලා තිබුනේ එතුමාගේ. මොකද කළේ? අපට කරන්න පුළුවන් හැමදේම කළා. හැබැයි අපි අපි කවදාවත් එහෙමෙයි කියලා අපි ප්‍රතිපත්ති පාවා දෙන්න ගියේ නෑ. අපේ ඉවසීමේ සීමාව අන්තිමටම ගියා. මේ ජාතික මංකොල්ලය, පවුල මුල් කරගත්ත පාලනය, ප්රජාතන්ත්රවාදය වළදානකොට, අපි තමයි එදා මුලින්ම එළියට බැහැලා, අපි ඇමතිකම් දාලා ඇවිල්ලා, ගල් ලෙන බින්දා, එළියට එන්න කියලා, අපේ ජනතාවට අපි කිව්වේ. මහින්ද අවසානය තීරණය වුණේ එතන, ඒ නිසා මේ අපි ඇමතිකම් බදාගෙන, ඇමති කටුවලට කෑදර කමේ නෙමෙයි, එළියට බැහැලා අනතුර බාර අර ගෙන රාජපක්ෂ පරාජය කරන්න අපි කටයුතු කළා.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයයි 2015 දීපු ජනවරමට පිටු පාල වැඩ කළා. පටන් ගන්න කොට ම මහ බැංකු කොල්ලයක් කරල අපිට සම්පූර්ණයෙන් සමාජය ඉදිරියේ ලැජ්ජා කළා. මතක තියා ගන්න 2016 දෙවැනි වතාවටත් මහ බැංකුව කොල්ල කෑවට පස්සෙ මේ මහ බැංකු අධිපති ව අයින් කරන්න කියල රනිල් වික්‍රමසිංහට කිව්ව ම එයා කිව්ව මම අයින් වෙනවා කියල. ඒ අවස්ථාවේ මම ඉදිරිපත් වෙලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කිව්වා, ‘ජනාධිපතිතුමා අර්ජුන් මහේන්ද්‍රන් මේ තනතුරින් අයින් කළේ නැත්නම් මම මේ ආණ්ඩුවෙන් යනවා විතරක් නෙවෙයි ඔබට එරෙහිව ක්‍රියා කරන්න අපි යනවා, රනිල්ට ඔින නම් යන්න කියන්න කියලා’. අන්න එහෙම තමයි අර ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන වැදගත් මිනිහ මේ රටේ මහ බැංකු අධිපති උනේ. දැන් හෙට තවත් නාඩගමක් නටන්න යනවා කියල ආරංචියි. රුපියල් බිලියන 290ක් හෙට බැඳුම්කර නිකුත් වෙනවා. ආරංචියි අර පරණ, වනචර, තක්කඩි රැළ වට වෙලා වැඩි පොළියට මේක අර ගන්න යනවයි කියල. ඒ නිසා මම මුදල් ඇමති රනිල් වික්‍රමසිංහට කියනවා අපි හොඳට බලා ගෙන ඉන්නෙ, තව වතාවක් මහ බැංකු බැඳුම්කරය වගේ කොල්ලයක් කරන්න මේ ඡන්දය කට උඩ තියා ගෙන, මේ රටේ ජනයා තවත් ණයකාරයෝ කරන්න අපි ඉඩ තියන්නෑ ඔබට. ඒ අනතුරු ඇඟවීම ඔය බැඳුම්කර ගන්න සියලු ම අයට අපි කියනවා. එවැනි වංචාවලට සජිත් ප්‍රේමදාස යටතේ ඉඩක් නෑ කියල අපි මතක් කරනවා ”.
“අපි කියන්නේ අපට තවත් බදු එපා. අපට ඒ සහනය ගේන්න නම් ඇති හැකි අයගෙන් ඒක අර ගන්න ඕනේ. ඒ සඳහා එකම වැඩපිළිවෙළක් තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මේ සැමට ජයක් වැඩපිළිවෙළ යටතේ කියන හංගපු සල්ලි එළියට ඇදලයි ඒ සහනය අපි ඔබට ලබා දෙන්නේ. ඒ වගේ ම මතක තියා ගන්න ජනතා විමුක්ති පෙරමුණ අද වෙනස් වේසයක් අර ගෙන මාලිමාව නමින් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකයි. එකක් මැතිවරණ ප්‍රකාශය. අනික ජනතා විමුක්ති පෙරමුණේ නො වෙනස් ප්‍රතිපත්ති ප්‍රකාශය. මොකද ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලියල ම තියෙනවා වෙන අයට තියෙන්නේ මැතිවරණ ප්‍රකාශ, ජනතා විමුක්ති පෙරමුණට විතරයි වෙනස් නො වෙන ප්‍රතිපත්තියක් තියෙන්නේ කියලා. ඒ ප්‍රතිපත්තියෙන් මේ රටේ ආගම ඉවරයි. නීතිය අවසන්. මේ රට පක්ෂ යාන්ත්‍රණයක් බවට පත්වෙනවා. අවසාන නිදහස් මැතිවරණය මේ මැතිවරණය වෙනවා අනුර දිසානායක දිනුවොත්. මතක තියා ගන්න. කොමියුනිස්ට්, බෝල්සෙවික්වාදීන් ජය ගත් කිසිම රටක නිදහස් මැතිවරණ පැවතිලා නෑ. අපි දන්නවා මේ මෑත උදාහරණ, වෙනිසියුලාවේ, යූගෝ චාවේස් ඔය අද අනුර දිසානායක කියන ටික මයි කියාගෙන ආවේ. ලෝකෙ තියෙන ලොකු ම ධනවත් ම තෙල් සම්පත තියෙන රට අද හිඟමනට වැටිලා තියෙනවා. එක මැතිවරණයක් නෑ. නිකරගුවාවේ. ඒක වෙලා තියෙනවා. කියුබාවේ ඒක වෙලා තියෙනවා. ලෝකෙ පුරාම කොමියුනිස්ට්වාදීන් ඡන්ද තියලා නෑ. නිදහස් ඡන්දයක් තියා ගන්න නම්, නිදහස ප්රජාතන්ත්රවාදය දිනා ගන්න නම්, ඔබට තියෙන්නේ එක විකල්පයයි. ඒක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නිදහස් ප්රජාතන්ත්රවාදී පෙරමුණ. සමගි ජන සන්ධානය,
රනිල් ගැන මම හිතන් හිටියේ බුද්ධිමත් චරිතයක් කියලා. විශේෂයෙන්ම ගණන් හිලව් දන්නවා කියලා. ඒ අනුව මම හිතුවා එතුමා මේ පාර ඡන්දේ ඉල්ලන එකක් නැහැ පරදින්න කියලා. මොකද එතුමා 2010 ඉල්ලුවේ නැහැ. 15 ඉල්ලුවේ නැහැ. 19 ඉල්ලුවේ නැහැ. ඇයි? පරදියි කියලා. එහෙනම් ඇයි මේ පාර ඉල්ලන්නේ කියලා මට සිතුවිල්ලක් දැන් අපිට ඔය පොහොට්ටුවේ එතුමාට ආධාර කරන්න ගිය හුඟාක් දෙනෙක් කියනවා අනේ අපි රැවටිලා අනේ අපි වලේ වැටිලා ඡන්ද ටික බෙදනවා. මෙතන මහා විනාශයක් වෙන්න යන්නේ කියලා දැන් අපිට කියනවා කං කෙඳිරි ගානවා. රනිල් මහත්තයාගේ ඇත්ත තත්වය. එතුමාගේ මහියංගන දේශනාවෙන් පෙනුණා. මොකක්ද ඔහු කිව්වේ? මේ රටේ සටන තියෙන්නේ එයයි. අනුර දිසානායකයි අතරේ සජිත්ට දිනන්න බැහැ. මගේ පාලනය යටතේ අනුර විපක්ෂ නායක කියලා. මොකක්ද එතුමාගේ ඇත්ත උවමනාව? ඡන්දේ දිනන්න නෙවෙයි මේ පාර ඇවිල්ලා තියෙන්නේ. මොකක්ද? සජිත් ප්‍රේමදාස පරද්දන්න. ඡන්ද දෙකඩ කරන් නැතුව නිදහස, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගන්න ඔබ සියලු දෙනා ම සජිත් ප්‍රේමදාසට ඔබගේ ඡන්දය ලබන 21 වෙනිදා පාවිච්චි කරලා ඔබ, රට ජයග්‍රහණය කරලා ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කරවන්න කැප වෙන්න.
එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා
“අද මේ නුගේගොඩ භූමියේ පවත්වන මේ එක්සත් ජනරජ පෙරමුණේ මේ සමුළු රැළිය මහා ඓතිහාසික ගමනක ආරම්භය සටහන් කරන සමුළුවක්. මේ රට බිහි කරපු විශිෂ්ට ජාතික නායකයෙකු වන පාඨලී චම්පික රණවක මැතිතුමා සහ එතුමාගේ පක්ෂය අපි සියලු දෙනා ම තීන්දු කළා මේ රටේ ඉරණම විසඳෙන මේ එළඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දීලා අපේ පක්ෂයේත් මේ වගේ සමුළු රැළියක් ප්‍රසිද්ධියේ පවත්වලා එතුමා ව මෙතනට ගෙන්නලා අපේ මහා සංඝරත්නයේ ආශිර්වාදය පක්ෂයේ ආශිර්වාදය ලබා දීලා 22 වෙනිදා එළඹෙන ජයග්‍රහණයේ ප්‍රධාන ම කොටස්කාරයා බලවේගයට බවට පත්වෙන්න අපේ පක්ෂය තීන්දු කළා. අපේ පක්ෂය මම එදා අවබෝධතා ගිවිසුම අත්සන් කර වෙලාවේ කිව්වා වගේ ම තවමත් වර්ධනීය අවධියේ පවතින පොඩි පක්ෂයක්. නමුත් මේ මහා සමුළුව දැන් පෙන්නලා දීලා තිබෙනවා. අපි අපිට බුද්ධිමය ශක්තිය තිබෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති ශක්තිය තිබෙනවා. සංවිධාන ශක්තිය තියෙනවා. මහා ජනතා ශක්තියක් මේ පක්ෂය වටා ඒකරාශී වෙනවා කියලා මේ සමුළුව දැන් පෙන්නලා දීලා හමාරයි. අපේ පක්ෂය ආවාට ගියාට තීන්දු ගන්න පක්ෂයක් නෙවෙයි. මේ පක්ෂය බිහි කරන්න කලින් ඉඳලා දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජාතික දේශපාලනයේ සලකුණු තබපු ජය සලකුණු තබපු නායකයෝ ගොඩක් ඉන්න පක්ෂයක් මේක. අපි විශාල සංවාදයක් කරලා අපේ පක්ෂය ඇතුළේ අපි තීන්දු කළා මේ ජනාධිපතිවරණයේ දී රටට සුගතියක් ඇති වෙන්න නම් රට නිමන්න නම් රටට සබුද්ධික ආරම්භයක් ලබා දෙන්න නම් මිනිස්සු වැදගත් යැයි කියන දේශපාලන පරිපාලන රටාවක් නැවත මේ රටේ හදන්න ඕන නං සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයග්‍රහණය ලැබෙන්න ඕනෙ කියලා අපි තීන්දුවක් අර ගෙන අපි ඒ වෙනුවෙන් අද මුළු රට පුරාම එක්සත් ජනරජ පෙරමුණ පෙරමුණේ ඉඳලා සටන් කරනවා.
ජනාධිපතිතුමා පෝස්ටර් එකක් ගහලා තියෙනවා ‘පුළුවන්’ කියලා. එතුමාට මොනවද පුළුවන් වෙලා තියෙන්නේ? එතුමා පුළුවන් බදු බරින්, ණය බරින්, ජීවන බරින්, ජනතාවගේ බෙල්ල හිර කරන්න. ජනාධිපති පුටුවේ ඉඳ ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න. මානව හිමිකම් කඩන්න. මුළු රට ම එපා කරපු, රටට ම එපා වෙච්ච ඒ කෑදර දේශපාලකයන්ගේ කපටි ආරක්ෂකයා වෙන්න පුළුවන්. මානවම්ම රජතුමා ගැන කතා කරන්න පුළුවන්. ‘පුළුවන්’ කියලා පෝස්ටර් ගහන්න පුළුවන්. නමුත් මේ ගම් රටවල් වල දේශපාලනය කරලා අපි ඇවිදලා බලන කොට පෙනෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලනය මේ ජනාධිපතිවරණයෙන් අවසන් වෙනවා. අවාසනාවකට ඒ පස්සේ බඩ ගා ගෙන යන අයගේත් කතාව එතනින් අවසන් වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ 3% පක්ෂයේ ඉඳලා ටිකක් ලොකු පක්ෂයක් වෙලා තියෙනවා. අනුර දිසානායකට ඔහුගේ පක්ෂයේ උදවියට මොනවද කරන්න පුළුවන්? දෙකයි කරන්න පුළුවන්. එකක් තමයි වෛරය, කෝපය, සාපය ද්වේෂය අනාගත පරම්පරාවේ ඔළු දක්වා පැල කරන ඒ දුෂ්ට දේශපාලනයේ පණිවිඩය ලස්සනට ගෙන පුළුවන් කමක් තිබෙනවා. තමන්ගේ ඉතිහාසයට මේ රටේ අධ්‍යාපනයේ, සුබසාධනයේ, රට සංවර්ධනය කරපු ඉතිහාසයට ඒ මේ රටට ලබා දීපු සියලු ම හොඳ දේවල් වලට ශාප කරන්න ඒගොල්ලො දක්ෂ වෙලා තිබෙනවා. ඒකට හොඳට ම දක්ෂයි. ඒ සාපයේ දේශපාලනය, දුෂ්ටත්වයේ දේශපාලනය මේ රටේ මිනිස්සු වැළඳ ගන්නේ නෑ. ඒවා නිකන් අර අල කොළ උඩින්, වතුර බිංදු යනවා වගේ උඩින් ම යනවා. උරා ගන්නේ නෑ ඒ දේශපාලනය. මේ රටේ සංස්කෘතිය වෙනස්. මිනිස්සු හිතන පතන විදිය වෙනස්. දුෂ්ට බලවේග වලට තාවකාලික ජයග්‍රහණ ලැබෙනවා. සතා කවුද කියලා අඳුර ගත්තට පස්සේ හෙමින් අයින් කර ගෙන යනවා. දැන් මේ රටේ ගම්බිම් වල සිද්ධ වෙලා තියෙන්නේ මේකයි. ඒ දුෂ්ට දේශපාලනයේ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට කරන්න පුළුවන් දේ තමයි කවුරුත් මේ දවස්වල හැමෝම කියන කයිවාරු ගැහිල්ල. ලොකු කයිවාරුවක්. අපේ අපි මේක බලා ගෙන ඉන්න කොට අනුර හොඳට ම කයිවාරු ගහන්නේ පිටරටවල් වල ගිහිල්ලා පිට රටවල් වල ඉන්න ලාංකිකයෝ මුණ ගැහිච්ච වෙලාවල් වලට ඒ පිටරටවල් වලත් ඉන්නවා ලාංකිකයෝ ටිකක් අර හැදුණා හොඳ කරන්න බැරි ලෙඩක් තියෙනවා ඒක තමයි දියුණු ධනේශ්වර රටවල් වල ඉඳලා කොහොම හරි ගිහිල්ලා ඒ රටවල් වල පදිංචි වෙලා මේ රට සමාජවාදී කරන්න ලෑස්ති වෙන කණ්ඩායමක් ඉන්නවනේ ආන්න ඒ කට්ටිය ඉස්සරහ ගිහිල්ලා කයිවාරු ගහනවා එයා ගහපු කයිවාරුවත් මොකක්ද මේ රටේ ගෙවන්න තියෙන ණය මුදල. මහ සොච්චමක්. මං ඕක ආවා ම ගෙවලා දානවා කියලා කිව්වා. මතකයි නේද එංගලන්තෙට ගිහිල්ලා කොහෙද කිව්වා?
දේශපාලනයේ දී විතරක් නෙමෙයි හැම තැනක දි ම අපි බලන්න ඕනේ මිනිස්සු කියන වචන නෙවෙයි. මිනිස්සුන්ගේ භාවිතාව දිහා බලන්න ඕනෙ. සමගි ජන සන්ධානය වටා එකතු වෙලා තිබෙන්නේ. කයිවාරු වලින්, බොරු වචන වලින් නෙවෙයි. වැඩ පෙන්නලා, වැඩ කරලා මේ රටේ ජනතාව ජනතාවගේ නිදහස දිනා ගත්ත නායකයෙක් සහ නායක කණ්ඩායමක්. පාඨලී චම්පික රණවක මැතිතුමා ආණ්ඩු පක්ෂයේ ඉන්න කොට කරපු වැඩ ගැන ආය කතා කරන්න දෙයක් නෑ. මේ රටම දන්නවා. එතුමගේ හතුරෝවත් කියන්නේ නෑ. ඒවා නෑ කියලා. රටටයි වැඩ කළේ. මේ රට ආදායම් උපද්දවන්නේ කොහොමද? රට දියුණු කරන්නේ කොහොමද කියන දැනුම එතුමා හදලා දුන්නා. අද මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් හොඳ ම දේශපාලන නායක කණ්ඩායමක් වැඩ කරලා පෙන්නපු කණ්ඩායම, වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නපු කණ්ඩායම නිවැරදි දර්ශනය, දැක්ම, ප්‍රායෝගිකත්වය තියෙන කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. 21 වෙනිදා මේ ජනාධිපති ධූරයත් එක්ක රට ආපහු අඳුරට යන්නේ නෑ. රටට මේ කළු වලාව මැද්දෙන් අලුත් රිදී රේඛාවක් රිදී ඉරක් පායනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ නියත ජනාධිපති ධුරයත් සමග. බලංගොඩ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය ඉහළින් ම ඔසවන ආසනය. එහෙම නෑ කියලා අර ප්රචාරක හොරණෑව කියා ගෙන යනවා. රටේ එහෙමත් එහෙමයි. මේ කොළඹත් එහෙමයි. හැම තැනක ම එහෙමයි.”
සමුළුවේ පිළිගැනීමේ කතාව එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා විසින් සිදු කරන ලද අතර, බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක තිහගොඩ භද්දිය නාහිමියෝ අනුශාසනාවක් සිදු කළ හ. එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, කෝට්ටේ ආසනයේ ප්‍රධාන සංවිධායක රජික කොඩිතුවක්කු, උප සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණේ වෘත්තීය සමිති ප්‍රධානී තමරා දයානි මහත්මිය ද සමුළුව ඇමතූහ. මහා සංඝරත්නය, ආගමික නායකයින්, එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සහ ජාතික සභාව නියෝජනය කරන නිලධාරීන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව සිටිය හ.

රනිල්ගේ ‘පුළුවන් ශ්‍රී ලංකාවේ’ ඉන්නේ කවුදැයි පාඨලී පෙන්වා දෙයි.
• රට බංකොලොත් වුනාට පස්සේ රනිල් කළේ සෑම දේකටම බදු ගහපු එක. මේ රටේ ජාවාරම්කාර පන්තියට කිසිසේත්ම අත තිබ්බේ නෑ. • රනිල්ගේ ‘පුළුවන් ශ්‍රී ලංකාවේ’ ඉන්නේ කවුදැයි පාඨලී පෙන්වා දෙයි.
රට බංකොලොත් වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළේ සෑම දෙයකට ම බදු ගැසීම පමණක් බව ද, රටේ ජාවාරම්කාර පන්තියට කිසිසේත්ම ඔහු අත නො තැබූ බව ද, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඊයේ (09) මහනුවර දී පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන ජන හමුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;
“ලබන 21 වෙනිදට ඔබට තියෙන්නේ, අවුරුදු පහකට ජනාධිපති කෙනෙක් තෝරන තරඟයක්ම නෙවෙයි. ඔබේ ඊළඟ පරම්පරාව ඉදිරියට ගෙනයනවද? නැවත වතාවක් මේ රට බංකොලොත් කරලා 2022 වගේ අඳුරු යුගයකට මේ රට ගෙනියනවද කියන ප්‍රශ්නෙ තමයි ඔබ ඉදිරියේ තියෙන්නේ. අද සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් වෙලා තියෙන්නේ වැදගත් විධිමත් වැඩපිළිවෙළක් එක්කයි. මේ රට බංකොලොත් වුණාට පස්සේ ඒ බංකොලොත් භාවයට පත්වෙච්ච වගකිවයුත්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුණේ නෑ. එතුමා කළේ සෑම දේකටම බදු ගහපු එක. කිරිපිටි සීනි වලට බදු ගහපු එක, පෙට්‍රල්, ඩීසල් වලට බදු ගහපු එක, විදුලි බිලට බදු ගහපු එක තමයි ගරු රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ. ඒ ඇරෙන්න මේ රටේ ජාවාරම්කාර පන්තියට කිසිසේත්ම එතුමා අත තිබ්බේ නෑ. අද මේ රටට පෙට්‍රල් ගෙන්වන්නෙ රු. 195ට, විකුණන්නේ 327 ට. ඉතුරු ටික රනිල්ගේ බදු. මෙරටට ඩීසල් ගෙන්වන්නෙ කීයටද? රු. 201 ට, විකුණන්නේ කීය ද? 307 ට. ඉතුරු ටික මොනවද? රනිල්ගේ බදු. ඔබ සියලු දෙනා ම පසුගිය මාස අට ඇතුළත විදුලි බිලෙන් විතරක් රු. 20,000ක් වැඩිපුර රනිල් වික්‍රමසිංහට දීලා තියෙනවා. එතුමාගේ මේ ක්‍රියාවලිය තුළ, මේ රටේ දුප්පත් ජනතාවගේ පිටි කිරි වලට සීනිවලට, පාන් පිටි ටිකට, ලොකු ළූණු ගෙඩියට මේ හැමදේකටම විශේෂ බදු ගහලා තමයි අද මේ බර අපේ ජනතාව මත පටවලා තියෙන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලත් කළේ මොකක්ද? මේ රටේ වැඩ කරන ජනතාවගේ හිස මත ඒ බර දාලා ධන කුවේරයෝ රැකපු එක. එතුමාගේ පුළුවන් ශ්‍රී ලංකාවේ කවුද ඉන්නේ? වංචාවෙන් කෝටි ගණන් හොයලා මේ රටට ආපු සංචාරකයෝ ටික අතරමං කරපු හොරු රැල. ඉමොග්ලබීන් වගේ ඒ ඖෂධ ගෙනෙල්ලා රටේ ජනතාව මරවලා, ඖෂධ මාෆියාවෙන් කෝටි ගණන් හොයපු අය. අද අපේ දරුවන්ට රට යන අවස්ථාව නවත්තලා ඊ - වීසා කියලා තව ජාවාරමක් කළා. ඒ ජාවාරමෙන් කෝටි ගණන් හොයන්න හිතා ගෙන හිටියා. ජාවාරම්කාරයෝ ටික තමයි පුළුවන් ශ්‍රී ලංකාවේ ඉන්නේ.
ඒ නිසා අපි ඔබෙන් ඉල්ලනවා මේ රටේ අපේ ජනතාවට අද අවශ්‍යයි සහනය. ඒ සහනය එන්නේ මෙතනින්. ඔබගේ හිස මත තියෙන මේ සහ ගහන තෙල් බදු අයින් කරලා ලබන 22 වෙනිදට ඒ සහනය සජිත් ප්‍රේමදාස ලබා දෙනවා. රනිල් වික්‍රමසිංහ ඔබගේ හිස මත පටවලා තියෙන දැවැන්ත බදු සහිත ලයිට් බිල අපි ඉවත් කරලා ඔබට ඒ විදුලි බිලේ සහනය ලබා දෙනවා කියලා අපි පොරොන්දු වෙනවා. මේක කටකතාවට කියන එකක් නෙවෙයි. මෙතනම තිබ්බ අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ රැස්වීම එදා අපි කිව්වා මහින්ද රාජපක්ෂගේ සහ ගහන තෙල් බදු අයින් කරනවා. මහින්ද රාජපක්ෂගේ සහ ගහන විදුලි බිල අයින් කරනවා කියලා. අපි කළා නේද? අපි කරලා දුන්නා ඒ වගේ ම පෙට්‍රල්, ඩීසල්, විදුලි බිල අඩු කරලා ඔබට සහනය දුන්නා නේද? ඒ සහනය නැවත වතාවක් මේ සැමට ජයක් වැඩපිළිවෙළ යටතේ ඔබට ලබා දෙනවා. මේ රටම වෘත්තීයවේදීන්ගේ කාන්තාරයක් බවට පත් කළා මේ 36% බද්දෙන්. අද ඒ බද්ද එතුමන්ලාගේ ඉල්ලීම මතම 24%ට ගෙනල්ලා. මේ රටේ වෘත්තීයවේදීන් රකින්න සජිත් ප්‍රේමදාස පොරොන්දු වෙලා තියෙනවා. එතකොට අපෙන් අහනවා ඔය ජාතියේ පඩි වැඩි වීම්, හැම දුප්පත් පවුලට ම 20,000 ගානෙ දෙන්න, සහන ලබා දෙන්න විදුලි බිලට තෙල් මිලට බදු අයින් කරලා, කොහෙන්ද සල්ලි? සල්ලි අච්චු ගහන්න ද යන්නේ? තව බදු ගහන්න ද යන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ ලබන අවුරුද්දේ තව බදු දෙකක් ගේන්න සැලසුම් කරලා තියෙනවා. එකක් වස්තු බද්ද.
ඉතිහාසයේ පළමු වෙනි වතාවට, කිසිම අපේක්ෂකයෙක් ඉදිරිපත් නො කරපු, අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා, ඩිජිටල්, යටිතල පහසුකමක් අපි ඔබට ලබා දෙනවා. ඒ අනුව කාසි, කොළවලින් තොර ව සියලු දෙනාට ම ගනුදෙනු කරන්න වෙනවා. සියලු දෙනාගේ ම ආදායම් වියදම් පේන්න පටන් ගන්නවා. මෙච්චර කාලයක් හංගපු සල්ලි එළියට ගන්න වැඩපිළිවෙළක් අපි ඇති කරලා තියෙනවා. ඔබේ ජංගම දුරකථනය හරහා සියලු ගනුදෙනු කරන්න පුළුවන් යුගයක් අපි ඇති කරලා, ජාවාරම්කාරයින්ගේ හංගපු සල්ලි එළියට අර ගෙන දෙගුණයක් කරන වැඩපිළිවෙළක් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරලා තියෙනවා.
ඔබේ සියලු ම අනන්‍යතා, ඔබේ හැඳුනුම්පත, ඔබේ ලයිසන් එක, ඔබේ ඔප්පුව, ඒ වගේ ම ඔබට අයිති ඒ සියලු ම දේ අස්වැසුම, සමෘද්ධිය, ඔබේ බැංකු ගිණුම, ඔබේ ජංගම දුරකථනයට අපි ගේනවා අවුරුදු දෙකක් ඇතුළත. පොලිස් රාළහාමිලා අත දාලා, දඩ කොළ ලියපු යුගය ඉවරයි. කෙළින්ම අපි එකෙන් දඩේ ගෙවා ගෙන යනවා, හොඳයි නේද? අස්වැසුම් සමෘද්ධිය එනවා. ඔබේ දුරකථනයට ආයි බැංකු පස්සේ බැංකු කළමනාකාරයෝ පස්සේ යන්න ඕන නෑ. සමෘද්ධි නියාමකලා පස්සේ යන්න ඕන නෑ. කෙළින්ම 20,000 එන්නේ ඔබේ දුරකථනයට. ඒක දුරකථනයෙන් ම තමයි කඩේට ගිහිල්ලා වියදම් කරන්නේ. ඒ යුගය අපි ගේනවා මිත්‍රවරුනි මේ රටට. ඒ යුගය ගේන්න අනුර දිසානායකට බෑ. රනිල් වික්‍රමසිංහට බෑ. ඒ යුගය ගේන කණ්ඩායම ඉන්නේ මෙතන සමගි ජන බලවේගයේ.
දැන් අනුර දිසානායක මහත්තයා කියාගෙන යනවා 76 අවුරුද්දක සාපයක් ගැන. එතුමා කොහෙද? තඹුත්තේගම. එතුමාගේ වයස කීයද? අවුරුදු පනස් පහට වැඩියි. මේ රට නිදහස ලබන කොට මේ රටේ ආයු කාලය අවුරුදු පනස් හතරයි. මටත් පනස් පහට වැඩියි. මෙතන ඉන්න බහුතරයකට පනස් පහට වැඩියි. එහෙම නම් අපි මෙලහකට වල පල්ලේ මේ රටේ නිදහස් සෞඛ්‍ය ඇස් ඒ වික්‍රමසිංහ මහත්තයලා මේ රටට ගෙනාවේ නැත්නම් අනුර දිසානායකට අනුව ඒගොල්ලෝ ඔක්කොම ද්‍රෝහියො. ඒගොල්ලෝ ඔක්කොම හොරු. ඒගොල්ලෝ ඔක්කොම ජඩයෝ. අනුර දිසානායක මහත්තයා ගියේ තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයට. සල්ලි අය කළා ද? නෑ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තෙ, අපි ඉගෙන ගත්තෙත් නිදහස් අධ්‍යාපනයෙන් ඒක ගෙනාවේ කවුද? එක්සත් ජාතික පක්ෂයෙන් ආපු එදා ඒක ගෙනාවේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ඒ. රත්නායක. අනුර දිසානායකට අනුව නම් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගරලත් හොරු, වංචනිකයෝ, ජඩයෝ ඒ වගේම මේ රටේ නැගෙනහිර පළාතේ විශාල වශයෙන් තිබිච්ච කැලෑ එළි කරලා, ගල් ඔය ව්‍යාපාරය, පදවි ව්‍යාපාරය, මින්නේරිය ආදිය ඉදි කරලා, මහ ගොවිජනපද හැදුවේ ඩී. එස්. සේනානායක, සී. පී. ද සිල්වා. තාම එතුමන්ලාට පොළොන්නරුවේ කියන්නේ මින්නේරි දෙවියෝ කියලා. අනුර දිසානායකට අනුව නම් උන් ඔක්කොම හොරු, උන් ඔක්කොම ජඩයෝ. තඹුත්තේගම මහවැලි එච් කලාපයෙන් බෝවතැන්නෙන් වතුර හරවලා පොල්ගොල්ලෙන් ගෙනිච්ච වතුරෙන් තමයි තඹුත්තේගම නගරය හැදුවේ. කවුද කලේ? මෛත්‍රීපාල සේනානායක මහත්තයා. මහපොළ ශිෂ්‍යත්වය ගෙනාවේ ගරු ලලිත් ඇතුලත්මුදලි. මෙයාට අනුව නම් ඒ ඇතුලත්මුදලිත් හොරෙක්, වංචනිකයෙක්, ත්‍රාඩයෙක්. අපි පිළිගන්නවා මේ රටේ වංචනිකයෝ ඉන්නවා ත්‍රාඩයෝ ඉන්නවා දේශපාලනයේ. දඬුවම් ලැබිච්ච නැති අය ඉන්නවා. රට බංකොලොත් කලත් දඬුවම් නොලැබිච්ච අය ඉන්නවා. හැබැයි මතක තියාගන්න, මේ රටේ තුවක්කු දේශපාලනයක් 88-89 ගෙනෙල්ලා වැදගත් මිනිස්සුන්ට ඉල්ලා අස්වෙන්න කියලා දේශපාලනයෙන් තුවක්කු ගන්න පිරිසක්, පාදඩයෝ පිරිසක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් යැපෙන පිරිසක්. දේශපාලනයේ උඩට ගෙනාවේ අනුර දිසානායකලාගේ දේශපාලනයෙන් ම තමයි. මේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන්, මේ රටේ සුද්ද කරන්න වැඩපිළිවෙළක් යෝජනා කරලා තියෙනවා.
අනුර දිසානායක කියනවා; අපි ආවාම විශ්‍රාම වැටුප නෑ. අපි ආවා ම නිල නිවාස නෑ මන්ත්රීලාට, අපි ආවා ම වාහන නෑ. අපි දේශපාලනය සුද්ද කරනවා කියලා. මේගොල්ලෝ හිතේ අපි මැරිලා ඉපදිලා කියලා. 2000 දි කිව්වෙත් ඕකම තමයි. අනුර දිසානායක 2000 දි කිව්වෙත් අපි පාර්ලිමේන්තුවට යන්නේ පක්ෂයෙන් දෙන වාහනෙන් කියලා. එදා කිව්වේ අපි පාර්ලිමේන්තුවේ බත් මුල ඔතා ගෙන යනවා කිව්වා. ඒ වගේම කිව්වා වාහන අපි ගන්නේ නෑ. නිල නිවාස ගන්නේ නෑ කියලා. දැන් ඒවා එකක් වත් කළා ද? පාර්ලිමේන්තුවේ නිල නිවාස ගත්ත, පාර්ලිමේන්තු කාපු, මේ කට්ටිය ගේ මේ බේගල් වලට විතරක් නැවත වතාවක් අහු වෙන්න එපා. 24 අවුරුද්දකට පස්සේ කියන පරණ කතාවට උත්තරයක් සජිත් ප්‍රේමදාස මහත්තයා දීලා තියෙනවා. මොකක්ද? සියලු ම මැති ඇමතිවරුන්ට ඉලක්ක ලබා දීලා, ඒ ඉලක්ක අනුව වැඩ කරන්න, ප්‍රගති වාර්තාවක් ඒ ප්‍රගති වාර්තාව ප්‍රසිද්ධ කරන්න එතුමා යෝජනා කරලා තියෙනවා. ඒ අනුව සෑම ඇමතිවරයෙකුට ම ඉස්කෝලේ ළමයාගේ රිපෝට් කාඩ් එක වගේ ඔබේ අතට පත් වෙනවා. සෑම ඇමති, මන්ත්‍රී කෙනෙක්ගෙම ලකුණු ටික ඔබට බලා ගන්න පුළුවන්. ඒක හොඳයි නේද? ඒ අනුව ඔබ තමුන්නාන්සේලාට මනාපයට ආයි එක, දෙක, තුන ගහන්න දෙයක් නෑ. තීරණය වෙන්නේ ප්‍රගති වාර්තාවෙන්. හොඳට වැඩ කරන අයට එක නිල නිවාස නෙවෙයි, නිල නිවාස දෙක දෙනවා. හොඳට වැඩ කරන අයට එක නෙමෙයි එක දෙනවා. හැබැයි වැඩ නො කරන අයට ඒ කිසිවක් නෑ. එවැනි ගුණාත්මක වෙනසක් ලංකා දේශපාලනය කරන්න ලබන 21 වෙනිදා ට සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස දිනවන්න.”
සමගි ජන සන්ධානයේ විජයග්‍රාහී මහනුවර ජන රැළිය සඳහා සන්ධානයේ නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Digital Public Infrastructure (DPI) තුළින් ජනතාවට ස්වයං නිර්ණ අයිතිය..!
