
අම්පාර ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයින් හා වෘත්තීයවේදීන් සමඟ පැවති සුහද හමුව.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ අම්පාර ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයින් හා වෘත්තීයවේදීන් පිරිසක් අතර සුහද හමුවක් අද (05) සවස අම්පාරේදී පැවැත්විණ.

වාලච්චේන කඩදාසි කම්හලේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව..




















වාලච්චේන වෙළෙද සංගමයේ නියෝජිත පිරිසක් හා එක්ව සුහද සාකච්ඡාව..
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නැගෙනහිර සංචාරය අතරතුර අද (04) වාලච්චේන වෙළෙද සංගමයේ නියෝජිත පිරිසක් හා එක්ව සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී ඔවුන්ගේ ගැටළු පිලිබදව සාකච්ඡා කරන ලදී...මඩකලපුව සිට කොළඹ බලා ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස් රථ වාලච්චේන නගරය හරහා ගමන් නොකර ඔඩ්ඩමාවඩි ප්‍රදේශය හරහා ගමන් කිරීම හේතුවෙන් වාලච්චේන නගරයේ සිට කොළඹ බලා ගමන් කරන ජනතාව මහත් අසීරුතාවට පත් වීම ප්‍රධාන ගැටලුවක් බව මෙහිදී පෙන්වා දෙනු ලැබිණ.











වාලච්චේන ධීවර වරාය නිරීක්ෂණ චාරිකාව.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නැගෙනහිර සංචාරය අතරතුර වාලච්චේන ධීවර වරාය නිරීක්ෂණ චාරිකාවක අද දින (04) සහභාගී විය. මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන ධීවර වරාය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡාවක නිරත විය. කලපුව සහ මුහුදට පිවිසෙන ස්ථාන වල පිහිටි ගල්පර නිසා ධීවර බෝට්ටු වලට සිදුවන හානි පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.එම ගැටලුවට විසඳුමක් ලෙස සංඥා පද්ධතියක් සවිකිරීම පිළිබඳව අදහස් පළවිය. එමෙන්ම ධීවර ප්‍රජාව මුහුණ පා ඇති ගැටලු රැසක් චම්පික රණවක මහතාගේ අවධානයට යොමු කෙරිණි. එම ගැටලුවලට විසඳුම් ලබාගැනීමට ධීවර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බව පැවසීය. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව,ශ්‍රීලංකා නාවික හමුදාව,ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යන ආයතන වල නිළධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.























මඩකලපුව වාලච්චේනයි බ්රරයින්තුරච්චේනයි අශ්හර් විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්රමුඛ ප්රමුඛ ආචාර්ය මණ්ඩලය සහ පාසල් සංවර්ධන සමිතියේ නියෝජිතයින් සමඟ සිදුකළ සුහද කතාබහ..
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නැගෙනහිර පළාත් සංචාරය අතරතුර මඩකලපුව වාලච්චේනයි බ්රරයින්තුරච්චේනයි අශ්හර් විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය සහ පාසල් සංවර්ධන සමිතියේ නියෝජිතයින් මුණගැසී ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය.
ஐக்கிய குடியரசு முன்னணியின் தலைவர் நாடாளுமன்ற உறுப்பினர் கெளரவ.பாட்டலி சம்பிக்க ரணவக்க அவர்களின் கிழக்கு மாகாண விஜயத்தின் போது மட்டக்களப்பு மாவட்டத்தின் பிறைந்துரைச்சேனை அஸ்ஹர் மகா வித்தியாலய அதிபரின் தலைமையில் பாடசாலை அபிவிருத்திச் சங்கம், பழையமாணவர் சங்கம், ஆசிரியர்கள் மற்றும் பிரதிநிதிகளையும் சந்தித்து அவர்களுடன் சிநேகபூர்வமாக உரையாடினார்.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේදී පැවති ජන හමුව..
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුවක් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේදී අද(03) දින පැවැත්වින. මෙම හමුව සදහා ජනරජ පෙරමුණේ තරුණ කටයුතු ලේකම් තීක්ශණ ගම්මන්පිල ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මෙම හමුව සංවිධානය කළේ නැගෙනහිර පලාත් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ සංවිධායක එන්.එම්.එම්.මර්ෂුක් මහතා විසිනි. මෙම හමුව සදහා ප්‍රදේශයේ දමිළ මුස්ලිම් පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් ධීවර, ව්‍යාපාරික ආදී ක්ෂේත්‍ර නියෝජනය කරමින් මෙන්ම, ප්‍රදේශයේ විවිධ සංවිධාන වල නියෝජිත පිරිසක්ද එක්ව සිටියහ. ඔවුන් මුහුණපා සිටින ගැටලු පිලිබද මෙහිදී සාකච්ඡා කරන ලදී.












වාලච්චේන බදුරියා අල් මිනා පාසලේ නිරීක්ෂණ චාරිකාව.