• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

කොවිඩ්-19 ට විසඳුම හැමර් ඇන්ඩ් ඩාන්ස්ද?

telephone x 1

කොවිඩ්-19 ට විසඳුම හැමර් ඇන්ඩ් ඩාන්ස්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

කොවිඩ් උවදුර නිසා නිල වශයෙන් ආසාදිත වූවන් ගණන මේ වනවිට ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. එය ලක්ෂ 5 සීමාවට ඒමට මාස 6 ක් ගතවිය. එය දෙගුණ වීමට ගතවූයේ සතියකි! කෙසේ වෙතත් මෙයින් අප මුලාවට පත්විය යුතු නැත. මන්ද නිසි පරීක්ෂාවට (PCR) ලක් නොවූ, එහෙත් රෝගය ආසාදිත වූ මිලියන ගණනක් ලොව පුරා සැඟව සිටිය හැකි බැවිනි. සුභදායී ප්‍රවෘත්තිය නම් කොවිඩ් නිසා පනස් දහසක් මියයන විට එමෙන් සිව් ගුණයක් එනම් ලක්ෂ දෙකක් රෝගය වැළඳී සුවය ලබා ඇති බවය.

පසුගිය මාර්තු 10 වැනිදා කොවිඩ් ගෝලීය මාරාන්තික වසංගතයක් (Pandemic) බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේය. මේ වසංගතය පිළිබඳ විශේෂඥ වූ ටෝමස් පූයෝ (Tomas Pueyo) මාර්තු 11 වැනිදා කොවිඩ් මර්දනය පිළිබඳව වහා කළයුතු සිද්ධාන්තයක් ලෙස හැමර් ඇන්ඩ් ඩාන්ස් ඉදිරිපත් කළේය. මේ වනවිට ලංකාව සිටියේ එක් රෝගියෙකු හඳුනාගෙන ඇති තත්වයකය. එය බරපත තත්වයක් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළද බලධාරීන් එසේ නොසිතූහ. එක්සත් ජනපදය ක්‍රියාකළේ රෝගය පාලනයට සිය දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් බවත්, රට වසා දැමීම අවශ්‍ය නොවන බවත් කියමිනි. ඉතාලිය හා ස්පාඤ්ඤය රෝගයට ගොදුරු වෙමින් සිටියේය. බ්‍රිතාන්‍ය අනුගමනය කළේ රෝගය පැමිණියද තම රටේ ජනයාගේ විශිෂ්ට සෞඛ්‍ය සේවාව (NHS) හා නිරෝගී සෞඛ්‍ය තත්වය විසින් සාමූහික ප්‍රතිශක්තියක් (Herd Immunity) ඇතිවී සිය රට සති කිහිපයක් තුළ සුළු මරණ අනුපාතයකින් අර්බුදය ජය ගන්නා බව කියමිනි. රුසියාව සිය රාජ්‍ය යාන්ත්‍රණය මුවහත් කරමින් සිටියේය. ස්වීඩනය තවමත් රට වසා දමා නැත. මෙයට සූදානම් වූයේ සිංගප්පූරුව, තායිවානය, හොංකොං වැනි ආසියානු රටවල් කිහිපයක් පමණි.

එවන් තත්වයක් තුළ තෝමස් පූයෝ නිවැරදි ලෙස රෝගයේ ඝාතීය වර්ධනය පෙන්වා දුන්නේය. යම් යම් රටවල සෞඛ්‍ය පහසුකම් තත්වය (රෝහල්වල ඇඳන් කීයක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ හැකිද? වෙන්ටිලේටර් කීයක් කොවිඩ් සඳහා සූදානම්ද? ICU ඒකක කීයක් තිබේද? සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා උපකරණවල ප්‍රමාණය ආදී) ඉක්මවා රෝගය ව්‍යාප්ත වුවහොත් ජනතාව පාරවල් වල මිය යන තත්වයක් ඇතිවේ යැයි විශේෂඥයින්ගේ මතය විය. කොවිඩ් වක්‍රයට මිටි පහරක් දිය යුතු බව තෝමස් පූයෝ යෝිජනා කළේ එවන් තත්වයක් තුළය. (රූප සටහන බලන්න)

හැමර් ඇන්ඩ් ඩාන්ස් අනුව රෝගය මර්ධනය සඳහා ගතයුතු පියවර 10 කි.
01. Ro<1, – එනම් එක් රෝගියෙකුගෙන් රෝගය බෝවෙන පුද්ගලයින් ප්‍රමාණය එකකට වඩා අඩුකළ යුතුය. (දැන් මෙය 2.6 කි)

02. සමාජ දුරස්ථභාවය 80% කට වැඩියෙන් තබාගත යුතුය – රටවල් වසා දැමීමෙන්, පුද්ගලයින් නිවසට සීමා කිරීමෙන් හා අවසාන ලෙස ඇඳිරි නීතිය ආදිය පැනවීමෙන් බලාපොරොත්තු වන්නේ එයයි.

03. නගර අතර, ජනාවාස අතර සංක්‍රමණය අවම කිරීම – ඇතැම් ගම්මාන, ජනාවාස හුදකලා කිරීම පවා අවශ්‍ය වන්නේ මේ නිසාය.

04. ස්ථිර ආසාදිතයන් තරයේ හුදෙකලා කිරීම – කොවිඩ් ආසාදිතයන් වෙනම රෝහල් හෝ වාට්ටුවල ප්‍රතිකාර කරවීම මෙයින් අදහස් වේ.

05. ස්පර්ෂකයින් 80% ක් සොයා ගැනීම – එක් රෝග වාහකයෙක් සොයා ගත්විට ඔහුගේ සබඳතා ජාලය සොයා ගැනීම. උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණය අනුව මාර්තු 30 වැනිදා සිටියේ රෝගීන් 34 ක් වුවත්, ස්පර්ෂකයින් 1800 කට වඩා සිටි බව තහවුරු වීම. සති දෙකකට කලින් වෛද්‍ය පාදෙනිය මහතා ප්‍රකාශ කළේ රටේ 18,000 කට වඩා ස්පර්ෂකයින් සිටින බවය.

06. නිවැරදි විද්‍යානුකූල පරීක්ෂාව – අප්‍රියෙල් 01 දා වනවිට ශ්‍රී ලංකාව පරීක්ෂණ 3007 ක් සිදුකර රෝගීන් 148 ක් හඳුනාගෙන තිබිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ Test, Test, Test කියාය. එනම් හැකිතාක් PCR පරීක්ෂණ සිදු කරන්නැයි කියාය. මේ පිළිබඳව ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වජිර දිසානායක මහතා කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. එනම්, ශ්‍රී ලංකාව ඉතාම අඩුවෙන් PCR පරීක්ෂණ සිදුකර ඇති බවය. මාර්තු 26 වැනිදා වනවිට ලෝකයේ PCR පරීක්ෂණ තත්වයන් අනුව ජනගහණයෙන් දශ ලක්ෂයකට,
• දකුණු කොරියාව – 7068
• ජර්මනිය – 5826
• එක්සත් ජනපදය – 1651
• එක්සත් රාජධානිය – 1577
• තායිවානය – 1211
• හොංකොං – 707
• මලයාසියාව – 539
• වියට්නාමය – 334
• ශ්‍රී ලංකාව – 87
• ඉන්දියාව – 20
• ඉන්දුනීසියාව – 15 (source – daily mirror)
ලෙස විය. ශ්‍රී ලංකාව සිටින්නේ පසුපසිනි. එයට හේතුව පැහැදිලි කරදීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමය. විශේෂයෙන් කොවිඩ් රෝගීන් 20% කට පමණ සාමාන්‍ය හෙම්බිරිස්සාවකින් ඔබ්බට රෝග ලක්ෂණ පහල නොවන නිසා දැඩි ලෙස රෝග ලක්ෂණ පෙන්වූ අය පමණක් PCR පරීක්ෂාවට යැවීම නුවණට හුරු නැත. අනෙක් අතින් මේ සඳහා පරීක්ෂණාගාර, Testing Kit හා පරීක්ෂකයින්ද අවශ්‍ය වේ. ඒවා ප්‍රමාණවත්ව ඉදිරි සතිය තුළ සකස් කරගෙන අඩු තරමින් දිනකට පරීක්ෂාවන් 2000 ක් වත් සිදුකර සියළු ස්පර්ෂකයින් ආසාදිතයින්ද නැද්ද යන්න තහවුරු කර ගැනීම ඉතා වැදගත්ය. මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සිය අවධානය යොමුකර තිබේ.

07. පොදු ස්ථානවල ගැවසීම පාලනය කිරීම – පාසල්, සිනමා ශාලා, උත්සව ශාලා, ආගමික ස්ථාන යනාදිය මෙයට ඇතුළත්ය. කොරියාව, ඉන්දියාව, එක්සත් ජනපදය, ඉරානය හා ශ්‍රී ලංකාවේ කොවිඩ් පැතිර යෑමට එක් හේතුවක් වී ඇත්තේ විවිධ ආගමික කණ්ඩායම් සාමූහිකව යාඥා මගින් කොවිඩ් ජය ගැනීමට යෑමත් ආගමික සමුළු පැවැත්වීමත්ය. ආගම ඇදහීම ඉලෙක්ට්‍රොනික ලෙස හෝ පුද්ගලිකව සිදුකර ගැනීම කාගේත් කයට මෙන්ම සිතටද සුවදායකය. එමෙන්ම, මෙවැනි වසංගත වලදී ආගම්වල වසර දහස් ගණනකට පෙර යෝජනා කර ඇති ඇතැම් වතාවත් සිදුකළ නොහැකි බවද අප අවබෝධ කරගත යුතුය.

08. මනා ප්‍රතිකාරය – කොවිඩ් වැළඳුනු අයගෙන් 80% කටම මතු වන්නේ සාමාන්‍ය උණ, හෙම්බිරිස්සා තත්වයක් බව විශේෂඥ මතයයි. 20% කට බරපතල රෝග ලක්ෂණ මතුවේ. එයිනුත් 5% කට අසාධ්‍ය රෝගී තත්වයක් ඇතිවේ. තමන් වෙනත් බරපතල රෝග තත්වයන්ගෙන් පෙළුනේ නම් හෝ තමන්ගේ ප්‍රතිශක්තිය දුර්වල නම් (වයස්ගත නම්) අසාධ්‍ය තත්වය මරණය කරා යයි.
මෙය සරළව කිවහොත් මෙලෙසය. රටක රෝහල්වල ඇඳන් ලක්ෂයක් ඇත්නම්, එයින් 10,000 ක් කොවිඩ් සඳහා වෙන්කළ හැකි නම් ඒ රටේ හඳුනාගත් රෝගීීන් 50,000 ක් දක්වා සිටියද වෛද්‍ය පහසුකම් පවතී. වැදගත්ම දෙය නම්, ඒ රටේ වෙන්ටිලේටර් හෝ ICU පහසුකම, වෙනත් රෝගීීන්ටද ලබාදීමෙන් පසු අඩු තරමින් 2500 ක් (5%) තිබිය යුතුය. මේ සීීමාවන් ඉක්මවා ගිය කල මරණ සීග්‍රයෙන් සිදුවේ. දියුණු යැයි අප සිතා සිටි ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, එක්සත් ජනපදය, ආදියේ සිදුවෙමින් පවතින්නේ ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ධාරිතාවය ඉක්මවා රෝගීන් පැමිණීමේ අර්බුදයයි. (ලංකාවේ රෝහල්වල ඇඳන් 90,000 ක්ද, වෙන්ටිලේටර් 830 ක්ද, ICU ඒකක 542 ක්ද තිබෙන බව වාර්තාවේ. මෙයින් කොපමණ ප්‍රතිශතයක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ හැකිද යන්න සෞඛ්‍ය බලධාරීන් තීරණය කළ යුතුය. මන්ද, තවත් රෝගීන්ද එකී පහසුකම් ඉල්ලා සිටින නිසාය.)
මෙහිදී වෛද්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය උපකරණ හා ආරක්ෂාව අත්‍යාවශ්‍යයයි. ඇතැම් රෝගීන්ගේ මුග්ධ ක්‍රියාකාරකම් නිසා රෝහල් කාර්ය මණ්ඩල පිටින්ම නිරෝධායනයට යොමු කිරීමට සිදුව තිබේ.
කොවිඩ් සඳහා තවමත් නිසි ඖෂධයක් සොයාගෙන නැත. ඝර්ම කලාපීය ශ්‍රී ලංකාව වැනි රටවල වෛරස් රෝග වසරකට කිහිප වතාවක් පැතිර යන අතර, වසර දහස් ගණනක සිට යොදාගත් හුමාලය ඇල්ලීම, කොත්තමල්ලි පානය වැනි සාමාන්‍ය ප්‍රතිකර්මයන්ද පවතී. ඒවායින් යම් ප්‍රතිකර්මයක් සිදුවන බව බටහිර විශේෂඥයින්ද ප්‍රකාශ කර ඇත.

09. වරායන්, ගුවන් තොටුපල වසා දැමීම – අපි දූපත් රාජ්‍යයකි. අපට පිටින් පුද්ගලයින් පැමිණෙන මූලිකම ස්ථානය ගුවන් තොටුපලයි. එය මුලදීම (මාර්තු 01) වසා දැම්මා නම් බොහෝ දුරට කොවිඩ් ලංකාවට වැළඳීමට ඉඩ තිබුනේ නැත. එය පසුව හෝ වසා දැමීම සුදුසු ක්‍රියාමාර්ගයකි. වරාය සහමුලින් වසා දැමිය නොහැක්කේ ආහාර හා ඖෂධ රටට ගෙන ඒම අත්‍යාවශය නිසාය.

10. ප්‍රතිශක්තියක් නිපදවීම – පර්යේෂණ සාර්ථක වුවහොත් ඇතැම්විට කොවිඩ්-19 වෛරසයට ප්‍රතිශක්තියක් බිහිවනු ඇත. ඇතැම් විට වෛරසය ස්වයංව වෙනස්වනු (Mutation) ඇත. ඇතැම්විට අපගේ ප්‍රතිශක්තිය මෙයට ඔරොත්තු දෙන ලෙස වර්ධනය වනු ඇත. බටහිර හෝ ශීත රටවලට වඩා කොවිඩ් වලට ඔරොත්තු දිය හැකි කායික බලය ඇත්තේ ඝර්ම කලාපීය රටවල බැව් විශ්වාස කරමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *