• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

වෛරසය, බඩගින්න හා රෝගබිය

telephone x 1

වෛරසය, බඩගින්න හා රෝගබිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ශ්‍රී ලංකාව තුළ මියගිය පළමු කොවිඩ්-19 ආසාදිතයා ඊයේ (මාර්තු 29) වාර්තා විය. විදේශගතවද ශ්‍රී ලාංකික කිහිප දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වී ඇත. තවත් රෝගීන් සිව් දෙනෙකුට අසාධ්‍ය බවද සෞඛ්‍ය බලධාරීන් පවසයි. එයින් එක් රෝගියෙක් ඉතා නොසැලකිලිමත් ලෙස සිය රෝගය අන් අයට බෙදාදුන් අයෙකි.

ශ්‍රී ලංකාව තුළ තවමත් සංචාරක වීසා මත රැඳී සිටින 15,000 ක් ඉන්නා බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. මෙයින් 2386 ක් ඉන්දියානුවන්ද, 2131 ක් චීන ජාතිකයන්ද වෙති. බ්‍රිතාන්‍ය 1159 කි. ඇමරිකානුවන් 464 කි. ඉතාලි ජාතිකයන් 179 කි. මෙයින් පෙනී යන්නේ රට වසාදමා දින 10 ක් ගතවී ඇතිමුත් සැලකිය යුතු විදේශික පිරිසක් රට තුළ සිටින බවය.

2020 ජනවාරි 01 දා කිසිදු කොවිඩ් රෝගියෙකු නොසිටි ශ්‍රී ලංකාවේ ලක්ෂ 220 ක් ජනයා ආහාර හා ඖෂධ ප්‍රමාණවත්ව නැතිව කොටුවී සිටින්නේ විදේශිකයන් මෙරටට පැමිණීම, අඩුම තරමින් පෙබරවාරි 01 දා වත් නතර නොකිරීම නිසා බව “තිත්ත ඇත්ත”ය. ඇඳිරි නීතිය කඩ කරන්නන්ට මෙන්ම, සංචාරකයින් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට ජනතා අරමුදලින් කෝටි ගණනින් වැයකර මාධ්‍ය සංදර්ශන පැවැත්වූ අයටද නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
වෛරසය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණය ඉතා අවශ්‍යය. එය රටවල් කිහිපයක් ඇරෙන්නට බොහෝ රටවල සාර්ථකව වෛරසය මර්දනය ක්‍රියාදාමයයි. නමුත්, ඒ අතරේ විසඳිය යුතු බරපතල ගැටලු රැසක් ඇත. (දැනට කොවිඩ් මර්දනයේ ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතාට ලබාදී ඇති වගකීම් 14 කට ආසන්න ප්‍රමාණය ක්‍රියාත්මක වන ආකාරය දෙස සලකා බැලීමෙන් පසුව මෙම යෝජනා ඉදිරිපත් කරමි.)

01. ක්‍රමයෙන් බියට හා දුකට පත්වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීම හා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම.

02. සමාජයේ වෙනත් රෝග නිසා පීඩා විඳින අයට ඖෂධ ලබාගැනීම සඳහා පුද්ගලික ඔසු සැල් හරහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම. (ශ්‍රී ලංකාව වර්ෂයකට විවිධ රෝගාබාධ හා වයසට යෑම නිසා 1,50,000 ක් පමණ මියයන රටකි.)

03. සමාජයේ දෛනික ආදායම් ලබන 47 ලක්ෂයක ශ්‍රම බලකායට වහාම රු.10,000/- ක් ලබාදීම. (ඉන්දියාව සිය දල ජාතික නිෂ්පාදිතයෙන් 1% ක්ද, එක්සත් ජනපදය 10% ක්ද වෛරසයෙන් තම ජනයා ගලවා ගැනීම සඳහා දැනටමත් වැයකර ඇත.) ශ්‍රී ලංකාවේ ද.ජා.නි. 1% ක් යනු රු. බිලියන 150 කි. මෙයින් කොටසක් (බිලියන 47 ක්) වැයකර ඉහත ආධාරය ලබාදිය හැකිය. වර්තමාන ලංකාවේ ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් බද්ද මේ මුදල මෙන් කිහිපගුණයකි.

04. තම පක්ෂවල මන්ත්‍රීන් යොදා නොගෙන රාජ්‍ය නිලධාරීන් පමණක් යොදා ආහාර බෙදාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුය. ඒ සඳහා වගකිව යුතු ස්වේච්ඡා සංවිධානද සම්බන්ධ කරගත යුතුය.

05. සෑම ජන කොටසකටම රෝගය පිළිබඳ නිවැරදි තොරතුරු (සැකකටයුතු ආසාදිතයන් කී දෙනෙකු සිටීද? හඳුනාගත් ආසාදිතයන් කී දෙනෙක්ද? ව්‍යාප්තව ඇති ප්‍රදේශ මොනවාද ආදී ලෙස.) ලබාදිය යුතුය. දැනට එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් (John Hopkins) ආයතනය මුළු ලෝකයේම නිවැරදි තොරතුරු ජනගත කරමින් සිටී.

06. දැනට ඇපල් ආයතනය හා තවත් ආයතන විසින් සංවර්ධනය කර ඇති රෝගය දල වශයෙන් හඳුනාගත හැකි තාක්ෂණික මෙවලම් හඳුන්වා දීම හා රෝගීන් හා සැක කටයුතු අය තාක්ෂණික ලෙස වර්ගීකරණය කිරීමට පියවර ගත යුතුය.

07. රාජ්‍ය අරමුදල් ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි නොවන ආකාරයට වසංගත මර්දනයට යොදා ගැනීම සඳහා පැවතුණු පාර්ලිමේන්තුව හරහා ක්‍රියාමාර්ගයක් ගත යුතුය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *