• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

CPC Scholarship Programme

telephone x 1

CPC Scholarship Programme

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

විදුලිබල හා බලශක්ති අමාතයාංශ පරිශ්‍රෙය් පැවති, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවක දරුදැරියන් අතරින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලත් දරුදැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාව මේ සේවක දරුදැරියන්ට ඛනිජ තේල නීතිගත සංස්ථාව මේ ආකාරයෙන් අධ්‍යාපනයට සහයෝගය ලබාදෙන්නට ඉදිරිපත්වීම ගැන අපි සතුටු වෙනවා.

සාමාන්‍ය පවුල් වල ළමයින්ට ඉදිරි ගමන යන්න තියෙන එකම දොර තමයි නිදහස් අධ්‍යාපනය. කණගාටු දායක අද්දැකීම තමයි මේ නිදහස් අධ්‍යාපන දොරෙන් එළියට යන අය රට අතහැර යාම. මේ නිදහස් අධ්‍යාපනයට වැයවන මුදලින් ගොඩනැගෙන ශක්තිමත් පිරිස් වල සේවය රටට ලැබෙනවාද යන්න අපි සොයා බැලිය යුතුයි. රටට මුලින් සේවය කිරීමට සියලු දෙනාම අධිෂ්ඨාන කරගත යුතුයි මේ කලාපයේ මෙන්ම ලෝකයේ නිදහස් අධ්‍යාපනය ඉතා වැදගත් දෙයක්.

රටවල් 34 ක් තියෙනවා නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන. ඒ අතරින් අඩුම ආදායම තියෙන රට තමයි අපේ රට. මේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක කළේ සී. ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා. අපි එතුමාව කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුයි. සාපේක්ෂ වශයෙන් මේ රටේ ඉතාම බලගතුම කරුණු දෙක වන්නේ, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය එකවිට ක්‍රියාත්මකවීම. මේ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් විශාල දායකත්වයක් දරනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආයතනයක් හැටියට විශාල වශයෙන් ආණ්ඩුවට බදු ගෙවනවා. වංචා දූෂණ ඇතැයි කීවත්, අකාරයක්ෂම පාලනයක් පවතීයැයි කීවත්, තවමත් රටේ ප්‍රධානම බදු ගෙවන්නා ඛනිජ තෙල් සංස්ථාව.

අපේ අධ්‍යාපනයේ කිසිසේත්ම භේද නැහැ. විවිධ රටවල පාසල්වල විවිධ සමාජ කණ්ඩායම් වැද්දගන්නේ නැහැ. ජාති, කුල, ආදායම් තත්ත්වය, ජන්ම තත්වය, ස්ත්‍රී පුරුෂ භේදය කිසිසේත්ම ලංකාවේ පාසල් වලට ඇතුල්වන්නට බලපාන්නේ නැහැ. ලෝකයේ තවත් සමහර රටවල කාන්තාවන්ට අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම හෝ උසස් අධ්‍යාපනය අහිමි කරලා. නමුත් මේ රටේ කාන්තාවන් විශ්ව විද්‍යාලවල 70 %ක් පමණ සිටිනවා. කාන්තාවන් සැම ක්ෂේත්‍රයකම උසස් ස්ථාන හිමිකරගෙන තිබෙනවා. ඒක මේ රටට විශාල ආඩම්බරයක්. සෑම පිරිමි සිසුවෙකුටම සිසුවියන් 1.67ක අනුපාතයක් සිටිනවා. දියුණූයැයි සම්මත රටවල මේ තත්ත්වය වෙනස්. ලංකාවේ වෛද්‍ය, නීති වෘත්තීය දෙකම විශාල වශයෙන් කරගෙන යන්නේ කාන්තාවන් විසින්. මේ රටේ ඉදිරි ගමනට විශාල පිටුවහලක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *