• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

වියානා සම්මුතියේ සභාපති තනතුර (2008 – 2011)

telephone x 1

2017 කටාර්හි දෝහා හි පැවති 8 වන සමුළුවේදී පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වියානා සම්මේලනයේ පක්ෂ සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් විය.

ලෝක පරිසර අමාත්‍යවරුන්ගේ ද්විත්ව රැස්වීම් පැවැත්වූ ස්ථානය දෝහා විය. නොවැම්බර් 16 සිට 20 දක්වා පැවති වියානා සම්මුතිය සඳහා වූ පාර්ශ්වයන්ගේ සම්මේලනයේ මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය සහ අටවන රැස්වීම.

ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා වූ 1985 වියානා සම්මුතියේ අරමුණ වන්නේ වායු දූෂණයෙන් සිදුවන අහිතකර බලපෑම් වලින් මිනිස් සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සුදුසු පියවර ගැනීම සඳහා ජාතීන් බලමුලු ගැන්වීමයි.

ඕසෝන් ස්ථරය වෙනස් කිරීමෙන් මිනිස් සෞඛ්‍යයට හා පරිසරයට සිදුවන බලපෑම වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සහ තක්සේරු කිරීම සඳහා ක්‍රමානුකූල නිරීක්ෂණ, පර්යේෂණ සහ තොරතුරු හුවමාරුව මගින් ප්‍රොටෝකෝලයෙහි පාර්ශවයන්

මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට අනුව පාරිසරික අමාත්‍යංශය දක්ෂ ලෙස මෙහෙයවමින් ආණ්ඩුවට ශක්තියක් වී ඇති පාඨලී චම්පික රණවක ඇමැතිතුමා පාර්ලිමේන්තුවටත් ගෞරවයක් බව කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා පැවැසීය. දෝහා කටාර්හිදී පසුගියදා පැවැති වියනා සම්මුතියේ 8 වැනි සැසිවාරයේ දී ඉදිරි තෙවසර සඳහා එම සම්මේලනයේ සභාපති ධූරයට පත් වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (24) පැවැති උත්සවයේ දී කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා මේ බව පැවසීය. කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා එහි දී මෙසේ ද කීවේය.

චම්පික රණවක ඇමැතිතුමා මේ ආණ්ඩුවේ සිටින දක්ෂ ඇමැතිවරයෙක්. මන්තී‍්‍රවරයකුව සිට ඇමැතිවරයකු බවට පත් වී ඉතාම කෙටි කලක් තුළ දී ජාත්‍යන්තර වශයෙන් මෙවැනි උසස් තනතුරකට පත්වීමට හැකි වූයේ එතුමාගේ දක්ෂතාව නිසයි. එතුමා මෙවන් උසස් තනතුරට පත් වීම මේ රටට කීර්තියක්. අපේ පාර්ලිමේන්තුවට ගෞරවයක්. අපේ රටේ සිටින්නේ අපට ම අනන්‍ය වූ දක්ෂතාවලින් පිරිපුන් ජනතාවක්. අපේ රට ඉතා පුංචි දූප්පත් රටක්. ඒත් දෙස බස රැස රැක ගැනීම අතින් අප පොහොසත් බුදුරජාණන් වහන්සේගේ දහමෙන් පෝෂණය වූ මේ රටේ මිහිඳු මහ රහතුන් වහන්සේ හඳුන්වා දුන් ආගමික හර පද්ධතිය තවමත් සුරැකී තිබෙනවා. අපේ රටේ අනන්‍යතාව හර පද්ධතිය මැනවින් හඳුනාගත් ඇමැතිවරයකු වශයෙන් චම්පික රණවක ඇමැතිතුමා හඳුන්වන්නට පුළුවන්. එතුමාට ඉතා පැහැදිලි නිරවුල් දර්ශනයක් තිබෙනවා. එබඳු න්‍යායවාදී දර්ශනවාදි නායකත්වයට සුදුසු පුද්ගලයකු මේ තත්ත්වයට පත් කිරීම ගැන ජාතික හෙළ උරුමයට අප ස්තූතිවන්ත විය යුතුයි. මෙවන් උතුම් පුත‍්‍ර රත්නයක් මෙලොවට බිහිකළ මවුපියන් ද මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි.

පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති චම්පික රණවක මහතා- දෝහා කටාර්හි දී පසුගිය දිනවල පැවැති වියානා සම්මුතියේ 8වන සම්මේලනයේ දී ඉදිරි වසර 3 සඳහා එහි සභාපති ධූරය අප රටට හිමි වුණා. මෙය මාගේ පෞද්ගලික ජයග‍්‍රහණයක් නොවේ. අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සුමතිපාල මහතා ඇතුළු නිලධාරීන්ගේ කැපවීම නිසා ලැබූ ජයග‍්‍රහණයක්. ඕසෝන් වියන සුරැකීම මැනවින් ම කළ රට වශයෙන් 2007 වසරේ දී අප රට පත් වුණා. ආචාර්ය සුමතිපාල මහතා මේ සඳහා කළ කාර්යභාරය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වුණා. එතුමා මේ ක්‍ෂේත‍්‍රයට විශාල සේවයක් කළ පුද්ගලයෙක්. අප වැනි රටවලට ධනය බලය එතරම් නැති නිසා අපේ දැනුමෙන් ප‍්‍රයෝජන ගත යුතුයි. අපේ නිලධාරීන් මේ කාර්යය සාර්ථක කරනවා. ඉදිරි වසර 3 සඳහා වසරකට ඩොලර් මිලියන 450 බැගින් ඕසෝන් සංරක්ෂණ කටයුතු වෙනුවෙන් හිමි වෙනවා. මේ මුදල් නිසි කළමනාකරණයෙන් යුතුව පරිහරණය කිරීමේ වගකීම අපට පැවරෙනවා. අපේ රටේ අධෝරක්ත කිරණ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අප යෝජනා කළා. මෙරටට භූගෝලීය වශයෙන් හිමි ව තිබෙන වැදගත්කම සලකා එම අවස්ථාව අපට හිමි කර දීමට හේතු වී තිබෙනවා. පසුගියදා අප ඉදිරිපත් කළ චිරස්ථායි පාරිසරික දර්ශකය ලොව විශාල පිළිගැනීමකට ලක්ව තිබෙනවා. අපේ රටේ එක් පුද්ගලයකු ඩොලර් මිලියන 300ක් විදේශයන්ට ණයයි. එහෙත් දියුණු රටවල් අපේ පරිසරයට කර තිබෙන විනාශය නිසා අපට ණයයි. ඒ අනුව විදේශ රටවල් අපට ණය බව පෙන්වා දීමට අප නිර්භීත විය යුතුයි. පාරිසරික ක්‍ෂේත‍්‍රයේ නම් ජාත්‍යන්තර වශයෙන් අපට කිසිම බලපෑමක් කළ නොහැකියි. පසුගියදා ජී. එස්. පී. ප්ලස් සඳහා පැවැති සාකච්ඡාවල දී අප රටට නොයෙක් කොන්දේසි පැනවීමට උත්සාහ කළත් පාරිසරික අංශයෙන් කිසිඳු කොන්දේසියක් පැනවූයේ නෑ.