
නිරීක්ෂණ චාරිකාව – නොරොච්චෝලේ විදුලිබලාගාරය
රටේ ප්රමුඛ අවශ්‍යතා පිළිබඳව අපි නිරතුරුව අවධානයෙන් සිටින්නෙමු. නොරොච්චෝලේ විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින්...







රටේ හෙට දවස වෙනුවෙන් අපි කැපවෙමු…..
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන භූගත නල පද්ධතියේ කඩිනම් අළුත්වැඩියා කටයුතු ඇරඹේ. කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන, සී.පී.එස්.ටී.එල්. ආයතනය සතු, වසර 45 ක් පමණ පැරණි භූගත නල පද්ධතිය මේ වනවිට දැඩි ලෙස අබලන් වී ඇති අතර ඒ තුළින් තෙල් කාන්දුවීම හේතුවෙන් විවිධ අවස්ථා වලදී තෙල් සංස්ථාවට විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවී ඇත. මෙම භූගත නල පද්ධතිය තුළින් තෙල් කාන්දුවිමෙන් සිදුවන අපතේයාම සහ නල පද්ධතියේ අළුත්වැඩියා කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ විශේෂ අවධානය යොමුවූ අතර එතුමාගේ උපදෙස් පරිදි, සී.පී.එස්.ටී.එල්. ආයතනය ආයතනයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ උපදේශකත්වය මත, එම ආයතනයේ සේවකයින්ගේ සෘජු දායකත්වයෙන් මෙම භූගත නල පද්ධතියේ අළුත්වැඩියා කටයුතු මෙසේ සිදුකිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව එහි පළමු අදියර වශයෙන් මෙම නල මාර්ගයේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඇති මීටර් 100 ක පමණ දිගින් යුත් කොටසක් කපා ඉවනත්කර ඒ සඳහා අළුත් නල පද්ධතියක් එළිමේ කටයුතු සිදුකර, එම නලය පවතින නලයට සම්බන්ධ කිරීම, අද (04) පෙරවරුවේ මහවත්ත ප්‍රදේශයේදී සිදු කරන ලදී.

Russian ambassador ‘s visit
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර න්‍යෂ්ඨික බලශක්ති ක්ෂේත්රයේ හා අධ්‍යාපන ක්ෂේත්රයේ සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වින.





Visit to CPC Depot – Anuradhapura
අනුරාධපුර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණය නිරීක්ෂණයට ලක්කිරීම සහ රටතුල ඉන්ධන සැපයුම විධිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව නිළධාරීන් සමඟ සුහද සාකච්ඡාවක නිරතවෙමින්.