• Digital Public Infrastructure (DPI) තුළින් ජනතාවට ස්වයං නිර්ණ අයිතිය..! • පාඨලීගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා වාර්තාව සභාගත කරයි. • දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු ආදායම් එකතු කිරීමේ සැළකිය යුතු ප්‍රගතියක්. අපේක්ෂිත ආදායමෙන් 44% ක් පළමු මාස 6 තුළ..! එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව අගෝස්තු 21 සභාගත කෙරිණ. පාර්ලිමේන්තුව අමතමින් එම අවස්ථාවේ අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා; “ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට අපි සභාගත කරනවා. විශේෂයෙන්ම කරුණු කිහිපයක් මම අවධාරණය කරන්න කැමතියි. අපි මේ පලවෙනි මාස 6 ඇතුළත රාජ්‍ය ආදායම් පිළිබඳ ඉලක්ක සලකා බැලූ කල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් රේගු දෙපාර්තමේන්තුවත් ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවත් රුපියල් බිලියන 1680.2 ක් එනම් අපේක්ෂිත ආදායමෙන් 44% මේ පළවෙනි හය මාසය තුළ උපයලා තියෙනවා ඒකෙ යම්කිසි සැලකිය යුතු ප්‍රගතියක් තිබෙන බව පෙනී යනවා ඒ කාරණා නිරීක්ෂණය කිරීමේදී. පසුගිය වසර තුළ රුපියල් බිලියන 978 ක් බදු අය නොකර බදු සහන ලබාදීම නිසා අහිමි වුණා විතරක් නෙවෙයි තවත් රුපියල් ට්‍රිලියනයකට වැඩි මුදලක් බදු අයකර ගැනීමට නොහැකිව තිබුණා. ඒ අනුව අප විසින් කරන ලද නියෝගයකට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ හිඟ බදු අයකර ගැනීම සඳහා බැංකු ගිණුම් අත්හිටවීමේ නියෝග නවසීයක් පමණ නිකුත් කර තිබෙනවයි කියලා වාර්තා කරලා තිබෙනවා. මේක ඉතාමත්ම අවශ්‍යතාවයක්, මේ හිඟ බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය. ඒ වගේම වසර දහඅටට වැඩි වැඩිහිටියන් මිලියන දාහතක් ඉන්නවා. ඒ දාහත සඳහා Tin නොම්මර නිකුත් කිරීම සඳහා විධිමත් ක්‍රියාවලිය තිබුන්නෑ. නමුත් මේ වන විට එයින් මිලියන පහක් පමණ Tin නොම්මර නිකුත් කර තිබෙන බව වාර්තා කරලා තියෙනවා. තවත් මිලියන දොළහක් Tin නොම්මර නිකුත් කිරීමට තිබෙනවා. ඒකත් අපි මේ වසර අවසන් වෙන්න පෙර සිදු කරන ලෙස නියෝග කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒකෙ යම් සාර්ථකත්වයක් තියෙනවා. එහි තියෙන එකම අඩුපාඩුව තමයි මේ Tin නොම්මර ඩ්‍රයිවින් ලයිසන් එක, ඒ වගේම අපේ අනෙකුත් රජයේ අවශ් යතා සඳහා පාවිච්චි කරන අපේ අනන් යතා අංක වලට පොදු සාධකයක් නෑ ගරු කතානායකතුමනි. ඒ නිසා ඒ පොදු සාධකය හැටියට අපගේ හැඳුනුම්පත් අංකය පාවිච්චි නොකළොත් අපට අනාගතයේ මේ කාර්යයන් කිරීම සඳහා රාජ්‍ය ඩිජිටල්කරණයට ලොකු බාධාවක්, මෙවැනි ආයතන වෙන වෙනම අංක ලබාදීම නිසා. මේ ටින් අංකයත් එක්කම අපගේ හැඳුනුම්පත් අංකය ඒකාබද්ධ කරන හැටියට අපි දැනුම් දීලා තියෙනවා. අපි රේගු බදුවල කරුණු තුනක් වැරදි ඉන්වොයිස්කරණ නිසා ඇතිවෙන ප්රශ්නය ගැන කරුණු තුනක් හඳුනාගෙන තියෙනවා. ඒක ඌණ ඉන්වයිස්කරණය (Under Invoicing) අධි ඉන්වයිස් කරණය (Over Invoicing), අදෘශ්‍ය ඉන්වොයිස්කරණය (Ghost Invoicing) ඒ කියන්නේ හොයාගන්න කෙනෙක් නෑ. බදු ආදායම් හොයන්න කෙනෙක් නැහැ. මෙන්න මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ඔබතුමාගේ අවධානය සඳහා මම කියන්න ඕනේ රටට ගෙන්වන භාණ්ඩ වලින් විශේෂයෙන්ම ආහාර භාණ්ඩ වලින් 25-25 නැමැති තාවකාලික පදනම යටතේ තමයි 65% ගෙන්නන්නේ. ඒ අයගෙන් බදු අය කිරීමක් හෝ වෙනත් කිසිම ආකාරයක ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත්, රේගු දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා තියෙනවා. මේ 25-25 ක්ෂේත්‍ර යටතේ ඒ කාලයේ ආහාර හිඟයක් තිබුණා, ඩොලර් හිඟයක් තිබුණා. ඒ අවස්ථාවේ ඒක යුක්තිසහගත කරගන්න පුළුවන්. නමුත් දැන් ඒක මග ඇරලා කටයුතු කරන හැටියට ඒ සඳහා අර හත්දාහ කාණ්ඩයෙන් පමණක් ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය ගෙන්වීමට අවසර දෙන ලෙස කියලා තියෙනවා. මොකද මේ නිසා රටට අහිමි වෙන ප්‍රමාණය ඩොලර් බිලියන හතරක් වාර්ෂිකව. ඒක අපගේ ගෙවුම් ශේෂ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්. මේ ප්රශ්නය අපි හරියට අල්ල ගත්තොත් අපිට මේ රටේ ඩොලර් ප්රශ්නය විසඳා ගැනීමට අවශ්‍යතාව තිබෙනවා කියන එක අපි දැනගෙන තියෙනවා. ඒ වගේම මේ රටේ ප්‍රශ්නයක් මතු වුණා මේ රත්තරන් ගෙන ඒම ගැන. රේගු දෙපාර්තමේන්තුව මේ පිළිබඳ කටයුතු කරලා ව්‍යාපාරික දහ දෙනෙක්ගෙන් හය දෙනෙක් පමණ රත් රං ආනයනය පිළිබඳ කරපු පරීක්ෂාවෙන් ලබාගෙන තියෙන දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.2 ක්. තව බදු මුදල් අය කරගන්න තියෙනවා. ඒ වගේම දඩ මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය විධිමත්කරණය කිරීම නිසා රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ රුපියල් බිලියන 10 ක පමණ මේ වැඩි මුදලක් එකතු කර ගැනීමට සමත් වෙලා තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ අය නොකර ගන්නා ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 7.9 ක්. ඒකෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම රුපියල් බිලියන 3.447 ක්. ඒ වගේම වයඹ ඩිස්ටිලර්ස් රෝයල් සිලෝන් සමාගම, රු. මිලියන 560ක්. වයඹ ස්ප්‍රීතු සමාගම රු. මිලියන 281 ක්. ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් රු. බිලියන 1.148 ක්. ක්, මැකලම් බෲවරීස් රුපියල් මිලියන 619 ක්, කළුතර සමූපකාර ඩිස්ටීලර්ස් රුපියල් මිලියන 17 ක් හැටියට තියෙනවා. ඉතින් මේ නිසා අපි මේ අයට නිරන්තරයෙන්ම දැනුම් දුන්නා මේ අයගේ බලපත්‍ර නතර කරලා මේ බදු මුදල් අයකර ගැනීමට ක්‍රියා කරන්නයි කියලා. නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව කියනවා මුදල් අමාත් යාංශයෙන් නිශ්චිත නියෝගයක් මේ සඳහා පැනවිලා නැති නිසා ඒ කටයුත්ත කරන්න බැරි බව. නමුත් අපි දන්නවා ගිය වසරේ නොවැම්බර් මාසේ මේ කටයුත්ත තාවකාලිකව කලහම බදු මුදල් එකතු වීම විධිමත් වුණා. විධිමත් වීම නැවත නතර වුණේ මේ බදු මුදල් ආයතන කිහිපයක් පැහැර හරිනවා. සුරාබදු නිෂ්පාදකයින්. ඒ පැහැර හැරීම නිසා අනික් අයත් බදු ගෙවන්නට අපොහොසත් වීම කියන කාරණය. ඒ වගේම අපි අතිශය වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි මේ රාජ්‍ය සඳහා පොදු ඩිජිටල් පහසුකමක් සැපයීම. ඒ කියන්නේ Digital Public Infrastructure (DPI) එකක් ගැන යෝජනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මොකද අපේ අවට කලාපයේ රටවල් හැම එකම මේක කරලා තියෙනවා. විශේෂයෙන්ම මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා අද හුඟක් දෙනෙක් භෞතික යටිතල පහසුකම ගැන පාරවල්, වරායවල්, ගුවන් තොටුපලවල්, නැව්, නාවුකාංග, මේවා ඉදිකිරීම ගැන කතා කරනවා. නමුත් ඉතා අඩු මුදලකට මේ පොදු ඩිජිටල් පහසුකම ලබා දෙන්න පුළුවන් නම්, අපේ රටේ DPI ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්, අපට රාජ්‍ය අංශය කාර්යක්ශම කරගන්නත් පුළුවන්, මහජනයා බලාත්මක කරන්නත් පුළුවන් ඒ වගේම මහජනයාට තමන් ගෙවන මුදල සාධාරණද කියලා දැනගන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙනවා කුළුණු තුනක්. එකක් තමයි ප්‍රසම්පාදන කුළුණ. ආහාර කීයටද ගේන්නේ? තෙල් කීයටද ගේන්නේ? ගල් අඟුරු කීයටද ගේන්නේ? පොහොර කීයටද ගේන්නේ? ඖෂධ කීයටද ගේන්නේ? කීයටද විකුණන්නේ කියන එක පිලිබඳ විවෘත වේදිකාවක් තනන්න කියලා. එමගින් මහජනයාට දැනගන්න පුළුවන් තමන් ආහාරවලට ගෙවන මිල කුමක්ද කියන එකත්, ඒ වගේම පාරිභෝගික අධිකාරියට ඒක පාලනය කිරීමේ හැකියාවත් ලැබෙනවා. දෙවෙනි එක තමයි රජයේ බලපත්‍ර, උප්පැන්න සහතික, මරණ සහතික, හැඳුනුම්පත් සහතික, එහෙම නැත්නම් අපේ ඔප්පු, මේ යන ආදී සියලුම දේවල් ඩිජිටල් වේදිකාවක් මතට ගැනීම විසින්, සෑම කෙනෙකුටම භාෂා භේදයෙන් තොරව අද මේ රටේ දෙමළ භාෂාව කතා කරන අයට විශේෂ ප්‍රශ්න තියෙනවා කියනවා, සිංහල භාෂාව කතා කරන අයට විශේෂ ප්‍රශ්න කියලා තියෙනවා. නමුත් මේ තුළින් ජනතාවට බොහෝ දෙනෙක් ඉල්ලා හිටපු ස්වයං නිර්ණ අයිතිය තමන්ගේ පැවැත්ම තමන්ට සහතික කරගෙන ඕනෑම ආයතනයක් එක්ක ගනුදෙනු කිරීමේ අයිතිය, ඒ ස්වයං නිර්ණ අයිතිය ලැබෙනවා. මේ DPI එක අපි හරියට නිවැරදිව ක්‍රියාත්මක කළොත්. තුන්වෙනුව සියලුම ගනුදෙනු සියලුම ආකාරයේ ගනුදෙනු බුලත් විට කඩේ ගන්න ගනුදෙනුවේ ඉඳන් සියලුම ගණුදෙනු, ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මතට එකක් අපේ තක්සේරුව හැටියට රාජ්‍ය ආදායම් බදු වැඩි කිරීමකින් තොරව දෙගුණයකින් වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද බදු නොගෙවා ඉන්න පිරිසක් ඉන්නවා තමන්ගේ ආදායම වියදම නොදන්න. මේ ක්‍රියාවලිය හරහා ඒකත් කරන්න පුළුවන් කියන එක අපි දැනගෙන තියෙනවා. ඒ වගේම මේකේ අවසාන ඉලක්කය හැටියට ඊ රුපියල හඳුන්වා දෙන තෙක් ගමන් කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා මේ තමයි අපගේ මූලික කාරණා ටික. ඉතාම වැදගත් නිර්දේශ ගණනාවක් තියෙනවා. පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීමත්, පාරිභෝගික අයිතිය තහවුරු කරගැනීමත්, රාජ්‍ය සේවාවන් ලබාගැනීමට මහජනයාට තියෙන අයිතිය තහවුරු කරගැනීමත්, බදු පැහැර හැර සිටින, බදු ගෙවීමට හැකියාව තියෙන අය, බදු දැලට ළඟා කරගැනීම සඳහා වෙච්ච තාක්ෂණික ක්‍රියාදාමයක්, ඒ වගේම, නීතිමය වශයෙන්, ඒ ක්‍රියාවලිය පහසු කරවන ක්‍රියාදාමයක් අපි යෝජනා කර තිබෙනවා.”
අර්ථ ඇත්ත අය වැය, ණය වැය හා ‘හූර’ සරදියෙල්..
2022 අය වැය - පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම ඉබ්බාට පියාසර කිරීමත් රාජපක්ෂලාට රාජ්‍ය පාලනයත් කළ නොහැක. _________________________________________ අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ? ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුද ගණනාවක හිණිපත්තේ සිටිනා බව නොරහසකි. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ගත් ණය ඇයට ගෙවිය නොහැකි වනු ඇතැයි වැදගත් ජාත්‍යන්තර ආයතන කිහිපයක් දැනටමත් පුරෝකථනය කර ඇත. රටේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන සෘණ 3.6 කි. ආර්ථික කළමණාකරණයේ මර්මස්ථානයක් වන මහ බැංකුව ඇතුළුව සමස්ථ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය අවිනිශ්චිතය. ඉහළ යන ජීවන වියදම හා කිරිපිටි, සීනි, ගෑස් හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය ජනතාවට විශාල පීඩනයක් එල්ල කර ඇත. ගොවිබිම්, පොහොර හා රසායනික, බීජ නොමැතිව අරගල බිම් බවට පත්වෙමින් පවතී. සිමෙන්ති හා යකඩ හිඟය විසින් ඉදිකිරීම ක්ෂේත්රය අර්බුදයට යවා ඇත. තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අත ළඟය. මෙවැනි අර්බුද රැසක් හමුවේ ඉදිරිපත් කරන ලද මෙම අයවැය (2022) මෙම ප්‍රශ්න කිසිවක් හඳුනාගත් බවක් නොපෙනේ. එසේ නැතහොත් වෙනත් ග්‍රහලෝකයක සිට වෙනත් රටක් සඳහා පිළියෙළ කළ බව පෙනී යයි. ජීවන බරෙන් පෙළන ජනතාවට හෝ ණය බරෙන් පෙළෙන රටට කිසිඳු මඟපෙන්වීමක් අය වැයෙන් ලැබී නොමැත. පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදය හා ණය අර්බුදය විසඳීමට විධිමත් යෝජනාවක් ඉදිරිපත් කර නොමැත. රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ඇති අවිනිශ්චිතභාවය කිසිම ආකාරයකින් සැලකිල්ලට ගෙන නැත. අය වැයේ ප්‍රධානම වියදම් කේන්ද්‍රය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන ජාවාරම්කරුවන් අතට මුදල් ලබාදී ඊළඟ මැතිවරණයට ඔවුන් සූදානම් කිරීමේ වෑයමයි. රජයේ නව වියදම් යෝජනාවල අදාල ප්‍රතිපාදන වලින් තුනෙන් එකක් වෙන්කර ඇත්තේ මේ වැඩපිළිවෙළ වෙනුවෙනි. ආර්ථිකය කළමනාකරණය කරගත නොහැක්කේ රජයේ සේවකයන් නිසාද? එමෙන්ම ආණ්ඩුව තමන්ගේ වරද වසා ගැනීමට රාජ්‍ය සේවකයින්ට අපහාස කරමින් ඇත. මුදල් ඇමතිවරයා රාජ්‍ය වියදම පිළිබඳ සාකච්ඡා කිරීමේදී රජයේ සේවකයින් රජයට දරාගත නොහැකි බරක් බවත්, තව වසරක් පමණ යනතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයේ මුදල් සෘජුව වෙන්කළ නොහැකි බවටත් ප්‍රකාශ කර ඇත. රාජ්‍ය සේවයේ නියුතු සියළු දෙනාම කාර්යක්ෂම නොවන, ජනතා මුදල් කාබාසිනියා කරන පිරිසක් බවට චෝදනාවක්ද එල්ල වී ඇත. 2006 හා 2020 කාලසීමාව තුළ සංඛ්‍යා ලේඛන බැලූ විට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 59% කින් වැඩි වී ඇත. එනම් 750,284 සිට 1,195,863 ක් දක්වා වැඩිවී ඇත. මෙම වැඩි වී ඇති සේවක සංඛ්‍යාවෙන් 86% ක් වැඩි වී ඇත්තේ මුදල් ඇමතිවරයා විවිධ තනතුරු දැරූ රාජපක්ෂ ආණ්ඩු සමයේය. 2020 වසරේ පමණක් නව ආණ්ඩුව 55,000 කින් රාජ්‍ය සේවය ප්‍රසාරණය වී ඇත. රාජ්‍ය සේවය භාණ්ඩාගාරයට බරක් නම්, එයට මුදල් ඇමතිවරයාද සෘජුව වගකිව යුතු බව පැහැදිළිය. බැංකු පද්ධතිය විනාශ කිරීම රටේ බැංකු පද්ධතිය අධි අවධානම් තත්ත්වයක පවතී. රජය දේශීය ණය හා විදේශ විනිමය වශයෙන් ගත් ණය නිසා බැංකු පද්ධතිය ණය බරෙන් පිරී ඇත. රජයේ විදේශ ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් (ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 02 ක්, ස්වෛරී බැඳුම්කර වලින් ඩොලර් බිලියන 02 ක්, අක්වෙරළ බැඳුම්කර වලින් ඩොලර් බිලියන 1.3 ක් ලෙස) බැංකු පද්ධතිය ඩොලර් ණයබරක හිර කර ඇත. එමෙන්ම භාණ්ඩාගාර සුරැකුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් බැංකු පද්ධතියේ ද්‍රවශීල වත්කම් ලෙස අන්තර්ගතවී ඇත. තවද, රාජ්‍ය ව්‍යවසායන්ට බැංකු පද්ධතිය හරහා ඩොලර් බිලියන 04 ක පමණ විදේශ විනිමය ලබාදී ඇත. මින් ප්‍රධාන වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන සෘණ 03 ඉක්මවා ගොස් ඇත. රජයේ ආදායම් වැඩිකර ගැනීමට තවත් බැංකුවලින් බදු අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය බැංකු පද්ධතිය අස්ථාවරත්වයට හේතුවන මරු පහරක් වනු ඇත. යෝජිත අධිභාර බද්ධ (Surcharge Tax), සමාජ සංරක්ෂණ දායක මුදල් හා එකතුකළ අගය මත බදු යන බදු තුනම සියළු ප්‍රධාන බැංකු වලට බරක් වනු ඇත. මෙයට අමතරව මහ බැංකුව විසින් බැංකුවල සංචිත වලින් 2% ක් තමන් සතු කරගැනීම නිසාද අයවැයට පෙරම බැකු පද්ධතියට අතිරේක බරක් එක් විය. 2019 ජනාධිපතිවරණයෙන්පසු ලබාදුන් බදු සහන පැකේජය අත්වැරැද්දක් බව පිළිගෙන එය නිවැරදිකිරීමට කටයුතු කරනවා වෙනුවට තවදුරටත් මේ රටේ බැංකු පද්ධතිය විනාශ කිරීමට දරන තැත රාජ්‍ය මූල්‍ය අස්ථායීකරණය වේගවත් කරනු ඇත. එමෙන්ම, 2022 වර්ෂයේ විදේශ ණය පියවීමට ඩොලර් මිලියන 750 ක් (අය වැයට අනුව) විදේශ වෙළෙඳපොළෙන් ලබාගැනීම පිළිබඳව ඇති බලාපොරොත්තුවද හීනයකි. අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට වැටී ඇති බුන්බත්වීමට ආසන්නයෙන් සිටින රටකට ණය ලබාදීමට ඉදිරිපත්වන ආයෝජකයන් වෙනත් ග්රහලෝකයකින් සොයාගත යුතුව ඇත. ලංකාවේ එතෙර බැඳුම්කරවල ද්විතීයක වෙළෙඳපොළේ ඵලදායී අනුපාතය / පොලී අනුපාතය 40% ඉක්මවා ඇත. මෙවැනි තත්ත්වයකට පාර කැපුවේ රජයේ අදූරදර්ශී ක්රියාප්රතිපත්තිය නිසා බව පැහැදිළිය. ඒ නිසාම ශ්‍රී ලංකාව අද ණය ආපසු ගෙවීමේ අධි අවදානම් තත්ත්වයට ගොදුරු වී තිබේ. VAT වෙනුවට පිරිවැටුම් බදු සමාජ සංරක්ෂණ දායක මුදල් නමින් පනවා ඇති බද්ද ආර්ථිකයේ දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරනු ඇත. පිරිවැටුම් බද්දක් ලෙස පනවා ඇති මෙම බද්ද ඕනෑම කර්මාන්තයක සෑම මට්ටමකදීම වර්ෂයට මිලියන 120ට වඩා පිරිවැටුම ඇති ව්‍යාපාර වලින් 'පිරිවැටුම' මත අය කරන නිසා භාණ්ඩ වල මිල VAT බද්දට වඩා ඉහළ දමනු ඇත. පිරිවැටුම් බද්දට සාපේක්ෂව VAT බද්දේ ඇති සාධනීය ගුණාංගයක් වන්නේ සෑම මට්ටමකදීම 'එකතු කළ අගය' මත පමණක් බදු අය කර ගැනීමයි. මෙම වාසිය නිසා අප්‍රිකානු රටවල් පවා VAT බදු ක්‍රමයට මාරු වී සෑහෙන කාලයකි. පිරිවැටුම් බදු පනවා අපි නැවත දශක දෙකක් බදු ක්රමයේ පසු පසට තල්ලු වෙමින් පවතී. එකක් කඩතොළු වසා ගන්නට ගොස් දෙකක් කඩතොළු ඇති කරගත් ඉඳුරුවේ ආචාරියා සේ VAT මහා ඝෝෂාවක් පවත්වා අඩු කොට නැවත පැනවීමට ඇති ලැජ්ජාව නිසා රජය පිරිවැටුම් බද්දක් අයකොට ජනතාව තවත් අමාරු වේ දමා ඇත. මෙවැනි අමන රාජ්‍ය මුල්‍ය තීරණ වලට උපදෙස් දෙන නිලධාරීන්ද ජනතා අධිකරණයකට පමුණුවා දඬුවම් දිය යුතුව ඇත. මීට අමතරව, රජයේ ප්‍රධානම බදු උපයා ගැනීමට අදාළ යෝජනාව වන මෙම පිරිවැටුම් බද්දට අදාළ බදු ප්‍රතිශතය වත් නිවැරදිව අය වැයට ඇතුළු කර ගැනීමට හැකි වී නැත. අය වැය කතාවේ 2.5% ලෙසත් ඇමුණුමෙහි 3% ලෙසත් මෙම බදු ප්‍රතිශතය දක්වා ඇත. රජයේ සහ මුදල් අමාත්‍යoශයේ නොහැකියාවට මීට වඩා සාක්ෂි අවශ්‍ය නොවේ. අය වැය යනු ඉලක්කම් විජ්ජාවකි. මීට පෙර අප කීපවරක් පෙන්වාදී ඇති ආකාරයට මෙවර අය වැය ද ඉලක්කම් විජ්ජාවකි. මුදල් ඇමතිවරයාට අනුව 2021 ට සාපේක්ෂව රජයේ මුළු ආදායම 46% කින් පමණ, එනම් රුපියල් බිලියන 723 කින් 2022 වර්ෂයේදී වැඩිවීමට නියමිතය. එය ඉතිහාසයේ නොවූ විරූ ආදායම් වර්ධනයක් වන අතර කිසිසේත් ළඟා කරගත හැකි ඉලක්කයක් නොවේ. යෝජිත ආදායම් යෝජනා වලින් සිදුවන්නේ රුපියල් බිලියන 333 ක් වැඩිවීම පමණි. එනිසා සියළුම යථාර්ථවාදී ගණන් කිරීම්වලට අනුව රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවීම සිදුනොවිය හැක්කකි. මීට අමතරව රුපියල් ට්‍රිලියනයකට ආසන්න යෝජිත රජයේ මුළු ප්‍රාග්ධන වියදමෙන් බිලියන 600 කට වඩා ආයෝජනය කිරීම රජයට කළ නොහැක. මේ අනුව ඉලක්කම් විජ්ජා පෙන්වා රට රැවටීමකට ලක්කරන උත්සාහය මුදල් අමාත්‍යාංශය වහා නැවැත්විය යුතුය. රටට අවශ්‍යව ඇත්තේ රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී නොවන විසඳුම් නොවේ. එමෙන්ම ඉලක්කම් විජ්ජාවලින් සුරංගනා කතා මවන ලෝකයක් ද නොවේ. අපට අවශ්‍ය වන්නේ මහ පොළොවේ ක්‍රියාත්මක කළ හැකි දිගුකාලීන ප්‍රමුඛතා හඳුනාගත්, ඒ සඳහා කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුම් ලබාදෙන, රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී, යථාර්ථවාදී අයවැයකි. රටේ නැතිවී ගොස් ඇති ආයෝජන විශ්වාසය දේශීය හා විදේශීය වශයෙන් ගොඩනැංවීමට හැකි වනුයේ එවැනි අයවැයකිනි. රාජපක්ෂවරුන්ට රට ගොඩනැංවීමට දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ දැනුමක් නොමැති බවට නැවත නැවතත් තහවුරුකොට අවසන්ය. දැන් අවශ්‍ය වනුයේ, දැනුම, බුද්ධිය සහ ජන දුක ගැන සහකම්පනය පෙරටුකරගත් කුසලතාවාදී පරපුරකට රට භාරදී එය නැවත ගොඩනැගීම පමණි. පාඨලී චම්පික රණවක
මහ බැංකුව ගිණිගනිද්දී මායා බෝංචි වැලේ රජදැක්ම තිරගත වේ.
මහා පොළොවට දැනෙන්නට පටන් ගෙන ඇති තාක්ෂණික කරුණු:-
• 1980න් පසු ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටමට කඩාවැටී ඇත.
• නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇත.
• දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක පවතී.
• බියගම ඇති මුදල් අච්චු ගසන සමාගම (De La Rue) මුද්‍රණ කටයුතු දිනපතා වාර්තා අළුත් කරයි.
ඉහත කී තාක්ෂණික කරුණු දැන් සාමාන්‍ය ජනතාවට ද මහපොළොවේ දැනෙමින් ඇත. පුරාජේරු කතා මඟින් සැඟවූ විදේශ මුදල් හිඟය - නැතහොත් ගෙවුම් ශේෂ අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය ක්‍රමයෙන් රට ගිලගනිමින් සිටිති.
ඖෂධ, පොහොර හා රසායනික, ගෑස්, තෙල්, ගල්අඟුරු වැනි දෑ වල සැපයුම අඛණ්ඩව පවත්වාගැනීමේ අපහසුවකින් බැංකු පද්ධතියත් ආණ්ඩුවත් පෙළෙමින් ඇත. කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම් රෝගීන් පීඩාවට පත්කර ඇති ඖෂධ හිඟය, පොහොර නැතිවීම නිසා රත්වී ඇති වැවිලි බිම හා ගොවිබිම පෙන්වා දෙන්නේ මේ අර්බුදයයි. වාර්තා ගත ලෙස ඉහළ යන ග්‍රීන් කාර්ඩ් අයදුම්පත් සහ විදේශ තානාපති කාර්යාල ඉදිරිපස ඇති දිගු පෝලිම් වලින් කියවෙන පණිවිඩය වන්නේ අපේ මව්බිම යන්න හිතෙන රටක් වී ඇති බවය. කෙටියෙන්ම කිව හොත් රට සමාජ අසහනයක එළිපත්තේ හිඳියි. මෙවැනි අවස්ථාවල පවත්නා ආණ්ඩු වල ඉරණම තීරනය වූ ආකාරය පිලිබඳ උදාහරණ ලෝක ඉතිහාසයේ ඇති තරම් ඇත.
ජැක් ගේ මායා බෝංචි වැල නොහොත් මහබැංකුවේ සයමසක ආර්ථික මාර්ග සිතියම
රටේ මූල්‍ය හා ආර්ථික කළමණාකාරීත්වයේ මර්මස්ථානයක් වන මහ බැංකුව බුන්බත් වීමට ආසන්න වෙමින් පවතියි. පක්ෂ දේශපාලනයේ මැදිහත්වීම විසින් ගිනිගන්නා මහ බැංකුව, යථාර්ථය සැඟවීමට මායා බෝංචි වැලක් අහසේ පෙන්වා දෙන ‘සයමසක මාර්ග සිතියමක්’ ඉදිරි පත් කොට ඇත. අර්බුදයක් පවතින බව පිළිගෙන එයට යථාවාදී විසඳුමක් ඉදිරිපත් කරනු වෙනුවට ‘රත්තරන් බිජු දමනා කිකිළියන් ගෙනඒමේ සැලසුම්’ ඔක්තෝම්බර් මස පළ වැනි දින ගෙන එන ලද මෙම යෝජනාවලියේ ඇතුලත්ය. එමෙන්ම ඉන්නා කිකිළියන් මරා දැමීමේ යෝජනාද මෙහි අඩංගු වේ.
මාස 06 ක් ඇතුළත එක්සත් ජනපද ඩොලර් බිලියන 9 කට අධික අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කිරීමට ද, මාස 04 කට සරිලන ආනයන භාණ්ඩ ගෙනඒමට හැකි සංචිත ගොඩනැගීමටද මේ සැලසුම යෝජනා කරයි. 2019 දෙසැම්බර් 01 දා ධනපතියන්ට බදු සහන ලබාදී රාජ්‍ය ආදායම පහළ දමාගෙන ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත ආයතන වලට ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අවධානමට ලක්වී ඇති රටක් බවට නම්කිරීමට අවස්ථාව ලබාදී, ලංකාවට ආධාරදීමට වෙස්සන්තර වර්ගයේ විදේශ රටවල් හා ආයතන ඇති බව විශ්වාස කිරීමට මහබැංකුව ක්රියාකිරීමම පුදුමයක් මෙන්ම විහිළුවකි. සුරඟන කතා කරලියේ ජැක්ගේ භූමිකාවට පණ දීමකි.
අනෙක් අතින් තමන්ම සල්ලි අච්චු ගසා ඇතිකළ උද්ධමනය පාලනයට හා ආර්ථික ස්ථායී කරණයට පොලී අනුපාත ඉහළ දමනා අතරේ, 6% ක ආර්ථික වර්ධනයක් ඇතිවේයැයි ප්‍රකාශ කිරීම කවර ආර්ථික විද්‍යා න්‍යායකට අනුකූල වේදැයි මහ බැංකුව තෝරාදිය යුතුය. බලයෙන් පවත්වාගෙන යන 'නිල' විනිමය අනුපාතය හා ඉවක් බවක් නැතිව සිදුකරනා සල්ලි අච්චුගැසීම නිසා ඇතිවන උද්ධමනය විසින් ඉදිරි වසර කීපය තුළ ආර්ථික වර්ධනය තවත් අඩුවීමක් හෝ ඇතැම් විට සංකෝචනය වීමේ ඉඩකඩක් ඇති කරනු ඇත.
ජැක්ගේ මායා බෝංචි වැල නැතහොත් මහබැංකුවේ සයමසක යෝජනාවලිය රටට විදේශ විනිමය ගෙන එන අපනයන ක්ෂේත්රවලට අයුතු චෝදනා එල්ලකර ඇති අතර, අපනයනකරුවන්ගේ ආදායම් බලයෙන් අත්පත්කර ගැනීමට හා එයට අනුගත නොවන්නන්ට දඬුවම් ලබාදීමට යෝජනා කර ඇත. බලහත්කාරී ලෙස කෘතිමව විදේශ විනිමය අනුපාත පාලනය කිරීමෙන් අපනයනකරුවන්ට ලැබිය යුතු රුපියල් ආදායම් අසාධාරණ ලෙස අඩුකර ඇති මහබැංකුව, ඉන් ඔබ්බට ගොස් අපනයනකරුවන්ගේ ආදායම අත්පත්කරගැනීමට මාන බැලීම අසාධාරණයක් පමණක් නොව තරඟකාරී විදේශ වෙළෙඳපොළ සමඟ පොරබදන අපේ අපනයන බිඳ දමන පියවරකි. අපගේ අපනයනකරුවන් වෙනත් විදේශ මූලයන් සොයායෑමට දැනටමත් පියවර ගනිමින් සිටින්නේ ඒ නිසාය.
මායා බෝංචි වැලේ තවත් අංගයක් වන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව, තරඟකාරී ප්‍රසම්පාදනයකින් තොරව, ජාතික උපායමාර්ගික අවශ්‍යතා ගැන තැකීමකින් තොරව වටිනා රාජ්‍ය දේපොළ විකිණීමේ ක්‍රියාවලියයි. දැනටමත් සිදුකරමින් යන කෙරවලපිටිය යුගදනවි-සොභාදනවි බලාගාර හා ගෑස් සැපයුම බංකොළොත් සමාගමකට පැවරීම, ඛනිජ තෙල් පිරිපහදු, තෙල් කැණීම හා බෙදාහැරීම එවැනිම ආකාරයකට පත්කිරීමේ නව සැලසුම, වරාය ඇතුළත වටිනා ඉඩම් හා කොළඹ නගරයේ පැරණි උරුමය සහිත ගොඩනැගිලි විකුණා දැමීමේ උත්සාහය අයත්වන්නේ මෙයට ය. මේ නිසාම අද වරාය, තෙල් හා විදුලිබල ක්ෂේත්රවල වෘත්තීය සමිති අරගලයක් ද ඇතිවී තිබේ.
මේවා සඳහා නීතිය පසෙකලා මැදිහත්වන මුදල් අමාත්‍යාංශ ලේකම් හා එහි උසස් නිලධාරීන්ද නාගරික සංවර්ධනය භාර නිලධාරීන් ද, සෙසු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද දැනගත යුත්තේ ඔවුනට දිනෙක මේවාට වග උත්තර බැඳීමට සිදුවන බවය. මේවායින් හරිහම්බකරගන්නා දේශපාලන නායකයින් නම් මායා බෝංචි වැලේ එල්ලී ඇතැම් විට සිය දිව්‍යලෝක වැනි මාතෘ භූමීන්ට සැපැත්වීමට ඉඩ ඇත්තේය.
ප්රශ්නය කෝවිඩ්ද?
තවත් පැහැදිලිව හඳුනා ගත යුතු කරුණක් වන්නේ අද රටේ පවත්නා අර්බුදය කොවිඩ් නිසා ඇති වුවක් නොවන බවය. අර්බුදය කොවිඩ් නිසා නම් ලෝකයේ අනිත් රට වලද කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟයන්, පොහොර හිඟයන් ඇති විය යුතුය. විදේශ තානාපති කාර්යාල ඉදිරිපස දිගු පෝලිම් ඇති විය යුතුය. සංචාරක කර්මාන්තය ප්‍රධාන අදායම කරගත් රටවල් බංකොලොත් විය යුතුය. එය එසේ සිදු නොවී ශ්‍රී ලංකාව පමණක් ගොඩ ගත හැකි මට්ටමෙන් ඔබ්බට යමින් තිබෙනුයේ නුගත් පාලකයන්ගේ අදුරදර්ශී තීරණය. ඒහා සමඟම වසර ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ බුබුළු ආර්ථික ප්‍රතිපත්තිය.
විවිධ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්, හිටපු ජ්‍යෙෂ්ඨ මහබැංකු හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අවදානම් හැඟවූ වාර අනන්තය. අප විසින් 2014 දී රචනා කරන ලද ‘ආලපාලු ආර්ථිකය’ නම් කෘතියෙන් පවත්නා බුබුළු අර්ථ ක්රමයේ හිස් බව පෙන්වා දුන් අතර 2016 වසරේදී ‘මූල්‍ය අගාධයක් අභියස’ නම් කෘතියෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාව 2023 ව වසර වනවිට පෙර නොවූ විරු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බවට අනතුරු හැඟවීමක් හා පුරෝකථනයක් කරන ලදී. බදු සහන පැකේජය නිසා රාජ්‍ය මුල්‍ය බංකොලොත් වීමේ අවදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම 2020 ජනවාරි මාසයේ සිටම පටන් ගත්තෙමු.
ප්‍රයෝගික වැඩ පිළිවෙලක්
අපි ප්රශ්නය පමණක් ඉදිරිපත් කොට නිහඬ නොවෙමු. විසඳුම්ද ඉදිරිපත් කරමු. අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ වහා පියවර ගත යුතු බවයි. මේ මොහොතේ වහාම සිදු කළ යුතු කාර්ය වනුයේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය හා ණය ප්රතිව්යුහගතකිරීමයි.
• 2019 හඳුන්වා දුන් බදු සහන පැකේජය නැවත සලකා බලා ක්‍රමිකව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ. මේ හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේත්, මූල්‍ය ආයතනවලත්, විශ්වාසය ගොඩනැගෙනු ඇත. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මුදල් අච්චු ගැසීමට ඇති අවශ්‍යතාවය අවම කරනා අතර ආර්ථික ස්ථායීකරණයට මහත් පිටුබලයක් වනු ඇත.
• රාජ්‍ය ණය හා පොලී ගෙවීම අසීරු අඩියක පවතින හෙයින් ණය ප්‍රතිව්‍යුහගතකිරීම අනෙක් අත්‍යාවශ්‍ය කාරණයයි. ප්‍රයෝගික රාජ්‍ය මූල්‍ය රාමුවක් ඉදිරිපත්කොට ණය ලබාදී ඇති ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් රටට ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති හැකියාවට යෝග්‍ය වන ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුය.
• එමෙන්ම ආයෝජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට අපට බලකර තිබේ. එසේ නොමැතිව මිත්‍රශීලී රටවල් සමඟ විදේශ මුදල් අතමාරුකරණය මඟින් අර්බුදය කල්දැමීමෙන් සිදු වන්නේ මහා අර්බුදයකට පාර කැපීමත්, අවසානයේ වටිනා රාජ්‍ය දේපොළ හා ඉඩම් විදේශිකයන්ට සින්න වීමට පාර කැපීමත්ය.
• රට සහ නීතිය පවුලේ හා හිතවතුන් කිහිප දෙනෙකුගේ බූදලයක් ලෙස සලකන පාලකයන් අවසන්කොට යහපාලනය (ආණ්ඩුව නොවේ) රටේ ස්ථාපිත කල යුතුව ඇත. අනීතික අශිෂ්ට සමාජයක් දැක ඇති ජනතාවට නීතියේ ආධිපත්‍ය පිලිබඳ බලාපොරොත්තුවක්, විශ්වාසයක් ගොඩ නැගිය යුතුව ඇත. දැනට දේශපාලකයාගේ දුරකථන ඇමතුමට වැඩකරන රාජ්‍ය ආයතන ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක යාන්ත්රනයන් වන ආකාරයෙන් බල ගැන්විය යුතුය. පොල් තෙල් වලින්, සීනි වලින් පමණක් නොව කොවිඩ් නිරෝධයනයෙන්, සැනිටයිසර් බෝතලයෙන් තම මඩිය තර කර ගත් ජාවාරම්කාර ව්‍යාපාර පන්තියකට ඉඩදීම නිසා බිඳවැටී ඇති ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීමද අත්‍යවශ්‍ය වේ.
මෙම පියවර කිසිවක් පහසු ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවේ. ඉදිරි වසර කිහිපය මුළු රටටම අතිශය අසීරු කාලයක් වනු ඇත. නමුත් සාධනීය පියවරක් නොගෙන දැනට පවත්නා ක්‍රමය දිගටම පවත්වාගෙන ගියහොත් රට යළි ගොඩගත නොහැකි අඳුරු යුගයකට යනු ඇත. සම්පත් වලින් පිරුණු වෙනිසියුලාව, සිම්බාබ්වේ රාජ්‍ය අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල විදහා දක්වන ජීවමාන උදාහරණ වේ. මෙවැනි අර්බුදකාරී අවස්ථා වල වහා පියවර නොගැනීම 'රට සුන්බුන් ගොඩක් බවට පත් කිරීමේ මාර්ගයක්' බව ප්‍රධාන ධාරාවේ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි
එවැනි තත්ත්වයකට රට ගමන්කිරීම වැළැක්වීම අප සියළු දෙනාගේම වගකීමයි.
- පාඨලී චම්පික රණවක
*(මෙම සටහන පළමු වරට පළ කරන මොහොතේ දී මා අතින් වරදක් සිදු විය. එනම් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශුද්ධ විදේශ වත්කම් ඍණ වීමක් සිදු වූයේ මේ අවස්ථාවේ බවට මම සඳහන් කළෙමි. එය වැරදි බව මම පසුව දැනගත්තෙමි. ඇත්තෙන්ම මීට පෙර අවස්ථා දෙකකදී එසේ වී තිබේ. නමුත් ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු විදේශ වත්කම් ඍණ වීමක් වාර්තා වන්නේ පළමු වතාවට මෙවර ය. මුලින් මේ පිළිබඳව වැරදියට සටහන් කිරීම පිළිබඳව කණගාටු වෙමි.)
----------------------------------------------------------------------------------------------
Can Jack and the bean stalk save the crumbling Central Bank?
Ground realities
• The net foreign assets of the Central Bank of Sri Lanka have fallen to (negative) levels since 1980s.
• Net foreign reserves have become the lowest in last 11 years.
• Total combined foreign assets of all local banks have reached USD -3.5
• The money printing factory in Biyagama (De La Rue) is setting record by each day.
The above mentioned critical financial issues have now become the ail of the general public. Our Nation is sinking with the financial crisis of the Government and the dearth of foreign currency reserves.
The Banking sector is failing to maintain the uninterrupted supply of Medicine, Fertilizer and agrochemicals, LP gas, Petroleum and Coal. It is evident by the ever long queues for Milk powder, LP Gas and the suffering of patients without medicine. The agriculture sector is in chaos with lack of fertilizer.
On the other hand, there is a mass exodus of not just professionals but anyone who can find visa abroad. People are in long queues in front of the embassies and the green card applicants have multiplied over the resent months.
The general public is anxious and apprehensive. Those who can escape are running away from this country. History teaches us good lessons about the fate of such failed Governments in other countries.
The Central Bank road map vs Jack and the bean stalk.
The Central Bank of a country is the epicenter of state financial governance. Our Central Bank is at the verge of collapse. However, a proposition which equals nothing but to a Bean Stalk in the fantacy story of Jack and the Bean Stalk has been forwarded as the “road map for the next six months”. The proposals are nothing but fantacies and imagination which are similar to the golden duck who lays golden eggs. It is apparent that the proposals are to strangle even the excisting trickles of income.
The “road map” proposes to generate more than 9 billion USD in the next six months and also generate foreign reserves to satisfy imports sufficient for the next 4 months.
At a time when the Government has been downgraded in the international financial ratings due to its potential inability to repay debt as a result of illadviced massive tax consetions to the high income category, the proposals aim to generate money from fantacy donors whom you would only find in fairy tails.
On the otherhand, the unpresidented rate of printing money has caused the inflasion to run through the roof. Government is making a futile attempt to stabilize the economy by increasing the interest rates and forcasting a 6% economic growth. but, how this rate of economic growth is going to be cheived is beyong any known economic principal. With the exchange rates being fosibly kept at aconstant and the express rate of printing money, the economic growth is expected to be further reduced or even become a negative growth in the future.
Tha fantacy “road map” of Central Bank akin to the fairy tail story of Jack and the Bean Stalk, levels unjustifiable allegations against local exporters. It proposes aquisition of income in dollars to the local exporters. and penalties to those who do not comply. The artificial “fixation” of exchange rate has already reduced the income in rupees to the exporter.The Central Bank moves even further and tries to forcibly aquire a part of their dollar income too. This is a move to discourage and dishearten our local exporters who are competing with foreign exporters in the open market. it is not surprising that most exporters are now resorting to other means of foreign revenue instead of bringing in foreign currency.
Another unrealistic proposal in the “fantacy road map” is the proposal to sell land and National heritage to foreign entities without any transparency or competitive bidding in the process. The Government is already in motion to sell the “Yugadanawi” and “Sobadanawi” electricity plants to a foreign company. The Gas supply is also arranged to be sold to a crumbling foreign company. There is a plan to hand over the refining and distribution of petroleum in similar fasion. Also, plans are in motion to sell valuable land and ancients buildings withing the colombo port and in urban colombo. As a result the Port, Petroleum and Electricity trade unions are agitated and ready to take trade union action.
It is very important to note that those officials in the ministry of finance including the secretary to the ministry and the officers in the Urban Development Authority are the ones who are helping these corrupt politicians. They should remeber that they will be brought to justice one day and the politicians whom they helped may well have escaped to their magical “homeland” by that time.
Is it due to COVID ?
It is very clear that the current economic crisis in this country is not due to COVID. If so, countries with similar COVID impact should also have long queues for Milk powder, gas and medicine. They should also have a fertilizer shortage. No other country is experiencing such a demand for migration at embassies. Countries which gains their main sourse of income through tourism should become bankrupt. instead, they all are thriving after COVID. So it is very clear that its not COVID but the illadviced economic strategy of this Government that brought this crisis.
Independent economic experts, former senior Central Bank officials and many international analysts have warned us many a time. We have emphasized the danger of “bubble economies” in our book, “Alapalu arthikaya” in 2014. We have forecasted the economic crisis in 2023 for the first time in our book named “Mulya arbudaya abiyasa”. We have been warning about the current crisis caused by the inadvertent tax cuts since January 2020.
Pragmatic Solution
We are not going to pose questions and stop. We have solutions too. We emphasize that action should be taken promptly. What is needed immediately is to stabilize the economy and re structure the debts.
• The tax cuts introduced in 2019 should be re visited and the state income should be systematically increased. This will create confidence in the foreign investment sector. A stable economy will reduce the necessity to print money.
• We are facing difficulty in repaying state debt and interest. We need to get our foreign borrowings restructured. We need to formulate a practical framework in increasing state income and negotiate with the lenders to restructure the instalments in the next few years.
• We are compelled to act in partnership with the world bank to generate confidence in investors. Currency swaps with friendly countries will further deepen the economic abyss we are in right now.
• Country should be liberated from one single family controlling the economy and the state affairs. We need good governance to be reestablished. The citizenry is complacent to the lawless tyranny they have been subjected to for a long time. They need to be shown what law and order is. The bureaucracy should become forthright instead of being a pawn to the politician. Instead of scammers and looters who rip public off their hard earn money, proper entrepreneurs and businesses should flourish to build trust among the business community.
None of the above steps would be easy or popular. However, for the betterment of the country these steps should be taken. Countries which were abundant with natural resources have become bankrupt due to bad economic management. If action is not taken swiftly, our nation will crumble in to dust, the experts say.
It is our solum duty to prevent such catastrophe.
- Patali Champika Ranawaka
*(I had mistakenly stated that, net foreign assets declined for the first time in the history of Sri Lanka when I published this post before. Later I realized that it was not accurate. Infact , it has occurred on two previous occasions. But this is the first time net foreign assets of CBSL have declined ever since Sri Lanka became an open economy. I would like to extend my apologies to have misrepresent this in the first place.)

පැන්ඩෝරා කාගේ පෙම්වතියද ?
පැන්ඩෝරා ග්‍රීක දේවකතාවල එන පළමු ගැහැණු චරිතයයි. සියස් විසින් මවනු ලබන ඇය විවෘත කරනා මංජුසාවක් නිසා ලොවේ සියළු කම්කටොළු, දුක්ගැහැට, යක්ෂ දෝෂ ඇතිවූ බව කියැවේ. පසුගියදා බ්‍රිතාන්‍ය BBC සේවය (2021.10.03) වාර්තා කළේ ‘පැන්ඩෝරා පත්‍රිකා’ නම් මිලියන 12 ක් තරම් විශාල එතෙක් රහසිගතව තිබූ ලෝක බලවතුන්ගේ වත්කම් පිළිබඳව හෙළිදරව්වක් වී ඇති බවය. මේ පිටුපස අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංසදයක් (ICIJ) සිටින බවද හෙළිදරව් විය. බලවතුන් හා බලවත් රටවල රහසිගත යුධ, දේශපාලනික හා මූල්‍ය තොරතුරු හෙළිදරව්ව ආරම්භ වූයේ අද ඊයේ නොවේ.¬¬ මේ සියවසේ එය ප්‍රචලිත වූයේ ‘විකිලීක්ස්’ නිසාය. එමෙන්ම ඉහත කී ICIJ ආයතනය විසින් හා පුද්ගලයින් විසින් 2012-13 අක්වෙරළ සමාගම් පිළිබඳව, ලක්සම්බර්ග් ලීක්ස් (2014), ස්විස් ලීක්ස් (2015), පැනමා පත්‍රිකා (2016), පැරඩයිස් පත්‍රිකා (2017), ෆින්සෙන් (Fincen) ගොනුව (2020) හා පැන්ඩෝරා පත්‍රිකා (2021) හෙළිදරව් කර ඇත. මේවායින් ඇතැම් දෑ සාමාන්‍ය ව්‍යාපාරික තොරතුරු වන අතර තවත් දෑ ලොවේ ඒ ඒ රටවල සිදුවූ නීත්‍යානුකූල ගණුදෙනු ද වෙයි. නමුත් තවත් දෑ ලොවේ ධනවත්, බලවත් අය අයථා ක්‍රමයට උපයා ගත් ධනය හා වත්කම් පිළිබඳව තොරතුරු වෙයි. ඒවා ගැන සෙවීම ඒ ඒ රටවල වගකීම හා යුතුකම බව පැහැදිළිය. අක්වෙරළ සමාගම් හා අක්වෙරළ ගිණුම් හා වත්කම් වලට මගේ නම ද ඈඳීමේ තුච්ඡ උත්සාහයක් ඇතැම් පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු, රාජ්‍ය හා පුද්ගලික ඇතැම් මාධ්‍යයද ගෙනයති. එයට හේතුව වන්නේ 2016 අප්‍රේල් මස හෙළිදරව් වූ පැනමා පත්‍රිකාවල අපගේ මහනගර අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු හා විදුලිබල අමාත්‍යාංශයේ හිටපු සභාපති විද්‍යා අමරපාල මහතාගේ නම ගෑවී තිබීමය. මේ පිළිබඳව ඒ මහතා විසින්ම පැහැදිළි කිරීම් ගණනාවක් 2013 වසරේ සිටම සිදුකරනු ලැබීය. මුලින්ම අක්වෙරළ සමාගම් හා ඒවායේ අධ්‍යක්ෂකවරු පිළිබඳ හෙළිදරව්වක් 2013 දී සිදුවිය. ඒ පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ප්‍රශ්න කිරීමක්ද සිදුකළ අතර අමරපාල මහතා එයට පිළිතුරු ලබාදුන්නේය. දෙවනුව මොසැයික් ෆොන්සේකා (පැනමා) නම් නීති හා ලේඛන කටයුතු පිළිබඳ ආයතනය විසින් පහසුකම් සපයන ලද අක්වෙරළ සමාගම් හා බදු පාරාදීසයන් (Tax Haven) ගැන තොරතුරු හෙළිදරව් විය. ලංකාවේ ඇතැම් මාධ්‍ය ‘පැනමා පත්‍රිකා’ නමින් ප්‍රචලිත වූ එකී හෙළිදරව්ව සමඟ 2013 අක්වෙරළ හෙළිදරව්වද නැවත පළ කළේය. එහෙයින් විද්‍යා අමරපාල මහතාගේ නම පැනමා පත්‍රිකාවලද ඇතැයි මතයක් වාර්තා විය. එවකට (2016) ඔහු සේවය කළේ අපගේ අමාත්‍යාංශයේය. එවිට අප කළේ කුමක් ද ? පළමුව ඔහුට ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර අභ්‍යන්තර පරීක්ෂණයක් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු යටතේ පැවැත්වීමය. දෙවනුව මගේ පුද්ගලික ලේකම්තුමා අදාළ බලධාරීන්ට (පොලිස්පතිතුමාගේ මඟ පෙන්වීම මත) ලිඛිතව පැමිණිලි කිරීමය. (2016.04.12) ඒ අනුව රාජ්‍ය විමර්ශන අංශ ගණනාවක් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර පවත්වාගනු ලැබීය. යහපාලනය කාලයේ මේ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් නොවීය යන්න අමූලික බොරුවකි. තවදුරටත් කියන්නේ නම්, පැමිණිල්ල කළේම අප විසිනි. මේ සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාදාමයක් ද ආරම්භ විය. මේ පිළිබඳව 2016.06.02 දාතමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මූල්‍ය අපරාධ අංශය විසින් මා වෙත ලිඛිතව දන්වා සිටියේ, i.අදාළ අක්වෙරළ සමාගම (Sovereign Capital Corporation) ආතර් සේනානායක මහතාට අයත් IWS හෝල්ඩින්ග්ස් ආයතනයේ සිංගප්පූරු ඒකාබද්ධ සමාගමක් බවය. (එය අද දක්වා පවතී) ii.විද්‍යා අමරපාල මහතා IWS හෝල්ඩින්ග්ස් හි රැකියාව කර ඇති අතර (2003-10 කාලයේදී) සේනානායක මහතා විසින් උක්ත සමාගමෙහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්කර ඇත. iii.ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් වැඩභාර ගැනීමේදී එකී අක්වෙරළ සමාගමෙන් පමණක් නොව IWS ආයතනයෙන්ද ඉල්ලා අස්වී ඇත. iv.විද්‍යා අමරපාල මහතා නමින් කිසිදු ගිණුමක් හෝ එකී සමාගම විසින් ඔහුට කිසිදු ගෙවීමක් හෝ එම කාලයේදී සිදුකර නැත. මේ තොරතුරු පසුව අධිකරණයටද වාර්තා වී ඒ සම්බන්ධ පැමිණිල්ල ඉවත්කර ගන්නා ලදි. ඉහත කී සමාගම තවමත් පවතින අතර එය ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙක් (IWS) සිය ව්‍යාපාරික කටයුතු සඳහා අද දක්වා යොදාගන්නා අක්වෙරළ සමාගමකි. අක්වෙරළ වත්කම් මොනවාද ? යුරෝපයේ ලිබරල්වාදය මතුවූ මුල් අවස්ථාවේදීම පුද්ගලික නිදහසේ වෙන්කළ නොහැකි අංගයක් ලෙස පුද්ගලික දේපොළ හා පුද්ගලිකව ධනය රැස්කිරීමට ඇති අයිතිය පිළිගන්නා ලදි. මෙය සමාජවාදීන් හා සමාජ ප්රජාතන්ත්රවාදීන් නිතර ප්‍රශ්න කළ දෙයක් වූ අතර අධික ධනය උපදවන්නන් සමාජයේ පොදු යහපත උදෙසා බදු වශයෙන් ධනය ලබාදිය යුතුය යන්න පසුව බොහෝ දුරට ස්ථාපිත වූයේ පැරණි ලිබරල්වාදීන් හා කොන්සර්වේටිව්වාදීන්ගේ විරෝධය මතය. 19 වැනි සියවසේදී යුරෝපයට ධනය ගොඩගැසෙද්දී ඉඩම් හා නිශ්චල දේපොළ වෙනුවට ධනය ගබඩා කිරීම බලවත් මූලිකම වත්කම බවට පත්විය. බදුසහන සහිත බදු පාරාදීසය (Tax Haven) පිළිබඳ අදහස් පැමිණියේ, පළමු ලෝක සංග්රාමයෙන් පසු ණය වී සිටී ප්‍රබල යුරෝපීය රාජ්‍යයන් (එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, තුර්කිය) සිට රටවල ධන උත්පාදනය කරන්නන් සඳහා ඉහළ ආදායම් බදු, දේපොළ බදු (72% දක්වා) අය කිරීමෙන් පසුය. යුද්ධයේදී නිර්පාක්ෂික වූ ස්විස්ටර්ලන්තය තම රටේ මුදල් තැන්පත්කරන්නන්ට බදු නැති, නම් හෙළිදරව් නොකරන, පෙරළා ආයෝජනයද කළහැකි ‘ස්විස් බැංකු’ ක්‍රියාවලිය හඳුන්වා දුන්නේ ඒ සමඟය. ඒ හා සමඟ ලෝකයේ බොහෝ රටවල මෙවැනි බදු පාරාදීසයන් ඇති විය. ලන්ඩනයේ කැනරිවෝන්, වර්ජින් අයිලන්ඩ්, පුවටරිකෝ, පැනමාව, ඩුබායි, සිංගප්පූරුව, හොංකොං, මැකෝවා ආදී ස්ථාන 100 කට අධික ප්‍රමාණයක් දැනට ඇති අතර ලංකාවේ පෝට්සිටිය ද එවැනි බදු පාරාදීසයක් වීමට තරඟ කරයි. මේවා බොහෝ රටවල් පිළිගත් නීත්‍යානූකූල සම්ප්රදායක් වී ඇත. පසුගිය කාලයේ ගූගල්, ෆේස්බුක් වැනි දැවැන්ත ආයතනද HSBC වැනි දැවැන්ත බැංකුවලටද සිය ලාභාංශ සඟවන බවට චෝදනා එල්ල විය. 2015 දී සිදු කරන ලද සමීක්ෂණයකට අදාළව (ග්‍රේබ්‍රියෙල් සුමාන්) ලොවේ සියලු මූල්‍ය වත්කම් වලින් 8% ක් (ආසන්නයෙන් ඩොලර් ට්‍රිලියන 7.6 ක්) මෙලෙස බදු පාරාදීසවල ඇත. තවත් අය කියන්නේ මේ මුදල් ඩොලර් ට්‍රිලියන 21-32 තරම් ඉහළ අගයක් (ජේම්ස් හෙන්රි) බවය. වර්තමානයේ ක්‍රමයෙන් ප්‍රචලිත වී ගෙන එන බ්ලොක්චේන් (Block chain) තාක්ෂණය හා ක්‍රිප්ටෝකරන්සි ක්රියාවලියද රහස්‍ය ලෙස ධනය සැඟවීමට යොදාගන්නා බව කියැවේ. (එහිදී අනාගත මූල්‍ය ප්‍රවාහයක් නැත) පවතින විවෘත ආර්ථික ක්‍රමය තුළ මෙවැනි බදු පාරාදීසයන් කරා ධනය උපදවන්නන් ඇදීයාමට හේතු ගණනාවකි. i.ඉහළ ධනය උපදවන සමාගම් නිවැරදිව සිය ආදායම් නොපෙන්වා ඒවා විදේශවල තැන්පත් කරලීම. මෙය බොහෝ දුරට ජාත්‍යන්තර වෙළෙඳාමේ නියැලෙන අය විසින් ද සිය අපනයන වල අගය අඩු කිරීමෙන්ද (Under Invoice ) ආනයනවල අගය ඉහළ දැමීමෙන්ද (Over Invoice) සිදු කරයි. ii.සිය රට තුළ ආදායම් බදු, වානීජ බදු හා වෙනත් බදු මඟහැරීම පිණිස සිය මූල්‍ය ප්‍රවාහය හා ලාභාංශ බදු පාරාදීසවල ඇති තමන්ගේම ව්‍යාජ සමාගම් වෙත යොමුකිරීම. iii.ආයෝජන හා සංවර්ධන කාර්යන්හිදී උපදේශක සේවා හෝ වෙනත් කොමිස් ආකාරයෙන්ද, ආයෝජන භාණ්ඩ ගෙනඒමේ හෝ විනෝදාස්වාද ක්‍රියා (කැසිනෝ, ප්රසාංගික සංදර්ශන, ක්‍රීඩා) හරහාද ධනය බදු පාරාදීස වෙත ගෙනයාම. iv.මත්ද්‍රව්‍ය, අවි වෙළෙඳාම, මානව වෙළෙඳාම හෝ නීති විරෝධී භාණ්ඩ වෙළෙඳාම මඟින් උපයන ධනය බදු පාරාදීසය වෙත ගෙනගොස් ඒවායින් කොටසක් නීත්‍යානුකූල ලෙස ආයෝජනය කිරීමට යෙදවීම. සහ වෙනත් හේතූන්ද සහිත සංකීර්ණ ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ තත්ත්වය වසර 2015 දී Global Financial Intergrity Report කදිම හෙළිදරව්වක් (2004-14) ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් පිළිබඳව කළේය. එමඟින් පෙන්වා දුන්නේ, රාජපක්ෂ දශකය තුළ අපනයන සඳහා අඩුවෙන් මිළ ගණන් පෙන්වීම (ඩො.මි. 3,849), ආනයන සඳහා වැඩි ගණන් මිළ සැපයීම (ඩො.මි. 13,453) හා හඳුනා නොගත් විදේශ මුදල් සංසරණය (ඩො.මි. 2,665) මඟින් අයථා ලෙස රටට අහිමි වූ විදේශ මුදල් ප්‍රමාණය ඩො.මි. 19,967 ක් බවය ! ඒ වකවානුවේ එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ සමස්ත විදේශ ණය බරින් 76% ක් විය ! මේ පිළිබඳව මවිසින් 2016 ජුනිමස පළකරන ලද ‘මූල්‍ය අගාධයක් ඉදිරියෙනි’ නම් කෘතියේ සඳහන් කළ අතර රට තුළ ප්‍රමාණවත් අවධානයක් එයට යොමුනොවී සිල්රෙදි, කැරම්බෝඩ්, අවුරුදු ලිත් ආදී වංචා කෙරේ වැඩි අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාව කැරලි කිහිපයකට මුහුණ දුන් අතර ශ්‍රී ලංකාව රාජ්‍ය අනුග්‍රහයෙන් කරනා සුළු අවිජාවාරම්වලට සම්බන්ධ සමාගම්වලට රැකවරණය දෙන බවට ජාත්‍යන්තර චෝදනාවක් වෙයි. ප්‍රහාරක ගුවන් යානා, යුධ අවි හා උපාංග මිලදී ගැනීමේදී සිදුවූ මහා අක්‍රමිකතා වලින් සමහරක් හෙළිදරව් වී ඇත. එමෙන්ම රාජ්‍යයට අභියෝග කළ කොටි සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ ද කැරලිකාරී යුගයේ උපයාගත් ධනය හා ඒවා ආයෝජනය කර ඇති ආකාරය ගැන විධිමත් වෝහාරික විමර්ශනයක් මෙතෙක් සිදුකර නැත. විශේෂයෙන්ම කොටි සංවිධානයේ ගිණුම් 1,582 ක් ඇති බවට වූ ආණ්ඩුවේම හෙළිදරව්ව (2009) මත සිදුකළ කිසිදු විමර්ශනයක් වාර්තා වී නැත. ශ්‍රී ලංකාවේ වැදගත් භූ ගෝලීය පිහිටීම, අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝලීය මධ්‍යස්ථානයක් බිහිකර ඇත. විටින් විට පාතාල ලෝකයේ නායකයින් සංදර්ශන සහිතව වෙඩිකා මියයන අතර ඔවුනගේ වත්කම් වලට සිදුවූ දෙයක් වාර්තා වී නැත. 1980-90 කාලයේ කොලොම්බියාව, මෙක්සිකෝව ආදිය හසුව තිබූ ආකාරයේ මත්ද්‍රව්‍ය රාජ්‍යයක් (Narco State) බවට ලංකාව පත්වෙමින් දේශපාලනය, මාධ්‍ය හා ව්‍යාපාරික ලෝකය කළුසල්ලි විසින් අතික්‍රමණය වන තත්ත්වයක් උදාවී ඇත. දැන් මේ කළු සල්ලි යොදාගැනෙන්නේ ප්‍රතිවාදීන් නාඳුනන තුවක්කුකරුවන්ට ගොදුරුකිරීමට නොව, ඔවුනගෙන් සමහරෙකුගේ චරිත ඝාතනය කරනා අතරේ තවත් අයගේ චරිත මිලදී ගැනීම සඳහාය. මේ නිසා රටම පාදඩ දේශපාලනයක අත්අඩංගුවට පත්ව ඇත. විසඳුම බදු පාරාදීසයන් ලංකාවේ අපට පමණක් තනිව මර්දනය කළ නොහැක. මෙයට එක්සත් ජනපදයේ FATCA නීතියට සමාන්තර ජාත්‍යන්තර නීති පද්ධතියක් අත්‍යාවශ්‍යය. එමෙන්ම බදු පාරාදීසයන් වෙතින් බදු අයකරගෙන, ඒවා මූලිකව එම මුදල් නිපදවූ රටට ලැබෙනා ආකාරයේ නව බදු නීති පද්ධතියක් ජාත්‍යන්තරව අවශ්‍යය. ජාතික හා ජාත්‍යන්තර ලෙස දේශීය සමාගම් පමණක් නොව අක්වෙරළ සමාගම් ද නිරීක්ෂණය කරනා, නියාමනය කරනා යාන්ත්‍රණයක් අවශ්‍යය. පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් හෙළිදරව්වලින් පසු මෙවැනි යාන්ත්‍රණයන් ලොව තුළ හා රටතුළ ඇතිකිරීමට ජනමතයක් දැන් අවශ්‍යව තිබේ. පැන්ඩෝරා යනු තවත් මාධ්‍ය සංදර්ශනයක් නොවී, ලෝකයේ සාමාන්‍ය ජනතාවට හා ධනවතුනට එක නීතියක් පවතින බව ලොවට දැනෙන්නට වැඩපිළිවෙළක් යෙදීම ශ්‍රී ලංකාවේද, යුගයේද අවශ්‍යතාවයයි.
ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට තැත් කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින්.
ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට තැත් කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින් - පාඨලී චම්පික රණවක
ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට උත්සාහ කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සව අවස්ථාව අමතමිනි.