
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගැනීම..
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (05) උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගත්තේ ය.

ජනරජ පෙරමුණේ සමාරම්භක ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගැන්වීම..
අද (05) උදෑසන අභයගිරි මහ සෑ විහාරාධිපති, ආචාර්ය කල්ලංචියේ රත්නසිරි හිමිපාණන් බැහැ දැකි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා උන්වහන්සේ ආශිර්වාද ලබාගෙන සුහද සාකච්ඡාවක නියැලුණු අතර, ජනරජ පෙරමුණු සමාරම්භක ප්‍රතිපත්ති ප්රකාශනය ද විහාරාධිපති හිමියන් වෙත පිළිගන්වන ලදී. මේ අවස්ථාවට ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා ඇතුළු පිරිසක් ද එක් විය.


අද (05) අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා. පිරිවෙන් අධ්යක්ෂ, රාජකීය පණ්ඩිත උඩදප්පල ඥානාලෝක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තේ ය. ජනරජ පෙරමුණේ සමාරම්භක ප්‍රතිපත්ති ප්රකාශනය ද උන්වහන්සේ වෙත පිළිගැන්විණ. මේ අවස්ථාවට ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා ඇතුළු පිරිසක් ද එක් විය.




පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා තන්තිරිමලේ රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට එක් විය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (04) දින තන්තිරිමලේ රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට එක් විය. එහිදී විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර සැම වසරකදීම පොසොන් සමයේ තන්තිරිමලේ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරනු ලබන ආලෝක පූජා පින්කම් මාලාවටද සහසම්බන්ද විණ. මේ අවස්ථාවට ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා ඇතුලු පිරිසක් ද සහභාගී වී සිටියහ.
.

ඉසුරුමුණි විහාරය වෙත ගොස් වැඳපුදා ආශිර්වාද ලබාගත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා..
අද (04) අනුරාධපුර ඉසුරුමුණි විහාරය වෙත ගොස් වැඳපුදා ආශිර්වාද ලබාගත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා. ඉසුරුමුණි විහාරාධිපති හිමියන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වී උන්වහන්සේ ගේ ආශිර්වාදය ලබාගත්තේය. මේ අවස්ථාවට ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා ඇතුලු පිරිසක් ද සහභාගී වී සිටියහ.

රුවන්වැලි සෑ චෛත්‍ය විහාරාධිපති, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැකීම.
අද (04) අනුරාධපුර රුවන්වැලි මහා සෑය වෙත ගොස් වැඳපුදා ආශිර්වාද ලබාගත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා. රුවන්වැලි සෑ චෛත්‍ය විහාරාධිපති, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වී උන්වහන්සේ ගේ ආශිර්වාදය ලබාගත්තේය.

අටමස්ථානාධිපති, පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම..
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (04) අනුරාධපුර අටමස්ථානය වැඳ පුදා ගැනීමට එක් විය. එහිදී අටමස්ථානාධිපති, පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. මේ අවස්ථාවට ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා ඇතුලු පිරිසක් ද සහභාගී වී සිටියහ.
පක්ෂ ව්‍යවස්ථාව හා නිලධාරි මණ්ඩලය සහිත නිල ලේඛණ මැතිවරණ කොමිසම වෙත භාර දීම.
මැයි 22 එක්සත් ජනරජ පෙරමුණු සමාරම්භක සමුළුවේ දී සම්මත වූ ව්‍යවස්ථාව, නිලධාරි මණ්ඩලය සහ අනෙකුත් කාර්ය පටිපාටීන් පිළිබඳව නිල ලේඛණ මැතිවරණ කොමිසම වෙත භාර දීම අද (06) දින, එක්සත් ජනරජ පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ මුලිකත්වයෙන් ජාතික සංවිධායක සුමේධ රත්නායක, පක්ෂ සභාපති වෛද්‍ය අජිත් අමරසිංහ, පක්ෂ ලේකම් බන්දුල චන්ද්‍රසේකර, භාණ්ඩාගාරික, සුනිල් පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු විය.
