
කලවාන ආසන නිරීක්ෂණ චාරිකාව: කලවාන Hill Top Hotel ජනරජ හමුව…
එක්සත් ජනරජ පෙරමුණේ කුඩා කණ්ඩායම් ජන හමුවක් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) කලවාන හිල් ටොප් හොටෙල් හීදි පැවැත්විණ.
ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා ඇතුළු පක්ෂයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් රැසක් මෙම ජන හමුවට එක්ව සිටිය හ.
නීතිඥ හර්ෂණ විජේනායක සහ තාක්ෂණවේදී කපිල බුද්ධික මහතවරුන් විසින් මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.





ළමා දිනය මූලික කර ගෙන සංවිධානය කළ අක්ෂි සායන වැඩසටහන..
'ජනරජ කාන්තාවෝ' විසින් ළමා දිනය මුලික කර ගෙන සංවිධානය කළ අක්ෂි සායන වැඩසටහනක් අද (01) කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයේ දී පැවැත්විණ.
විහාරස්ථ දහම් පාසල් දුවා දරුවන් වෙනුවෙන් මෙම අක්ෂි සායනය පවත්වන ලද අතර, මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද සහභාගී විය.














අට වැදෑරුම් ප්‍රතිපත්තිය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද ( ඔක්තෝබර් 05) පස්වරුවේ එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ.
මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතිව තිබෙන ඖෂධ ගැටලුව, යන්ත්‍ර සුත්‍ර නොමැතිකම හා වෛද්‍යවරුන් රට හැරයාම වැනි ගැටළු රාශියක් මූලික කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන ලද පරීක්ෂණයක් මගින් මෙම ගැටළු මඟ හරවා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා සහිත 'අට වැදෑරුම් ප්‍රතිපත්තිය' නිල වශයෙන් මෙහිදී පාඨලී චම්පික රණවක මහතාට ප්‍රධානය කිරීම සිදු වූ අතර සෞඛ්‍ය ක්ෂේත්රය රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ මෙහිදී සාකච්ඡා විය.


Creative Kids
දරුවන්ගේ කලාත්මක රස වින්දනය ඔප් නැංවීම ද, පාසල් විෂය නිර්දේශයට කොටු වී සිටින සිසු සිසුවියන්ගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීම ද අරමුණු කරගෙන දීප ව්‍යාප්තව පවත්වනු ලබන 'Creative Kids' වැඩසටහන් මාලාවේ විශේෂ ළමා දින වැඩසටහන අද (03) හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණ.
තක්ෂිලාවේ ආදි ශිෂ්‍යයෙකු ද වන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වීම විශේෂත්වයකි.
තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ආදි ශිෂ්‍ය සංගමය ද මෙම සුවිශේෂී අවස්ථාව සඳහා තම දායකත්වය සහ සහයෝගය පල කරන ලදී.




























එක්සත් ජනරජ පෙරමුණේ අධ්‍යාපන හා පුහුණු කමිටුව විසින් පවත්වනු ලැබූ පළමු පුහුණු වැඩමුළුව.
එක්සත් ජනරජ පෙරමුණේ අධ්‍යාපන හා පුහුණු කමිටුව විසින් පවත්වනු ලැබූ පළමු පුහුණු වැඩමුළුව 2023 සැප්තැම්බර් මස 30 වෙනි දින ඉතා සාර්ථක ලෙස මහනුවර ඩෙවොන් ශාලාවේදී පැවැත්විණි. තුෂාර ස්වර්ණතිලක මහතාගේ සංවිධායකත්වයෙන් පැවැති මෙම පුහුණු වැඩපිළිවෙල මහනුවර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් කළමනාකරුවන්, ආසන සම්බන්ධීකාරකවරුන්, දිස්ත්‍රික් කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පෙ.ව. 10.00 සිට ප.ව 4 දක්වා පැවැත්විණ.
දේශන හා දේශකයන්
1. පක්ෂ දර්ශනය - අජිත් අමරසිංහ
2. ශ්‍රී ලාංකික දේශපාලනයේ ගමන්මග හා ජනරජ පක්ෂය - කරුණාරත්න පරණවිතාන
3. පක්ෂයේ ආර්ථික වැඩපිළවෙල - සංකල්ප මාරසිංහ
4. පක්ෂ නායකත්වයේ ගමන් මග - දිනෙත් මල්ලිකාරච්චි
මෙහිදී පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතා විසින් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන දේශනයක් ද පවත්වන ලදී. දේශන වලින් අනතුරුව සාකච්ඡාව පුරා පැයකට අධික කාලයක් පැවතිණ. මෙම පුහුණු වැඩමුළුව ලංකාවේ අන් දිස්ත්‍රික්ක වලද, පක්ෂ මුලස්ථානයේද පැවැත්වීමට අධ්‍යාපන හා පුහුණු කමිටුව අදහස් කර ඇත.













වත්තල බෝපිටිය ජන හමුව
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් පසුගියදා වත්තල බෝපිටිය ප්‍රදේශයේ පැවත්වින.
මෙම අවස්ථාවට පක්ෂ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේද රත්නායක මහතාද සහභාගී විය.
එක්සත් ජනරජ පෙරමුණ වත්තල සම්බන්ධීකාරක ප්රණාම රොද්‍රිගු මහතා විසින් මෙම හමුව සංවිධානය කරන ලදී.
කලවාන ශ්‍රී තිලකරත්නාරාම විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුරේ සීවලී හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීම.