
සම්ප්රදාය සහ වෙනස..











එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය සර්ව ආගමික නායකයින් වෙත…
2023 මැයි මස 22 වන ජනරජ දින ජාතික සමුළුවේ දී එළිදක්වන ලද එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය, අද, 2023 ජූනි 24 සෙනසුරාදා රට පුරා පිහිටි ආගමික ස්ථාන වල දී සර්ව ආගමික නායකයන් වෙත පිළිගැන්වීමේ වැඩසටහන...
ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේ දී පිළිගැන්වීම.


බෙල්ලන්විල රජමහ විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය ධම්මරතන නා හිමිපාණන් වහන්සේට බෙල්ලන්විල රජමහ විහාරයේ දී පිළිගැන්වීම.


එම්.ඒ හිස්බුල්ලා මවුලවී තුමා වෙත ශාන්තාලෝකගම මුස්ලිම් පල්ලියේ දී පිළිගැන්වීම.


ශ්‍රී කල්‍යාණි පාර්ශවයේ මහා නායක නවගමුව රජමහා විහාරාධීපති මල්වානේ පඤ්ඤාසාර මහා නා හිමිපාණන් වෙත හේවාගම කඩුවෙල අභිනවාරාම විහාරය දී පිළිගැන්වීම.


උදය රාග කුරුක්කල්තුමා වෙත වැල්ලවත්ත මයුරපති කෝවිලේ දී පිළිගැන්වීම.


ඉක්බාල් මවුලවී තුමා වෙත දවටගහ පල්ලියේ දී පිළිගැන්වීම.


ශාන්ති පදනමේ නිර්මාතෘ, ශ්‍රී ලංකා අමරපුර කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය කොටපොල අමරකිත්ති හිමිපාණන් වෙත, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පිළිගැන්වීම.



මයුරපාද විහාරය, පැලවත්ත - ශ්‍රී රාමඤ්ඤ නිකායේ අනුනායක, ආචාර්ය අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි හිමිපාණන් වෙත පිළිගැන්වීම.




Lencar Small Electric Vehicles නවෝත්පාදන ප්‍රදර්ශනය.
Industry 2023 ප්‍රදර්ශනයට සමගාමීව eR c80 සහ eR s300 විද්‍යුත් යතුරු පැදි ඇතුළු Lencar Small Electric Vehicles නවෝත්පාදන ප්‍රදර්ශනයේ දෙවැනි දිනය ක්‍රියාත්මක වූ ජුනි 23 දින පස්වරුවේ එම අවස්ථාවට, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී එක් විය.
විද්‍යුත් වාහන ක්ෂේත්රයේ නවෝත්පාදන දිරි ගන්වන පළමු නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ඉදිරි සති කිහිපය ඇතුළත ක්‍රියාත්මක කිරීමට Lencar බලාපොරොත්තු වෙයි. එම ආයතනයේ ප්‍රධානීන් සමග මේ සම්බන්ධයෙන් රණවක මහතා සුහද පිළිසඳරක ද නිරත විය.

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන.
පංචවිධ වටිනාකම් සහ පංචවිධ ප්රතිපත්තිවලින් සුසැදි, ජනතාව අතට බලය ලබා දීම උදෙසා එක්සත් ජනරජ පෙරමුණ බිහි ව මසක් පිරීම නිමිත්තෙන් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ එම පක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (ජූනි 22) උදෑසන 9.00 සිට මහරගම අපේක්ෂා රෝහලේ දී සාර්ථක ව ක්‍රියාත්මක වූයේ මෙලෙසිනි.
මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා විසින් මෙම කටයුත්ත සංවිධානය කරන ලදී.

එක්සත් ජනරජ පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත හමුව.
එක්සත් ජනරජ පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත හමුවක් අද (18) කිරිබත්ගොඩදී පැවැත්වූ අතර ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, අමිල් ප්‍රියන්ත, නන්දික බටේපොල ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී විය.

හදමු – දිරියෙන් නැගිටින මිනිසුන් වෙත…
'හදමු' - දිරියෙන් නැගිටින මිනිසුන් වෙත' එළඹුම අරඹමින් ජනරජ පෙරමුණ අද පානදුර 'ලුමාලා' කර්මාන්ත ශාලා පරිශ්‍රය වෙත ගිය අතර,
'ලුමාලා' නම් ජපාන සන්නාමය ශ්‍රී ලාංකිකත්වය වෙත පවරා ගනිමින් විද්‍යුත් පාපැදි ඇතුළු සියළුම වර්ගයේ පාපැදි සහ අමතර කොටස් නිෂ්පාදනය සිදු කෙරෙන මෙම ආයතනය දේශීය ආර්ථිකයට දක්වන අති මහත් දායකත්වය විමසා බලන ලදී.
දේශීයව පාපැදි නිෂ්පාදනය කරමින් දේශීය වෙළෙඳපොල මතු නොව විදෙස් වෙළෙඳපොළ ද ජයග්‍රහණය කිරීමට 'ලුමාලා' සමත්ව සිටීම විශේෂත්වයකි. ඒ අනුව ඉන්දියාව, පාකිස්ථානය ආදී ආසියානු රටවල්වලට මෙන්ම අප්‍රිකානු සහ යුරෝපා රටවල් සඳහා ද පාපැදි අපනයනය කිරීමට 'ලුමාලා' සමත් ව සිටී.
දෛනික පාපැදි නිෂ්පාදනය පාපැදි 2000 ක් දක්වා ඉහළ නැංවිය හැකි ධාරිතාවකින් සමන්විත 'ලුමාලා' කම්හල් නිෂ්පාදන ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය ආධාර අනුබල ලබාදීම මගින් දේශීය ආර්ථිකය ඔප් නංවන මෙම මහරු ව්‍යාපාරය අපේ රටේ අපනයන ආදායමට දක්වන දායකත්වය ද ඉහළ නංවා ගත හැකි බව සහතික ය.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ ව බන්දුල චන්ද්‍රසේකර, සුමේධ රත්නායක, නන්දික බටේපොල, ලෙෂාන් විදානගමාච්චි යන මහත්වරුන් ඇතුළු ජනරජ පෙරමුණු නියෝජිතයන් පිරිසක් එක්ව සිටි අතර, ශාමේන්ද්‍ර තේනුවර මහතා මෙම කටයුත්ත සම්බන්ධීකරණය කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න හා ඇඹිලිපිටිය ප්‍රදේශයන්හි එක්සත් ජනරජ පෙරමුණ ක්‍රියාකාරී හමුව.
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න හා ඇඹිලිපිටිය ප්‍රදේශයන්හි එක්සත් ජනරජ පෙරමුණ ක්‍රියාකාරී හමුවක් සංවිධානය කර තිබු අතර ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණ නායක පාඨලී චම්පික රණවක මහතා පසුගියදා සහභාගී විය. කොලොන්න අසන සංවිධායක සුරංග රාජපක්ෂ මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ. මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, තරුණ කටයුතු ලේකම් තීක්ෂණ ගම්මන්පිල, දිස්ත්‍රික් තරුණ සම්බන්ධීකාරක අමිත් ශ්‍රී පැතුම්, මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක රමින්ද මදරසිංහ යන මහත්වරුන් ද සහභාගී විය.


