
“ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන් අටමස්ථාන සංවර්ධනයට පියවර”
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අටමස්ථාන සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ විය. ඊට සමගාමීව 600 නමක් විෂයෙහි සංඝත දක්ෂිණාවක් ද රුවන්වැලිසෑය අභියසදී සිදු කෙරිණි. පොසොන් පුර පසලොස්වක පොහොය දිනට සමගාමීව මෙම කටයුතු සිදු කෙරිණි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ අධික්ෂණය මත අටමස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු හා ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ඒ අනුව මුලින්ම රුපියල් මිලියන 23 ක වියදමකින් ථූපාරාම සංඝාවාසයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද රුපියල් මිලියන 36 ක වියදමින් ලංකාරාමය විහාරයේ නව විහාර මන්දිරය සංවර්ධන කටයුතු ආරම්භ විය. එසේම අභයගිරි විහාරයේ අඩුපාඩු සොයා බලමින් නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලදි. තවද රුපියල් මිලියන 38 ක වියදමකින් ඉසුරුමුණි විහාරයේ විහාරගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණු අතර රුපියල් මිලියන 36 ක වියදමකින් ඉදිකිරීමට නියමිත මිරිසවැටිය විහාරයේ දාන ශාලාවට මුල් ගල් තබන ලදි මෙම සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීම සඳහා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතනයන් හි නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි…
ත්රස්තවාදීන්ගේ හැකියාව, ගුණය මොකද්ද, ඒ වෙනුවෙන් වෙච්ච විශේෂ මෙහෙයුම් මණ්ඩලයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා., -"අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමා මහාසඟ සමුළුවට සහභාගී වෙමින්." ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි. ඔවුන් ඉස්ලාමීය රාජ්‍යය උදා වෙනකන් ඔවුන් ඇතැම් විට තමන්ගේ ආගම අදහන පිරිසම උනත් ඝාතනය කරන්න, විනාශ කරන්න පැකිලෙන්නේ නැති බව අපි මතක තබා ගත යුතුයි. ඒ නිසා මේ නව ත්‍රස්තවාදය පරාජය කිරීමට විධිමත් නීති රීති රටකට අවශ්‍ය වෙනවා. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමා මෙම අදහස් පළ කර සිටියේ, මාතෘභූමිය ඉස්ලාමීය මූලධර්මවාදී ආගමික අන්තවාදයේ ගොදුරක්ව පවත්නා මොහොතක එම අන්තවාදයේ ගමන් මග, මතවාදී දැක්ම හා ක්‍රියාකාරී ස්වරූපය විවරණය කරමින් එම අර්බුදය හමුවේ මහා සඟරුවන ගත යුතු මග පිළිබඳව කතිකා කෙරෙන මහා සඟ සමුළුවට සහභාගී වෙමිනි. "මේ අයිඑස් සංවිධානය බිහි උනේ ඉරාකයේ. සදාම් හුසේන් පළවා හැරීමෙන් පස්සේ ඉරාකයේ සුන්නි මුස්ලිම්වරුන් අතරින් ඉරාකයේ අල්කයිඩා ව්‍යාපාරය බිහි කළා. ඒ අල්කයිඩා ව්‍යාපාරය බිහි කළ නායකයා තමයි අල්සර්කාවි. ඔහු 2004 දී මේ ආයතනය පිහිටෙව්වේ. ඔහුගේ ආගමික දර්ශනය තවාහිද් ඉස්ලාම් දර්ශනය. ඒ තවාහිද් දර්ශනයේ ප්‍රධාන තේමා දෙකයි. එකක් තමයි ඒක දේවත්වය. අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙකු නැහැයි කියන එක. ඒ වගේම අනෙකුත් දෙවිවරු සියල්ලම අසත්‍යයි කියන එක. ඒවගේම ඒ ව්‍යාජ දෙවිවරු අදහන අය එක්කෝ ඉස්ලාම් ධර්මය වැළඳ ගත යුතුයි. එසේ නොවන අය විනාශ නොවන අය විනාශ කර දැමිය යුතුයි කියන එක තමයි ඉතාම සරළව ගතහොත් මේ තවාහිද් දර්ශනය කියන එක. මෙන්න මෙතන තමයි ගැටළුව තිබෙන්නේ. අපිත් සමහරවිට කියනවා අන්‍ය ආගම් අදහන අය මිත්‍යා දෘෂ්ඨිකයි කියලා. අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ එම අය බුද්ධාගමට ආ යුතුයි නැතිනම් විනාශ කළ යුතුයි කියලා. නමුත් මේ තවාහිද් දර්ශනයේ ප්‍රධානම මත දෙක තමයි. අල්සර්කාවිගේ මතයයි, එසේම සහරාන් හසීම්ගේ ද මතයයි ඒ තව්හිද් දර්ශනය ලෝකය පුරා ඉන්න ජිහාඞ්වාදීන්ගේ මතයයි අතරේ කිසිඳු වෙනසක් නැති බව අපි හොඳින් තේරුම් ගත යුතුයි.

ඇමති චම්පික රතන හිමි බැහැදකී
රතන හිමිගේ ඉල්ලීම් ගැන ඇමති චම්පික ජනපති සමග ඊයේ සාකච්ඡාවක.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සිය දේශපාලන ගමනේ ප්රමුඛ සටන් සඟයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සහ උන් වහන්සේගේ අධිෂ්ඨානය ජය ගැනීම උදෙසා ශක්තියක් වෙමින් අද උදෑසන මහනුවර දළඳා මාළිඟා පරිශ්‍රය වෙත පැමිණියේ ය. උන් වහන්සේ බැහැදැකීමට ප්‍රථම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ දවසේ අතුරලියේ රතන හිමියන්ගේ උපවාසය පැවැත්වීමට හේතු වී ඇති කරුණ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සාකච්ඡා කර ඇත. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, මේ අවස්ථාවේදී රතන ස්වාමීන්වහන්සේගේ සහ පොදුවේ සමස්ථ රටේම ඉල්ලීම ඉටු කිරීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් අද දිනය තුළ අපේක්ෂා කරන බවද ඇමති චම්පික පෙන්වා දෙයි.
මහරගම රුක්මලේ කොට්ඨාසයේ ජනතා හමුව..
එළඹෙන මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජන හමුවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම රුක්මලේ කොට්ඨාශයේ මහරගම නාගරික මන්ත්‍රී අසංක ජයරත්න මහතාගේ නිවසේදී මාර්තු 07 වෙනිදා පැවැත්විණ.

