• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය.අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය.තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය.කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය.ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය.එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

වෘත්තීයවේදියා සහ බුද්ධිමතා

telephone x 1

වෘත්තීයවේදියා සහ බුද්ධිමතා

patali2

කථිකාචාර්‍යවරයෙකු වූ පාඨලී – විවෘත විශ්ව විද්‍යාලය දාර්ශනික තක්සලාවක් කිරීම.

අතීතයේ සිට ගණිතය හා ජ්‍යාමිතිය පරිණාමය වූ ආකාරයත්, අතීතයේ පැවැති ගණිත ක්‍රමයන් වත්මන වන විට වෙනස් වූ අයුරුත්, ‘ශූන්‍ය’ යනු අති විශිෂ්ට බෞද්ධ දාර්ශනිකයෙකු වූ නාගර්ජුනයන්ගේ නිමැවුමක් බවත්, පාඨලීගේ විෂයය පථයට හසුවිය.

ජ්‍යාමිතියේ පියා ලෙස යුක්ලීඩ් හැඳින්වුවද, භාහික ජ්‍යාමිතිය නම් ස්වභාවික ජ්‍යාමිතියක් ඇති බවද, හසුකර ගත් පාඨලී විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන්ට එය හඳුන්වාදීමට උත්සුක විය. එමතුද නොව, ඉන්දියාවේ නරේන්ද්‍ර පූරි විසින් නිර්මාණය කරන ලද වේද ගණිතය හදාරා ඒ පිළිබඳව පාඩම් මාලාවක් ද නිර්මාණය කළේ පාඨලීය. සිංහලයන් සතු ජ්‍යාමිතික හා ගණිත ඥාණය පිළිබඳව ගැඹුරු පර්‍යේෂණයක් කිරීමට “පාඨලී”ට අවශ්‍ය විය.

මහාචාර්ය අර්ජුන සොයිසා යටතේ විවෘත විශ්ව විද්‍යාලයේ උපදේශකයෙකු ලෙස පාඨලී චම්පික රණවක 1993-99 කාලය තුල සේවය කළේය. ඒ කාලය තුල මාක්ස්වාදය, ධනවාදය, නූතනවාදය, ස්ත්‍රීවාදය, පශ්චාත් නූතනවාදය, විද්‍යාත්මක චින්තනය, හරිතවාදය, ආදී ක්ෂේත්‍ර ගණනාවක මහා දාර්ශනික සංවාදයක ඔහු නියැලුනේය. ඔහුගේ සංවර්ධනයේ තුන්වැනි යාමය හා සාපේක්ෂා නම් කෘති බිහිවුණේ ඒ වෘත්තීය දාර්ශනික සංවාදය මගිනි.

වේද ගණිතය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම

ඉන්දියාවේ ඉංජිනේරුවෙකු වන නරේන්ද්‍ර පූරි විසින් නිර්මාණය කළ නව ගණිත ක්‍රමයක් වන හින්දු ආගම පදනම් කරගත් ‘වේද ගණිතය’ ලංකාවට හඳුන්වා දුන්නේ පාඨලී චම්පික රණවක විසිනි. ගණිතය විවිධ සංස්කෘතීන් තුල විවිධ කියවීම්වලට ලක්ව ඇති ආකාරය ඔහු විසින් විවෘත විශ්ව විද්‍යාලය සඳහා ලියන ලද වේද ගණිත සටහන්වල පෙන්නා දී ඇත. නාගර්ජුණගේ බෞද්ධ ශූණ්‍යතාවාදය හා ගණිතයේ ශූණ්‍යය පිළිබඳව විද්වත් අර්ථ දැක්වීමක්ද ඔහු සිදු කළේය.

සන්තනිකද, අසන්තනිකද භේදය විස ඳීම

දාර්ශනික ඉතිහාසයේ සීනෝගේ ඊතලය, එක ගසකට දෙවරක් බැසිය නොහැක, ආදී ලෙස වූ විසංධිත ගැටළු මෙන්ම කලනයේ එන සීමාව පිළිබඳ ගැටළුවද විසඳීම සඳහා පාඨලී චම්පික රණවක නව කියවීමක් ඉදිරිපත් කළේය. එනම් සංඛ්‍යා ඇගැයීමේදී එය සන්තනිකද, අසන්තනිකද යන වටපිටාව අනුව ඒවායේ අරුත වෙනස් වන බවය. මේ අදහස තීසිසයක් ලෙස ඉන්දියාවේ වාරාණාසි හිදී පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ඔහු ඉදිරිපත් කළේය.

ඵලදායීත්වයට නව අරුතක්

කාර්මික විද්‍යාවන්හිදී කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය මැනීම අසම්පූර්ණ බවට පාඨලී චම්පික රණවක ප්‍රවාදයක් ගෙන ආවේය. යන්ත්‍රයක පූර්ණ ඵලදායීතාවය මැනීමට එයට දායක වන සියළු ද්‍රව්‍ය හා ශක්තීන් නිර්මාණයේ සිට දිරායාම දක්වා ඇගයිය යුතුබවත් මේ නව ඵලදායිතාවය සමස්ථ ඵලදායිතාවය ලෙසත් (Total Productivity) ලෙසත් හෙතෙම අර්ථ දැක්වීය. ඒ සඳහා ලියෙන්ටිෆ් න්‍යස හා ජ්‍යාමිතික ක්‍රමයත් මගින් ඇගයීමක්ද ඉදිරිපත් කළේය. බයිසිකලය, මෝටර් රථය, විදුලි බලාගාරය ආදී යන්ත්‍ර ගණනාවක් සඳහා මේ ක්‍රමය යොදවා ලක්ෂීය ඵලදායිතාවය (Point Productivity) හා සමස්ථ ඵලදායිතාවයේ වෙනස පෙන්වා දුන්නේය. ඒ ප්‍රවාදය ජාත්‍යන්තරයේද ප්‍රචලිත විය.

ක්වන්ටම් යථාර්ථයට නව කියවීමක්

අනු පරමාණු විද්‍යාවේදී යථාර්තය පිළිබඳ සංවාදයක් නීල්ස්බෝර් හා අයින්ස්ටයින් අතර 1920-35 වකවානුවේදී ඇතිවිය. ඉන් පසු ක්වන්ටම් යථාර්ථය ගැන විවිධ කියවීම් රැසක් ඉදිරිපත් කෙරිනි. ඒ විවිධ කියවීම් සියල්ල විග්‍රහ කර, විසඳාගත නොහැකි ලෙස පෙනුනු අනු පරමාණු ලෝකයේ හැසිරීම් නව ආකාරයකින් පහදා දෙන සරල ප්‍රවාදයක් පාඨලී චම්පික රණවක විසින් මහනුවර මූලික අධ්‍යාපන ආයතනයේ පැවැත්වූ දාර්ශණික සමුළුවකදී ඉදිරිපත් කළේය (1991). සාපේක්ෂතාවාදය, ක්වන්ටම් යාන්ත්‍රණය වැනි ඉහළ ගණයේ භෞතික විද්‍යාවන් ප්‍රචලිත කිරීම සඳහා ‘සපුමල් සේනානායක’ යන අනවර්ථ නමින් “ක්වන්ටාවක නැගී නිවන සොයා“ නමින් විදුසර පුවත්පතේ පලකළ දීර්ඝ ලිපි මාලාව ක්ෂේත්‍රෙය් විශාල කතාබහක් ඇති කළේය.

චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයට එරෙහිව ලමාර්ක් ගෙන ඒම

චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ එක් මූලධර්මයක් වූ සියළු දේ සරල ක්‍රියාවන්ගේ සිට සංකීර්ණ ක්‍රියාවලි බවට පත්වේ යන්නත්, වෙනස්වීමේදී අභ්‍යන්තරයේ සිදුවන ජීව විකාශය මූලික බවත් යන මූලධර්මයන් පාඨලී චම්පික රණවක අභියෝග කළේය. ඔහුට අනුව ජීවීන් සෑම විටම සරල දේ සිට සංකීර්ණ දේ බවට පරිනාමය නොවේ. අභ්‍යන්තර විකාශය පමණක් නොව ලමාර්ක් කී ලෙස වෙනස්වීම සඳහා වටපිටාව මූලික වන බවද පෙන්නා දුන්නේය. බුදු දහමේ එන පටිච්ච සමුප්පාදය මේ පැහැදිලි කිරීමට හෙතෙම යොදා ගත්තේය.

