• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරය (2015 – 2019)

telephone x 1

පතිරූප දේශයක් සොදුරු පුරවරයක්

  • වසර 10කට පසු ශ්‍රී ලංකාව සඳහා නව ජාතික භෞතික සැලසුමක් හඳුන්වා දීම මගින් කොළඹ – ත්‍රිකුණාමලය රටේ ප්‍රධාන ආර්ථීක වේදිකාව බවට පත්කරලීමට යෝජනා කිරීම.
  • බස්නාහිර පලාතට විධිමත් සංවර්ධනයක් අත්කර ගැනීම උදෙසා මහානගර සැළසුමක් හඳුන්වාදීම හා සියලු ආයතනවල සහභාගීත්වයෙන් එය ක්‍රියාත්මක කරලීම.
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සියලුම ප්‍රවාහන මාදිලි එකම වහලක් යටට ගෙන එමින්, ක්‍රමවත් ප්‍රවාහන සැලසුමක් සහිත බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන හඳුන්වාදීම.
  • පරිසරවේදීන්ගේ, සමාජ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධයට ලක්වී තිබූ පෝට් සිටි ව්‍යාපෘතිය සැමගේ එකඟතාවය ඇතිව, රටට වාසිසහගත ලෙස යලි ගිවිසුම්ගතව, විධිමත්ව ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය නගරයක් ලෙස යළි ගොඩනැංවීම.
  • පොදු ප්‍රවාහනය දිරිමත් කිරීම සඳහා බස් රථ සඳහා වෙන් වූ ප්‍රමුඛතා මංතීරුවක් හඳුන්වා දීම. එසේම බස්රථ නවීකරණය හා ප්‍රතිව්‍යූහගත කිරීම තුළින් වඩාත් ප්‍රශස්ත පොදු ප්‍රවාහන බස් රථ සේවාවක් සඳහා සැලසුම් සකස් කිරීම.
  • ගංවතුර පාලනයට කොළඹ ජල පොම්පාගාර ස්ථාපිත කිරීම.
  • කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වසර 2020 වන විට නිවාස 20,000 ක් ඉදි කර දීම සඳහා පියවර ගැනීම. 2025 වන විට කොළඹ හා අවට පැල්පත් වාසීන්ගේ ප්‍රශ්ණය විසඳීම.
  • දැනුම හා නවෝත්පාදනය පදනම් කරගත් ආර්ථීකයක් ගොඩනැගීම තේමා කරගත් හෝමාගම තාක්ෂණික නගරයේ වැඩකටයුතු ආරම්භ කිරීම.
  • බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය මධ්‍යම වාණිජ්‍ය කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සහ අවට ජීවත් වූ පැල්පත් වාසීන්ට නිවසක් සමග නව දිවියක් ලබා දීමට කටයුතු කිරීම.
  • භාණ්ඩ හුවමාරු සහ ප්‍රතිඅපනයනය විධිමත් කිරීම සහ ලාභදායි ධනෝත්පාදන සඳහා ප්‍රවර්ජන නගරය සංකල්පය ඉදිරිපත් කිරීම සහ වැඩ ආරම්භය.
  • උගත් මධ්‍යම පාන්තිකයින් සඳහා සුදුසු යටිතල පහසුකම්වලින් සමන්විත නිවාස 5000 කින් යුත් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතිය හඳුන්වාදීම සහ එහි වැඩ ආරම්භය.
  • ලංකාවට නව්‍ය අත්දැකීමක් එක්කරමින් කසළ සඳහා තිරසර විසඳුමක් ලෙස අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය යථාර්ථයක් බවට පත්කිරීම.
  • මාර්ග තදබදය අවම කිරීම සහ රාජ්‍ය සේවකයින්ගේ එදිනෙදා කටයුතු පහසු කිරීම සහ රාජ්‍ය සේවය කාර්‍යක‍ෂකම කිරීම සඳහා සුනම්‍ය කාර්යාල වේලාවන් හඳුන්වාදීම.
  • කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ අතර වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් හඳුන්වා දීමේ අරමුණෙන් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් හඳුන්වා දීම.
  • කොළඹ කසළ ගැටළුව විසඳමින් එම කසළ ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කරමින් විදුලිය ජනනය කිරීමේ පහසුකම් සැපයීම සඳහා පියවර ගැනීම.
  • හරිත ගොඩනැගිලි ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ගොඩනැගිලි හරිත ගොඩනැගිලි බවට පරිවර්තනය කිරීම සඳහා රාජ්‍ය ක්‍රමවේදය සැකසීම.
  • යෝජිත පරිපාලන නගරය වන බත්තරමුල්ලේ කාර්යාල සංකීර්ණ තුනක් ඉදි කර කොළඹ දිස්ත්‍රික්කයේ සියළු රාජ්‍ය ආයතන බත්තරමුල්ලට ගෙන ඒම සඳහා පියවර ගැනීම.
  • පිටකොටුව, මහනුවර, බත්තරමුල්ල, කඩවත, 18 කනුව, හා මොරටුව කේන්ද්‍රකර ගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඇතිකිරීම.
  • සුඛිත පුරවර උපායමාර්ගික නගර ව්‍යාපෘතිය යටතේ නගර හා උපනගර 73ක සංවර්ධන කටයුතු සිදු කිරීම.
  • බස්නාහිර පළාත මහානගරයක් ලෙස භෞතිකව දියුණු වීමට සාපේක්ෂව බස්නාහිර පළාතේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ‘මෙත් සිත් අරණ’ ව්‍යාපෘතිය දියත් කිරීම.
  • කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වීදිසරණ යාචකයින් පුනරුත්තාපනය කිරීමේ වැඩපිලිවෙලක් ඇරඹීම සහ වීදිවල අයාලේ යන ගවයින් අල්ලා රැඳවුම් මධ්‍යස්ථානයන්හි රඳවා තැබීමේ වැඩපිළිවෙලක් ඇරඹීම.

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

නාගරික සංවර්ධන අධිකාරිය
ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව
වෝටර්ස් ඒජ් පුද්ගලික සමගම
එස්එල්ආර්ඩිසී සර්විසස් පුද්ගලික සමාගම
ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව
මහානගර ව්‍යාපෘති අංශය
  • ” අපගේ වැඩ පිලිවෙලෙහි ඉලක්කය දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බිහි කර සැවොම සතුටින් සිටිනා, සැමටම හැකියාවට රැකියාවක් ලැබෙනා සුහුරු, සුමට , සුපිරි රටක් ගොඩ නැංවීමය.

    මහජනයාට කිසිදු අයුරකින් බර නොපැටවෙන ලෙස ක්‍රියාත්මක කරන එම වැඩපිළිවෙලෙහි දී අප නවීන තාක්ෂණය, සම්ප්‍රදායික දැනුම හා අත්වැල් බැදගත් මහා විප්ලවයක් ක්‍රියාත්මක කරන්නෙමු. යාචකයින් නැති, පැල්පත් නැති මානව සන්තුෂ්ටිය තහවුරු කළ සුහුරු නගරයක් නිර්මාණය කරන්නෙමු.

    ඒ විසල් අරමුණ කරා යන මේ ගමනේදී අප හසුරුවනා ආයතන සියල්ලම ලාභ ලබමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරනා මුලයන් බවට පත් කිරීමට හැකිවීම සාඩම්බරයට කරුණකි. “

    පාඨලී චම්පික රණවක