
“සසුන රකින පාඨලී චම්පික”
පොත කියවන්න
.
.
.
පොත කියවන්න
“කොළොන්නාවම 1ට” සමඟි ජන බලවේගයේ කොළොන්නාව සංවිධායක එස්.එම් මරිකාර් මහතාගේ සහයෝගය ඇතිව, කොළොන්නාව නගර සභාවේ හිටපු උප නගරාධිපති නීතිඥ උපාලි සූරියාරච්චි මහතා විසින් සංවිධානය කල විශේෂ හමුවක් පසුගියදා කුරුළු උයන හෝටලයේ පැවැත්විණි. මෙම හමුව සදහා පක්ෂ ක්‍රියාකාරීන්, වෘත්තිකයින් ඇතුලු පිරිසක් සහභාගී විය.
“කෝට්ටෙම 1 ට” සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා නීතිඥ රජික කොඩිතුවක්කු මහතා විසින් කෝට්ටේ ආසනයේ සංවිධානය කල ජනහමු කිහිපයක් පසුගියදා පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“මහරගමම 1 ට” එළඹෙන මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා මහරගම කොට්ඨාශ 25න් කොට්ඨාශ 08ක සංවිධානය කල කුඩා රැස්වීම් 14ක් ඊයේ දිනයේදී පැවැත්විණි. මිරිහාන උතුර, මිරිහාන දකුණ, උඩහමුල්ල, තලපත්පිටිය, ප්‍රගතිපුර, මාදිවෙල, ගංගොඩවිල සහ නාවින්න යන ප්‍රදේශවල මෙම රැස්වීම් සංවිධානය කර තිබුණි. මෙහිදී ජනහමු කිහිපයක් සදහා ගාමිණි දිසානායක මහතාගේ පුත් මයන්ත දිසානායක මහතාද සහභාගී […]
එළඹෙන මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන ඊයේ (05) මහරගම නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලාගේ ආශිර්වාදය මැද පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තේගෙදරින් ආරම්භ විය.
මොරටුව ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන් සහ විහාරවාසී භික්ෂූන් වහන්සේලා හමුවී සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීම සදහා පසුගියදා පාඨලී චම්පික රණවක මහතා ක්‍රියාකලා. පූජ්‍ය වැලිවුල්ලේ දමිත හිමි, පූජ්‍ය මිද්දෙණියේ බුද්ධික හිමි ඇතුලු ස්වාමීන්ද්‍රයන් වහසේලා කිහිප නමක් හමුවී පාඨලී චම්පික රණවක මහතා දේශපාලනික වශයෙන් සිය ස්ථාවරය පැහැදිලි කලා.
දෙහිවල සංවිධායක චන්න විකුම් මහතා විසින් සංවිධානය කල සමගි ජන බලවේගයේ දෙහිවල ආසන බල මණ්ඩලය ඊයේ (03) දිනයේදී සාර්ථකව පැවැත්වුණා. එම අවස්ථාවට පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය.
එළඹෙන මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජනහමු 08ක් ඊයේ මොරටුව ආසනයේදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එළඹෙන මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජනහමුවක් ඊයේ මොරටුව රන්දිය හෝටලයේදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සදහා පක්ෂ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින් සහ මොරටුව ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් රැසක් සහභාගී විය.