• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය (2010 -13, 2015)

telephone x 1

තිරසාර බලශක්තියෙන් ජවගැන්වෙන අනාගතයක්

  • ශ්‍රී ලංකාව 100%ක් විද්‍යුතනය කිරීම සඳහා ‘විදුලමු ලංකා’ වැඩපිළිවෙල දියත් කර දිවයින පුරා නව විදුලි සැපයුම් ලක්ෂ 6ක් පමණ ලබා දීමට කටයුතු කිරීම.
  • ආසියානු කලාපයේ 24 පැයම විදුලිය ලබාදෙන එකම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම.
  • විදුලිබල මණ්ඩලය මූල්‍ය අර්බුදයෙන් මුදා ගනිමින් ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීම.
  • ප්‍රථම වරට ජාතික පද්ධතියට එක් කළ විධිමත් සූර්ය හා සුළං විදුලි බලාගාර හඳුන්වාදීම.
  • ඩීසල් මගින් ක්‍රියාත්මක පෞද්ගලික විදුලි බලාගාර වල ඒකාධිකාරය යටපත්කොට තෙල් මාෆියාවෙන් විදුලි බල මණ්ඩලය ගලවා ගැනීම හා වියදම් අධික සියලු පුද්ගලික බලාගාර වසා දැමීමට කටයුතු කිරීම.
  • මන්නාරම් ද්‍රෝනියේ තෙල් හා ගෑස් කෙරවලපිටියට ගෙනයන වැඩපිළිවෙල විධිමත්ව සැලසුම් කර ඉදිරිපත් කිරීම.
  • 2030 දී බලශක්තියෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් සඳහා වන ප්‍රථම බලශක්ති උපායමාර්ගික වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම.
  • ක්ෂණික මිලදී ගැනීම් හා දීර්ඝ කාලීන මිලදී ගැනීම් අතර සමබරතාවයක් ඇති කර ගල් අඟුරු මාෆියාව ඉවත් කිරීම.
  • ආයතනයේම සේවකයින් යොදා ගනිමින් දින 43කින් ප්‍රධාන තෙල් පරිවහන නලය ප්‍රතිසංස්කරණය කිරීම.
  • තෙල් ටෙන්ඩර් කැඳවීම විධිමත් කර මූල්‍යමය වශයෙන් තෙල් සංස්ථාව මුදාගෙන ඉතිහාසයේ ප්‍රථම වතාවට තෙල් මිල අඩුකිරීම.
  • නිවසේ භාවිතාව සඳහා සූර්‍ය බලශක්තිය හා ජාතික පද්ධතිය යන දෙකම යොදා ගනිමින් ඒ අතර තුලනයක් ඇති කළ හැකි විශේෂ මනු ක්‍රමයක් හඳුන්වා දීම.
  • බලශක්ති සංරක්ෂණය සඳහා ජනතාව පෙළඹවීමේ ‘ජනවිදුලි බලාගාර’ වැඩසටහන හඳුන්වා දීම සහ ඒ සඳහා පාසල් සිසු සිසුවියන් එකතු කර ගැනීම. පාරිභෝගිකයින් ලක්ෂ 24ක් සහභාගී වූ මෙමගින් 2012 වර්ෂයේදී 4%ක විදුලි ඉතිරියක් වූ අතර, ඉල්ලුම් කළමනාකරණය තුලින් පාලනය වූ විදුලි ඉල්ලුම ඉදිරි වසර 5 පුරා ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගත හැකි විය.

විදුලිබල හා බලශක්ති අමත්‍යාංශය

ලංකා විදුලිබල මණ්ඩලය
ලංකා විදුලි පුද්ගලික සමාගම
ලංකා ට්‍රාන්ස්ෆොර්මස් සමාගම
සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය
පරමාණුක බලශක්ති මණ්ඩලය
කනිජතෙල් නීතිගත සංස්ථාව
ලංකා කනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම
ලංකා ගල් අගුරු සමාගම
කනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය
  • වසර 2010දී ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය හසුවී තිබූ අර්බුද තුනක් විය. එනම් 24 x 7 අඛණ්ඩ විදුලි සැපයුම, 100% විද්‍යුතනය කිරිම, ලංවිම මුල්‍ය පාඩුව සහ මූල්‍ය අර්බුදය යන ඒවාය. මේ සියල්ල ලංවිම ඇතුලත මෙන්ම බාහිර විදුලි මාෆියාවන් සමග ගැටෙමින් විනයගරුක සේවකයින් හා ජනතාව සමග එක්ව ජයගන්නට අපට හැකි විය

    පාඨලී චම්පික රණවක