• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

පාඨලී චම්පික රණවක මහතා සිය ශිෂ්‍ය අවධියෙන් ආරම්භ කළ ලේඛණ කලාව සිය විශ්වවිද්‍යාල දිවියේදී රජය, විවිධ වෘත්තිය පාර්ශවයන් හා පොදු පාඨකයාව විවිධ ක්ෂේත‍්‍ර සහ විෂයන් පිළිබදව දැනුවත් කිරිමට භාවිත කළේය. 1989 දී සිය පළමු කෘතිය එළිදැක් වු චම්පික රණවකයන් අද වනවිට විවිධ ක්ෂේත‍්‍ර මුල් කර ගනිමින් සිංහල කෘති 13 සහ ඉංගී‍්‍රසි කෘති 6 ක් ප‍්‍රකාශයට පත් කර ඇත. දේශපාලනය, සංවර්ධනය, ත‍්‍රස්ත‍්‍රවාදය, සිංහල උරුමය හා අභියෝග, මුස්ලිම් අන්තවාදය, පරිසරය සහ බලශක්ති ක්ෂේත‍්‍රය මුල් කර ගනිමින් චම්පික රණවක සිය ප‍්‍රකාශන එළිදක්වා ඇත.

දේශපාලකයෙක්, විදුලි ඉංජිනේරුවරයෙක්, පරිසරවේදියෙක්, කථිකයෙක්, විචාරකයෙක්, ලේඛකයෙක් මෙන්ම විවිධ ක්ෂේත‍්‍රයන් ඔස්සේ දැනුම ගවේෂණය කරන්නෙකු වශයෙන් තමන් ලද අත්දැකීම් සහ ඒ ඒ ක්ෂේත‍්‍ර පිළිබදව රටේ හා ලෝකයේ පවතින තත්වයන් ඉතාමත් සියුම්ව විශ්ලේෂණය කොට සරල භාෂා ශෛලියකින් පාඨකයා වෙත සම්පේ‍්‍රෂණය කිරීමට පාඨලී චම්පික රණවකයන් සමත් වී ඇත.

ඔහුගේ ප්‍රකාශන මෙම විද්‍යුත් පුස්තකාලයේදී කියවගත හැක.

සංවර්ධනයේ තුන්වැනියාමය

1991

සාපේක්ෂා

1997

ප්‍රකාශන

 

අපේ මග

1989

ත‍්‍රස්ත‍ විරෝධී ජාතික සැලැස්ම

1999

කොටි විනිවිදීම

1999

සිහල අභියෝගය

2001

 

නැගෙනහිර සිංහල උරුමය

1999

අල්ජිහාද් අල්කයිදා

2003

හරිත අරුණ

2009

හෙට මුළු රට එළියයි

2011

 

පටිසෝතගාමීව තිස්වසක් - ස්වයං ලිඛිත චරිතාපදානය

2009

ඒහි පස්සිකෝ

2011

බලය සහ බලය

2014

Beyond the Metaphysics of Common Sense

1998 – ඉංග්‍රීසි බසින්

Dawn of New Green Era

2008 – ඉංග්‍රීසි බසින්

Illuminating the Future

2011 – ඉංග්‍රීසි බසින්

 

ආලපාළු ආර්ථිකය - මෙගා ඩීල් ද? නවෝත්පාදනයද?

2014

Strip of Tigers

2000 – ඉංග්‍රීසි බසින්

Charge of the Lion Brigade

2009 – ඉංග්‍රීසි බසින්

Power and Power

2014 – ඉංග්‍රීසි බසින්