• දුප්පත් ජනතාවට කඩිනමින් රුපියල් 10,000ක සහනාධාරයක් දෙන්න
    රජයේ හදිසි ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතළ සමාජ ආර්ථික අපහසුතාවලට පත්වූ ජනතාවගෙන් අපට පැමිණිලි ලැබෙමින් පවතී. ඇදිරි නීතිය පැනවිය යුත්තේ දහවල් කාලයේදීය. හැකිතාක් දුරකට මිනිසුන් ඒකරාශි වීම වැලැක්වීම එහි අරමුණයි. එසේම ආසාධිතයින් විසිරි යාම වැලැක්වීම සහ ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් එහි තවත් එක් අරමුණකි. නමුත් ඊයේ ඇදිරි නීතිය පැනවීමෙන් සිදුවූයේ මිනිසුන් එක් එක් ස්ථාන වල එක් රොක් වීමය. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා වෙළඳසැල් වලද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සදහා බස්, දුම්රිය නැවතුම් පොළවල් වලද, හදිසි මූල්‍ය අවශ්‍යතාවය නිසා රන් භාන්ඩ උගස් කරන ස්ථාන සහ බැංකු වලද දිගු පෝලිම් සහ ජනතාව ඒකරාශි වීම් දක්නට ලැබිණි. හදිසියේම බැංකු වලින් මිනිසුන් මුදල් ඉවත්කර ගැනීමට පෙළඹීම නිසා රටේ බැංකු පද්ධතියද ද්‍රවශිලතා අර්බුදයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එසේම ජනතාව සතු රන් ආභරණ උගස් කිරීමෙන් ඔවුන් සතු වටිනා වත්කමක් උගස්කරුවන්ට සින්න වීමේ අවධානමක් ඇතිවී තිබේ.
    ජනතාව අනවශ්‍ය ලෙස ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් නොකොට මෙම ප්‍රශ්ණය විසදීමට නොහැකිව ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල ආකාරයට වසංගතයක් පරාජය කල හැකිය මානසිකත්වයෙන් රජය කටයුතු කරමින් සිටින නිසාය. තැනින් තැන දුප්පත් අවවරප්‍රසාදිත ජනතාවගෙන් අපවෙත ඉදිරිපත්වන දුක් ගැනවිලි පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ආහාර සහ කිරිපිටි නොමැතිව බඩගින්නේ සිටින අපේ රටේ දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වලට හෝ රුපියල් දස දහසක අවම දීමනාවක් ලබාදීමට රජය කඩිනමින් පියවර ගත යුතුය. එසේම එම මුදල් ලබාදීමේදි භාව්තා නොකල නව මුදල් නෝට්ටු හෝ නිරෝධායනය කල මුදල් නෝට්ටු ලබාදීමටද රජය පියවර ගත යුතුය. ඒ මුදල් නෝට්ටු හරහා මෙම වෛරසය වේගයෙන් සංසරණය වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර ලක්ෂ තුනකට ආසන්න පිරිසක් රෝගීන් බවට පත්ව එකොලොස් දහසක් පමණ මියගොස් තිබේ. මේ වනවිට යුරෝපය මෙම වෛරසයේ ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත. එහිදී විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඥඥය සහ ප්‍රංශය තුල තත්වය ඉතා දරුණුය. මේ අනුව නුදුරේදීම ලෝක ආර්ථිකයේ සිදුවන දරුණු අවපාතයට මුහුණදීම සදහා නව විකල්ප ආර්ථික ක්‍රමෝපායක් අනුගමනය කිරීමටද අප කටයුතු කල යුතුය. ආන්ඩුව මේ මොහොතේදී කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ ව්‍යාපාරය සදහා ව්‍යවස්ථා විරෝධීව මුදල් සම්මත කරනවා වෙනුවට වහාම පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව මුදල් වෙන්කරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ හරහා කොරෝනා අර්බුදය හේතුවෙන් දුගීබවෙන් පීඩා විදින පවුල් වලට කඩිනමින් රුපියල් දසදහසක මුදලක් එළඹෙන සදුදා දිනයේදී සමෘද්ධි නියාමකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා ලබාදීමට රජය ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් මේ දුගීබව සහ සමාජ අසාධාරණයෙන් පීඩා විදින ජනතාව වෙළඳසැල් කොල්ල කන තත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව රජය තේරුම්ගත යුතුය. එසේම යුධ මානසිකත්වයෙන් මිදී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දිවෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා මර්ධනය කිරීමේ වැඩසටහනකට රජය යොමුවිය යුතුය.
    • පාඨලී චම්පික රණවක
  • අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට
    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. ආරම්භක දිනය | Start Date

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa.. දෙවන දිනය | Second Day

    .

    අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව - ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta - 'From Magul Maduwa' of Sri Dalada Maligawa..

    .

  • “වහාම රටම නිරෝධායනය කරන්න” – පාඨලී
    කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..

කොරෝනා අර්බුදය එක්ව ජයගනිමු!

telephone x 1

කොරෝනා අර්බුදය එක්ව ජයගනිමු!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිරයමින් පවතී. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන අන්දමට එය පළමු දින 7 තුල ඉතාලියේ තත්වයට වඩා දරුණු තත්වයකි.

ආණ්ඩුව විසින් අද සවස් කාලයේ සිට ඇදිරි නීතිය පණවන බවට නිවේදනය කිරීම නිසා රට පුරා වෙළඳසල්, මහජන පොළ, බැංකු සහ තැබෑරුම් යන ස්ථාන වල දීර්ඝ පෝලිම් දක්නට ලැබෙනවා. මෙම රෝගය මර්දනය කිරීම සදහා ආණ්ඩුව සද්භාවයෙන් ඇදිරි නීතිය පැනවීමට ක්‍රියා කලා විය හැකි වුවද ඉන් තත්වය තවත් නරක අතට හැරී තිබෙනවා. මෙම වෛරසය ආසාධනය වීම වැළැක්වීමට නම් හැකි තාක් මහජනයා ඒකරාශි වීම වැලැක්විය යුතුයි.

වර්තමාන ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය පසුගිය සමයේ ගනු ලැබූ තීන්දු තීරණ කිසිවක් සබුද්ධික තීන්දු තීරණ නොවේ. කෙසේ හෝ මහමැතිවරණය පවත්වා තමන් අනිවාර්යයෙන්ම ජයගන්නා මැතිවරනයකින් 2/3ක බලයක් ලබාගැනීම සදහා සිදුකල අමනෝඥ තීන්දු තීරණ නිසා අද රටට මේ තත්වය ඇතිවී තිබෙනවා. අවසානයේ කෙසේ හෝ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අපි මැතිවරණ කොමිසමට ස්තූතිවන්ත විය යුතුයි. කෙසේ වුවත් කොවිඩ් 19 වෛරසය ලංකාව පුරා ව්‍යාප්ත වීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වගකිව යුතුයි.

මෙම වෛරසය මර්ධනය කිරීමේදී වෛද්‍යවරුන්ට, හෙද නිලධාරීන්ට සහ සෞඛ්‍යසේවයේ නියුතු පිරිසට හිමිවිය යුතු ප්‍රමුඛතාවය යුධ හමුදාවට ලබාදීම නිසා ඇතිවී තිබෙන තත්වය ඉතා කණගාටුදායකය. මෙවැනි අර්බුදයකදී යුධ හමුදාවට අනිවාර්ය වගකීමක් පැවරේ. රෝහල් ඉදිකිරීම සහ සැපයුම් කළමනාකරණය වැනි කරුණු වලදි යුධ හමුදාවේ දායකත්වය ලබාගත යුතු වුවද වෛරසය මර්ධනය කිරීම වෛද්‍ය වෘත්තිකයින් නායකත්වය ගෙන සිදුකල යුතු කටයුත්තකි.

කෝවිඩ් 19 වෛරසය පරාජය කිරීම සදහා පහත සඳහන් ප්‍රමුඛ කරුණු පිළිබඳව රජය සිය අවධානය යොමුකල යුතුය.

1. ශක්තිමත් සහ දැනුවත් සෞඛ්‍යසේවයක් පවත්වාගෙන යාම
2. විශේෂඥයින්ගේ උපදෙස් මත ක්‍රියාකරන විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ඇතිකර ගැනීම.
3. අර්බුද වලට මුහුණ දිය හැකි නව විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම.
4. පීඩිත ජනකණ්ඩායම් වෙනුවෙන් සහන පැකේජයක් ලබාදීම.
5. විනයානුකූල ජන සමාජයක් නිර්මාණය කර ගැනීම.

ඉහත කරුණු හතර පිළිබඳව අවධානය යොමු නොකොට සිය දේශපාලනික බලය පිළිබඳව පමණක් සිතන රාජපක්ෂ පවුල්වාදය විසින් කොරෝනා අර්බුදය තවත් සංකීරණ අර්බුදයක් බවට පත්කර ඇත.

පාඨලී චම්පික රණවක

(සම්පූර්ණ කතාව සදහා පිවිසෙන්න >>>

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *