• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය.අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය.තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය.කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය.ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය.එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..
    වහාම රටම නිරෝධායනය කරන්න.

    වහාම රටම නිරෝධායනය කරන්න.

    Posted by Patali Champika Ranawaka on Tuesday, March 17, 2020

(ඇමැතිවරයෙක් ලෙස පාඨලී චම්පික රණවකයන් 2007 සිට 2019 දක්වා කළ කී දෑ) ජාතිය ණයගැති නොකර අලුත් වැඩක් කළ "පාඨලී"

  • 03/03/2016

    “නිවසක් එක්ක ජීවිතයක්”

    “නිවසක් එක්ක ජීවිතයක්”
    "නිවසක් සමග ජීවිතයක්' යන සංකල්පය යටතේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ඉදිවෙන නිවාස ව්‍යාපෘති"කොළඹ නගරයේ ජනගහනය ලක්‍ෂ හයකට ආසන්න ප‍්‍රමාණයක් වෙසෙන අතර එහි වෙසෙන දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් නව නිවාස යෝජනා ක්‍රමයකට අමතරව නව ජීවිතයක් ලබාදීම උදෙසා ඇරඹූ වැඩපිළිවෙල “නිවසක් එක්ක ජීවිතයක්” නමින් දියත් කිරීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සැළසුම් සකස් කෙරිණ. ලක්හිරු සෙවන, ලක්සෙත සෙවන, සියසෙත සෙවන. සියපත් සෙවණ, ජයමග සෙවණ, මුවදොර උයන, ලක්සඳ සෙවණ, මෙත්සඳ සෙවණ, යනාදී නිවාස යෝජනා ක්‍රම රැසක් මේ වන විටත් නිමකොට අවසන් ය.මීළඟ අවුරුදු තුන ඇතුළත තවත් නිවාස 10,000ක් පමණ නිමකිරීමට බලාපොරොත්තු වේ. නිවාස ඉදිකිරීමට සමගාමීව නව ජීවිතයක් ආරම්භ කිරීමට, මෙහි ජීවත්වන ජනතාවට මේ හා සමගම අවකාශ සැළසේ. මත්ද්‍රව්‍ය, පාතාලය සහ දුරාචාරය සමග ජීවත්වූ දුවා දරුවන්ට හොඳ අනාගතයක් සමග හොඳ පුරවැසිභාවයක් සමාජයේ හිස කෙළින් තබාගෙන ජීවත්විය හැකි තත්ත්වයක් ඇති කිරීම “නිවසක් සමග ජීවිතයක්” වැඩපිළිවෙලේ මුඛ්‍ය පරමාර්ථයයි.ඉදිරි කාලයේදී දහස් ගණන් දරුවන් මේ ප්‍රදේශයෙන් විශ්ව විද්‍යාල කරා පියමං කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන පාසල් පද්ධතියක් ඇති කිරීමද මෙහි ඉදිරි බලාපොරොත්තුවකි. ඒ අනුව;ලක්සෙත සෙවණ (මාළිගාවත්ත) නිවාස ඒකක - 480මෙත්සඳ සෙවණ (හේනමුල්ල) නිවාස ඒකක - 940ලක්සඳ සෙවණ (කොළොන්නාව) නිවාස ඒකක - 792සියසෙත සෙවණ (ප්‍රදීපා මාවත) නිවාස ඒකක - 266සියපත් සෙවණ (දෙමටගොඩ) නිවාස ඒකක - 437සියපත් සෙවණ (දෙමටගොඩ - දෙවන අදියර) නිවාස ඒකක - 266මුවදොර උයන (ෆර්ගියුෂන් පාර) නිවාස ඒකක - 254ලක්හිරු සෙවණ (මාළිගාවත්ත) නිවාස ඒකක - 192යන නිවාස ව්‍යාපෘති දැනටමත් නිමවා අවසන් ය. 40,000ක් නිවාස කරා යන යෝධ නිවාස ව්‍යාපෘති ඉලක්කයේ සාරාංශය මෙසේ දැක්විය හැකිය.2016- 2020 වන විට ජනතා අයිතියට පත්වූ සහ පත්වන නිවාස ඒකක ගණන - 200002021 දී නිමවීමට නියමිත නිවාස ඒකක ගණන - 50002022 දී නිමවීමට නියමිත නිවාස ඒකක ගණන - 50002023 දී නිමවීමට නියමිත නිවාස ඒකක ගණන - 50002024 දී නිමවීමට නියමිත නිවාස ඒකක ගණන - 50002016- 2024 නිවාස ඒකක ගණන 40,000
  • 08/01/2015

    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරය (2015 – 2019)

    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරය (2015 – 2019)

    පතිරූප දේශයක් සොදුරු පුරවරයක්

    • වසර 10කට පසු ශ්‍රී ලංකාව සඳහා නව ජාතික භෞතික සැලසුමක් හඳුන්වා දීම මගින් කොළඹ - ත්‍රිකුණාමලය රටේ ප්‍රධාන ආර්ථීක වේදිකාව බවට පත්කරලීමට යෝජනා කිරීම.
    • බස්නාහිර පලාතට විධිමත් සංවර්ධනයක් අත්කර ගැනීම උදෙසා මහානගර සැළසුමක් හඳුන්වාදීම හා සියලු ආයතනවල සහභාගීත්වයෙන් එය ක්‍රියාත්මක කරලීම.
    • ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සියලුම ප්‍රවාහන මාදිලි එකම වහලක් යටට ගෙන එමින්, ක්‍රමවත් ප්‍රවාහන සැලසුමක් සහිත බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන හඳුන්වාදීම.
    • පරිසරවේදීන්ගේ, සමාජ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධයට ලක්වී තිබූ පෝට් සිටි ව්‍යාපෘතිය සැමගේ එකඟතාවය ඇතිව, රටට වාසිසහගත ලෙස යලි ගිවිසුම්ගතව, විධිමත්ව ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය නගරයක් ලෙස යළි ගොඩනැංවීම.
    • පොදු ප්‍රවාහනය දිරිමත් කිරීම සඳහා බස් රථ සඳහා වෙන් වූ ප්‍රමුඛතා මංතීරුවක් හඳුන්වා දීම. එසේම බස්රථ නවීකරණය හා ප්‍රතිව්‍යූහගත කිරීම තුළින් වඩාත් ප්‍රශස්ත පොදු ප්‍රවාහන බස් රථ සේවාවක් සඳහා සැලසුම් සකස් කිරීම.
    • ගංවතුර පාලනයට කොළඹ ජල පොම්පාගාර ස්ථාපිත කිරීම.
    • කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වසර 2020 වන විට නිවාස 20,000 ක් ඉදි කර දීම සඳහා පියවර ගැනීම. 2025 වන විට කොළඹ හා අවට පැල්පත් වාසීන්ගේ ප්‍රශ්ණය විසඳීම.
    • දැනුම හා නවෝත්පාදනය පදනම් කරගත් ආර්ථීකයක් ගොඩනැගීම තේමා කරගත් හෝමාගම තාක්ෂණික නගරයේ වැඩකටයුතු ආරම්භ කිරීම.
    • බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය මධ්‍යම වාණිජ්‍ය කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සහ අවට ජීවත් වූ පැල්පත් වාසීන්ට නිවසක් සමග නව දිවියක් ලබා දීමට කටයුතු කිරීම.
    • භාණ්ඩ හුවමාරු සහ ප්‍රතිඅපනයනය විධිමත් කිරීම සහ ලාභදායි ධනෝත්පාදන සඳහා ප්‍රවර්ජන නගරය සංකල්පය ඉදිරිපත් කිරීම සහ වැඩ ආරම්භය.
    • උගත් මධ්‍යම පාන්තිකයින් සඳහා සුදුසු යටිතල පහසුකම්වලින් සමන්විත නිවාස 5000 කින් යුත් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතිය හඳුන්වාදීම සහ එහි වැඩ ආරම්භය.
    • ලංකාවට නව්‍ය අත්දැකීමක් එක්කරමින් කසළ සඳහා තිරසර විසඳුමක් ලෙස අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය යථාර්ථයක් බවට පත්කිරීම.
    • මාර්ග තදබදය අවම කිරීම සහ රාජ්‍ය සේවකයින්ගේ එදිනෙදා කටයුතු පහසු කිරීම සහ රාජ්‍ය සේවය කාර්‍යක‍ෂකම කිරීම සඳහා සුනම්‍ය කාර්යාල වේලාවන් හඳුන්වාදීම.
    • කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ අතර වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් හඳුන්වා දීමේ අරමුණෙන් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් හඳුන්වා දීම.
    • කොළඹ කසළ ගැටළුව විසඳමින් එම කසළ ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කරමින් විදුලිය ජනනය කිරීමේ පහසුකම් සැපයීම සඳහා පියවර ගැනීම.
    • හරිත ගොඩනැගිලි ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ගොඩනැගිලි හරිත ගොඩනැගිලි බවට පරිවර්තනය කිරීම සඳහා රාජ්‍ය ක්‍රමවේදය සැකසීම.
    • යෝජිත පරිපාලන නගරය වන බත්තරමුල්ලේ කාර්යාල සංකීර්ණ තුනක් ඉදි කර කොළඹ දිස්ත්‍රික්කයේ සියළු රාජ්‍ය ආයතන බත්තරමුල්ලට ගෙන ඒම සඳහා පියවර ගැනීම.
    • පිටකොටුව, මහනුවර, බත්තරමුල්ල, කඩවත, 18 කනුව, හා මොරටුව කේන්ද්‍රකර ගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඇතිකිරීම.
    • සුඛිත පුරවර උපායමාර්ගික නගර ව්‍යාපෘතිය යටතේ නගර හා උපනගර 73ක සංවර්ධන කටයුතු සිදු කිරීම.
    • බස්නාහිර පළාත මහානගරයක් ලෙස භෞතිකව දියුණු වීමට සාපේක්ෂව බස්නාහිර පළාතේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ‘මෙත් සිත් අරණ’ ව්‍යාපෘතිය දියත් කිරීම.
    • කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වීදිසරණ යාචකයින් පුනරුත්තාපනය කිරීමේ වැඩපිලිවෙලක් ඇරඹීම සහ වීදිවල අයාලේ යන ගවයින් අල්ලා රැඳවුම් මධ්‍යස්ථානයන්හි රඳවා තැබීමේ වැඩපිළිවෙලක් ඇරඹීම.

    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

    නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වෝටර්ස් ඒජ් පුද්ගලික සමගම එස්එල්ආර්ඩිසී සර්විසස් පුද්ගලික සමාගම ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව මහානගර ව්‍යාපෘති අංශය mega
    • " අපගේ වැඩ පිලිවෙලෙහි ඉලක්කය දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බිහි කර සැවොම සතුටින් සිටිනා, සැමටම හැකියාවට රැකියාවක් ලැබෙනා සුහුරු, සුමට , සුපිරි රටක් ගොඩ නැංවීමය.

      මහජනයාට කිසිදු අයුරකින් බර නොපැටවෙන ලෙස ක්‍රියාත්මක කරන එම වැඩපිළිවෙලෙහි දී අප නවීන තාක්ෂණය, සම්ප්‍රදායික දැනුම හා අත්වැල් බැදගත් මහා විප්ලවයක් ක්‍රියාත්මක කරන්නෙමු. යාචකයින් නැති, පැල්පත් නැති මානව සන්තුෂ්ටිය තහවුරු කළ සුහුරු නගරයක් නිර්මාණය කරන්නෙමු.

      ඒ විසල් අරමුණ කරා යන මේ ගමනේදී අප හසුරුවනා ආයතන සියල්ලම ලාභ ලබමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරනා මුලයන් බවට පත් කිරීමට හැකිවීම සාඩම්බරයට කරුණකි. "

      පාඨලී චම්පික රණවක
  • 31/01/2013

    තාක්ෂණ හා පර්‍යේෂණ අමාත්‍ය ධුරය (2013 – 2014)

    තාක්ෂණ හා පර්‍යේෂණ අමාත්‍ය ධුරය (2013 – 2014)

    තිරසාර බලශක්තියෙන් ජවගැන්වෙන අනාගතයක්

    • දැනුම පදනම් කරගත් ආර්ථීකයක්, නවෝත්පාදන ආර්ථික උපායමාර්ගයක් ඉලක්ක කරගෙන ජාතික පර්‍යේෂණ සංවර්ධන රාමුව ඇති කිරීම.
    • නව නිපැයුම් කරුවන්ට කර්මාන්ත ඇතිකිරීම සඳහා නිමැවුම්කරුවන් හා ව්‍යාපාරිකයන් සම්බන්ධකෙරෙන තාක්ෂණ වෙළෙඳපොල ඇති කිරීම.
    • විදාතා වැඩසටහන හරහා 65,000ක පිරිසකට ස්වයං රැකියා සහ ව්‍යාපාරික අවස්ථා ඇතිකිරීමට ක්‍රියා කිරීම.
    • නර්ඩ් ආයතනයේ නව තාක්ෂණය රටට හඳුන්වාදීම සහ ප්‍රමිති කාර්යංශය වැනි ආයතන ශක්තිමත්ව ලාභදායී තත්වයට ගෙන ඒම.
  • 29/04/2010

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය (2010 -13, 2015)

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය (2010 -13, 2015)

    තිරසාර බලශක්තියෙන් ජවගැන්වෙන අනාගතයක්

    • ශ්‍රී ලංකාව 100%ක් විද්‍යුතනය කිරීම සඳහා ‘විදුලමු ලංකා’ වැඩපිළිවෙල දියත් කර දිවයින පුරා නව විදුලි සැපයුම් ලක්ෂ 6ක් පමණ ලබා දීමට කටයුතු කිරීම.
    • ආසියානු කලාපයේ 24 පැයම විදුලිය ලබාදෙන එකම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම.
    • විදුලිබල මණ්ඩලය මූල්‍ය අර්බුදයෙන් මුදා ගනිමින් ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීම.
    • ප්‍රථම වරට ජාතික පද්ධතියට එක් කළ විධිමත් සූර්ය හා සුළං විදුලි බලාගාර හඳුන්වාදීම.
    • ඩීසල් මගින් ක්‍රියාත්මක පෞද්ගලික විදුලි බලාගාර වල ඒකාධිකාරය යටපත්කොට තෙල් මාෆියාවෙන් විදුලි බල මණ්ඩලය ගලවා ගැනීම හා වියදම් අධික සියලු පුද්ගලික බලාගාර වසා දැමීමට කටයුතු කිරීම.
    • මන්නාරම් ද්‍රෝනියේ තෙල් හා ගෑස් කෙරවලපිටියට ගෙනයන වැඩපිළිවෙල විධිමත්ව සැලසුම් කර ඉදිරිපත් කිරීම.
    • 2030 දී බලශක්තියෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් සඳහා වන ප්‍රථම බලශක්ති උපායමාර්ගික වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම.
    • ක්ෂණික මිලදී ගැනීම් හා දීර්ඝ කාලීන මිලදී ගැනීම් අතර සමබරතාවයක් ඇති කර ගල් අඟුරු මාෆියාව ඉවත් කිරීම.
    • ආයතනයේම සේවකයින් යොදා ගනිමින් දින 43කින් ප්‍රධාන තෙල් පරිවහන නලය ප්‍රතිසංස්කරණය කිරීම.
    • තෙල් ටෙන්ඩර් කැඳවීම විධිමත් කර මූල්‍යමය වශයෙන් තෙල් සංස්ථාව මුදාගෙන ඉතිහාසයේ ප්‍රථම වතාවට තෙල් මිල අඩුකිරීම.
    • නිවසේ භාවිතාව සඳහා සූර්‍ය බලශක්තිය හා ජාතික පද්ධතිය යන දෙකම යොදා ගනිමින් ඒ අතර තුලනයක් ඇති කළ හැකි විශේෂ මනු ක්‍රමයක් හඳුන්වා දීම.
    • බලශක්ති සංරක්ෂණය සඳහා ජනතාව පෙළඹවීමේ ‘ජනවිදුලි බලාගාර’ වැඩසටහන හඳුන්වා දීම සහ ඒ සඳහා පාසල් සිසු සිසුවියන් එකතු කර ගැනීම. පාරිභෝගිකයින් ලක්ෂ 24ක් සහභාගී වූ මෙමගින් 2012 වර්ෂයේදී 4%ක විදුලි ඉතිරියක් වූ අතර, ඉල්ලුම් කළමනාකරණය තුලින් පාලනය වූ විදුලි ඉල්ලුම ඉදිරි වසර 5 පුරා ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගත හැකි විය.
  • 25/12/2007

    වියානා සම්මුතියේ සභාපති තනතුර (2008 – 2011)

    වියානා සම්මුතියේ සභාපති තනතුර (2008 – 2011)
    2017 කටාර්හි දෝහා හි පැවති 8 වන සමුළුවේදී පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වියානා සම්මේලනයේ පක්ෂ සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් විය.ලෝක පරිසර අමාත්‍යවරුන්ගේ ද්විත්ව රැස්වීම් පැවැත්වූ ස්ථානය දෝහා විය. නොවැම්බර් 16 සිට 20 දක්වා පැවති වියානා සම්මුතිය සඳහා වූ පාර්ශ්වයන්ගේ සම්මේලනයේ මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය සහ අටවන රැස්වීම.ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා වූ 1985 වියානා සම්මුතියේ අරමුණ වන්නේ වායු දූෂණයෙන් සිදුවන අහිතකර බලපෑම් වලින් මිනිස් සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සුදුසු පියවර ගැනීම සඳහා ජාතීන් බලමුලු ගැන්වීමයි.ඕසෝන් ස්ථරය වෙනස් කිරීමෙන් මිනිස් සෞඛ්‍යයට හා පරිසරයට සිදුවන බලපෑම වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සහ තක්සේරු කිරීම සඳහා ක්‍රමානුකූල නිරීක්ෂණ, පර්යේෂණ සහ තොරතුරු හුවමාරුව මගින් ප්‍රොටෝකෝලයෙහි පාර්ශවයන්මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට අනුව පාරිසරික අමාත්‍යංශය දක්ෂ ලෙස මෙහෙයවමින් ආණ්ඩුවට ශක්තියක් වී ඇති පාඨලී චම්පික රණවක ඇමැතිතුමා පාර්ලිමේන්තුවටත් ගෞරවයක් බව කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා පැවැසීය. දෝහා කටාර්හිදී පසුගියදා පැවැති වියනා සම්මුතියේ 8 වැනි සැසිවාරයේ දී ඉදිරි තෙවසර සඳහා එම සම්මේලනයේ සභාපති ධූරයට පත් වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (24) පැවැති උත්සවයේ දී කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා මේ බව පැවසීය. කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා එහි දී මෙසේ ද කීවේය.චම්පික රණවක ඇමැතිතුමා මේ ආණ්ඩුවේ සිටින දක්ෂ ඇමැතිවරයෙක්. මන්තී‍්‍රවරයකුව සිට ඇමැතිවරයකු බවට පත් වී ඉතාම කෙටි කලක් තුළ දී ජාත්‍යන්තර වශයෙන් මෙවැනි උසස් තනතුරකට පත්වීමට හැකි වූයේ එතුමාගේ දක්ෂතාව නිසයි. එතුමා මෙවන් උසස් තනතුරට පත් වීම මේ රටට කීර්තියක්. අපේ පාර්ලිමේන්තුවට ගෞරවයක්. අපේ රටේ සිටින්නේ අපට ම අනන්‍ය වූ දක්ෂතාවලින් පිරිපුන් ජනතාවක්. අපේ රට ඉතා පුංචි දූප්පත් රටක්. ඒත් දෙස බස රැස රැක ගැනීම අතින් අප පොහොසත් බුදුරජාණන් වහන්සේගේ දහමෙන් පෝෂණය වූ මේ රටේ මිහිඳු මහ රහතුන් වහන්සේ හඳුන්වා දුන් ආගමික හර පද්ධතිය තවමත් සුරැකී තිබෙනවා. අපේ රටේ අනන්‍යතාව හර පද්ධතිය මැනවින් හඳුනාගත් ඇමැතිවරයකු වශයෙන් චම්පික රණවක ඇමැතිතුමා හඳුන්වන්නට පුළුවන්. එතුමාට ඉතා පැහැදිලි නිරවුල් දර්ශනයක් තිබෙනවා. එබඳු න්‍යායවාදී දර්ශනවාදි නායකත්වයට සුදුසු පුද්ගලයකු මේ තත්ත්වයට පත් කිරීම ගැන ජාතික හෙළ උරුමයට අප ස්තූතිවන්ත විය යුතුයි. මෙවන් උතුම් පුත‍්‍ර රත්නයක් මෙලොවට බිහිකළ මවුපියන් ද මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි.පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති චම්පික රණවක මහතා- දෝහා කටාර්හි දී පසුගිය දිනවල පැවැති වියානා සම්මුතියේ 8වන සම්මේලනයේ දී ඉදිරි වසර 3 සඳහා එහි සභාපති ධූරය අප රටට හිමි වුණා. මෙය මාගේ පෞද්ගලික ජයග‍්‍රහණයක් නොවේ. අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සුමතිපාල මහතා ඇතුළු නිලධාරීන්ගේ කැපවීම නිසා ලැබූ ජයග‍්‍රහණයක්. ඕසෝන් වියන සුරැකීම මැනවින් ම කළ රට වශයෙන් 2007 වසරේ දී අප රට පත් වුණා. ආචාර්ය සුමතිපාල මහතා මේ සඳහා කළ කාර්යභාරය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වුණා. එතුමා මේ ක්‍ෂේත‍්‍රයට විශාල සේවයක් කළ පුද්ගලයෙක්. අප වැනි රටවලට ධනය බලය එතරම් නැති නිසා අපේ දැනුමෙන් ප‍්‍රයෝජන ගත යුතුයි. අපේ නිලධාරීන් මේ කාර්යය සාර්ථක කරනවා. ඉදිරි වසර 3 සඳහා වසරකට ඩොලර් මිලියන 450 බැගින් ඕසෝන් සංරක්ෂණ කටයුතු වෙනුවෙන් හිමි වෙනවා. මේ මුදල් නිසි කළමනාකරණයෙන් යුතුව පරිහරණය කිරීමේ වගකීම අපට පැවරෙනවා. අපේ රටේ අධෝරක්ත කිරණ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අප යෝජනා කළා. මෙරටට භූගෝලීය වශයෙන් හිමි ව තිබෙන වැදගත්කම සලකා එම අවස්ථාව අපට හිමි කර දීමට හේතු වී තිබෙනවා. පසුගියදා අප ඉදිරිපත් කළ චිරස්ථායි පාරිසරික දර්ශකය ලොව විශාල පිළිගැනීමකට ලක්ව තිබෙනවා. අපේ රටේ එක් පුද්ගලයකු ඩොලර් මිලියන 300ක් විදේශයන්ට ණයයි. එහෙත් දියුණු රටවල් අපේ පරිසරයට කර තිබෙන විනාශය නිසා අපට ණයයි. ඒ අනුව විදේශ රටවල් අපට ණය බව පෙන්වා දීමට අප නිර්භීත විය යුතුයි. පාරිසරික ක්‍ෂේත‍්‍රයේ නම් ජාත්‍යන්තර වශයෙන් අපට කිසිම බලපෑමක් කළ නොහැකියි. පසුගියදා ජී. එස්. පී. ප්ලස් සඳහා පැවැති සාකච්ඡාවල දී අප රටට නොයෙක් කොන්දේසි පැනවීමට උත්සාහ කළත් පාරිසරික අංශයෙන් කිසිඳු කොන්දේසියක් පැනවූයේ නෑ.