මුල් පිටුව

.

Champika Ranawaka
telephone x 1

කොවිඩ්-19 ඉදිරි දැක්ම

වසංගත විද්‍යාඥයින් හා වෘත්තීයවේදීන් විසින් පළ කළ අදහස් මත පදනම් වූ කොරෝනා ව්‍යසනය මර්දනය කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳ ඉදිරි දැක්ම
දැක්ම සහ මෙහෙවර

දැක්ම

“ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ පුද්ගල නිදහස තහවුරු වූ ශක්තිමත් සමෘද්ධිමත් ඉන්න හිතෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපගේ දැක්මයි.”

මෙහෙවර

“අනම්‍ය දෘෂ්ටිවාදයන්හි වහලෙකු වනු වෙනුවට, ජාතික අභියෝගයන්ට ප්‍රායෝගික හා නිර්මාණශීලී විසඳුම් සම්පාදනය කර ගැනීම මගින් ස්ථාවර හා සංවර්ධිත රටක් ගොඩනැගීම සහ සියලු පුරවැසියන්ට එහි ප්‍රතිලාභය හා නිසි පිළිගැනීම ලැබෙන සාධාරණ හා යුක්තිගරුක සමාජයක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.”
ආ මග සටහන්

පාඨලී චම්පික රණවක පැතිරුණු මෙන්ම ගැඹුරු මිනිසෙකි. ක්ෂේත්‍ර ගණනාවක භූමිකා ගණනාවකට පණ පෙවූ ඔහු ඒ සෑම තැනකම ඔහුගේ සලකුණ සටහන් කිරීමට සමත් විය.

ජාතිය ණයගැති නොකළ අලුත් වැඩක් කළ දොළොස් වසරක්

දිවි ගමනේ ඇගයුම්

පාඨලී චම්පික රණවකයන් පිළිබඳව මහා සංඝරත්නය, දේශපාලන නායකයන් සහ විද්වතුන් දැක්වූ අදහස් සහ ලද ඇගයුම්
  • “අභියෝගයන්ට හොඳම පුද්ගලයා පාඨලී චම්පික රණවක ඇමැතිවරයායි. සැලසුම් නැති ව්‍යාපෘති විධිමත් කලේ ඔහුයි” 

    "රනිල් වික්‍රමසිංහ"
    ගරු අග්‍රාමාත්‍ය (2018)
  • “පාඨලී ඇමැතිතුමා බොරුවට පෙනුමට ඉන්න සරුව පිත්තල බෞද්ධයෙක් නෙමෙයි. පුංචි පුද්ගලයාගෙ පවා හදගැස්ම අඳුරන පුද්ගලයෙක්. අවශ්‍ය දේට අවශ්‍ය අවස්ථාවලදි උදව් කරනවා.” 

    "අක්මීමන ධර්මපාල නා හිමි"
  • “ජාතික ව්‍යාපාර ආරම්භ කරපු, ඉතාම බුද්ධිමත්ව විද්‍යාත්මකව ඊට නායකත්වය ලබාදුන්නු පාඨලී චම්පික රණවක මැතිතුමා මේ රටේ දේශපාලනය කරන සැබෑ සුජාත ඇමතිවරයෙක්” 

    "ලියන්වල ශාසනරතන හිමි"
  • “මම දකිනවා චම්පික රණවක ඇමැතිතුමා පසුගිය කාලය පුරා කැබිනට් එක ඇතුලෙ කරන සටන. එතුමා බලාපොරොත්තු වෙච්ච සහයෝගය කැබිනට් එක ඇතුලෙ ලැබිලා නෑ. නමුත් ලැබුණු සහයෝගය පදනම් කරගෙන එතුමා වැඩ කරලා තියෙනවා. මා මිත්‍ර චම්පික රණවක ඇමැතිතුමා නිවැරදි දැක්මක්, එඩිතරභාවයක්, අවංකභාවයක් හා කැපවීමක් ඇති නායකයෙක්.”

     
    “ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්”
    ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය (2018)
  • “චම්පික මැතිතුමා කෙළින් වැඩ කරන, රටේ අනාගතය භාරගන්න පුළුවන් නායකයෙක් බව අපි කවුරුත් පිළිගෙන තියෙනවා. කෙළින් කතා කරන, කෙළින් වැඩ කරන එතුමා වගේ නායකයෙක් තමයි අපිටත් අවශ්‍ය වෙලා තියෙන්නෙ”

     
    “රංජිත් අළුවිහාරේ”
    රාජ්‍ය අමාත්‍ය - එක්සත් ජාතික පක්ෂය (2018)
  • “චම්පික ඇමැතිතුමා අවංක පුද්ගලයෙක්. එතුමාට ඕනෙම අමාත්‍යාශයක් දුන්නාම ඒකට පණ දීලා ජනතාව වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක්. එදා පරිසර ඇමැතිකමෙන් එතුමා ඉවත්වෙච්ච වෙලාවෙ මම කණගාටු වුණා. මොකද එතුමා පරිසරයට ආදරය කරන පුද්ගලයෙක්. විදුලිබලයෙත් යම් යම් අළුත් දේවල් එතුමා සකස් කළා. එතුමා ජනතාවට ආදරෙන්, ජනතාවගේ අවශ්‍යතාව තේරුම් අරගෙන ජනතාවගේ ප්‍රශ්න විසඳමින් යන පුද්ගලයෙක්”

     
    “ඒ.එච්.එම්. ෆවුසි හිටපු අමාත්‍ය”
    එක්සත් ජනතා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී (2018)
  • “පාඨලී ඇමතිතුමා වගේ හොඳ නායකයෙකුට ඇත්තටම අපි ස්තූති කරන්න ඕන. එතුමා පක්ෂ බලන්නෙ නෑ, දෙමළ ද සිංහල ද බලන්නෙ නෑ. සංවර්ධනයේ දී චම්පික ඇමතිතුමාට ජාති භේද, පක්ෂ, පාට වැඩක් නෑ.”

     
    “ජාතික කම්කරු සංගමයේ නායක පලනි දිගම්බරම්”
    කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය (2018)
  • “පාඨලී චම්පික ඇමතිතුමා රට, ජාතිය, ආගම ගැන පැහැදිලි දර්ශනයක් තියෙන නායකයෙක්. කොතැන හිටියත් එතුමා තමන්ගේ දර්ශණයට අනුගතවෙමින් ඒ ගමන යනවා. හොඳ උගත්කමක් තියෙනවා. කවර වගකීමක් භාරගත්තත් ඒ වගකීම නිසියාකාරව ඉටු කරලා නමක් දිනාගත්ත ඇමැති කෙනෙක් තමයි පාඨලී චම්පික ඇමැතිතුමා. නවීන ලෝකය පිළිබඳ හොඳ දැනුමක් තියෙන, යමක් හිතලා බලලා කල්පනා කරලා යමක් කරන්න පුළුවන් ශක්තියක් ඇති නායකයෙක් ”

     
    “ශාස්ත‍්‍රපති පූජ්‍ය මීගස්තැන්නේ චන්ද්‍රසිරි හිමි”
    ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රධාන සංඝනායක
  • “මේ චතුර කථිකයා කතා කරන විලාසය දැක්කාම මට මතක් වුනේ එදා බණ්ඩාරනායක මැතිතුමා කතා කරන විලාසය. බණ්ඩාරනායකට පසු බිහි වූ දක්ෂ කථිකයා ඇමති චම්පිකයි. අපිට තියෙන විශාල සම්පතක් ”

     
    “ලක්ෂ්මන් පෙරේරා”
    එක්සත් ජාතික පක්ෂ මහරගම ආසනයේ බෞද්ධ කටයුතු ලේකම්
  • “අලුතින් හිතන, නිර්මාණාත්මකව වැඩ කරන අල්පයක් වූ අමාත්‍යාංශ තුල, චම්පික රණවක මැතිතුමාගේ දර්ශනය, නිර්මාණාත්මක හැකියාව, අලුත් පණිවිඩයක් දෙන්න ගන්න උත්සාහය මම ඉතාම හොඳින් දැක්කා. වර්තමානයේ වැඩකරන කාර්‍යක්ෂමම අමාත්‍යාංශය චම්පික ඇමතිතුමාගේ මහනගර අමාත්‍යාංශයයි.”

     
    “එස්.එම්. මරික්කාර්”
    පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂය
  • “චම්පික රණවක කියපු දිනයට කියපු ඉලක්කවලට වැඩකරන ඇමතිවරයෙක්.”

     
    “ලක්ෂ්මන් විජේමාන්න”
    පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂය
  • “පාඨලී චම්පික රණවක කියන්නේ අපේ කැබිනට් එකේ ඉන්න වඩාත් කාර්‍යක්ෂම ඇමැතිවරුන්ගෙන් කෙනෙක් ”

     
    “අමාත්‍ය මලික් සමරවික්‍රම (2018)”
    එක්සත් ජාතික පක්ෂය
  • “ මේ රටේම පාසල්වලට ගිහිල්ලා මුළු කළුතර දිස්ත්‍රික්කයේම අංක එකේ ශිෂ්‍යයා හැටියට සමත්වෙලා, මොරටුවෙ ඉංජිනේරු විශ්ව විද්‍යාලයට ගිහිල්ලා පළවෙනි පන්තියේ සාමාර්ථයක් අරගෙන දේශපාලනයට ඇවිල්ලා අළුත් දර්ශණයක් ඉදිරිපත් කරලා බිහිවුන අද අපේ රටේ ඉන්න නායකයින්ගෙන් ඉතාම විශිෂ්ඨ නායකයෙක් හැටියට මම චම්පිකව සළකනවා. චම්පික රණවක වැනි නායකයන් රටේ අනාගතයට අවශ්‍යයි.”

     
    “ආචාර්ය සරත් අමුණුගම”
    හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය සරත් අමුණුගම, එක්සත් ජනතා නිදහස් සන්ධානය
  • “මුළු මහත් කන්ද උඩරට සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරපු පාඨලී චම්පික වගේ ඇමැතිවරු දහදෙනෙක් හිටියනම් තවත් ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ විශාල සංවර්ධනයක් කරන්න තිබුණා. අපි එතුමාට සුබ පතනවා. ඒ. ජා .ප තරුණ පසුපෙළ මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු චම්පික ඇමතිතුමාගේ දේශපාලන ගමනට පිටුපසින් සිට පූර්ණ සහයෝගය දෙනවා.”

    මයන්ත දිසානායක
    පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂය
  • “චම්පික රණවක අමාත්‍යවරයා සංවර්ධනයේ දී නිර්භීත තිරණ ගන්න ඇමතිවරයෙක්.”

    නිමල් සිරිපාල ද සිල්වා
    පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති
වෙසෙස් පුවත්