ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු වරට බලශක්ති ප‍්‍රතිඥාවක්…

telephone x 1

ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු වරට බලශක්ති ප‍්‍රතිඥාවක්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ජාතික බලශක්ති සංරක්ෂණ මාසය වෙනුවෙන් “හෙටක් වෙනුවෙන් රටක්” තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන බලශක්ති සංරක්ෂණ වැඩසටහනේ මංගල පියවර වශයෙන් “ජවන ශක්ති යාත්‍රා ” ප්‍රදර්ශනාත්මක ධාවන තරගය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගීත්වයෙන් අද (16) උදෑසන නිදහස් චතුරස්‍රයේදී ආරාධිතයින් 6,000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි. “ජවන ශක්ති යාත්‍රා”ආරම්භ විමට ප්‍රථම අතිගරු ජනාධිපති විසින් බලශක්ති ප්‍රතිඥාව ලබා දුන් අතර අදාල ප්‍රතිඥාව සහිත ගෑස් බැලූන් 5000ක් පමණ ගුවනට මුදා හැරීම සිිදුවිය. යුධ හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්ද රාජ්‍ය ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 5000කට අධික පිරිසක් සහභාගී වූ මෙම ප්‍රදර්ශනාත්මක ක්‍රියාවලිය ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාම වලින් අනතුරුව නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ වී, කිලෝ මිටර් 4 කට ආසන්න දුරක් ගමන් කර නැවතත් නිදහස් චතුරස්‍රයෙන් අවසන් විය. මෙම ධාවන තර`ගයේ ප්‍රධාන අරමුණ වන්නේ ඛනිජ තෙල් හා විදුලිය 10%කින් ඉතිරිකර ගැනිමත්, අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී ඉන්ධන හා විදුලිය භාවිත නොකොට ඒ සඳහා වැඩි වශයෙන් ශ්‍රමය භාවිතයට ජනතාව පෙළඹවීමත් වේ. මේ සඳහා වන බලශක්ති ප‍්‍රතිඥාව මෙසේය. ‘‘හෙටක් වෙනුවෙන් රටක්’’ ජාතික බලශක්ති සංරක්‍ෂණ ප‍්‍රතිඥාව මේ මාගේ දේශයයි / මාගේ දේශයේ / මතු අනාගතය වෙනුවෙන් / එහි සම්පත සහ පරිසරය සුරැකීම / මාගේ යුතුකමයි. / මා දෛනිකව භාවිත කරන / තෙල් සහ විදුලිය / කාර්යක්‍ෂමව භාවිත කිරීමටත් / විදුලිය වැඩියෙන් පරිභෝජනය කරන/ සවස 6.30 ත් / රාත‍්‍රි 9.30 ත් අතර කාලයේ / විදුලිය අරපිරිමැස්මෙන් භාවිතයටත් / මාගේ සෞඛ්‍ය / ආර්ථිකය මෙන්ම / මාගේ පරිසරයද විනාශ වන අයුරින් / අනවශ්‍ය ලෙස ඛණිජ තෙල් දහනය නොකිරීමටත් / හෙටක් වෙනුවෙන් රටක් නිර්මාණයෙහිලා / මාගේ යුතුකම හා / වගකීම ඉටුකරමින් / මතු පරපුර වෙනුවෙන් / තෙල් සහ විදුලිය ඉතුරු කිරීමට / ගෞරවනීය පුරවැසියෙකු ලෙස / අද සිට / මම කැප වෙමි.











ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *