
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගිය දා කූරගල පුද බිම වැඳ පුදා ගත්තේය. ඉන් අනතුරුව මහා සඟරුවන බැහැදැක ආශිර්වාද ලබා ගත් රණවක මහතා උන්වහන්සේලා සමග සුහද සාකච්ඡාවක් සිදු කරන ලදී. ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද මහා සංඝරත්නය වෙත පිළිගැන්විණ.
සබරගමුව ඓතිහාසික බොල්තුඹේ මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර පසුගියදා පැවැත්වූ අතර බස්නායක නිලමේතුමන්ගේ ආරාධනය පරිදි හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද සහභාගී විය.