Deep concerns arise as UNDP report reveals 55.7% of Lankans vulnerable to economic risk.

IMF දෙවැනි වාරිකය කල් යයි.
පාඨලී කී කතාව හරියටම හරි යයි. IMF දෙවැනි වාරිකය කල් යයි. සැප්තැම්බර් 27 වෙනිදා තීරණාත්මක බවත් එදින, ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, රට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත්, ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත් ණය වාරිකය ගෙවීමට සිදුවන බවත් පාඨලී චම්පික රණවක මහතා කිහිපවරක් අවධාරණය කොට ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය සනාථ කරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2 වෙනි ණය වාරිකය ගෙවීම කල් දමා තිබේ. ඊට හේතුව ණය හිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීම ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර් බ්රූවර් මහතා පැවසුවේ මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුද තවත් අංශ වල වෙනස් කම් සිදුවිය යුතු බවයි. විශේෂයෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන් එම නියෝජිතයින් විවිධ කාරණා පෙන්වා දී තිබුණි.. "නුදුරේදීම මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පිවිසීම සඳහා පළමු සමාලෝචනය යටතේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා පවත්වනවා. ඒ සමගම අපි කැමතියි කියන්න මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කරන්න. පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට අපිට තව කාලය ටිකක් අවශ්‍යයි..." ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි කොටස නිදහස් කිරීම පමා වනු ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්රූවර් මහතා පැවසුවේ ඒ සඳහා නියමිත කාල පරාසයක් නොමැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රගතියක් සිදු නොවීම මීට හේතු වී තිබේ. ගිවිසුමේ සඳහන් කොන්දේසි ඉටු කිරීම පසෙක තබා වෙනත් කටයුතුවල යෙදෙන ආණ්ඩුව වඩාත් අවධානයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව පාඨලී චම්පික රණවක මහතා මින් පෙර කීප වතාවකදී ම අනතුරු ඇඟවූ අතර, රජය සුපුරුදු ක්‍රියාවලියේ ම යෙදෙමින් මෙසේ රට අනතුරට පත් කොට තිබේ. පාලකයන් වහාම සිදු කළ යුත්තේ, උද්ධච්ඡ භාවයෙන් රට තවත් අර්බුදයට ඇද නොදමා සියළු පාර්ශව එක් කොට ගෙන විසඳුමක් කරා රට ගෙන යාම ට උත්සාහ ගැනීම ය. මේ පිලිබඳ පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශය පහතින්..
බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ?
BBC පුවත් වාර්තාව
බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ?
රටක බදු ආදායම රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන සංරචකයකි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බදු ආදායම එක්රැස් කරන ප්‍රධාන ආයතන තුනක් තිබේ. ඒ, දේශීය අදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවයි.
මීට දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20% සීමාව පසු කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව අනුව එම අගය 8.2% දක්වා පහත වැටී තිබේ. 2022 වසරේ දී ශ්‍රී ලංකා රජයේ ආදායම ගෝලීය වශයෙන් ද අවම අගයක් වූ අතර රටවල් 193ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 190 වැනි ස්ථානය බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාවේ දැක්වේ.
2023 වර්ෂයේ අපේක්ෂිත රජයේ ආදායමෙන් 91%ක් බදු අදායමෙන් සමන්විත වේ. එහෙත් වසරේ මුල් මාස හය තුළ අපේක්ෂිත බදු අදායම් එකතු කිරීමට ප්‍රධාන ආයතන තුනම අසමත් වී තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව 42%ක් ද රේගුව 33% ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව 41%ක් පමණක් සිය ඉලක්කයන් සපුරා ඇත.
2022 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණය (දඩ සහ පොලිය සමග) රුපියල් බිලියන 904කි. 2023 ජුනි 30 වැනි දිනට ශ්‍රී ලංකා රේගුවේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.71කි. 2023 ජුනි 30 දිනට සුරාබදු දෙපාර්තමේන්තුවේ එකතු කිරීමට ඇති හිඟ බදු මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 6 කි.
''දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු මුදල ආසන්න වශයෙන් රාජ්‍ය සේවකයින් දාහතර ලක්ෂයකට වැටුප් ගෙවීමට යන මුදලක්. අපි දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුවා කවුද මේ පොලු තියපු කට්ටිය බලන්න ඒ ලැයිස්තුව දෙන්න කියලා. නොයෙක් හේතු කියමින් අද මේ වෙනකන් ඒක ලබා දීලා නැති බව කණගාටුවෙන් කියන්න වෙනවා. ඒ වගේම නව බදු ප්‍රතිපත්තිය යටතේ ලක්ෂ 15ක පමණ බදු ගොනු විවෘත කරන්න වෙනවා. නමුත් දැන් ඒ අයට ටැක්ස් ෆයිල් එකක් අරින්න යන කාලය අනුව මේ වැඩේට දශක දෙකක කාලයක් යනවා'' යනුවෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක BBC සිංහල සේවයට පැවසුවේය.
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 යටතේ, විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවක් ලෙස පිහිටුවන ලද ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන්ට ඕනෑම වාර්තාවක් කැඳවීමටත්, ඕනෑම ආයතනයකට ගොස් නිරීක්ෂණය කිරීමටත් බලය පවරා තිබේ. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවරී ඇති වගකීම වන්නේ රජයේ ආදායම වැඩි කිරීමට අදාළ කටයුතු විමර්ශනය කර ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම, රජයේ සමාජ සුබ සාධන කටයුතු සහ හදිසි ආපදා සහන කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බලා අවශ්‍ය නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඒ යටතේ ඔවුන් සිය පළමු වාර්තාව මගින් පහත සඳහන් කරුණු පෙන්වා දී තිබේ.'45%ක් බදු දැලට අහුවෙන්නේ නැහැ. ෆේස් බුක්, යූ ටියුබ් වලිනුත් බදු ගන්න ඕනා.'
ශ්‍රී ලංකාවේ මුළු බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 3%කි. නමුත් රටේ මූල්‍ය ක්‍රියාවලියට යටත් නොවන, අවිධිමත් අංශය (බැංකු ප්‍රකාශන, රිසිට්පත් ආදිය නොමැතිව ගනුදෙනු කරන පිරිස) 45%ක් බවට හඳුනාගෙන ඇත. ඔවුන් බදු ක්‍රමයට ඇතුළත් කර ගතයුතු බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.
''ඒ වගේම අපි දැකපු තව වැදගත් දෙයක් තමයි ඩිජිටල් සේවා මත බදු අය කරන්න ලෝකයේ ගිවිසුමක් අත්සන් නොකළ රටවල් හයෙන් එකක් ශ්‍රී ලංකාව. උදාහරණයක් ලෙස ඌබර් එකයි පික්මී එකයි ගත්තොත්, පික්මී එකෙන් බදු අය කර ගත්තාට ඌබර් එකෙන් බදු අය කරගන්න බෑ අපිට. ෆේස් බුක්, යූ ටියුබ් මේ කිසිවකින් අපිට බදු අය කරගන්න බෑ. නමුත් අපේ අල්ලපු රට ඉන්දියාව ඇතුළු ලෝකයේ බහුතරයක් රටවල් ඒ බදු අයකර ගැනීම කරනවා. අපි ඇතුළු රටවල් හයයි ඒක නොකරන්නේ. අපි පැහැදිළිව පෙන්නලා තියෙනවා අනිවාර්යෙන් ඒ ගිවිසුමට ඇතුලත් වෙලා ඒ මත කටයුතු කරන්න ඕනා කියලා.'' යනුවෙන් පාඨලී චම්පික රණවක සඳහන් කළේය.
විදේශ වෙළදාමේ දී වැරදි ලෙස ඉන්වොයිස් සකස් කිරීමෙන් බදු මග හැරීම සහ විදේශ විනිමය ශ්‍රී ලංකාවට එවීමෙන් තොරව වෙනත් රටවල තැන්පත් කිරීම මගින්ව වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුදලක් ශ්‍රී ලංකා රජයට අහිමි වීම ගැන ද අදාළ වාර්තාවෙන් අවධානය යොමු කර ඇත.
2009 දී බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය 60 : 40 අගයට ගෙන ආ යුතුය. එහෙත් දැනට ලංකාවේ බදු ආදයම් රැස් කිරීමේ දී ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය 20 : 80 වේ.
මත්පැන් බෝතලයට QR එකක්.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලා 23ක් ඇති අතර සුරා බදු ආදායමෙන් 73% ක් ලැබෙන්නේ ප්‍රධාන සමාගම් දෙකක් මගිනි. බදු වංචා අවම කර ගැනීම සඳහා මත්පැන් බෝතල්වල ආරක්ෂිත බදු මුද්‍රා සහිත ස්ටිකරය ඇලවිය යුතුය. එහෙත් මෙම ස්ටිකරය අලවනු ලබන්නේ මත්පැන් නිෂ්පාදන ආයතන 21ක් පමණි. ප්‍රධාන සමාගම් දෙක 'එම්බ්ලම්' ලෙස හඳුන්වන වෙනම ක්‍රමයක් භාවිත කරන අතර එය හඳුනාගත හැක්කේ 'UV ලයිට් එකක' ආධාරයෙනි. එබැවින් බදු වංචා අවම කර ගැනීම සඳහා සියලු සමාගම් එක පොදු ක්‍රමයක් අනුගමනය කළ යුතු බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නියෝග කර තිබේ. එම ලාංඡනය සහිත මත්පැන් බෝතලයක් නිකුත් කළ සැනින් අදාළ බදු මුදල මහා භාණ්ඩාගාරයට යොමු කරන ක්‍රමයක් හඳුන්වා දීමටත්, පාරිභෝගිකයාට සිය ජංගම දුරකථනය හරහා අදාළ මත්පැන් බෝතලයේ QR කේතය පරික්ෂා කර නිසි පරිදි බදු ගෙවන ලද, ප්‍රමිතියට නිෂ්පාදිත මත්පැන් බෝතලයක් දැයි හඳුනා ගැනීමට හැකි ක්‍රමයක් සකස් කිරීමටත් උපදෙස් ලබා දී ඇත. ඊට හේතුව ස්ටිකර් ක්‍රමවේදය 2018 හඳුන්වා දී තිබුණ ද ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වැටලීමට මේ වසරේ දී පළමු වරට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබුණේ ඒ පිළිබඳව ක්‍රියා කරන්නැයි මෙම කාරක සභාවේ උපදෙස් වලින් අනතුරුව වීම නිසා ය. අදාළ වැටලීමේ දී ස්ටිකර් අලවා නොමැති මත්පැන් බෝතල් 44,000කට වැඩි ප්‍රමාණයක් හමු වූ අතර එක් සමාගමකින් රුපියල් කෝටි හතරකට ආසන්න දඩ මුදලක් අය කරගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 7 වැනිදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දැනුම් දෙන ලදී.බදු පැහැර හරින අය හඳුනා ගන්න එකම අංකයක්.
ඒකාබද්ධ අදායම් කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව 2016 දී නිර්දේශ කරන ලදී. එහෙත් එය තමවත් ක්‍රියාත්මක වන්නේ නැත.
''දැන් RMV එකේ, අදායම් බදු දෙපාර්තමේන්තුවේ , සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර සම්භන්ධයක් නැහැ. එකම පුද්ගලයාට විවිධ ආයතනවල විවිධ හඳුනා ගැනීමේ අංක තියෙන්නේ. ඒ නිසා අවහිරතා මග හැර ගන්න වගේම බදු අහිමි වීම අවම කර ගන්න අපි රාජ්‍ය ආයතන 13ක ඒකාබද්ධ කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා'' යනුවෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක විස්තර කළේය.
අදාළ කමිටුව එක් එක් ආයතන සම්බන්ධ නිර්දේශ වෙනම දක්වා ඇත. එම කමිටුවේ විෂය පථයට වැටෙන අපදා කළමනාකරණයට අදාළ ක්‍රියාවලිය සොයා බැලීමේ දී අනාවරණය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික සභාව අවුරුදු දහයකින් රැස් වී නොමැති බවය.
“අභියෝගාත්මක රාජ්‍ය සේවය”
බලය හා බලය | Power & Power Book Launch
බලය හා බලය බලය හා බලය නම් මා විසින් රචිත කෘතිය ජනගත කිරීමේ උළෙලට පැමිණි ඔබ සැමට මගේ ආදර ස්තුතිය පිරි නමනවා. මෙහි අද මට බලශක්ති විෂය උගැන් වූ ගුරුවරු මෙන්ම මගේ ශිෂ්‍යයන් ද සිටිනවා. එමෙන්ම බලශක්ති විෂය කළමනාකරණය හා දේශපාලන වගකීම් දැරූ වැදගත් පිරිසක් ද මෙහි සිටිනවා. බලය හා බලයෙහි එක් "බලයක්” ඉන්ධන හා විදුලිය ආදියෙන් සමන්විත බලශක්ති ලෝකයයි. බලය හා බලයෙහි අනෙක් බලය වෙළෙඳපොල නීති-රීති ආදියෙන් සමන්විත දේශපාලන ලෝකයයි. මේ ලෝක දෙකෙහිම ජීවත් වූ වැදගත් පිරිසක් ඉදිරියේ බලශක්ති ලෝකය හා එහි සමාජ දේශපාලන ලෝකයේ සබැඳියාව කතා කිරීමට ලැබීම මගේ භාග්‍යයක් කොට සලකනවා. මේ කෘතිය බලශක්ති විෂය ක්ෂේත්රය ගැන හදාරන්නන්ට වැදගත් දත්ත සහිත අධ්‍යාපන කෘතියක් වනු ඇත. බලශක්තිය විසින් නිර්මාණය කරනා මානව සමාජය පිළිබඳව මෙහි කතාකරනා නිසා, බලශක්ති මානව විද්‍යාව ගැන සිංහලෙන් ලියැවුණු මුල්ම කෘතියක් නිසා මානව විද්‍යාඥයින්ට හා සමාජ විද්‍යාඥයින්ට මෙය උපකාරී වනු ඇත. ලංකාවේ බලශක්ති ක්ෂේත්රය ගැන ද විචාරාත්මක ගවේෂණයක් කර ඇති නිසා ඒ පිළිබඳව උනන්දු දේශපාලක හා මාධ්‍ය වේදීන්ට ද මෙය ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම ගෝලීය උණුසුම වැඩි වීම නැමැති දේශගුණික විපර්යාසය හා එයට පිටුබලය දෙන දේශපාලනය ගැන ද විවරණයක් ඇති හෙයින් පරිසර වේදීනට ද තිරසර බලශක්තියේ අනාගතය ගැන ප්‍රවේශයක් ගෙන ඇති නිසා අනාගතවාදීනට ද මෙයින් ප්‍රයෝජනයක් ගත හැකි වනු ඇත. මෙහි දී බලශක්ති ක්ෂේත්රයේ ජනප්‍රිය මිත්‍යාවන් කීපයක් පිළිබඳව ද මවිසින් සාකච්ඡා කර ඇත. ගල් අගුරු බලාගාර ලාභදායී බවත්, සූර්ය බලය අපිරිමිතව තිබුණ ද ඒවා උකහා නොගන්නේ දේශපාලනය නිසාවවත්, න්‍යෂ්ඨික ශක්තිය ගෝලීය උණුසුමට එකම විකල්පය බවත්, තාක්ෂණය ම`ගින් ඉන්ධන හි`ගය හා ගෝලීය උණුසුමේ අර්බුදය ජය ගනු ඇති බවත්, එවැනි මිත්‍යාවන් කීපයකි. ඒවා පිළිබඳ විස්තරාත්මක සාකච්ඡාවක් දැන් ලංකාවට ද අවශ්‍යය. ලංවිම දිගුකාලීන ජනන සැළසුම හා ඉන්ධන අර්බුදයට මෙන්ම දේශගුණික විපර්යාසවලට රට සූදානම් කිරීමේ අනාගත සැළසුම පිළිබඳව ද රට දැනුවත් විය යුතුය. තව දශක තුන හතරකින් තෙල් අතුරුදහන් වේ නම් සම්ප්‍රදායික අධිවේගී මාර්ග පද්ධතිවලට ආයෝජනය කිරීම ඵල රහිත ද? 2050 දී ගල් අගුරු අතුරුදහන් වේ නම් 2030 වනවිට රටේ විදුලියෙන් 80%ක් ගල් අගුරුවලින් නිපදවීමේ ලංවිම ජනන සැළැස්ම අනාගතවාදී ද? දේශගුණික විපර්යාස විසින් මුහුදු මට්ටම ඉහළ යවයි නම් වෙරළ තීරයේ නගර නිර්මාණය කාලෝචිත ද? ගෝලීය උණුසුම වැඩි වීම විසින් මෝසම් වැසි විකල් වේ නම් රජරට ගොවි ශිෂ්ඨාචාරය එයින් අවසන් වේ ද? අපි තාවකාලික ආලෝකයට අන්ධ වී අනාගත පරපුර අඳුරේ දමමින් සිටිනවා ද යන්න ගැන අපට මෙම`ගින් සිතන්නට පොළොඹවනු ඇත. මේ කෘතියෙන් ජාත්‍යන්තර දේශපාලනය ද සාකච්ඡා කර ඇත. ආර්ථීක අතින් යුරෝපයට වඩා ඉතා කුඩා නමුත් යුරෝපය - මර්කල් - හොලෙන්ඩේ පුටින්ට බිය ඇයි? පුංචි ඊශ්‍රායලයට ගාසා තීරයේ කොපමණ ඝාතන සිදුවූවත් යෝධ අරාබි ලෝකය බිය වී ඇත්තේ ඇයි? යෝධ බ්‍රිතාන්‍යයෙන් වෙන් වී යන්නට ස්කොට්ලන්තය බිය වී නැත්තේ ඇයි? සෙන්කුකු කුඩා දූපත්වලට චීනය හා ජපානය යුද වදින්න යන්නේ රටවල ආත්ම ගරුත්වය නිසාම ද? මන්නාරම් ද්‍රෝණිය ගැන ඉන්දියාව, නෝර්වේ - රායප්පු ජෝශප් හා සවුදි අරාබිය උනන්දු වන්නේ යුද අනාථයින් නිසා උපන් මානව භක්තියෙන් ද? මේ සියලූ ප්‍රශ්නවලට තනි උත්තරයක් ඇත. එය නම්, 'ලේවලට වඩා තෙල් ඝනකම බවයි'. අද ලංකාව ආර්ථීක උපායමාර්ගයක් නැති කමෙන් අතරමං වී ඇත. සමහර ආර්ථීක දර්ශකවලින් එනම් පවතින මිල ගණන් අනුව ආර්ථීක වර්ධන වේගයෙන් දුගීකම හා විරැකියාව පාලනයෙන්, යටිතල පහසුකම් නැංවීමෙන් අපි ජයග්‍රහණ ලබා ඇත්තෙමු. එමෙන්ම ආණ්ඩුවේ ආදායමට වඩා ණය ගෙවීමට ආර්ථීකයට සිදු වීමෙන් ආණ්ඩුවේ ආදායම් අඩු වීමෙන්, අපනයන ආදායම සාපේක්ෂව ඇද වැටීමෙන් ලාභ ශ්‍රමය හා ලාභ බලශක්තිය නොමැති නිසා ආයෝජන ඇනහිටීමෙන් රට ආර්ථීක අතින් අනතුරුදායක අසමතුලිත තත්ත්වයකට පත්ව ඇත. නිෂ්පාදන සාධක මත ආර්ථීකය වර්ධනය කිරීමේ උපාය දැන් වලංගු නැත. ආයෝජන ගෙන ඒමට, අපනයන වර්ධනයට බලශක්ති මිල ගණන් පිළිබඳ විවෘත සූත්‍රයක් රටට අවශ්‍යය. ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම සත්‍යම කතාවක් නොවේ. විදුලි බිල දුගී පිරිස්වලට දරාගත නොහැකි බව ද රහසක් නොවේ. රුපියල් 103ට ගෙන එන ඩීසල් රුපියල් 121ට විකිණීම ගැන ද, රුපියල් 97ට - රුපියල් 100ට ගෙන එන පෙට්ට්‍රල් රුපියල් 162ට - 170ට විකිණීම ගැන ද ජනතාව දත යුතුය. පෙට්ට්‍රෝලියම් බදු කා වෙනුවෙන් ද යන්න ගැන දැන ගැනීමට පාරිභෝගිකයන්ට අයිතියක් ඇත. එමෙන්ම ලංවිම 2014 පළමු හය මස තුළ රුපියල් මිලියන 7000ක පාඩුවක් අපේක්ෂා කළ ද එය මිලියන 21,000ක් වූයේ කෙසේ ද යන්න ගැනත්, එම මාස 06 තුළ අතිරේක ලෙස ඉන්ධන ගැලපුම හා ගාස්තු වැඩි වීමෙන් ලැබුණ බිලියන 25 වැය කළ ආකාරය ගැනත්, කර්මාන්තකරුවන් හා විදුලි පාරිභෝගිකයන් දත යුතුය. අද රටට විවෘත ඉන්ධන හා විදුලි අයක්‍රමයක් අත්‍යවශ්‍යය. මේ කෘතිය එය අවධාරණය කරයි. තාක්ෂණික දූෂිතයන් හා සුදුකරපටි අපරාධකරුවන් වෙතින් අනාගත පරපුර බේරා ගැනීමට රටට අවශ්‍ය බලශක්ති ප්‍රතිපත්තිය හා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට සියල්ලන් එක්විය යුතු කාලය එළැඹ තිබේ.








හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නියෝග..
- හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන්න - ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නියෝග
- බිලියන 173 ක එකතු කළ හැකි බදු (Collectable Taxes) අය කර ගැනීමට නියෝග.
- තිරිඟු පිටි සහ සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශවයන්ගෙන් නියමිත බද්ද අය කර ගැනීමට කඩිනම් පියවර ගන්න - ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නියෝග කෙරේ
හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදී. තවද, 2023 ජූනි 30 වන දිනට රු. මිලියන 100 ක් හෝ ඊට වැඩි හිඟ බදු පවතින බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවක් ලබා දෙන ලෙස 2023.07.24 දින කාරක සභාවාරයේ දී කරන ලද නියෝගය ප්‍රකාරව අදාළ වාර්තාව කාරක සභා රැස්වීම් වාර දෙකක දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති නමුත් මේ දක්වා එය ලබා නොදුන්නේ මන්දැයි ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් විමසා සිටින ලදී. ඒ සම්බන්ධයෙන් නීතිපති මතය විමසා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළ අතර දෙසැම්බර් 31 දිනට පෙර එම ලැයිස්තුව කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට නියෝග කරන ලදී. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ ව ලබා දී ඇති නිර්දේශ අතුරින් සමහර නිර්දේශ සම්බන්ධ වාර්තා ලබා නොදීම, කාලය ඉල්ලා සිටීම, නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාව මෙහිදී සිය අසතුට පළ කර සිටියහ. මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) රැස් වූ අවස්ථාවේදී ය. තිරිඟු ආනයනය කරන ප්‍රධාන සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් හැර වෙනත් සමාගම් සඳහා තිරිඟු පිටි ආනයනය කිරීම රජය විසින් තහනම් කර තිබූ අතර, එම තහනම් කාලය තුළ මෙම සමාගම් දෙක විශාල වශයෙන් පිටි තොග රැස් කර ගෙන තිබූ බවත්, තහනම ඉවත් කිරීමෙන් පසු තිරිඟු පිටි කිලෝවකට රු. 16/- බැගින් වූ බද්දක් පැනවීමෙන් මෙම සමාගම් ඉන් සැළකිය යුතු ලාභයක් උපයා ගෙන ඇති බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. තවද, සීනි සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 සිට රු. 50ට වැඩි කිරීම මගින් සීනි ආනයනකරුවන් විසින් ආනයනය කර ගබඩා කර තිබූ සීනි ටොන් 8500කට ආසන්න තොග ප්‍රමාණයක් වෙළඳපොලට මුදාහැරීමෙන් සැළකිය යුතු අයුතු ලාභයක් අදාළ සමාගම් විසින් උපයා ගෙන ඇති බවත්, එබැවින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ඉහත අවස්ථා 3දී එසේ උපයාගත් අනිසි ලාභයට අදාළ නියමිත බද්ද අදාළ පාර්ශවයන්ගෙන් අය කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් කාරක සභාව විසින් නැවත නියෝගයක් නිකුත් කරන ලදී. බදු මග හරිමින්, පැහැර හරිමින්, කට්ටි පනිමින් සිටින බදු ගෙවන්නන්ගේ හිඟ බදු අය කර ගැනීමට කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව එකතු කර ගත හැකි මට්ටමේ පවතින හිඟ බදු (Collectable Taxes) බිලියන 173 ක ප්‍රමාණය නැවත අය කර ගැනීම සඳහා බදු අය කර ගැනීමේ සැළැස්මක් සකස් කර දෙසැම්බර් 31 දිනට පෙර එය ක්‍රියාවට නංවන ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය. සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සිදු කර ඇති නියෝග 39 ක් අතරින්, මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව අවමය මිලියන 10 දක්වා වැඩි කිරීමේ කාරක සභා නිර්දේශය හා දිස්ත්‍රික්කයක් තුළ එක් මත්පැන් බලපත්‍රයකට වඩා සන්තකයේ පවතින පුද්ගලයන් හා සමාගම් ලැයිස්තුවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාව විසින් නියෝග කර තිබුණද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත්තේ මන්ද යන්න කාරක සභාව විසින් ප්‍රශ්න කරන ලදි. දිස්ත්‍රික්කයක් තුළ එක් මත්පැන් බලපත්‍රයකට වඩා සන්තකයේ පවතින පුද්ගලයන් හා සමාගම් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව පෙන්වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළ අතර ඒ බව කාරක සභාව වෙත ලිඛිතව දන්වා එවන ලෙස කාරක සභාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කරන ලදී. තවද, රා නිෂ්පාදනාගාර 46 ක් දැනට පවතින බවත්, එම නිෂ්පාදනාගාර 46 දෛනිකව අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීම හා ඒවායේ දෛනික නිෂ්පාදනය ගණනය කිරීම සඳහා කාරක සභාව විසින් කරන ලද නියෝගය ප්‍රකාරව ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) දැනට සකස් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර, එම යෙදවුම කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය. රේගු තාක්ෂණික පද්ධතියේ ස්කෑනර් යන්ත්‍ර සඳහා කෘතිම බුද්ධිය (AI) එක් කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය හා එක්ව තොරතුරු තාක්ෂණ උපදේශකයන්ගේ මාර්ගෝපදේශය යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතියක් යටතේ මේ සඳහා යෝජනාවක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ආපදා කළමනාකරණය, අස්වැසුම සුභසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නාගරික යාචකයන් සම්බන්ධ වන සමීක්ෂණය සම්බන්ධ පසු විපරමක් ද, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවාරයේදී සාකච්ඡාවට ලක් කෙරිණ. මෙම කාරක සභාව සඳහා මුදල් අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය යන අමාත්‍යාංශ නිලධාරීන් ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුභසාධන ප්රතිලාභ මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද කැඳවා තිබූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, සංජීව එදිරිමාන්න, ඉෂාක් රහුමාන් හා සුදත් මංජුල යන මහත්වරුන් ද එක්ව සිටියහ.