බිග්බෑන්ග් සිද්ධාන්තයට එරෙහිවීම

විශ්වය අඛණ්ඩව ප්‍රසාරණය වන බවත් එය ආරම්භයේදී විශ්වීය පුංජයක් පිපිරීමකින් ඇතිවූ බවටත් වූ විශ්ව පරිනාම ප්‍රවාදය පාඨලී චම්පික රණවක පිළිගත්තේ නැත. ග්‍රහලෝක හැමවිටම එකිනෙකාගෙන් ඉවතට යන බවට වූ ප්‍රවාදයද ඔහු පිළිගත්තේ නැත. විශ්වයේ අගමුල සෙවීම පදනම් විරහිත ක්‍රියාවලියක් ලෙස ඔහු විවිධ ලේඛණවල පෙන්වා දුන්නේය.

සිග්මන්ඩ් ප්‍රොයිඩ්ට එරෙහිව

ප්‍රොයිඩ්ගේ 19 වැනි සියවසේ නිර්මාණයක් වූ මනෝ විශ්ලේෂණවාදයට පාඨලී චම්පික රණවක දාර්ශනිකව අභියෝග කළේය. එමගින් යටිසිත ප්‍රාථමික බව පිළිගැනීම නිරපේක්ෂ, සැඟවුනු යථාර්ථයක් ඇති බව පිළිගැනීමක් බවටම හෙතෙම තර්ක කළේය. කාර්ල් ජුන්ගේ වැන්නවුන්ගේ ආසියාතික මනෝ චින්තන ක්‍රමද ඔහු අගය කිරීමකට ලක් කළේය. බුදු දහමේ එන නාම, රූප හා විඥාණ සාපේක්ෂ සබැඳියාව වඩා පූර්ණ විග්‍රහයක් ලෙස හඳුනා ගත්තේය.

තිරසර සංවර්ධනයට වෘත්තීය මාවතක්

බොහෝ දෙනෙක් තිරසර සංවර්ධනය හරිත ආර්ථිකය ගැන කතා කළද ඒ සඳහා විධිමත් දාර්ශනික වෘතිතීය භාවයක් ලංකාවේදී එක් කළේ පාඨලී චම්පික රණවකය. විශේෂයෙන් වෙළඳපොළ ආර්ථිකය පිළිබඳ විවේචනයක් සහිත ඔහුගේ හරිත ආර්ථික මග සහමුලින්ම වෘත්තීය ප්‍රකාශනයක් විය. මනෝරාජික අදහස්වලින් ඔබ්බට ගොස් වෘත්තීය දායකත්වයක් තිරසර සංවර්ධනයට ලබා දීම සඳහා ඔහු මුල්වී නිර්මාණය කළ තිරසර සංවර්ධන දර්ශකයද ජාත්‍යන්තරයේ පවා පිළිගැනීමට ලක්විය.

ජාතික සැලසුම් රැසක්

පාඨලී චම්පික රණවකයන් ඇමැතිධූර දරද්දී සිය අමාත්‍යාංශ සඳහා විධිමත් ජාතික සැලසුමක් සහ උපායමාර්ගයක්ද ක්‍රියාපිළිවත්ද හඳුන්වා දුන්නේ අන්තර්ජාතික වෘත්තීය ප්‍රමිතිවලට අනුකූලවන ආකාරයටය. හරිත ලංකා (2010-20) දස අවුරුදු වැඩපිළිවෙල, විදුහුරු රටක් තිරසර හෙටක් තාක්ෂණ පර්යේෂණ ආයෝජන සැලැස්ම (2015-20), හෙටක් වෙනුවෙන් රටක්, බලශක්ති ස්වයංපෝෂිත සැලැස්ම (2015-2025) එයට උදාහරණයන්ය. අදාල සියළු පාර්ශවවල සාකච්ඡාවෙන් සම්මුතියෙන් යුතුව වෘත්තීය මට්ටමෙන් ගොඩනැගුනු එකී සැලසුම් සඳහා කිසිඳු විදේශ ආධාරයක් හෝ සුවිශේෂී රාජ්‍ය ආධාරයක් ලබාගෙන නොමැතිවීම සුවිශේෂීය.

කුසලතාවය පෙරට

පාඨලී චම්පික රණවක දැඩිව විශ්වාසය තැබුවේ නිලධාරීවාදය වෙනුවට කුසලතාවාදය අවශ්‍යබවය. රාජ්‍ය සේවාව ස්වාධීන වීමෙන් පමණක් ආකාර්යක්ෂමතාවයේ ප්‍රශ්ණය නොවිසඳෙන බවත් එයට කුසලතා ඇගයීමේ ක්‍රමවේදයක් අවශ්‍යබවත් ඔහු අවධාරණය කළේය. ලංවිම, ලෙකෝ, තෙල් සංස්ථාව, තෙල් පර්යන්ත සමාගම, ප්‍රමිති කාර්යංශය, කාර්මික තාක්ෂණ ආයතනය, නර්ඩ් ආයතනය වැනි ආයතන රැසක් ඔහුගේ පාලනය යටතේ තුළිත කාඩ්පත් ක්‍රමය හා පුද්ගල ඇගයීමට වෘත්තීය ක්‍රමවේදයක් හඳුන්වා දුනි. එමගින් සෑම ආයතනයකම ඒක පුද්ගල විදුලි, ජල, ඉන්ධන පරිභෝජනය පාලනය කිරීමද, පුද්ගල කුසලතා නැංවීම සඳහා කලා, ක්‍රීඩා, බාහිර ව්‍යාපෘති වැඩසටහන් ඇති කිරීමද, පහල සේවකයන් තුල සිය නායකයා පිළිබඳ මත විමසීමක් කිරීමද ඇතුලත්විය. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සිදුවූ එවැනි ප්‍රථම වෘත්තීය කුසලතා ඇගයීමේ ක්‍රමයයි.

“විවෘත විශ්ව විද්‍යාලයේ උපදේශකයෙකු ලෙස පාඨලී 1993-99 කාලය තුල සේවය කළේය. ඔහුගේ සංවර්ධනයේ තුන්වැනි යාමය හා සාපේක්ෂා නම් කෘති බිහිවුණේ එහිදී සිදුකළ වෘත්තීය දාර්ශනික සංවාදය මගිනි.

නව ගණිත ක්‍රමයක් වන හින්දු ආගම පදනම් කරගත් ‘වේද ගණිතය’ ලංකාවට හඳුන්වා දුන් පාඨලී සංඛ්‍යා ඇගැයීමේදී එය සන්තනිකද, අසන්තනිකද යන වටපිටාව අනුව ඒවායේ අරුත වෙනස් වන බව තීසිසයක් ලෙස ඉන්දියාවේ පැවැත්වූ දාර්ශණික සම්මන්ත්‍රණයකදී ඔහු ඉදිරිපත් කළේය.

 

කාර්මික විද්‍යාවන්හිදී කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය මැනීම අසම්පූර්ණ බවට පාඨලී ප්‍රවාදයක් ගෙන ආවේය.

අනු පරමාණු ලෝකයේ හැසිරීම් නව ආකාරයකින් පහදා දෙන සරල ප්‍රවාදයක් පාඨලී විසින් දාර්ශණික සමුළුවකදී ඉදිරිපත් කළේය (1991).

ඩාවින් ඉදිරිපත් කළ සියළු දේ සරල ක්‍රියාවන්ගේ සිට සංකීර්ණ ක්‍රියාවලි බවට පත්වේ යන්නත්, වෙනස්වීමේදී අභ්‍යන්තරයේ සිදුවන ජීව විකාශය මූලික බවත් යන මූලධර්මයන්ට අභියෝග කළේය.

ප්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණවාදයට දාර්ශනිකව අභියෝග කළ අතර තිරසර සංවර්ධනය සහ හරිත ආර්ථිකය සඳහා විධිමත් දාර්ශනික වෘත්තීය භාවයක් ලංකාවේදී එක් කළේය.”