• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

“නිවසක් එක්ක ජීවිතයක්”

telephone x 1

“නිවසක් සමග ජීවිතයක්’ යන සංකල්පය යටතේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ඉදිවෙන නිවාස ව්‍යාපෘති”

කොළඹ නගරයේ ජනගහනය ලක්‍ෂ හයකට ආසන්න ප‍්‍රමාණයක් වෙසෙන අතර එහි වෙසෙන දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් නව නිවාස යෝජනා ක්‍රමයකට අමතරව නව ජීවිතයක් ලබාදීම උදෙසා ඇරඹූ වැඩපිළිවෙල “නිවසක් එක්ක ජීවිතයක්” නමින් දියත් කිරීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සැළසුම් සකස් කෙරිණ. ලක්හිරු සෙවන, ලක්සෙත සෙවන, සියසෙත සෙවන. සියපත් සෙවණ, ජයමග සෙවණ, මුවදොර උයන, ලක්සඳ සෙවණ, මෙත්සඳ සෙවණ, යනාදී නිවාස යෝජනා ක්‍රම රැසක් මේ වන විටත් නිමකොට අවසන් ය.

මීළඟ අවුරුදු තුන ඇතුළත තවත් නිවාස 10,000ක් පමණ නිමකිරීමට බලාපොරොත්තු වේ. නිවාස ඉදිකිරීමට සමගාමීව නව ජීවිතයක් ආරම්භ කිරීමට, මෙහි ජීවත්වන ජනතාවට මේ හා සමගම අවකාශ සැළසේ. මත්ද්‍රව්‍ය, පාතාලය සහ දුරාචාරය සමග ජීවත්වූ දුවා දරුවන්ට හොඳ අනාගතයක් සමග හොඳ පුරවැසිභාවයක් සමාජයේ හිස කෙළින් තබාගෙන ජීවත්විය හැකි තත්ත්වයක් ඇති කිරීම “නිවසක් සමග ජීවිතයක්” වැඩපිළිවෙලේ මුඛ්‍ය පරමාර්ථයයි.

ඉදිරි කාලයේදී දහස් ගණන් දරුවන් මේ ප්‍රදේශයෙන් විශ්ව විද්‍යාල කරා පියමං කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන පාසල් පද්ධතියක් ඇති කිරීමද මෙහි ඉදිරි බලාපොරොත්තුවකි. ඒ අනුව;

ලක්සෙත සෙවණ (මාළිගාවත්ත) නිවාස ඒකක – 480

මෙත්සඳ සෙවණ (හේනමුල්ල) නිවාස ඒකක – 940

ලක්සඳ සෙවණ (කොළොන්නාව) නිවාස ඒකක – 792

සියසෙත සෙවණ (ප්‍රදීපා මාවත) නිවාස ඒකක – 266

සියපත් සෙවණ (දෙමටගොඩ) නිවාස ඒකක – 437

සියපත් සෙවණ (දෙමටගොඩ – දෙවන අදියර) නිවාස ඒකක – 266

මුවදොර උයන (ෆර්ගියුෂන් පාර) නිවාස ඒකක – 254

ලක්හිරු සෙවණ (මාළිගාවත්ත) නිවාස ඒකක – 192

යන නිවාස ව්‍යාපෘති දැනටමත් නිමවා අවසන් ය. 40,000ක් නිවාස කරා යන යෝධ නිවාස ව්‍යාපෘති ඉලක්කයේ සාරාංශය මෙසේ දැක්විය හැකිය.

2016- 2020 වන විට ජනතා අයිතියට පත්වූ සහ පත්වන නිවාස ඒකක ගණන – 20000

2021 දී නිමවීමට නියමිත නිවාස ඒකක ගණන – 5000

2022 දී නිමවීමට නියමිත නිවාස ඒකක ගණන – 5000

2023 දී නිමවීමට නියමිත නිවාස ඒකක ගණන – 5000

2024 දී නිමවීමට නියමිත නිවාස ඒකක ගණන – 5000

2016- 2024 නිවාස ඒකක ගණන 40,000